ඒ පාලු රෑ අයේශා සමඟ……………

එදා රෑ මහ පාලු මූසල ‍රැයක්.

වෙනදා පාරේ යන වාහනේක සද්දෙ හරි යන්තමට කලුවර කපාගෙන ඇහෙනවා වුනත් එදා අයේශාට ඒ මොකවත්ම ඇහුනේ නැහැ.ඒ මදිවට කලුවර අස්සෙන් වැටෙන සිරි සිරි වැස්ස නිසා මුලු පරිසරයම ඝන කම්බිලියකින් වහලා දාලා වගේ අන්ධකාරේ.

පාඩම් කරන්න පොත්,ටියුට් මේසෙ උඩ පුරවලා තිබුනා වුනත් නිදි කුමාරි මූනේ ඇතිල්ලෙන ගමන් යාන්තමට චුම්බනය කරන ඒ වෙලාවෙදි අයේශාට ඕනි වුනේ ඉක්මනටම ඇඳ උඩට වෙලා බෙඩ් ෂීට් එක පොරවගෙන කොට්ටයක් බදාගෙන දොයියගන්න.

කාමරේ රූම ත් එදා නැතිකොට අයේශා ඉක්මනටම ඇඳේ වැතිරුනේ ඉරි තැලෙන්න පායපු දවස් වලට පස්සෙ වහින වැස්සට හිතේ යාන්තමට මෝදු වෙච්ච ආසාවකුත් එක්ක.ඒ හින්දම වෙනදා වහලා දාන ජනේලෙත් ඇරලා  දැම්මා.

ඒත් තව ටිකකින් වෙන්න යන දේ එදා අයේශා දැන ගෙන හිටියා නම්………………………..

එහෙමනම් අද මට මේ කතාව ඔයාලට කියන්න වෙන්නෙ නැහැ.Imagecomocvine.com

 සියලු නම් ගම් මනංකල්පිතයි කියලම පටන් ගන්න මේ කතාවත් ලංකාවෙ අතිශය සුප්‍රකට විශ්ව විද්‍යාලයක සිදු වූ අප්‍රකට කතාවක්,නමුත් මං එහෙම කිව්වට දැං මේක මේ විශ්ව විද්‍යාලයේ ඉන්න ලමයි ඉතා හොඳින්ම දන්නවත් ඇති,සමහරවිට නොදන්නවත් ඇති.ඒ කොයි කොහොම වෙතත් දැං මම ආවේ මේක දන්න නොදන්න පට්ටන්දරේ දිගාරින්න නෙවෙයිනෙ.ඉතින් කෙලින්ම බහින්නම්කො කතාවට.

මේ කැම්පස් එක තියෙන්නෙ අතිශය නාගරික පැත්තක.ඒත් නවතින්න බෝඩිමක් හොයන එක නම් මාර අමාරු පැත්තක්.දැං ඔන්න සරසවියෙ නම දන්නො දනිති. ඔය කියන සරසවියෙ ගෑනු ලමයින්ගේ නේවාසිකාගාර, ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් හොස්ටල් කීපයක් විශ්ව විද්‍යාල භූමියේ කොනකම පිහිටලා තිබුනා.වාසනාවකට හෝ අවාසනාවකට මම නම් ඒ පැත්ත පලාතෙවත් ගියේ නෑ,මොකද මම ඒ සරසවියේ ඉගෙන ගත්තෙ නැති නිසා.නිතර නිතර පිරිමි ලමයි(?:-) ඔය පැත්තෙන් යන හින්දා එච්චර පාලුවට ගිහිල්ලා තිබුනේ නෑ දවල් කාලයට නම්.ඒත් රෑ කාලෙට නම් ඒ පැත්ත පට්ට පාලුයි.කොහොම වුනත් ඕනෑම තත්ත්වයක් දිගටම එක විදිහට තියෙන කොට මිනිස්සු ඒ අවදානම ගනන් නොගන්නා සිරිත ඒ සරසවියේ කෙල්ලන්ටත් පොදුයි.

 මේ හොස්ටල් එකේ හරි අපුරු වැඩේ කියන්නෙ යටම තට්‍ටුවෙත් කෙල්ලන්ගෙ කාමර තිබුනා.ඒ වගේම ඒවායේ ජනෙල් එහෙමත් කෙලින්ම එලියට ඇරුනා.(මේක මට නම් අපූරු දෙයක්,මොකද අපේ කැම්පස් එකේ කෙල්ලන්ගෙ හොස්ටල්වල කාමර තිබුනේ උඩ තට්‍ටුවල,යට තට්‍ටුවෙ කැන්ටින්,උන්ගේ කොමන් රූම් අරවා මෙව්වා තිබුනෙ) එලියෙ පොඩි වැටක් තිබුනා වුනත් ඒක අඩි 2-3 තමයි උස.

