සදාදරණීය චතුරිකා

අපි මතුපිටින් බලලා හිතන්න යන ගොඩක් දේවල්වල අපි නොහිතුව තරම් ගැඹුරක් තියෙනවා කියලා අපිට වැටහෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.ඒත් එකම ගැටලුව වෙන්නේ අපි අපිම කරපු ඒ දේවල අපි කලින් නොදැක්ක ඇතුලාන්තය දකිද්දි යන්න ඕන නැති තරම් ඒ සිද්ධිය දුර ගිහින් ඉවරයි.

ලස්සන මල් බඳුනක් අපි නොදැනුවත්වම හරි හිතලම හරි බින්දා කියලා හිතමු.කෑල්ලෙන් කෑල්ල ආයි අරගෙන අලවලා හරි ගස්සන්න පුලුවන් වේවිද?හරි ගැස්සුවත් ඒ තිබිච්ච ලස්සනම ආයි ගන්න පුලුවන්ද?ඒ මොනවා වුනත් බිඳිච්ච හිතක් ආයි කොච්චර දැඟලුවත් ආයි තිබුනා වගේම හරි ගස්සන්න පුලුවන්ද?විශේෂයෙන්ම අපි රිද්දුවෙ කෙල්ලෙකුගේ හිතක් නම්,ඒ හිතට අපි ආදරය කලානම්,අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඒ හිත පාරපු එක යම් වෙලාවක අපිවම රිද්දන්න ගන්නවා.Image

මේ කතාව කෙ‍ටුම්පත් කරද්දි මට මතක් වෙන්නෙ සෝමතිලක ජයමහ මහත්මාගේ ගීතයක්.

“මහ වරුසාවට පසුව නැ‍ඟෙන සඳ,වෙනදාටත් වැඩියෙන් එළියයි,නෝක්කාඩුවට පසුව ඔබේ සිත වෙනදාටත් වැඩියෙන් එළියයි”.

කාරනාව සහසුද්දෙන්ම ඇත්ත.ආදරය කරපු දෙන්නෙක් අතර රණ්ඩුවක් වෙලා ආයි යාලු වෙද්දි තිබුනටත් වැඩිය හොඳ ආදරයක් ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ දෙන්නා දෙන්නාටම ඇත්තටම ආදරය කරලා තියෙනවානම්.මොකද ආදරය කියන්නෙ පරම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්.ඒක වෙනස් වෙන එකම එක අවස්ථාව අපේ දෙමව්පියන් අපිට ආදරය කරද්දි විතරයි.

 ඒත් ඔයා ආදරය කරන්නේ කවදාවත් ඔයාට කවමදාවත් හිමිකරගන්න බැරි කෙනෙකුට නම්,ඔයා කොච්චර බලා හිටියත් සඳ ගාව නෙතු විදහන තරුවක් මිස සඳමතුපිට රුවක් වෙන්න ඔයාට ලැබෙන්නෙ නෑ කියලා දැන දැනම ඔයා ඒත් ආදරය කරනවා නම්,ඒ ආදරය එලිපිට කියපු ගමන් ඔයා කැරලිකරුවෙක් වෙන්න ගන්නවා.  ත්‍රස්තවාදියෙක්  වෙන්න ගන්නවා.

ඒත් ඔයා හිතනවා නම් ඔයා එයාට ආදරය කරන නිසා එයත් ඔයාට ආදරය කරන්න ඕන කියලා, ඔයා ආදරවන්තයෙක් නෙවෙයි,වෙළෙන්දෙක්, ඔයා හදන්නෙ ආදරය කරන්න නෙවෙයි,ගනුදෙනුවක් කරන්න.කැරලිකරුවන්ව සමාජයෙන් අතුගෑවිලා යද්දි,ත්‍රස්තවාදියො මරාදැමෙද්දි වෙළෙන්දො හැමදාමත් ලොව පවතිනවා. 

ඒ තියරිය කියලා දෙන්න ඇඩම් ස්මිත්වත්,කේන්ස්වත්,බෙන් බර්නැක් තියා අජිත් නිවාඩ් කබ්‍රාල්වත් එන්න ඕන නෑ.මම ඔයාට ආදරය කරන තරමටම ඔයත් මට ආදරය කරන්න ඕනි කියලා මමත් හිතන තාක් කල් මම ආදර වෙලෙන්දෙක්,ඔයා මට ආදරය කරත් නොකරත් ඒ ආදරය මම හිතේ තියා නොඉඳ එක පාරටම කියලා දානවානම් මම කැරලි කරුවෙක්.ඒත් ඒ ආදරය මගේ හිතේ ඉපදිලා මගේ හිත ඇතුලෙදිම ගබ්සා වෙලා යන්න මම ඉඩ දෙන්නෙ ඒ ආදරය මට ඔයාට කියාගන්න බැරි හින්දාම නෙවෙයි. තුන් කොන් තරඟාවලියක අවසන් තරඟය පැවැත්වෙන්නෙ දෙපාර්ශවයක් අතර විතරයි කියලා ඕන පොඩි එකෙක් දන්නවා.Imageanimepaper.net

රෑ හඳ එලියට ඇස් අරින සේපාලිකා මල් පොට්‍ටුවකට ආදරය කරන රාජාලියකුට හෙවනක් වෙන්න, ඒ සේපාලිකා මල් පොපියන රිකිල්ල සැහැල්ලු වැඩියි.

