සීතලට තුරුල් කරගන්න

Imagedailycaller.com

මේ දවස් වල ඉරට හැතැප්මයි හිතෙන තරමට අපි අවට පරිසරයේ උණුසුම වැඩිවෙලා.ගිනි ගහන රස්නේ සීතලට බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙ………….මට නම් පතම පත අයිස් ක්‍රීම් එකක්,ඒකත් තුරුල් කරගෙන නිකන් ඉන්න නෙවෙයි එක හුස්මට කාලා දාන්න.සමහරවිට අහවල් දේශප්‍රේමියෝ ඇවිල්ලා මම පර සුද්දගේ කෑම කනවා කියලා වර්ජනය කරන්න කියලා මොර දෙන්න පුලුවනි.ඒ හින්ද මම එයාලට හෙලුවෙන් වණන්න කියලා ice cream වෙනුවට හිම කිරම කියලා කියලා දානවා.ඇත්තටම අයිස් ක්‍රීම් වල ‍තෝම්බුව කොහොමද?ඇත්තටම ලෝකෙට අයිස් ක්‍රීම් දුන්නෙ සුද්දද?

පුරාණ ඊජිප්තුවේ රජ කරපු පාරාවෝ රජවරු සීත රටවලින් ආයාත කරපු හිම පතුරු විවිධ රස වලින් අනුභව කරලා තිබුනත් ඒක අයිස් කැට කෑමකට වඩා එහා ගිහින් නැහැ.එතකොට ඈත අතීතයේ රෝමයේ අධිරාජ්‍යයෝ උස කඳු මුදුන් වල මිදුණු නොඉඳුල් හිම කැටිති අරගෙන ඒවාට පලතුරු යුෂ වත් කරලා සීතලෙන්ම අනුභව කරලා තියෙනවා රජ මාලිඟා වලදී.රෝමය ගිනි ගන්න කොට වීනා වාදනය කරපු නීරෝ අධිරාජ්‍යයාගේ රජ බොජුන් අතර පලතුරු,කජු හා පැණි මිශ්‍රනයක් හිම වලින් සීත කරලා හදපු කෑමකුත් තිබුනලු.ඒක එහෙම වුනත් ක්‍රි.ව.11-12සියවස් වල ආසියාව පුරා ගවේෂණය කරපු මාර්කෝ පෝලෝ කියන දේශාටකයාගෙ සටහන් වල චීනයේ රාජකීය පවුල් අතර තිබූ කිරි සරුවත් විශේෂයක් ගැන සඳහනක් තියෙනවා.ඒක අද අපි දන්න අයිස් ක්‍රීම් වලට බොහෝම සමාන ආහාරයක් වෙලා තියෙනවා.ඒ නිසා ඒ කිරි සරුවත් කියන පානය යුරෝපයේදි ශීත කල ආහාරයක් වෙච්ච් බව තමයි විශ්වාස කෙරෙන්නෙ.

 Imageblurtit.com මෙයා තමයි මාකෝ පෝලෝ

1600 ගණන් වල  බ්‍රිතාන්‍යයේ රාජකීය බොජුන් පත් වල අයිස් ක්‍රීම් හා සමාන ආහාරතිබුනත් ඒක රාජකීයයන්ටම පමණක් සීමා වෙච්ච අධි සුඛෝපභෝගී ආහාරයක් වුනා.ඒවායේ වට්ටෝරු රාජකීය අරක්කැමියන්ටම පමණක් සීමා වෙද්දි සියවස් ගණනාවක් තිස්සෙ අයිස් ක්‍රීම් රස රහසක් විදිහට පැවතුනා.නමුත් සම්ප්‍රදායික වික්ටෝරියානු සදාචාරවාදී සංස්කෘතියට ටොකු අණිමින් සිටි නව ලෝකය මේ රස රහසේ රහස් හොයමින් හිටියා.1790දි ඇමරිකාවෙදි නෝර්මන් ජෙෆ්ස්සන් කියන පුද්ගලයා වැනිලා අයිස්ක්‍රීම් වල වට්ටෝරුව අනාවරණය කර ගන්නවා විතරක් නෙවෙයි ඒකට එවක ඇමරිකානු ජනපති වූ ජෝර්ජ් වොශින්ටන් එවක මුදලින් 200$ ත්‍යාගයකුත් දෙනවා.ධවල මන්දිරය හරහාම අයිස් ක්‍රීම් කියන රස මසවුල සාමාන්‍ය ජනතාවට අත පත් වෙනවා.

එවක වානිජ ලෝකයේ පෙර ගමන් කරුවා වෙච්ච ඇමරිකාව මේ නිමැවුමට වෙළෙඳ අගයක් එක් කිරීමට මග බලාගෙන හිටියා.1851 ඇමරිකාවේ බැල්ටිමෝර්හි කිරි සැපයුම් කරුවෙකු වූ ජැකොබ් ෆසෙල් එයාගේ අතිරික්ත කිරි වලින් අයිස් ක්‍රීම් හදලා විකුණන්න ගන්නවා.වැඩේ නැගලා යද්දි ඔහු මුල්ම අයිස් ක්‍රීම් පැට්ටරිය විවෘත කරනවා,පස්සේ ඇමරිකාව පුරාමත් එයින් යුරෝපයටත් අයිස්ක්‍රීම් කම්හල් පැතිරෙනවා.

Imageleewardlaw.com මෙයා තමයි ජේකබ් ෆසෙල්

Advertisements

2 thoughts on “සීතලට තුරුල් කරගන්න

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s