වෙන්න මනමාලිගේ සුදු පූසියා(>18)

xitclub-comxitclub.com

මේ කතාව ලියද්දී මම යොදා ගන්නා නම්,ගම් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා.මොකද බැරි වෙලා වත් මේ කියන සංසිද්ධියට දායක වූ අය මේක දැක්කොත් ඊට පස්සේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙන්න පුලුවන් නිසා.

මෙයාට අපි රවී කියමු.මෙයා වැඩ කළේ ලංකාවෙ නම ගිය බැංකුවක.එක් පැත්තකින් බැංකු සේවකයෙක් වෙලා හිටපු නිසාත් අනික් පැත්තෙන් මෙයාගෙ තිබුණු හැන්ඩි පෙනුම නිසාත් රවීට මංගල යෝජනා ආවේ ඕසෙට.නමුත් මිනිහා නොවෙයි ලේසියෙන් පාසුවෙන් කැමති වුනේ.දවසක් ලංකාවේ අග නගරයට ආසන්න නගරයක පවුලකින් රවීට ආවා මංගල යෝජනාවක්.ඒ පවුලේ එකම දුව.ඉගෙනගත්ත,ලස්සන,ධනවත්,චරිතවත්,ගුණවත්….ඔයාදී එකී මෙකී නොකී සියලුම ලක්ෂන මේ ගැහැණු ලමයාට තිබුනා.ඉතින් රවීත් එයාගේ පවුලේ අයත් එක්ක දවසක් ගියා ඒ අදාල යුවතියගේ ගෙදරට,නෑදෑයෝ මුන ගැහිලා දෙකෙන් එකක් බේරා ගන්න:-).

ගියහම ඔන්න ඉතින් පිලිඅරගෙන (අපේ දුවට කර ගහන කරුමක්කාරයනෙ) බුලත් හෙප්පු පිලිගන්වලා ඔක්කොම චාරිත්‍ර ඉ‍ටු කලා.ඔය වගෙ තැන්වල තේ මේසයක් ලෑස්ති කරන්වනෙ.නමුත් මෙයාලා යනකොට ඉර මද්දහනට ලං කරලා තිබුනු නිසා කෙලින්ම (ඒ ගෙදර වංගු තිබුනේ නැද්ද කොහෙද) දවල් කෑමට මේසය ලෑස්ති කරලා තිබුනා.

කෑම මේසේ ආයි කියන්න දෙයක් නෑ බබලනවා.දේශීයද,ඉන්දියන්ද,චීනද.ඉටැලියන්ද, නානාප්‍රකාර කෑම් බීම ගොඩායි……………agoda-comagoda.com

ඉතින් මේ අපේ කොල්ලත්  වෙන්න මනමාලී දිහා එහෙම බලලා හොඳට දීල අරින්න(කෑම වලට) කියලා හිතලා කෑම මේසෙට වාඩි වුනා ඕං. හැබැයි ඔන්න එතකොටම මේසේ උඩට නඟිනවා මොකෙක්ද? ගෙදර හිටපු තඩිම තඩි බළල් තඩියා.සුදු පාටට, හරියටම වෙන්න මනමාලිගෙ හමේ පාටමයි.

ඔන්න දැං අපේ කොල්ලගෙ පැත්තේ අය කලබල වුනා.මේ මොකද මේ කියලා.stuffpoint-comstuffpoint.com

වෙන්න මාමා කියානවා” අනේ මේ අපේ දුවගේ බළල් පැටියනෙ,එයා හැමදාම අපි කෑම කන කොට මේසෙට නඟිනවා,අපේ දුව එයාට කොච්චර ආදරේද කියනවා නම් රෑට නිදාගන්නෙත් (ඌව තුරුල් කරගෙනද?) ඌව කාමරේට අරගත්තට පස්සෙ.කමක් නැහැ.ඉන්න්කො මම එයාව පැත්තකට කරන්න”

කියලා බළලව පිටෙන් අල්ල ගෙන ඉස්සුවා.

බළල්ලු සාමාන්‍යයෙන් එහෙම උස්සද්දී, රෙද්දක් උඩ නම් ඉන්නේ ඌ උගේ නියපොතු වලින් තදට අල්ල ගන්නවා.

ඉතින් මේ කාළකන්ණි පූසත් හිටපිය කියලාම අල්ලා ගත්තානේ මේස රෙද්ද.