රාජාලියා ගුවන අරා ඉගිල්ලෙන්නේ ගිනි මද්දහනේ අව් කූටකේ.ඒ පාරජම්බූල කිරණ වලට සේපාලිකා මල් පෙති කර වෙලා පිච්චිලා යන බව මම හොඳින්ම දන්නවා.රොෂාන් ප්‍රනාන්දුට වගේ මට ඔයාගේ ඇස් දෙක ලියා ගෙන(ඉතුරු එව්වා ලීසිං කරලා ගන්න ) සින්නක්කරේට ගන්න වරම් නැති බව මම දන්න නිසාම මගේ ප්‍රේමය මගේ හිත ඇතුලෙම හැමදාම පිපිලා තියෙච්චාවෙ. උඩු හුළඟට හමා ඇවිත් මං ළඟ ‍රැඳිච්ච ඒ සුවඳ සදහටම මගේ නෙත් කෙවෙනි ඉස්සරහා හිටපුවාවෙ.

වෛරය නමැති ආගම වෙනුවෙන් පිදෙන පළිගැනීම කියන අල්තාරය මත මම මගේ පුංචි සේපාලිකා මල මිලින වෙන්න දෙන්න නෑ.Imagehenrymakow.com

“මගේ නිසල ලොව වටහා ගන්නට

 ඔබේ සසල සිත අකැමැතිනම්………

නුඹ පතනා ලොව සොයා යන්න නො‍රැඳී

 නුඹේ මඟට මුදු මල් පාවඩ පතමී.”

රොෂාන් පිලපිටිය වසර ගණනාවකට පෙර ගායනා කළ ජනප්‍රිය නොවූ ගීතයක්

Advertisements

අයියයි නංගියි ගේම

අයියලා සහ නංගිලා අතර කොහොමත් තියෙන්නෙ හරි සමීප සබඳතාවක්නෙ.අයියලා කොහොමත් නංගිලාට වැඩිය එක එක සෙල්ලම් දන්න හින්දා ඒ ගොල්ලො කොහොමත් නංගිලාට කැමතියි එව්වා කියලා දෙන්න…එතකොට නංගිලත් හරිම කැමතියි අයියලා ගාව හුරතල් වෙවී නොදන්න subject  ඉගෙන ගන්න ..අත්හදා බලන්න.

දැං අලුත් ක්‍රමයට තමන්ගේ පෙම්වතියට කොල්ලො නංගි කියලා කියන එක අඩු වුනත් ඒ කෙල්ලො තමන්ගේ පෙම්වතාට අයියා කියලා කියන එක අරුමයක් නෙවෙයිනෙ.ඒත් ලැම්බට් කොකු ගහන අය කියාගන්නේ අක්කා මල්ලි කියලද නම් මම දන්නෙ නැහැ.

කොහොමහරි අද මම කියන්න යන කතාවෙත් හොඳ ඇම්ඩන් අයියා කෙනෙකුයි එයාටම හරි යන චෝ…………..යිම චෝයි නංගි කෙනෙකුයි ඉන්නවා.අයියාගෙ නම සම්පත්,නංගී අභිශේකා.මේ කතාවෙ අනික් පාර්ශවය වෙන එකාගෙ නම කිව්වොත් මට ඒ පැත්ත පලාතෙ යන්න වෙන්නෙ නැති හින්දා ඌගේ නම ඉබ්බා කියලා කියමුකො.

සම්පත් එයාගෙම නංගි වෙච්ච අභිශේකාට වැඩිය එක අවුරුද්දකින් වැඩිමල්.දෙන්නම පලමු වතාවෙම කැම්පස් තේරුනා.පලමු වසරේ ඉඳන්ම බෝඩින් වෙලා හිටපු සම්පත්, නංගියා කැම්පස් එනකොට ඉන්න බෝඩිමකුත් හොයලම තිබ්බා,ඒකාගෙ බෝඩිමට අල්ලපු ඉඩමේ තිබුනු කෙල්ලන්ගේ බෝඩිමකImagemi9.com

(මූ අපිට නම් කිව්වෙ ඒක සහෝදර ප්‍රේමය කියලා,ඒත් අපි නම් දැන ගෙන හිටියෙ මූ අසල් වැසියාට ප්‍රේම කරන්න මාර්ගයක් හදා ගන්න යනවා කියලා).

කොහොම හරි මෙච්චර කාලෙකට මම දැකපු පුදුමාකාර සහයෝගයකින් වැඩ කරපු අයියා නංගි දෙන්නෙක්.අයියාගේ කෙල්ලන්ගේ හුටපට වලට නංගි සප් එක දුන්නා වගේම නංගිගේ කොල්ලන්ගේ මගඩිවලටත් අයියා කෙලින්ම එන්ටර් වෙලා වැඩ කරා.

