අයියයි නංගියි ගේම

අයියලා සහ නංගිලා අතර කොහොමත් තියෙන්නෙ හරි සමීප සබඳතාවක්නෙ.අයියලා කොහොමත් නංගිලාට වැඩිය එක එක සෙල්ලම් දන්න හින්දා ඒ ගොල්ලො කොහොමත් නංගිලාට කැමතියි එව්වා කියලා දෙන්න…එතකොට නංගිලත් හරිම කැමතියි අයියලා ගාව හුරතල් වෙවී නොදන්න subject  ඉගෙන ගන්න ..අත්හදා බලන්න.

දැං අලුත් ක්‍රමයට තමන්ගේ පෙම්වතියට කොල්ලො නංගි කියලා කියන එක අඩු වුනත් ඒ කෙල්ලො තමන්ගේ පෙම්වතාට අයියා කියලා කියන එක අරුමයක් නෙවෙයිනෙ.ඒත් ලැම්බට් කොකු ගහන අය කියාගන්නේ අක්කා මල්ලි කියලද නම් මම දන්නෙ නැහැ.

කොහොමහරි අද මම කියන්න යන කතාවෙත් හොඳ ඇම්ඩන් අයියා කෙනෙකුයි එයාටම හරි යන චෝ…………..යිම චෝයි නංගි කෙනෙකුයි ඉන්නවා.අයියාගෙ නම සම්පත්,නංගී අභිශේකා.මේ කතාවෙ අනික් පාර්ශවය වෙන එකාගෙ නම කිව්වොත් මට ඒ පැත්ත පලාතෙ යන්න වෙන්නෙ නැති හින්දා ඌගේ නම ඉබ්බා කියලා කියමුකො.

සම්පත් එයාගෙම නංගි වෙච්ච අභිශේකාට වැඩිය එක අවුරුද්දකින් වැඩිමල්.දෙන්නම පලමු වතාවෙම කැම්පස් තේරුනා.පලමු වසරේ ඉඳන්ම බෝඩින් වෙලා හිටපු සම්පත්, නංගියා කැම්පස් එනකොට ඉන්න බෝඩිමකුත් හොයලම තිබ්බා,ඒකාගෙ බෝඩිමට අල්ලපු ඉඩමේ තිබුනු කෙල්ලන්ගේ බෝඩිමකImagemi9.com

(මූ අපිට නම් කිව්වෙ ඒක සහෝදර ප්‍රේමය කියලා,ඒත් අපි නම් දැන ගෙන හිටියෙ මූ අසල් වැසියාට ප්‍රේම කරන්න මාර්ගයක් හදා ගන්න යනවා කියලා).

කොහොම හරි මෙච්චර කාලෙකට මම දැකපු පුදුමාකාර සහයෝගයකින් වැඩ කරපු අයියා නංගි දෙන්නෙක්.අයියාගේ කෙල්ලන්ගේ හුටපට වලට නංගි සප් එක දුන්නා වගේම නංගිගේ කොල්ලන්ගේ මගඩිවලටත් අයියා කෙලින්ම එන්ටර් වෙලා වැඩ කරා.

මේ දෙන්නම weekend එකේ chartered වලට ක්ලාස් ගියා එකම තැනට,හැබැයි අයියා උඩ තට්‍ටුවෙ,නංගි යට තට්‍ටුවෙ,මොකද දෙන්නා හිටියේ වල  දෙකක.දවසක් ක්ලාස් ගිහින් ඇවිත් නංගි කියනවා,

“අයියෙ,අද මට මරු වැඩක් වුනානෙ”

 “”ඇයි ඒ පාර මොකක්ද උඹ දාගත්ත ලෙඩේ?”( මේ දෙන්නා කොහොමත් කතා කර ගන්නේ මෙහෙම තමයි)

“අයියලාගේ පන්තියෙ ඉන්න අර ඉබ්බා, මගෙන් ඇහුවානෙ””ඉතින් උඹ මොකද කිව්වෙ?”

“මම කැමතිද අයියෙ ඒ ඉබ්බට,මොකද මම ඉබ්බියෙක්යෑ,කෝකටත් මම ඌට දුන්නා අයියගෙ නම්බර් එක””

”තමුසෙට පිස්සුද ඕයි…මම සබ්ජෙට් කාරයෙක් කියලද හිතාගෙන ඉන්නෙ,අනේ යකෝ, උඹම මට මෙහෙම කියනවානම් ………..”