දැං තේරෙන සිංහලෙන්ම කියනවානම් යට තට්‍ටුවෙ ඔය කියන කාමර වල ඉන්න කෙල්ලෙක් ජනෙල් ඇරගෙන ඉන්නවානම් ආයි නෑ එලියේ ඉඳගෙන ඇතුල බලන්න පුලුවන් හොඳේ……………Imagephilosophyisnotalu.com

ඉතින්  ඉතින් අපේ කතා නායිකාව වෙච්ච පුංචි කෙල්ල (පුංචිම නෑ හොඳේ) අයේශාත් හිටියේ මේ වගේ කාමරේක.මහා ලොකුවට පරසක්වල කතා කිව්වට කෙල්ලො කොහොමත් මොන වගේද කියලා අපි හැමෝම දන්නවා.පොලව ඉරි තලාගෙන පායපු කාලෙට පස්සෙ හීනි සිරි සිරි වැස්ස දවසෙ වැඩි දුර දිග හිතන්නැතුව මේ ජනේලෙ ඇරලම නිදි කුමාරිගේ තුරුල්ලෙ සැතපෙන්න එයා හිතුවෙ ඒ කොහොමත් කෙල්ලන්ගෙ හැටි නිසා වෙන්න ඇති.

හීතලට කොට්ටයක් බදාගෙනම නිදා ගත්ත අයේශා ඊලඟ දවසේ උදේම නැගිට්ටේඋදේ 8ට ලෙක්චර් එකක් තියෙන හින්දා.ඒත් නිදිමතේ ඇස් පිහ දම දමා ඇ‍ඳෙන් නැගිට්ට අයේශාට දකින්න ලැබුනේ එයා කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්.

එක පාරටම මේ මොකද වෙලා තිබුනේ කියලා තේරුම් නොගියත් ඒ වැටහීම කෙල්ලට මීටර් වෙද්දී වෙන්න ඕන ගොඩක් දේවල් වෙලා තිබුනා.

අයේශා කලින් දා රෑ නිදා ගනිද්දි ජනේලෙ ඇරලා දාලා තිබුනු විත්තිය එයාට හොඳට මතක තිබුනා.දැල් ගහලා තිබුනු ඒ ජනෙලේ දැල් අඹරවලා,කඩලා දාලා තිබුනා.ජනෙලේ ගාවම තිබුනු මේසේ උඩ ඒ දැලක කම්බියක් අඹරවලා හදා ගත්තු කොක්කක් වගේ එකක් ටිකක් දිග හැන්දකට අමුනලා තිබුනා.දැල කඩලා හදා ගත්තු ඉඩෙන් ඇතුලට අත දාලා දොර ඇතුලින් අරින්න හදලා තිබුනත් ඒක හරි ගිහින් තිබුනේ නෑ,කෙල්ලගේ වාසනාවට.

(කෑලි කපන අන්ධකාර රාත්‍රියක කාමරේක තනියම සයනයක් උඩ දොයියගෙන ඉන්න පුංචි කෙල්ලෙකුට, ඒ කාමරේට කඩා වදින එකෙක්ගෙන් වෙන්න පුලුවන් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ)

Imageims,net

නමුත් ඒ කඩා වදින්න හදපු එකා ඒ ලඟ මේසෙක තියලා තිබුනු කෙලි පොඩ්ඩිගේ ෆෝන් එක නම් ගල් කරලා තිබුනා.ඌ ඒක කරලා තියෙන්නේ අර කම්බිය දිග මදි හින්දා ඒක දික් කරලා මේසේ උඩ තිබිච්ච හැන්දක් අරගෙන ඒක කම්බියට අමුනලා ඒක දික් කරලා.

නැතිවුනේ කෙල්ලගේ ෆෝන් එක විතරක් වුනාට උදේ ඇහැරෙද්දි තමන්ගේ කාමරේට පිටින් එකෙක් රිංගන්න හදලා තියෙනවා දැක්කම ඒවගේ හිච්චි කෙල්ලෙක් කොච්චර කම්පනයකට ලක් වෙනවද කියලා කොහොමත් කෙල්ලන්ගේ හිත සනසවන්න යන අපි ඉතා හොඳින් දන්නවා.

ඇත්තටම කැම්පස් එකක් අස්සේ මේ වගේ දෙයක් උනේ කොහොමද කියලා අදටත් ඒ ගෑණු ලමයට වගේම අපිටත් හිතා ගන්න බැහැ.මොකද ඔය වගේ ගේමක් දෙන්න නම් ඌ අනිවාර්යයෙන්ම නිතර ඒ වට පිටාවෙ ඉන්න එකෙක් වෙන්න ඕනි.ඒත් සික්කන්ගේ හා සික්කියන්ගේ ඇස් වලට වැලි ගහලා මේ වගේ ගේමක් දුන්නේ කොහොමද?

කොහොම හරි මේ සිදුවීමෙන් පස්සෙ කෙල්ලන්ගේ හොස්ටල් වල ආරක්ෂාව වගේම කාමර  වෙන් කරලා දීපු විදිහත් වෙනස් වුනා.ඒත් ෆෝන් එකනම් හොයා ගන්න බැරි වුනා.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s