මේ දෙන්නම weekend එකේ chartered වලට ක්ලාස් ගියා එකම තැනට,හැබැයි අයියා උඩ තට්‍ටුවෙ,නංගි යට තට්‍ටුවෙ,මොකද දෙන්නා හිටියේ වල  දෙකක.දවසක් ක්ලාස් ගිහින් ඇවිත් නංගි කියනවා,

“අයියෙ,අද මට මරු වැඩක් වුනානෙ”

 “”ඇයි ඒ පාර මොකක්ද උඹ දාගත්ත ලෙඩේ?”( මේ දෙන්නා කොහොමත් කතා කර ගන්නේ මෙහෙම තමයි)

“අයියලාගේ පන්තියෙ ඉන්න අර ඉබ්බා, මගෙන් ඇහුවානෙ””ඉතින් උඹ මොකද කිව්වෙ?”

“මම කැමතිද අයියෙ ඒ ඉබ්බට,මොකද මම ඉබ්බියෙක්යෑ,කෝකටත් මම ඌට දුන්නා අයියගෙ නම්බර් එක””

”තමුසෙට පිස්සුද ඕයි…මම සබ්ජෙට් කාරයෙක් කියලද හිතාගෙන ඉන්නෙ,අනේ යකෝ, උඹම මට මෙහෙම කියනවානම් ………..”

“”පොඩ්ඩක් ඉන්නකො අනේ,මම කියන කං,………..ඌ හිතාගෙන ඉන්නේ ඒ මගේ නම්බර් එක කියලා ,අද හරියටම රෑ 8ට ඉබ්බා කෝල් කරනවා,අයියට තියෙන්නෙ මම විදිහට ඌව හොඳට බයිට් කරන එක””

“”ඉතින් ඌ මගේ කට හඬ දන්නවනෙ,අනික….

“”අයියො,ඔයාට common sense කියලා දෙයක් නැද්ද? sms වලින් ගේම දෙන්නකො’

ඔන්න ඉතින් කිව්වා වගේම ඉබ්බා හරියටම රෑ 8ට කෝල් කරනවා.සම්පතා ෆෝන් එක උස්සන්නැතුව ඉඳලා ගහනවා sms එකක්.””අනේ අයියෙ,බෝඩිමේ අනිත් අය අහගෙන,මට ලැජ්ජයි,ඔයා මට msg කරන්න,අපි sms වලින් ලව් කරමු කියලා,ඉතින අර මොට්ට ඉබ්බත් හොඳට ඇන්දිලා රිප්ලයි කරනවා.සම්පතත් ඉබ්බව හොඳට අන්දනවා,අනේ අයියේ රෑ හරිම හීතලයි,මට ඔයාව දැන්ම දකින්න ඇත්නම්,මම කොහොමද ඔයා ලඟට එන්නෙ,අරවද මෙව්ව්ද කියලා.

අනේ ඉතිං ඉබ්බත් යකෝ,ඉඳලා ඉඳලා අහුවෙලා තියෙන්නෙ මාර පල්ලමක්නෙ කිය කිය රෑ තිස්සෙ කරලා.පස්සෙ උදේ සම්පතා ආයි ගහලා ඉබ්බට “”අනේ සුදු අයියෙ,ෆෝන් එකේ සතයක් වත් නෑ,ඊයේ රෑ මම ෆෝන් එක තුරුලු කරං දොයිය ගත්තෙ,අද අපි කොහෙ හරි යමුද කියලා”” ඒක ගහලා අනිත් පැත්තට මෙන්න ඉබ්බා රීලෝඩ් එකකුත් දැම්මලු සම්පතාගෙ(නංගිගෙ කියලා හිතලා) ෆෝන් එකට නිකංනෙවේ 200/=.

දැං හරිනෙ ඉතින්,සම්පතා කෝල් එකක් අරන් කිව්වලු අභිශේකාට(නංගිට) අද ක්ලාස් යන්න එපා කියලා,මොකද තුන් කොන් සටනක් වලක්වන්න.

ක්ලාස් ගිහින් බලද්දි ඉබ්බා කිට මරලා ඇවිල්ලු,උගේ ප්‍රියාවිය බලන්නත් එක්ක,උගේ ප්‍රියාවිය කෙසේ වෙතත් එදා සම්පතා ඌට ක්ලාස් එකේදී දීපු පෝරියල් එකට ඌ එදායින් එදා ක්ලාස් එකට තියා කිරුලපනටවත් ගියේ නෑ,ඌ උපාසක උන්නැහේගේ චාටඩ් පන්ති බලා කො‍ටුවට ගිය බව සැලයි.

අවවාදයයි: මෙහි සියලු නම ගම් මනංකල්පිතයි,සම්පත්ගේ නංගී හිටපු පාසල් සමස්ත ලංකා සටන් ශිල්පිනියෙකු නිසා මෙවැනි බකට් කොල්ලන්ට දීමට ඒ අයියා හෝ නංගී කිසිදා බිය වූයේ නැති බව කිව යුතුය.මෙය අත්හදාබැලීමට පෙර ලංකාවෙ අපරාධ වාර්තා බලන මෙන් ඉල්ලමි.කරලා විහින් ඇණ ගන්නවාට මම “”වග”” නොකියමි.කොස්ගම යැයි කියමි.