ඒ පාර මොකද වුනේ?

සේරෝම කෑම බීම ඔක්කොම ටික සලං,සලං ගාලා පෙරලෙන්න ගත්තා එක පිට එක.

අපේ රවීටත් ඉතින් මීට වැඩිය දෙයක් නැහැනේ. මූ හිනා වුනා එකසිය ගානට.

කොහොම හරි ඒකෙන් මේකෙන් ඒ මංගල්ලෙ හබං

Advertisements

අයිස් ක්‍රීම් කෙල්ලක් කළ හදියක්

Imagehttp://www.ehdwalls.com/1024×768/girls/girl-ice-cream-girl-cute-1024×768/

මම පහුගිය ලිපියෙදි ලොව පුරා අයිස්ක්‍රීම් නම් වූ රස මසවුල පැතිරීගිය හැටි කිව්වත් එහි පසුකාලීන තත්ත්වය ගැන වුවමනාවෙන්ම නොකීවෙ ඕනෑවට වඩා ලිපිය දිග වැඩි වන නිසා.ඇත්තටම ඒ විදිහට ලොව පුරා අයිස්ක්‍රීම් කම්හල්  ප්‍රචලිත වුවත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් උද්ගත වී තිබුනා.ලංකාවේ ව්‍යාපාරික උපදේශන ඔස්තාද්ලට අනුව නම් නිෂ්පාදන ගැටලුව ජය ගත්තා යනු සමස්ත ව්‍යාපාරික ජය යනු වුවත් ඇත්ත ලෝකයේදී ඒක හිතලුවක් විතරයි.කම්හල් තුල කොච්චර අයිස්ක්‍රීම් නිපදවූවත් එය පාරිභෝගිකයාට පහසු ලෙසකින් ලබා දීම ගැටලුවක් වුනා.වීදුරු බඳුන් මඟින්  මුලදී අයිස්ක්‍රීම් ලබා දුන්නත් ඒක දිගටම කිරීම අපහසු වුනේ කුඩා ලමුන් අතින් මේ වීදුරු බඳුන් බිඳී යාම වැඩි වීමත් එක්ක.විකල්පයක් ලෙස සුදු යකඩ කෝප්ප වල අයිස්ක්‍රීම් දෙන්න හැදුවත් කලින් ක්‍රමයේදි වගේම පිරිසිදු කරමින් පාරිභෝගික සත්කාරය දෙන්න ගියාම ඉතා දිගු පෝලිම් ජනනය වීමත් සිදු වුනා.නමුත් මේකටත් හරි අපූරු විසඳුමක් ලැබුනේ අහම්බයකින්.

Imagewallpaperscraft.com

1904 ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුගේපෙම්වතියකට ලැබුනු ආදරණීය අයිස්ක්‍රීම් කටක් එයට පාදක් වූ බව තමයි කියවෙන්නේ.ඇය එදා ඒ ආදරණීය අයිස් ක්‍රීම් කට තමන්ගේ අලංකාර ඇඳුමේ හැළීම නවත්වන්නට වේෆර් බිස්කට් එකකින් ආවරණය කර ගන්නවා.ඉතින් මේ අයිස් ක්‍රීම් වෙළෙන්දාට අදහසක් එනවා එවැනි වේෆර් දවටනයක් වෙතින් අයිස් ක්‍රීම් ඉදිරිපත් කරන්නට.කොහොමවුනත් ඒක අද අපි දන්න පෆ් පේස්ට්‍රියකට සමාන වෙච්ච දවටනයක් වෙච්ච බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 1903දී ඉටලෝ මාර්කොෆ් නම් කෙනෙකු අද අපි දකින කෝන් හැඩයේ දවටනයක් නිපදවලා තිබුනා.පස්සේ මේ අලුත් කෝන් හැඩය අයිස් ක්‍රීම් පිලිගැන්වීම සඳහා ප්‍රචලිත වුනා.

