අයිස් ක්‍රීම් කෙල්ලක් කළ හදියක්

Imagehttp://www.ehdwalls.com/1024×768/girls/girl-ice-cream-girl-cute-1024×768/

මම පහුගිය ලිපියෙදි ලොව පුරා අයිස්ක්‍රීම් නම් වූ රස මසවුල පැතිරීගිය හැටි කිව්වත් එහි පසුකාලීන තත්ත්වය ගැන වුවමනාවෙන්ම නොකීවෙ ඕනෑවට වඩා ලිපිය දිග වැඩි වන නිසා.ඇත්තටම ඒ විදිහට ලොව පුරා අයිස්ක්‍රීම් කම්හල්  ප්‍රචලිත වුවත් ප්‍රායෝගික ගැටලු ගණනාවක් උද්ගත වී තිබුනා.ලංකාවේ ව්‍යාපාරික උපදේශන ඔස්තාද්ලට අනුව නම් නිෂ්පාදන ගැටලුව ජය ගත්තා යනු සමස්ත ව්‍යාපාරික ජය යනු වුවත් ඇත්ත ලෝකයේදී ඒක හිතලුවක් විතරයි.කම්හල් තුල කොච්චර අයිස්ක්‍රීම් නිපදවූවත් එය පාරිභෝගිකයාට පහසු ලෙසකින් ලබා දීම ගැටලුවක් වුනා.වීදුරු බඳුන් මඟින්  මුලදී අයිස්ක්‍රීම් ලබා දුන්නත් ඒක දිගටම කිරීම අපහසු වුනේ කුඩා ලමුන් අතින් මේ වීදුරු බඳුන් බිඳී යාම වැඩි වීමත් එක්ක.විකල්පයක් ලෙස සුදු යකඩ කෝප්ප වල අයිස්ක්‍රීම් දෙන්න හැදුවත් කලින් ක්‍රමයේදි වගේම පිරිසිදු කරමින් පාරිභෝගික සත්කාරය දෙන්න ගියාම ඉතා දිගු පෝලිම් ජනනය වීමත් සිදු වුනා.නමුත් මේකටත් හරි අපූරු විසඳුමක් ලැබුනේ අහම්බයකින්.

Imagewallpaperscraft.com

1904 ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුගේපෙම්වතියකට ලැබුනු ආදරණීය අයිස්ක්‍රීම් කටක් එයට පාදක් වූ බව තමයි කියවෙන්නේ.ඇය එදා ඒ ආදරණීය අයිස් ක්‍රීම් කට තමන්ගේ අලංකාර ඇඳුමේ හැළීම නවත්වන්නට වේෆර් බිස්කට් එකකින් ආවරණය කර ගන්නවා.ඉතින් මේ අයිස් ක්‍රීම් වෙළෙන්දාට අදහසක් එනවා එවැනි වේෆර් දවටනයක් වෙතින් අයිස් ක්‍රීම් ඉදිරිපත් කරන්නට.කොහොමවුනත් ඒක අද අපි දන්න පෆ් පේස්ට්‍රියකට සමාන වෙච්ච දවටනයක් වෙච්ච බව තමයි දැන ගන්න ලැබෙන්නෙ. 1903දී ඉටලෝ මාර්කොෆ් නම් කෙනෙකු අද අපි දකින කෝන් හැඩයේ දවටනයක් නිපදවලා තිබුනා.පස්සේ මේ අලුත් කෝන් හැඩය අයිස් ක්‍රීම් පිලිගැන්වීම සඳහා ප්‍රචලිත වුනා.

ඇමරිකාවේ මේ සියලු විජ්ජුම්බර සිද්ද වෙන අතරේ, 1922 එංගලන්තේ ඉන්න සොසේජස් නිෂ්පාදකයෙකු වෙච්ච ‍තෝමස් මෙල් හටත් අයිස් ක්‍රීම් නිපදවීමේ සිතක් පහල වෙන්නේ ග්‍රීෂ්ම සෘතුවේදී තමන් නිපදවන සොසේජස් වලට තිබුනු ඉල්ලුම සාපේක්ෂව අඩු වුන නිසා.මොකද ඉල්ලුම අඩු වීමට අනුරූපීව නිෂ්පාදනයත් අඩු කිරීමට සිදු වීම නිසා කම්හලේ අක්‍රීය කාලයක් හට ගෙන තිබීම වෙනත් නව නිමැවුමකට යොදවන්න ඔහුට හැකි වීම.සොසේජස් වලට සමාන හැඩයකින් යුතුව ඔහු නව අයිස් ක්‍රීම් වර්ගයක් හදනවා,හරියට දැන් තියෙන අයිස් චොක් වගේ.නමුත් සම්ප්‍රදායෙන්ම සොසේජස් නිෂ්පාදකයෙකු වූ ඔහුගේ නව අයිස් ක්‍රීම් විශේෂයට වෙලඳ සැල් හිමියො එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.උත්සාහය අතාරින්නේ නැති මොහු රෝද 3 ට්‍රයිසිකල් වල අයිස් පෙට්ටියක් බැඳගෙන”stop me & buy one” කියලා බෝඩ් ලෑල්ලකුත් එක්ක පාර පුරා ගිහින් අලෙවි කරන්න ගන්නවා.හරි ඉක්මනින්ම මේ ජංගම අලෙවි වැඩ පිළිවෙල නැගලා යනවා.වර්තමාන ice cream man සංකල්පය ඔන්න ඔතනින් ඇරඹුනා කියලා තමයි කියන්නෙ.

පසුබිම් කතා කොහොම වෙතත් ඉතාලිය හරියටම කියනවානම් සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශ අයිස්ක්‍රීම් වල පරම්පරාගත හිමිකරුවො විදිහට තමයි සමහරු සලකන්නෙ.මොකද මාකෝ පෝලෝ විසින් අති සුවිශේෂි අයිස්ක්‍රීම් වට්ටෝරු ගණනාවක් ඔවුන්ට දායාද කළ බවට වන විශ්වාසය. අයිස්ක්‍රීම් කොච්චර සීතල ආහාරයක් වුනත් එහි උෂ්ණ ගති ඇති බව තමයි සලකන්නෙ.සීතල පිටින් අයිස්ක්‍රීම් කන්න ගියත් ඒක දිය වුනාම නම් ආයිත් කූල් කරලා ඒ ගතිය ගන්න බැහැ.මොකද අයිස්ක්‍රීම් හදද්දී අපි ගොඩක්   කරන්න ඕනි. වානිජ නිෂ්පාදනයේදී නම් මේක බට ගණනාවක් හරහා ඇවිත් වායු බුබුළු මිශ්‍ර වෙනවා.නමුත් දියවෙනකොට ඒක නැවත් ඒ වායු බුබුළු මුදා හරින නිසා ආයිත් කූල් කරොත් එන්නේ හරියට පාප්පයක් වගේ දෙයක්

.Imageicecreampark.com

රසටම අයිස්ක්‍රීම් කන්න මගේ උපදෙස නම් වැනිලා අයිස්ක්‍රීම් කූල් පිට තියෙද්දිම ඒක ඇතුලට වෙන්න කිතුල් පැනි වක් කරලා කන්න කියන එක.හැබැයි දිය වෙන්න කලින් කන එක තමයි හොඳ.(දිය වැඩියාව තිබේ නම් කවදාවත් කරන්න එපා)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s