 

 

ඒ පාලු රෑ අයේශා සමඟ……………

එදා රෑ මහ පාලු මූසල ‍රැයක්.

වෙනදා පාරේ යන වාහනේක සද්දෙ හරි යන්තමට කලුවර කපාගෙන ඇහෙනවා වුනත් එදා අයේශාට ඒ මොකවත්ම ඇහුනේ නැහැ.ඒ මදිවට කලුවර අස්සෙන් වැටෙන සිරි සිරි වැස්ස නිසා මුලු පරිසරයම ඝන කම්බිලියකින් වහලා දාලා වගේ අන්ධකාරේ.

පාඩම් කරන්න පොත්,ටියුට් මේසෙ උඩ පුරවලා තිබුනා වුනත් නිදි කුමාරි මූනේ ඇතිල්ලෙන ගමන් යාන්තමට චුම්බනය කරන ඒ වෙලාවෙදි අයේශාට ඕනි වුනේ ඉක්මනටම ඇඳ උඩට වෙලා බෙඩ් ෂීට් එක පොරවගෙන කොට්ටයක් බදාගෙන දොයියගන්න.

කාමරේ රූම ත් එදා නැතිකොට අයේශා ඉක්මනටම ඇඳේ වැතිරුනේ ඉරි තැලෙන්න පායපු දවස් වලට පස්සෙ වහින වැස්සට හිතේ යාන්තමට මෝදු වෙච්ච ආසාවකුත් එක්ක.ඒ හින්දම වෙනදා වහලා දාන ජනේලෙත් ඇරලා  දැම්මා.

ඒත් තව ටිකකින් වෙන්න යන දේ එදා අයේශා දැන ගෙන හිටියා නම්………………………..

එහෙමනම් අද මට මේ කතාව ඔයාලට කියන්න වෙන්නෙ නැහැ.Imagecomocvine.com

 සියලු නම් ගම් මනංකල්පිතයි කියලම පටන් ගන්න මේ කතාවත් ලංකාවෙ අතිශය සුප්‍රකට විශ්ව විද්‍යාලයක සිදු වූ අප්‍රකට කතාවක්,නමුත් මං එහෙම කිව්වට දැං මේක මේ විශ්ව විද්‍යාලයේ ඉන්න ලමයි ඉතා හොඳින්ම දන්නවත් ඇති,සමහරවිට නොදන්නවත් ඇති.ඒ කොයි කොහොම වෙතත් දැං මම ආවේ මේක දන්න නොදන්න පට්ටන්දරේ දිගාරින්න නෙවෙයිනෙ.ඉතින් කෙලින්ම බහින්නම්කො කතාවට.

මේ කැම්පස් එක තියෙන්නෙ අතිශය නාගරික පැත්තක.ඒත් නවතින්න බෝඩිමක් හොයන එක නම් මාර අමාරු පැත්තක්.දැං ඔන්න සරසවියෙ නම දන්නො දනිති. ඔය කියන සරසවියෙ ගෑනු ලමයින්ගේ නේවාසිකාගාර, ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් හොස්ටල් කීපයක් විශ්ව විද්‍යාල භූමියේ කොනකම පිහිටලා තිබුනා.වාසනාවකට හෝ අවාසනාවකට මම නම් ඒ පැත්ත පලාතෙවත් ගියේ නෑ,මොකද මම ඒ සරසවියේ ඉගෙන ගත්තෙ නැති නිසා.නිතර නිතර පිරිමි ලමයි(?:-) ඔය පැත්තෙන් යන හින්දා එච්චර පාලුවට ගිහිල්ලා තිබුනේ නෑ දවල් කාලයට නම්.ඒත් රෑ කාලෙට නම් ඒ පැත්ත පට්ට පාලුයි.කොහොම වුනත් ඕනෑම තත්ත්වයක් දිගටම එක විදිහට තියෙන කොට මිනිස්සු ඒ අවදානම ගනන් නොගන්නා සිරිත ඒ සරසවියේ කෙල්ලන්ටත් පොදුයි.

 මේ හොස්ටල් එකේ හරි අපුරු වැඩේ කියන්නෙ යටම තට්‍ටුවෙත් කෙල්ලන්ගෙ කාමර තිබුනා.ඒ වගේම ඒවායේ ජනෙල් එහෙමත් කෙලින්ම එලියට ඇරුනා.(මේක මට නම් අපූරු දෙයක්,මොකද අපේ කැම්පස් එකේ කෙල්ලන්ගෙ හොස්ටල්වල කාමර තිබුනේ උඩ තට්‍ටුවල,යට තට්‍ටුවෙ කැන්ටින්,උන්ගේ කොමන් රූම් අරවා මෙව්වා තිබුනෙ) එලියෙ පොඩි වැටක් තිබුනා වුනත් ඒක අඩි 2-3 තමයි උස.