ඇමරිකාවේ මේ සියලු විජ්ජුම්බර සිද්ද වෙන අතරේ, 1922 එංගලන්තේ ඉන්න සොසේජස් නිෂ්පාදකයෙකු වෙච්ච ‍තෝමස් මෙල් හටත් අයිස් ක්‍රීම් නිපදවීමේ සිතක් පහල වෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේදී තමන් නිපදවන සොසේජස් වලට තිබුනු ඉල්ලුම සාපේක්ෂව අඩු වුන නිසා.මොකද ඉල්ලුම අඩු වීමට අනුරූපීව නිෂ්පාදනයත් අඩු කිරීමට සිදු වීම නිසා කම්හලේ අක්‍රීය කාලයක් හට ගෙන තිබීම වෙනත් නව නිමැවුමකට යොදවන්න ඔහුට හැකි වීම.සොසේජස් වලට සමාන හැඩයකින් යුතුව ඔහු නව අයිස් ක්‍රීම් වර්ගයක් හදනවා,හරියට දැන් තියෙන අයිස් චොක් වගේ.නමුත් සම්ප්‍රදායෙන්ම සොසේජස් නිෂ්පාදකයෙකු වූ ඔහුගේ නව අයිස් ක්‍රීම් විශේෂයට වෙලඳ සැල් හිමියො එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.උත්සාහය අතාරින්නේ නැති මොහු රෝද 3 ට්‍රයිසිකල් වල අයිස් පෙට්ටියක් බැඳගෙන”stop me & buy one” කියලා බෝඩ් ලෑල්ලකුත් එක්ක පාර පුරා ගිහින් අලෙවි කරන්න ගන්නවා.හරි ඉක්මනින්ම මේ ජංගම අලෙවි වැඩ පිළිවෙල නැගලා යනවා.වර්තමාන ice cream man සංකල්පය ඔන්න ඔතනින් ඇරඹුනා කියලා තමයි කියන්නෙ.

පසුබිම් කතා කොහොම වෙතත් ඉතාලිය හරියටම කියනවානම් සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශ අයිස්ක්‍රීම් වල පරම්පරාගත හිමිකරුවො විදිහට තමයි සමහරු සලකන්නෙ.මොකද මාකෝ පෝලෝ විසින් අති සුවිශේෂි අයිස්ක්‍රීම් වට්ටෝරු ගණනාවක් ඔවුන්ට දායාද කළ බවට වන විශ්වාසය. අයිස්ක්‍රීම් කොච්චර සීතල ආහාරයක් වුනත් එහි උෂ්ණ ගති ඇති බව තමයි සලකන්නෙ.සීතල පිටින් අයිස්ක්‍රීම් කන්න ගියත් ඒක දිය වුනාම නම් ආයිත් කූල් කරලා ඒ ගතිය ගන්න බැහැ.මොකද අයිස්ක්‍රීම් හදද්දී අපි ගොඩක්   කරන්න ඕනි. වානිජ නිෂ්පාදනයේදී නම් මේක බට ගණනාවක් හරහා ඇවිත් වායු බුබුළු මිශ්‍ර වෙනවා.නමුත් දියවෙනකොට ඒක නැවත් ඒ වායු බුබුළු මුදා හරින නිසා ආයිත් කූල් කරොත් එන්නේ හරියට පාප්පයක් වගේ දෙයක්

.Imageicecreampark.com

රසටම අයිස්ක්‍රීම් කන්න මගේ උපදෙස නම් වැනිලා අයිස්ක්‍රීම් කූල් පිට තියෙද්දිම ඒක ඇතුලට වෙන්න කිතුල් පැනි වක් කරලා කන්න කියන එක.හැබැයි දිය වෙන්න කලින් කන එක තමයි හොඳ.(දිය වැඩියාව තිබේ නම් කවදාවත් කරන්න එපා)

සීතලට තුරුල් කරගන්න

Imagedailycaller.com

මේ දවස් වල ඉරට හැතැප්මයි හිතෙන තරමට අපි අවට පරිසරයේ උණුසුම වැඩිවෙලා.ගිනි ගහන රස්නේ සීතලට බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙ………….මට නම් පතම පත අයිස් ක්‍රීම් එකක්,ඒකත් තුරුල් කරගෙන නිකන් ඉන්න නෙවෙයි එක හුස්මට කාලා දාන්න.සමහරවිට අහවල් දේශප්‍රේමියෝ ඇවිල්ලා මම පර සුද්දගේ කෑම කනවා කියලා වර්ජනය කරන්න කියලා මොර දෙන්න පුලුවනි.ඒ හින්ද මම එයාලට හෙලුවෙන් වණන්න කියලා ice cream වෙනුවට හිම කිරම කියලා කියලා දානවා.ඇත්තටම අයිස් ක්‍රීම් වල ‍තෝම්බුව කොහොමද?ඇත්තටම ලෝකෙට අයිස් ක්‍රීම් දුන්නෙ සුද්දද?

