පෙට්ටිය කැඩුනු වගයි

මං මේ කියන්න යන කතාවේ සියලු නම් ගම් මනංකල්පිත බව කරුණාවෙන් (අකරුණාවෙන් හරි කමක් නැහැ) සලකන්න කියලා කියන්නෙ වැඩි හොඳට.ඕනි නම් මේක මඩක් විදිහට ගත්තත් මට මොකෝ…කොහොමහරි මේකත් මම අර කලින් කියපු රවියටම සම්බන්ධ සිද්ධියක්.මෙයා කරපු ආතල් වැඩ කෝටියක් තිබුනත් කියන්න වෙන්නෙ සමහර ඒවා විතරයි.අනෙක් එව්වා ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කිරීම එයාට කොහොම වෙතත් මට නම් ටිකක් අප්සෙට්.කොහොම හරි කතාවට එමුකෝ.

රවි මේපාර මනමාලියක් බලන්න කියලා ගියේ ඉස්සර කාලේ (ඒ කියන්නෙ මෛත්‍රී බෝධිසත්වImage

mobilewallpapers.

යෝ බෝධිසම්භාර පුරන කාලේ නෙවෙයි,1980 ගණන් වල) අහසේ ගමන් කරන මිනිසුන් රහිත යානා එක්ක සන්නිවේදනය කරන්න ලංකාවේ හදපු එක මධ්‍යස්ථානයක් තියෙන ප්‍රදේශයක ගෙදරකට.(මධ්‍යස්ථානය හැදුවේ ඉස්සර වුනාට මෙයා එහේ ගියේ ළඟදී, හොඳේ…………)

Image

wilstop.info.com

නෑදෑයොත් එක්ක ඒ ගෙදරට ගොඩ වෙච්ච් අපේ උන්දැව බොහොම උණුසුම් විදිහට ඒ මනමාලි පාර්ශවයේ අය පිලිගත්තා.(ඇයි ඉතින් අපේ කෙල්ලට කර ගහන්න යන කරුමක්කාරයානෙ.)

ඔන්න ඉතින් කාලගුනේ(?) ගැන,එක් එක්කෙනාගේ පම්පෝරිය ගැන,නෑදෑ පරපුරේ  වත ගොත ගැන ඔක්කොම කයිය ගහලා සුපුරුදු පරිදි තේ මේසයට කට්ටිය සම්ප්‍රාප්ත වුනා.කෑම මේසේ පංකාදු 5යි.කන එක කෙසේ වෙතත් නානා ප්‍රකාර කාජ්ජ බෝජ්ජ මේසේ පුරා,මොකද කියනවනම් මේ ගෑනු ලමයා හොඳට ඔය හූනියම් පෙට්ටියේ යන (Television) සූප සාස්ත්‍ර,මැහුම් සාස්ත්‍ර,සැරසිලි,රූපලාවන්‍ය…………ඔය සියලු දේවල කෙළ පැමිනි දක්ෂ යුවතියක්.(එහෙම තමා කිව්වෙ) ඒ ගෙදර පුරාමත් එක එක විදිහේ ආලවට්ටම් දාලා ලස්සන කරලා තිබුනා.

අපේ රවියත් ඔන්න කෑම මේසෙට වාඩි වුනා.අන්න එදා තමයි ඒ වෙන්න මනමාලිගෙ පැත්තෙ අය 20-20 ක්‍රිකට් තරගයක අන්තිම ඕවර්වල බැට් කරන විදිහ කෑම මේසෙයක් උඩ දැක්කෙ. කෑම ටික හරියට බහිරවයා ගිල්ලා වගේ අන්තරංධාන වෙන්න ගත්තනෙ.Image

imgrave.com

ඔයින් මෙයින් ඒ කර්තව්‍ය අහවර වෙලා කාරිය කට්ටියම ආයි පාරක් සාලෙට ආවා.ඔන්න දැං අපේ රවියා දැක්කා ඒ සාලේ හරි ලස්සන පොඩි ඩිවාන් එකක් වගේ එකක් තියෙනවා.

සුදුපාට කවර් එකක් දාලා,උඩට හොඳ කුෂන් එකක් දාලා,හරි හුරුබුහුටි විදිහට තියෙනවා.

මූටත් ඉතින් උගේ පාඩුවේ ඉන්න බැහැනේ.ඇහැව්වා ඒ වෙන්න මනමාලි පියාගෙන් ඒ මොකක්ද කියලා.මෑන් දුන්නේ නැතෑ හොඳ පම්පෝරියක් …………..තමන්ගෙ දෝනියන්දෑගේ හසුරු කුසලතා ගැන(මේ කුසලතා වලට සමහරු අත්වැඩ හැකියාවන් කියලත් කියනවා).

අනේ ඉතින් අපේ රවියත් ආනේ කොච්චර හොඳද කියලා ගිහින් ඉඳ ගත්තනේ අර අහවල් එක උඩ(ඒකට කියන හරිම නම මටත් ඒ වෙලාවෙ අහගන්න බැරි වුනා)

ජර බරස්…………පටොස්

ඒ පාර මොකක්ද ?

රම්පා ගහේ දෙල් කියපි…මෙන්න මේ යකා අර පෙට්ටිය කඩාගෙන ඇතුලට වැටිලා….ඒ මදිවට ඇතුලේ හිර වෙලා එන්න බැරුව කකුල් දෙකයි,අත් දෙකයි එලියට දාගෙන ගල් ඉබ්බා වගේ දඟලනවා.Image

ඔය වෙලාවට අර ස්ථානෝචිත ප්‍රඥාවද මොකක්ද නම් මතක් වෙන්නෙ නෑ,ඉතිං අපි පට ගාලා පැනලා මෑන්ව අල්ලලා එලියට ගත්තා,නැත්තම් මිනිහා තවම එතන.

ඇත්තටම මොකද වුනේ…මේකයි….මේ ගෑනු ලමයා අර අත්වැඩ කුසලතා වලට හරිම දස්සයි කියලා මං කිව්වනෙ.ඉතින් මේ කෙලි පොඩ්ඩ අර අහවල් පෙට්ටියෙ (TV) කිව්ව විදිහට ගෙදරදීම සාදා ගත් හැකි සුවපහසු ආසනයක් හදලා.මොනවයින්ද? අර තේ පෙට්ටියකින්.පුලුන් පොදක් වගේ මේ හිච්චි කෙල්ල ඒක උඩ ඉඳ ගත්තට මේකා වගේ හෙන සයිස් පොරක් ඒක උඩ වාඩි වුනාම ඒක ජිංජි බරස් වෙන එක අහන්නත් දෙයක්ද?ඉතින් කොහොම හරි රවියා වෙන්න මනමාලිගේ පෙට්ටිය(අර අහවල් ඩිවාන් එකද මොකක්ද) කැඩුවා විතරක් නෙවෙයි,අපිටත් ආතල් කෝටියක් දුන්නා…ඒකෙන් මේකෙන් මේ මඟුලත් ඌට හරි ගියේ නැහැ.

3 thoughts on “පෙට්ටිය කැඩුනු වගයි

Leave a reply to අයිරාවන Cancel reply