දැං තේරෙන සිංහලෙන්ම කියනවානම් යට තට්‍ටුවෙ ඔය කියන කාමර වල ඉන්න කෙල්ලෙක් ජනෙල් ඇරගෙන ඉන්නවානම් ආයි නෑ එලියේ ඉඳගෙන ඇතුල බලන්න පුලුවන් හොඳේ……………Imagephilosophyisnotalu.com

ඉතින්  ඉතින් අපේ කතා නායිකාව වෙච්ච පුංචි කෙල්ල (පුංචිම නෑ හොඳේ) අයේශාත් හිටියේ මේ වගේ කාමරේක.මහා ලොකුවට පරසක්වල කතා කිව්වට කෙල්ලො කොහොමත් මොන වගේද කියලා අපි හැමෝම දන්නවා.පොලව ඉරි තලාගෙන පායපු කාලෙට පස්සෙ හීනි සිරි සිරි වැස්ස දවසෙ වැඩි දුර දිග හිතන්නැතුව මේ ජනේලෙ ඇරලම නිදි කුමාරිගේ තුරුල්ලෙ සැතපෙන්න එයා හිතුවෙ ඒ කොහොමත් කෙල්ලන්ගෙ හැටි නිසා වෙන්න ඇති.

හීතලට කොට්ටයක් බදාගෙනම නිදා ගත්ත අයේශා ඊලඟ දවසේ උදේම නැගිට්ටේඋදේ 8ට ලෙක්චර් එකක් තියෙන හින්දා.ඒත් නිදිමතේ ඇස් පිහ දම දමා ඇ‍ඳෙන් නැගිට්ට අයේශාට දකින්න ලැබුනේ එයා කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්.

එක පාරටම මේ මොකද වෙලා තිබුනේ කියලා තේරුම් නොගියත් ඒ වැටහීම කෙල්ලට මීටර් වෙද්දී වෙන්න ඕන ගොඩක් දේවල් වෙලා තිබුනා.

අයේශා කලින් දා රෑ නිදා ගනිද්දි ජනේලෙ ඇරලා දාලා තිබුනු විත්තිය එයාට හොඳට මතක තිබුනා.දැල් ගහලා තිබුනු ඒ ජනෙලේ දැල් අඹරවලා,කඩලා දාලා තිබුනා.ජනෙලේ ගාවම තිබුනු මේසේ උඩ ඒ දැලක කම්බියක් අඹරවලා හදා ගත්තු කොක්කක් වගේ එකක් ටිකක් දිග හැන්දකට අමුනලා තිබුනා.දැල කඩලා හදා ගත්තු ඉඩෙන් ඇතුලට අත දාලා දොර ඇතුලින් අරින්න හදලා තිබුනත් ඒක හරි ගිහින් තිබුනේ නෑ,කෙල්ලගේ වාසනාවට.

(කෑලි කපන අන්ධකාර රාත්‍රියක කාමරේක තනියම සයනයක් උඩ දොයියගෙන ඉන්න පුංචි කෙල්ලෙකුට, ඒ කාමරේට කඩා වදින එකෙක්ගෙන් වෙන්න පුලුවන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ)

Imageims,net

නමුත් ඒ කඩා වදින්න හදපු එකා ඒ ලඟ මේසෙක තියලා තිබුනු කෙලි පොඩ්ඩිගේ ෆෝන් එක නම් ගල් කරලා තිබුනා.ඌ ඒක කරලා තියෙන්නේ අර කම්බිය දිග මදි හින්දා ඒක දික් කරලා මේසේ උඩ තිබිච්ච හැන්දක් අරගෙන ඒක කම්බියට අමුනලා ඒක දික් කරලා.

නැතිවුනේ කෙල්ලගේ ෆෝන් එක විතරක් වුනාට උදේ ඇහැරෙද්දි තමන්ගේ කාමරේට පිටින් එකෙක් රිංගන්න හදලා තියෙනවා දැක්කම ඒවගේ හිච්චි කෙල්ලෙක් කොච්චර කම්පනයකට ලක් වෙනවද කියලා කොහොමත් කෙල්ලන්ගේ හිත සනසවන්න යන අපි ඉතා හොඳින් දන්නවා.

ඇත්තටම කැම්පස් එකක් අස්සේ මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා අදටත් ඒ ගෑණු ලමයට වගේම අපිටත් හිතා ගන්න බැහැ.මොකද ඔය වගේ ගේමක් දෙන්න නම් ඌ අනිවාර්යයෙන්ම නිතර ඒ වට පිටාවෙ ඉන්න එකෙක් වෙන්න ඕනි.ඒත් සික්කන්ගේ හා සික්කියන්ගේ ඇස් වලට වැලි ගහලා මේ වගේ ගේමක් දුන්නේ කොහොමද?

කොහොම හරි මේ සිදුවීමෙන් පස්සෙ කෙල්ලන්ගේ හොස්ටල් වල ආරක්ෂාව වගේම කාමර  වෙන් කරලා දීපු විදිහත් වෙනස් වුනා.ඒත් ෆෝන් එකනම් හොයා ගන්න බැරි වුනා.