“”පොඩ්ඩක් ඉන්නකො අනේ,මම කියන කං,………..ඌ හිතාගෙන ඉන්නේ ඒ මගේ නම්බර් එක කියලා ,අද හරියටම රෑ 8ට ඉබ්බා කෝල් කරනවා,අයියට තියෙන්නෙ මම විදිහට ඌව හොඳට බයිට් කරන එක””

“”ඉතින් ඌ මගේ කට හඬ දන්නවනෙ,අනික….

“”අයියො,ඔයාට common sense කියලා දෙයක් නැද්ද? sms වලින් ගේම දෙන්නකො’

ඔන්න ඉතින් කිව්වා වගේම ඉබ්බා හරියටම රෑ 8ට කෝල් කරනවා.සම්පතා ෆෝන් එක උස්සන්නැතුව ඉඳලා ගහනවා sms එකක්.””අනේ අයියෙ,බෝඩිමේ අනිත් අය අහගෙන,මට ලැජ්ජයි,ඔයා මට msg කරන්න,අපි sms වලින් ලව් කරමු කියලා,ඉතින අර මොට්ට ඉබ්බත් හොඳට ඇන්දිලා රිප්ලයි කරනවා.සම්පතත් ඉබ්බව හොඳට අන්දනවා,අනේ අයියේ රෑ හරිම හීතලයි,මට ඔයාව දැන්ම දකින්න ඇත්නම්,මම කොහොමද ඔයා ලඟට එන්නෙ,අරවද මෙව්ව්ද කියලා.

අනේ ඉතිං ඉබ්බත් යකෝ,ඉඳලා ඉඳලා අහුවෙලා තියෙන්නෙ මාර පල්ලමක්නෙ කිය කිය රෑ තිස්සෙ කරලා.පස්සෙ උදේ සම්පතා ආයි ගහලා ඉබ්බට “”අනේ සුදු අයියෙ,ෆෝන් එකේ සතයක් වත් නෑ,ඊයේ රෑ මම ෆෝන් එක තුරුලු කරං දොයිය ගත්තෙ,අද අපි කොහෙ හරි යමුද කියලා”” ඒක ගහලා අනිත් පැත්තට මෙන්න ඉබ්බා රීලෝඩ් එකකුත් දැම්මලු සම්පතාගෙ(නංගිගෙ කියලා හිතලා) ෆෝන් එකට නිකංනෙවේ 200/=.

දැං හරිනෙ ඉතින්,සම්පතා කෝල් එකක් අරන් කිව්වලු අභිශේකාට(නංගිට) අද ක්ලාස් යන්න එපා කියලා,මොකද තුන් කොන් සටනක් වලක්වන්න.

ක්ලාස් ගිහින් බලද්දි ඉබ්බා කිට මරලා ඇවිල්ලු,උගේ ප්‍රියාවිය බලන්නත් එක්ක,උගේ ප්‍රියාවිය කෙසේ වෙතත් එදා සම්පතා ඌට ක්ලාස් එකේදී දීපු පෝරියල් එකට ඌ එදායින් එදා ක්ලාස් එකට තියා කිරුලපනටවත් ගියේ නෑ,ඌ උපාසක උන්නැහේගේ චාටඩ් පන්ති බලා කො‍ටුවට ගිය බව සැලයි.

අවවාදයයි: මෙහි සියලු නම ගම් මනංකල්පිතයි,සම්පත්ගේ නංගී හිටපු පාසල් සමස්ත ලංකා සටන් ශිල්පිනියෙකු නිසා මෙවැනි බකට් කොල්ලන්ට දීමට ඒ අයියා හෝ නංගී කිසිදා බිය වූයේ නැති බව කිව යුතුය.මෙය අත්හදාබැලීමට පෙර ලංකාවෙ අපරාධ වාර්තා බලන මෙන් ඉල්ලමි.කරලා විහින් ඇණ ගන්නවාට මම “”වග”” නොකියමි.කොස්ගම යැයි කියමි.

 

 

Advertisements

2 thoughts on “අයියයි නංගියි ගේම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s