පුරාණ ඊජිප්තුවේ රජ කරපු පාරාවෝ රජවරු සීත රටවලින් ආයාත කරපු හිම පතුරු විවිධ රස වලින් අනුභව කරලා තිබුනත් ඒක අයිස් කැට කෑමකට වඩා එහා ගිහින් නැහැ.එතකොට ඈත අතීතයේ රෝමයේ අධිරාජ්‍යයෝ උස කඳු මුදුන් වල මිදුණු නොඉඳුල් හිම කැටිති අරගෙන ඒවාට පලතුරු යුෂ වත් කරලා සීතලෙන්ම අනුභව කරලා තියෙනවා රජ මාලිඟා වලදී.රෝමය ගිනි ගන්න කොට වීනා වාදනය කරපු නීරෝ අධිරාජ්‍යයාගේ රජ බොජුන් අතර පලතුරු,කජු හා පැණි මිශ්‍රනයක් හිම වලින් සීත කරලා හදපු කෑමකුත් තිබුනලු.ඒක එහෙම වුනත් ක්‍රි.ව.11-12සියවස් වල ආසියාව පුරා ගවේෂණය කරපු මාර්කෝ පෝලෝ කියන දේශාටකයාගෙ සටහන් වල චීනයේ රාජකීය පවුල් අතර තිබූ කිරි සරුවත් විශේෂයක් ගැන සඳහනක් තියෙනවා.ඒක අද අපි දන්න අයිස් ක්‍රීම් වලට බොහෝම සමාන ආහාරයක් වෙලා තියෙනවා.ඒ නිසා ඒ කිරි සරුවත් කියන පානය යුරෝපයේදි ශීත කල ආහාරයක් වෙච්ච් බව තමයි විශ්වාස කෙරෙන්නෙ.

 Imageblurtit.com මෙයා තමයි මාකෝ පෝලෝ

1600 ගණන් වල  බ්‍රිතාන්‍යයේ රාජකීය බොජුන් පත් වල අයිස් ක්‍රීම් හා සමාන ආහාරතිබුනත් ඒක රාජකීයයන්ටම පමණක් සීමා වෙච්ච අධි සුඛෝපභෝගී ආහාරයක් වුනා.ඒවායේ වට්ටෝරු රාජකීය අරක්කැමියන්ටම පමණක් සීමා වෙද්දි සියවස් ගණනාවක් තිස්සෙ අයිස් ක්‍රීම් රස රහසක් විදිහට පැවතුනා.නමුත් සම්ප්‍රදායික වික්ටෝරියානු සදාචාරවාදී සංස්කෘතියට ටොකු අණිමින් සිටි නව ලෝකය මේ රස රහසේ රහස් හොයමින් හිටියා.1790දි ඇමරිකාවෙදි නෝර්මන් ජෙෆ්ස්සන් කියන පුද්ගලයා වැනිලා අයිස්ක්‍රීම් වල වට්ටෝරුව අනාවරණය කර ගන්නවා විතරක් නෙවෙයි ඒකට එවක ඇමරිකානු ජනපති වූ ජෝර්ජ් වොශින්ටන් එවක මුදලින් 200$ ත්‍යාගයකුත් දෙනවා.ධවල මන්දිරය හරහාම අයිස් ක්‍රීම් කියන රස මසවුල සාමාන්‍ය ජනතාවට අත පත් වෙනවා.

එවක වානිජ ලෝකයේ පෙර ගමන් කරුවා වෙච්ච ඇමරිකාව මේ නිමැවුමට වෙළෙඳ අගයක් එක් කිරීමට මග බලාගෙන හිටියා.1851 ඇමරිකාවේ බැල්ටිමෝර්හි කිරි සැපයුම් කරුවෙකු වූ ජැකොබ් ෆසෙල් එයාගේ අතිරික්ත කිරි වලින් අයිස් ක්‍රීම් හදලා විකුණන්න ගන්නවා.වැඩේ නැගලා යද්දි ඔහු මුල්ම අයිස් ක්‍රීම් පැට්ටරිය විවෘත කරනවා,පස්සේ ඇමරිකාව පුරාමත් එයින් යුරෝපයටත් අයිස්ක්‍රීම් කම්හල් පැතිරෙනවා.

Imageleewardlaw.com මෙයා තමයි ජේකබ් ෆසෙල්