 

මහ රෑ නිදි යහනට ආවේ කවුද?

මේ කතාව නම් සිද්ධ වුනේ මීට අවුරුදු 7-8කට කලින්.නමුත් දැං වුනත් ඕන නම් ඕන කෙනෙකුට මේක ඔය වගේ අයට අත්හදා බලන්න පුලුවන්,හැබැයි සිදුවන අතුරු ආන්තරා පිලිබඳව වග කියනු නොලැබේ කියල මම කලින්ම කියලා දානවා මගේ ආරක්ෂාව සඳහා.අ‍ටුවා ටීකා ටිප්පණි තියලා කෙලින්ම බහිමුකෝ කතාවට.

මේක ටිකක් දුෂ්කර ප්‍රදේශයක පිහිටි විශ්ව විද්‍යාලයක්.හතර වටේටම කැලෑ රොදවල්.හැබැයි සොබාවික සෞන්දර්යය අතින් නම් හරිම ලස්සන පැත්ත.ඉතින් මේ කියන වි.වි. එකේ එක හොස්ටල් එකක ඉන්නවා යකෙකුටවත් බය නැති විදිහට පෙනී සිටින එකේ අහවල් ශිෂ්‍ය සංගමයේ මහා නිල දරුවෙක්.(මෙයා ශිෂ්‍යයෙක්,නැතුව පූර්ණ කාලීන දේශපාලුවෙක් එහෙම නෙවෙයි)මෙයා ඉන්න හොස්ටල් කාමරේ තියෙන්නෙ තට්‍ටු ඇඳවල්.Image

diytrade,com

මෙයා බුදියගන්නේ එව්වයේ පහලම තියෙන එකේ.මොකද උඩ ඇඳේ හිටියොත් කොයි වෙලේ හරි උදේ පාන්දරම දඩි බිඩිං කියලා බිමට පත බෑවෙයි කියලා වෙන්න ඇති.

දවසක් මෙයා කැටේකට ගිහිල්ලා රෑ වෙලා එනකොට එයාගේ ඇඳේ ඒ කියන්නේ පහල ඇඳේ එයාගේ යාලුවෙක් හොඳටම බුදි.හරියට නිකං කුම්භකර්ණයා වගේ.කොහොමත් කැම්පස් වල රූමන්ට ඇඳවල් නැහැ කියන්නේ නිකන් නෙවෙයිනෙ.

උගුර නැතිවෙනකං කෑගහලා දැං ඌට මර නිදිමත,පස්සෙ බලද්දි උඩ ඇඳ හිස්,ඉතින් උඩ ඇඳේ එකා එන්න කලින් මම නිදා ගන්න ඕන කියලා මේකා එහෙම්මම උඩ ඇඳට නැගලා ලයිට් එකත් කොස්සක් අරගෙන ඇනලා ඕෆ් කරලා නිදාගෙන.හැබැයි වෙනදා යකා පොලේ ගැහුවා වගේ නින්ද යන එකාට මෙච්චර මහන්සි වෙලා තියෙද්දිත් එක පාරම නින්ද ගිහින් නෑ.සමහර විට තැන වෙනස් වෙච්ච හින්දා වෙන්න ඇති.ටිකකින් මේකට නින්ද යන්න ඔන්න මෙන්න වගේ තියෙන කොට හදිසියේම ඇහෙනවා.

ග්‍රෝආග්ග්ග්…………ග්‍රෝආග්ග්ග්…………….

හොල්මන්ද පොල්කොල වෙච්ච් මූ උඩ ගිහින් බිම වැ‍ටුනා.

මේ කාමරේ ඇතුලේ කොහොමද ගෙම්බෙක් ඉන්නේ????(මේකා පන බයයි ගෙම්බන්ට)Image

amnh,org

දඩි බිඩි ගාලා බිමට බැහැපු මූ ලයිට් එක දාලා හැම තැනම හෙව්වා කොහෙද කොහෙද ගෙම්බා කියලා.ම්හු …………නිනව්වක් නෑ.

ගත්තා කොස්ස.දැම්මා ඇඳ යටට.ඇද්දා සේරම ලට්ට ලොට්ට.ම්හු………….ඒත් නෑ.

මට නිකමට ඇහෙන්නැති කියලා ආයි ඇඳට ගිය මූට තව ටිකකින් ආයි ඇහෙනවා.

ග්‍රෝආග්ග්ග්…………ග්‍රෝආග්ග්ග්…………….

මුගේ………….ට කියලා ගෙම්බගේ ජාතිය අමතපු මූ ආයි පාරක් මුලු කාමරේම අදින්න ගත්තා.ආරලු බීරලු සේරම අරගෙන කාමරේ එලියට ඇදලා දැම්මා.දැං කාමරේ ෆුල් ක්ලීන්.ඒත් ගෙම්බා මිසිං.

යන ගෙම්බෙක් ගියාවේ කියලා ආයි නිදා ගන්න ගියා.

තව පැය බාගයකින් විතර ආයි ඇහෙනවා.

