නීතිය වල් වැදුනු වගයි.

ඕන්න එකෝමත් එක රටක කැලයක් තිබුනා.(එකම එක කැලයයි වෙන එකක් වත් බේතකටවත් තිබුනෙ නෑ.)දවසක් සංචාරකයෙක් මේ කැලය ඇතුලට තට්ට තනියම යන්න හිතුවා.අතිපන්ඩිතකමට තනියෙම ගිහින් අනතුරක් සිද්ද වෙයි කියලා එයා GPS,ආයුධ හෙම සේරම අරගෙන තමයි කැලෑවට ගියේ. දිගටම වැවිලා එකට පැටලුනු ගස්වැල් මැද්දේ අඳුරින් වැහිච්ච, මූසල අඩි පාරවල් දිගේ ඉදිරියටම යද්දි කොච්චර තාක්ෂනික ආයුධ තිබුනත් දෙගිඩියාවක් ඇතිවීම අරුමයක් නෙවේ.

හදිසියේම ඈත පඳුරකින් ඇහුනා සර සරයක්. ඒත් ඒක නිකම්ම සර සරයක් නෙවෙයි.

පඳුර දෙබෑ කරගෙන මතු වුනේ තඩිම තඩි කොටියෙක්.!!!!!!!

ඌ මතුවෙලා බකන් නිලා ගෙන හිටියෙ නෑ, කොල, අතුරිකිලි චර බර ගාලා පොඩි කර කර ඉදිරියට ආවා. සංචාරකයත් නිකං හිටියේ නෑ,මොකද මේ වගේ දෙයකට ලෑස්ති වෙලාම තමයි man ආවෙ. ඒ හින්දා ගත්තා අතට එල්ලගෙන හිටිය තුවක්කුව,මෑනුවා කොටියා එන පැත්තට.කොටියත් ඊට දෙවෙනි නෑ,ඌත් ආවා ඉදිරියටම. දැන් සංචාරකයා තුවක්කුවෙ කොකා ගස්සන්න ඔන්න මෙන්න..කොටියා එක්වරම ඔලුවෙන් පෙන්නුවා පැත්තකින් තියෙන  බෝඩ් ලෑල්ලක්. ඒකෙ තියෙනවා පොල් ගෙඩි අකුරෙන්.

හිංසනය දඬුවම් ලැබිය හැකි වරදකි.

 

ඒක දැකපු සංචාරකයා තුවක්කුව පහත් කලා. කොටියත් උගේ පාඩුවේ යන තැනක යන්න ගියා.

හැබැයි කතාව මෙතනින් ඉවර නෑ.ඊලඟ දවසේ මේ සංචාරකයා නැවත වතාවක් කැලයට ආවා හැබැයි තුවක්කුවක් නැතුව.සුපුරුදු විදිහටම ඈත කොටියා එනවා දැක්කත් ඔහු බය නොවුනෙ පෙරදා කොටියම ඔහුට පෙන්නපු දැන්වීම එතන එහෙමම තිබුන හින්දා.ඊයෙ ඔහු දැන්වීම දැකලා නැවතුනු හින්දා ඔහු හිතුවා කොටියත් ඊයෙ වාගේම හැරිල යයි කියලා.ඒත් ඔහුට වැරදුනා.කොටියා දිගටම ඉදිරියට ආවා.එන පොට හොඳ නැතිබව තේරුම් ගනිද්දි දුවගන්න කල් තිබුනු හින්දා ඔහු නැවතුනේ ආපසු මනුෂ්‍ය වාසයකට ආවට පස්සෙ. මේ කතාව අහපු මනුස්සයෙක් කිව්වා මෙහෙම.”කොටියා අකුරු කියවන්න දන්නෙ නෑනෙ,ඒ හින්දා  නීතිය අදාල වෙන්නෙ අපිට විතරයි”

ඇත්තටම නීතියට ගරු කළ යුතු වෙන්නෙ නීති ගරුක මිනිස්සු විතරද??නීති ගරුක මිනිසා ඔහුගේ නීතිගරුක බව නිසාම නීතියට ගරුකළ යුතු වෙද්දි කිසිම නීතියකට ගරු නොකරන මිනිහට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් ඒ කාගේ වරදද?

එක මිනිහෙක් මරපු මිනිසා                       මිනීමරුවෙක්-එල්ලා මරනු ලැබේ.

මිනිස්සු කීප දෙනෙක් මරපු මිනිසා                        පාතාල නායකයෙක්-___ බලයෙන්   ජීවිතය ‍රැකෙනවා.

මිනිස්සු සිය දහස් ගණනක් මරපු මිනිසා     වීරයෙක්(?) සමාවලැබෙනවා.

කොටියාගේ රූපය උපුටා ගැනීම http://animals.nationalgeographic.com/animals/photos/tigers/.

Advertisements