xitclub.com
මේ කතාව ලියද්දී මම යොදා ගන්නා නම්,ගම් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා.මොකද බැරි වෙලා වත් මේ කියන සංසිද්ධියට දායක වූ අය මේක දැක්කොත් ඊට පස්සේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙන්න පුලුවන් නිසා.
මෙයාට අපි රවී කියමු.මෙයා වැඩ කළේ ලංකාවෙ නම ගිය බැංකුවක.එක් පැත්තකින් බැංකු සේවකයෙක් වෙලා හිටපු නිසාත් අනික් පැත්තෙන් මෙයාගෙ තිබුණු හැන්ඩි පෙනුම නිසාත් රවීට මංගල යෝජනා ආවේ ඕසෙට.නමුත් මිනිහා නොවෙයි ලේසියෙන් පාසුවෙන් කැමති වුනේ.දවසක් ලංකාවේ අග නගරයට ආසන්න නගරයක පවුලකින් රවීට ආවා මංගල යෝජනාවක්.ඒ පවුලේ එකම දුව.ඉගෙනගත්ත,ලස්සන,ධනවත්,චරිතවත්,ගුණවත්….ඔයාදී එකී මෙකී නොකී සියලුම ලක්ෂන මේ ගැහැණු ලමයාට තිබුනා.ඉතින් රවීත් එයාගේ පවුලේ අයත් එක්ක දවසක් ගියා ඒ අදාල යුවතියගේ ගෙදරට,නෑදෑයෝ මුන ගැහිලා දෙකෙන් එකක් බේරා ගන්න:-).
ගියහම ඔන්න ඉතින් පිලිඅරගෙන (අපේ දුවට කර ගහන කරුමක්කාරයනෙ) බුලත් හෙප්පු පිලිගන්වලා ඔක්කොම චාරිත්‍ර ඉටු කලා.ඔය වගෙ තැන්වල තේ මේසයක් ලෑස්ති කරන්වනෙ.නමුත් මෙයාලා යනකොට ඉර මද්දහනට ලං කරලා තිබුනු නිසා කෙලින්ම (ඒ ගෙදර වංගු තිබුනේ නැද්ද කොහෙද) දවල් කෑමට මේසය ලෑස්ති කරලා තිබුනා.
කෑම මේසේ ආයි කියන්න දෙයක් නෑ බබලනවා.දේශීයද,ඉන්දියන්ද,චීනද.ඉටැලියන්ද, නානාප්‍රකාර කෑම් බීම ගොඩායි……………agoda.com
ඉතින් මේ අපේ කොල්ලත් වෙන්න මනමාලී දිහා එහෙම බලලා හොඳට දීල අරින්න(කෑම වලට) කියලා හිතලා කෑම මේසෙට වාඩි වුනා ඕං. හැබැයි ඔන්න එතකොටම මේසේ උඩට නඟිනවා මොකෙක්ද? ගෙදර හිටපු තඩිම තඩි බළල් තඩියා.සුදු පාටට, හරියටම වෙන්න මනමාලිගෙ හමේ පාටමයි.
ඔන්න දැං අපේ කොල්ලගෙ පැත්තේ අය කලබල වුනා.මේ මොකද මේ කියලා.stuffpoint.com
වෙන්න මාමා කියානවා” අනේ මේ අපේ දුවගේ බළල් පැටියනෙ,එයා හැමදාම අපි කෑම කන කොට මේසෙට නඟිනවා,අපේ දුව එයාට කොච්චර ආදරේද කියනවා නම් රෑට නිදාගන්නෙත් (ඌව තුරුල් කරගෙනද?) ඌව කාමරේට අරගත්තට පස්සෙ.කමක් නැහැ.ඉන්න්කො මම එයාව පැත්තකට කරන්න”
කියලා බළලව පිටෙන් අල්ල ගෙන ඉස්සුවා.
බළල්ලු සාමාන්‍යයෙන් එහෙම උස්සද්දී, රෙද්දක් උඩ නම් ඉන්නේ ඌ උගේ නියපොතු වලින් තදට අල්ල ගන්නවා.
ඉතින් මේ කාළකන්ණි පූසත් හිටපිය කියලාම අල්ලා ගත්තානේ මේස රෙද්ද.
ඒ පාර මොකද වුනේ?
සේරෝම කෑම බීම ඔක්කොම ටික සලං,සලං ගාලා පෙරලෙන්න ගත්තා එක පිට එක.
අපේ රවීටත් ඉතින් මීට වැඩිය දෙයක් නැහැනේ. මූ හිනා වුනා එකසිය ගානට.
කොහොම හරි ඒකෙන් මේකෙන් ඒ මංගල්ලෙ හබං
අරූ හිනා වුණේ මොකෝ? ඇයි ඌ ඊට කලින් පූසෝ උඩට උස්සනවා දැකලා නැතිද ?
අපරාදෙනේ .ඕව මොනාද මගුල් කැඩෙන්න තරන්.
විකාර නැතුව කැමති වෙන්න කියන්න.
අපේ දුව එයාට කොච්චර ආදරේද කියනවා නම් රෑට නිදාගන්නෙත් (ඌව තුරුල් කරගෙනද?) ඌව කාමරේට අරගත්තට පස්සෙ.//
මේටිකත් මදැයි මගුල කැඩෙන්න නං.
තුනටම දෙන්නද එකක්? මචන්ලා මේක ඇත්තටම වෙච්චි දෙයක්.දැං එයාට ඒ මඟුල කරගන්න බැහැ,මොකද පස්සේ එයා වෙන කෙනෙක්ව බැන්දා.
එයා හොඳටම හිනා වෙලා තියෙන්නෙ වෙන මොකක් හින්දාවත් නෙවෙයි ඒ කෑම මේසේ තිබුනු ඔක්කොම කෑම ටික බිමට ඇදගෙන වැටිච්ච නිසා,එතකොට බිම නිකන් සයිවර් කඩේ සාම්බාරු හොද්ද වගේ තිබිලා.
මඩක් නෙවෙයි හැබැයි මෙයාට තව හොඳ වැඩ වෙලා තියෙනවා,මම ඒවා පස්සෙ දාන්නං……….හොඳේ………………