ග්‍රෝආග්ග්ග්…………ග්‍රෝආග්ග්ග්…………….

දැන් නම් අපේ වීරයාට හොඳටම මල පැනලා.ඇයි යකෝ මෙච්චර කාමරේ ෆුල් සුද්දයක් දීලත් මේ කාලකණ්ණියා මර හඬ දෙන කොට………….

කරන්නම දෙයක් නැති තැන මූ අල්ලපු කාමරෙට ගිහින් බලද්දි එහේ එකෙක් වත් නැහැ.(ඒ හොස්ටල් එකේ හිටපු උන්දැල කවදාවත් කාමර වල දොරවල් වහන්නෙ නෑ.)

ඒකට ගිහින් මූ මුලින් කරපු දේ හොඳට දොර ලොක් කරලා වහපු එක(ඇයි ගෙම්බා ලොක් ඇරගෙන ආවොත් එහෙම).ඒක වෙලා නිදා ගත්තු මේකා උදේ ඇහැරිලා උගේ කාමරේ නිදා ගත්තු එකාට ගිහින් කියලා””මචන්,කාමරේ ගෙම්බෙක් ඉන්නවා,අවතාරයක්ද කොහෙද,මම මුලු කාමරේම සුද්ද කරා,ඒත් නෑනෙ””කියලා.ඒකත් ඒ වෙලාවෙ කට වහ ගෙන ඉඳලා

පස්සෙ ලෝකෙ වඩාත් වේගවත්ම සන්නිවේදන මාධ්‍යයට කියලා.කාටවත් නෙවෙයි ඔය වීරයා ඒ දවස් වල ට්‍රයි කරපු කෙල්ලගෙ යාලුවට.ඉතින් නිවුස් එක පැතිරිච්ච වේගය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.Image

fanpop.com

ඇත්තටම මොකක්ද වුනේ?

එදා යට ඇඳේ නිදා ගත්තු එකා ඒකාගේ ෆෝන් එකෙ එලාම් එකට ගෙම්බගේ නාදයක් තියෙන ටෝන් එක දාලා.ඒ මදිවට ඒක පැයෙන් පැයට තියලා රෑ ඇහැරිලා පාඩම් කරන්න.උගේ ඇහැරිල්ල කෙසේ වෙතත් අපේ මහා ශිෂ්‍ය වීරයා ගෙම්බාට බිය වී කාමරය අත හැර ගිය එකට මුලු කැම්පස් එකේම චා………………ටර් වුනා.

නමුත් මෙන්න මේකත් කියන්න ඕන.ගෙම්බන්ට(වෙනත් සතෙකුට වෙනත් දෙයකට) බය වීම කියන්නෙ එකතරා මානසික තත්ත්වයක්.ඒක වූ පමණින් එයා බිය ගුල්ලෙක් වෙන්නේ නැහැ.

මහා බ්‍රිතාන්‍යයේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙන හොරේෂියෝ නෙල්සන් සාමි වරයා මුහුදු ගමන් වලදී වැල‍ඳෙන වමනයෙන් පීඩා විඳි බවත් ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා පූසන්ට බිය වූ බවත් මම අසා තියෙනවා.

පෙට්ටිය කැඩුනු වගයි

මං මේ කියන්න යන කතාවේ සියලු නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් (අකරුණාවෙන් හරි කමක් නැහැ) සලකන්න කියලා කියන්නෙ වැඩි හොඳට.ඕනි නම් මේක මඩක් විදිහට ගත්තත් මට මොකෝ…කොහොමහරි මේකත් මම අර කලින් කියපු රවියටම සම්බන්ධ සිද්ධියක්.මෙයා කරපු ආතල් වැඩ කෝටියක් තිබුනත් කියන්න වෙන්නෙ සමහර ඒවා විතරයි.අනෙක් එව්වා ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කිරීම එයාට කොහොම වෙතත් මට නම් ටිකක් අප්සෙට්.කොහොම හරි කතාවට එමුකෝ.

රවි මේපාර මනමාලියක් බලන්න කියලා ගියේ ඉස්සර කාලේ (ඒ කියන්නෙ මෛත්‍රී බෝධිසත්වImage

mobilewallpapers.

යෝ බෝධිසම්භාර පුරන කාලේ නෙවෙයි,1980 ගණන් වල) අහසේ ගමන් කරන මිනිසුන් රහිත යානා එක්ක සන්නිවේදනය කරන්න ලංකාවේ හදපු එක මධ්‍යස්ථානයක් තියෙන ප්‍රදේශයක ගෙදරකට.(මධ්‍යස්ථානය හැදුවේ ඉස්සර වුනාට මෙයා එහේ ගියේ ළඟදී, හොඳේ…………)

Image

wilstop.info.com

නෑදෑයොත් එක්ක ඒ ගෙදරට ගොඩ වෙච්ච් අපේ උන්දැව බොහොම උණුසුම් විදිහට ඒ මනමාලි පාර්ශවයේ අය පිලිගත්තා.(ඇයි ඉතින් අපේ කෙල්ලට කර ගහන්න යන කරුමක්කාරයානෙ.)

