මේ කතාව නම් සිද්ධ වුනේ මීට අවුරුදු 7-8කට කලින්.නමුත් දැං වුනත් ඕන නම් ඕන කෙනෙකුට මේක ඔය වගේ අයට අත්හදා බලන්න පුලුවන්,හැබැයි සිදුවන අතුරු ආන්තරා පිලිබඳව වග කියනු නොලැබේ කියල මම කලින්ම කියලා දානවා මගේ ආරක්ෂාව සඳහා.අටුවා ටීකා ටිප්පණි තියලා කෙලින්ම බහිමුකෝ කතාවට.
මේක ටිකක් දුෂ්කර ප්‍රදේශයක පිහිටි විශ්ව විද්‍යාලයක්.හතර වටේටම කැලෑ රොදවල්.හැබැයි සොබාවික සෞන්දර්යය අතින් නම් හරිම ලස්සන පැත්ත.ඉතින් මේ කියන වි.වි. එකේ එක හොස්ටල් එකක ඉන්නවා යකෙකුටවත් බය නැති විදිහට පෙනී සිටින එකේ අහවල් ශිෂ්‍ය සංගමයේ මහා නිල දරුවෙක්.(මෙයා ශිෂ්‍යයෙක්,නැතුව පූර්ණ කාලීන දේශපාලුවෙක් එහෙම නෙවෙයි)මෙයා ඉන්න හොස්ටල් කාමරේ තියෙන්නෙ තට්ටු ඇඳවල්.
diytrade,com
මෙයා බුදියගන්නේ එව්වයේ පහලම තියෙන එකේ.මොකද උඩ ඇඳේ හිටියොත් කොයි වෙලේ හරි උදේ පාන්දරම දඩි බිඩිං කියලා බිමට පත බෑවෙයි කියලා වෙන්න ඇති.
දවසක් මෙයා කැටේකට ගිහිල්ලා රෑ වෙලා එනකොට එයාගේ ඇඳේ ඒ කියන්නේ පහල ඇඳේ එයාගේ යාලුවෙක් හොඳටම බුදි.හරියට නිකං කුම්භකර්ණයා වගේ.කොහොමත් කැම්පස් වල රූමන්ට ඇඳවල් නැහැ කියන්නේ නිකන් නෙවෙයිනෙ.
උගුර නැතිවෙනකං කෑගහලා දැං ඌට මර නිදිමත,පස්සෙ බලද්දි උඩ ඇඳ හිස්,ඉතින් උඩ ඇඳේ එකා එන්න කලින් මම නිදා ගන්න ඕන කියලා මේකා එහෙම්මම උඩ ඇඳට නැගලා ලයිට් එකත් කොස්සක් අරගෙන ඇනලා ඕෆ් කරලා නිදාගෙන.හැබැයි වෙනදා යකා පොලේ ගැහුවා වගේ නින්ද යන එකාට මෙච්චර මහන්සි වෙලා තියෙද්දිත් එක පාරම නින්ද ගිහින් නෑ.සමහර විට තැන වෙනස් වෙච්ච හින්දා වෙන්න ඇති.ටිකකින් මේකට නින්ද යන්න ඔන්න මෙන්න වගේ තියෙන කොට හදිසියේම ඇහෙනවා.
ග්රෝආග්ග්ග්…………ග්රෝආග්ග්ග්…………….
හොල්මන්ද පොල්කොල වෙච්ච් මූ උඩ ගිහින් බිම වැටුනා.
මේ කාමරේ ඇතුලේ කොහොමද ගෙම්බෙක් ඉන්නේ????(මේකා පන බයයි ගෙම්බන්ට)
amnh,org
දඩි බිඩි ගාලා බිමට බැහැපු මූ ලයිට් එක දාලා හැම තැනම හෙව්වා කොහෙද කොහෙද ගෙම්බා කියලා.ම්හු …………නිනව්වක් නෑ.
ගත්තා කොස්ස.දැම්මා ඇඳ යටට.ඇද්දා සේරම ලට්ට ලොට්ට.ම්හු………….ඒත් නෑ.
මට නිකමට ඇහෙන්නැති කියලා ආයි ඇඳට ගිය මූට තව ටිකකින් ආයි ඇහෙනවා.
ග්රෝආග්ග්ග්…………ග්රෝආග්ග්ග්…………….