ඔන්න ඉතින් කාලගුනේ(?) ගැන,එක් එක්කෙනාගේ පම්පෝරිය ගැන,නෑදෑ පරපුරේ  වත ගොත ගැන ඔක්කොම කයිය ගහලා සුපුරුදු පරිදි තේ මේසයට කට්ටිය සම්ප්‍රාප්ත වුනා.කෑම මේසේ පංකාදු 5යි.කන එක කෙසේ වෙතත් නානා ප්‍රකාර කාජ්ජ බෝජ්ජ මේසේ පුරා,මොකද කියනවනම් මේ ගෑනු ලමයා හොඳට ඔය හූනියම් පෙට්ටියේ යන (Television) සූප සාස්ත්‍ර,මැහුම් සාස්ත්‍ර,සැරසිලි,රූපලාවන්‍ය…………ඔය සියලු දේවල කෙළ පැමිනි දක්ෂ යුවතියක්.(එහෙම තමා කිව්වෙ) ඒ ගෙදර පුරාමත් එක එක විදිහේ ආලවට්ටම් දාලා ලස්සන කරලා තිබුනා.

අපේ රවියත් ඔන්න කෑම මේසෙට වාඩි වුනා.අන්න එදා තමයි ඒ වෙන්න මනමාලිගෙ පැත්තෙ අය 20-20 ක්‍රිකට් තරගයක අන්තිම ඕවර්වල බැට් කරන විදිහ කෑම මේසෙයක් උඩ දැක්කෙ. කෑම ටික හරියට බහිරවයා ගිල්ලා වගේ අන්තරංධාන වෙන්න ගත්තනෙ.Image

imgrave.com

ඔයින් මෙයින් ඒ කර්තව්‍ය අහවර වෙලා කාරිය කට්ටියම ආයි පාරක් සාලෙට ආවා.ඔන්න දැං අපේ රවියා දැක්කා ඒ සාලේ හරි ලස්සන පොඩි ඩිවාන් එකක් වගේ එකක් තියෙනවා.

සුදුපාට කවර් එකක් දාලා,උඩට හොඳ කුෂන් එකක් දාලා,හරි හුරුබුහුටි විදිහට තියෙනවා.

මූටත් ඉතින් උගේ පාඩුවේ ඉන්න බැහැනේ.ඇහැව්වා ඒ වෙන්න මනමාලි පියාගෙන් ඒ මොකක්ද කියලා.මෑන් දුන්නේ නැතෑ හොඳ පම්පෝරියක් …………..තමන්ගෙ දෝනියන්දෑගේ හසුරු කුසලතා ගැන(මේ කුසලතා වලට සමහරු අත්වැඩ හැකියාවන් කියලත් කියනවා).

අනේ ඉතින් අපේ රවියත් ආනේ කොච්චර හොඳද කියලා ගිහින් ඉඳ ගත්තනේ අර අහවල් එක උඩ(ඒකට කියන හරිම නම මටත් ඒ වෙලාවෙ අහගන්න බැරි වුනා)

ජර බරස්…………පටොස්

ඒ පාර මොකක්ද ?

රම්පා ගහේ දෙල් කියපි…මෙන්න මේ යකා අර පෙට්ටිය කඩාගෙන ඇතුලට වැටිලා….ඒ මදිවට ඇතුලේ හිර වෙලා එන්න බැරුව කකුල් දෙකයි,අත් දෙකයි එලියට දාගෙන ගල් ඉබ්බා වගේ දඟලනවා.Image

ඔය වෙලාවට අර ස්ථානෝචිත ප්‍රඥාවද මොකක්ද නම් මතක් වෙන්නෙ නෑ,ඉතිං අපි පට ගාලා පැනලා මෑන්ව අල්ලලා එලියට ගත්තා,නැත්තම් මිනිහා තවම එතන.

ඇත්තටම මොකද වුනේ…මේකයි….මේ ගෑනු ලමයා අර අත්වැඩ කුසලතා වලට හරිම දස්සයි කියලා මං කිව්වනෙ.ඉතින් මේ කෙලි පොඩ්ඩ අර අහවල් පෙට්ටියෙ (TV) කිව්ව විදිහට ගෙදරදීම සාදා ගත් හැකි සුවපහසු ආසනයක් හදලා.මොනවයින්ද? අර තේ පෙට්ටියකින්.පුලුන් පොදක් වගේ මේ හිච්චි කෙල්ල ඒක උඩ ඉඳ ගත්තට මේකා වගේ හෙන සයිස් පොරක් ඒක උඩ වාඩි වුනාම ඒක ජිංජි බරස් වෙන එක අහන්නත් දෙයක්ද?ඉතින් කොහොම හරි රවියා වෙන්න මනමාලිගේ පෙට්ටිය(අර අහවල් ඩිවාන් එකද මොකක්ද) කැඩුවා විතරක් නෙවෙයි,අපිටත් ආතල් කෝටියක් දුන්නා…ඒකෙන් මේකෙන් මේ මඟුලත් ඌට හරි ගියේ නැහැ.