මුගේ………….ට කියලා ගෙම්බගේ ජාතිය අමතපු මූ ආයි පාරක් මුලු කාමරේම අදින්න ගත්තා.ආරලු බීරලු සේරම අරගෙන කාමරේ එලියට ඇදලා දැම්මා.දැං කාමරේ ෆුල් ක්ලීන්.ඒත් ගෙම්බා මිසිං.
යන ගෙම්බෙක් ගියාවේ කියලා ආයි නිදා ගන්න ගියා.
තව පැය බාගයකින් විතර ආයි ඇහෙනවා.
ග්රෝආග්ග්ග්…………ග්රෝආග්ග්ග්…………….
දැන් නම් අපේ වීරයාට හොඳටම මල පැනලා.ඇයි යකෝ මෙච්චර කාමරේ ෆුල් සුද්දයක් දීලත් මේ කාලකණ්ණියා මර හඬ දෙන කොට………….
කරන්නම දෙයක් නැති තැන මූ අල්ලපු කාමරෙට ගිහින් බලද්දි එහේ එකෙක් වත් නැහැ.(ඒ හොස්ටල් එකේ හිටපු උන්දැල කවදාවත් කාමර වල දොරවල් වහන්නෙ නෑ.)
ඒකට ගිහින් මූ මුලින් කරපු දේ හොඳට දොර ලොක් කරලා වහපු එක(ඇයි ගෙම්බා ලොක් ඇරගෙන ආවොත් එහෙම).ඒක වෙලා නිදා ගත්තු මේකා උදේ ඇහැරිලා උගේ කාමරේ නිදා ගත්තු එකාට ගිහින් කියලා””මචන්,කාමරේ ගෙම්බෙක් ඉන්නවා,අවතාරයක්ද කොහෙද,මම මුලු කාමරේම සුද්ද කරා,ඒත් නෑනෙ””කියලා.ඒකත් ඒ වෙලාවෙ කට වහ ගෙන ඉඳලා
පස්සෙ ලෝකෙ වඩාත් වේගවත්ම සන්නිවේදන මාධ්‍යයට කියලා.කාටවත් නෙවෙයි ඔය වීරයා ඒ දවස් වල ට්‍රයි කරපු කෙල්ලගෙ යාලුවට.ඉතින් නිවුස් එක පැතිරිච්ච වේගය අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
fanpop.com
ඇත්තටම මොකක්ද වුනේ?
එදා යට ඇඳේ නිදා ගත්තු එකා ඒකාගේ ෆෝන් එකෙ එලාම් එකට ගෙම්බගේ නාදයක් තියෙන ටෝන් එක දාලා.ඒ මදිවට ඒක පැයෙන් පැයට තියලා රෑ ඇහැරිලා පාඩම් කරන්න.උගේ ඇහැරිල්ල කෙසේ වෙතත් අපේ මහා ශිෂ්‍ය වීරයා ගෙම්බාට බිය වී කාමරය අත හැර ගිය එකට මුලු කැම්පස් එකේම චා………………ටර් වුනා.
නමුත් මෙන්න මේකත් කියන්න ඕන.ගෙම්බන්ට(වෙනත් සතෙකුට වෙනත් දෙයකට) බය වීම කියන්නෙ එකතරා මානසික තත්ත්වයක්.ඒක වූ පමණින් එයා බිය ගුල්ලෙක් වෙන්නේ නැහැ.
මහා බ්‍රිතාන්‍යයේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙන හොරේෂියෝ නෙල්සන් සාමි වරයා මුහුදු ගමන් වලදී වැලඳෙන වමනයෙන් පීඩා විඳි බවත් ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා පූසන්ට බිය වූ බවත් මම අසා තියෙනවා.
හැමෝම සමහර දේවල් වලට බයයි…බය නෑ කියන්නෙ පට්ට බොරුවක්…
ඔය මහ ලොකුවට වීරයෝ වගේ මවාගත්තු උදවියගේ ඔය වගේ වීක් පොයින්ට් ඕනි තරම්.. අපූරුවට ලියල තියෙනවා.. ජය !!!
අපි වඩාත්ම බය වෙන්න ඕන අපේ බයට,ඒ කියන්නේ අපේ බය අපිට පාලනය කර ගන්න බැරි වෙන එකට.මොකද අපි අපේ බය පාලන නොකර ගත්තොත් බය අපිව පාලනය කරන්න ගන්නවා.ඒ නිසා අපි බය වුනත් ඒ බය නොපෙන්වා ඉන්න කං අපි නිර්භීත විදිහට ලෝකය සිතනවා.ඒත් භය කියලා කියන්නෙ තව දුරටත් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි.