අපි මතුපිටින් බලලා හිතන්න යන ගොඩක් දේවල්වල අපි නොහිතුව තරම් ගැඹුරක් තියෙනවා කියලා අපිට වැටහෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.ඒත් එකම ගැටලුව වෙන්නේ අපි අපිම කරපු ඒ දේවල අපි කලින් නොදැක්ක ඇතුලාන්තය දකිද්දි යන්න ඕන නැති තරම් ඒ සිද්ධිය දුර ගිහින් ඉවරයි.
ලස්සන මල් බඳුනක් අපි නොදැනුවත්වම හරි හිතලම හරි බින්දා කියලා හිතමු.කෑල්ලෙන් කෑල්ල ආයි අරගෙන අලවලා හරි ගස්සන්න පුලුවන් වේවිද?හරි ගැස්සුවත් ඒ තිබිච්ච ලස්සනම ආයි ගන්න පුලුවන්ද?ඒ මොනවා වුනත් බිඳිච්ච හිතක් ආයි කොච්චර දැඟලුවත් ආයි තිබුනා වගේම හරි ගස්සන්න පුලුවන්ද?විශේෂයෙන්ම අපි රිද්දුවෙ කෙල්ලෙකුගේ හිතක් නම්,ඒ හිතට අපි ආදරය කලානම්,අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ඒ හිත පාරපු එක යම් වෙලාවක අපිවම රිද්දන්න ගන්නවා.
මේ කතාව කෙටුම්පත් කරද්දි මට මතක් වෙන්නෙ සෝමතිලක ජයමහ මහත්මාගේ ගීතයක්.
“මහ වරුසාවට පසුව නැඟෙන සඳ,වෙනදාටත් වැඩියෙන් එළියයි,නෝක්කාඩුවට පසුව ඔබේ සිත වෙනදාටත් වැඩියෙන් එළියයි”.
කාරනාව සහසුද්දෙන්ම ඇත්ත.ආදරය කරපු දෙන්නෙක් අතර රණ්ඩුවක් වෙලා ආයි යාලු වෙද්දි තිබුනටත් වැඩිය හොඳ ආදරයක් ඇති වෙන්න පුලුවන්.ඒත් ඒ දෙන්නා දෙන්නාටම ඇත්තටම ආදරය කරලා තියෙනවානම්.මොකද ආදරය කියන්නෙ පරම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්.ඒක වෙනස් වෙන එකම එක අවස්ථාව අපේ දෙමව්පියන් අපිට ආදරය කරද්දි විතරයි.
ඒත් ඔයා ආදරය කරන්නේ කවදාවත් ඔයාට කවමදාවත් හිමිකරගන්න බැරි කෙනෙකුට නම්,ඔයා කොච්චර බලා හිටියත් සඳ ගාව නෙතු විදහන තරුවක් මිස සඳමතුපිට රුවක් වෙන්න ඔයාට ලැබෙන්නෙ නෑ කියලා දැන දැනම ඔයා ඒත් ආදරය කරනවා නම්,ඒ ආදරය එලිපිට කියපු ගමන් ඔයා කැරලිකරුවෙක් වෙන්න ගන්නවා. ත්‍රස්තවාදියෙක් වෙන්න ගන්නවා.
ඒත් ඔයා හිතනවා නම් ඔයා එයාට ආදරය කරන නිසා එයත් ඔයාට ආදරය කරන්න ඕන කියලා, ඔයා ආදරවන්තයෙක් නෙවෙයි,වෙළෙන්දෙක්, ඔයා හදන්නෙ ආදරය කරන්න නෙවෙයි,ගනුදෙනුවක් කරන්න.කැරලිකරුවන්ව සමාජයෙන් අතුගෑවිලා යද්දි,ත්‍රස්තවාදියො මරාදැමෙද්දි වෙළෙන්දො හැමදාමත් ලොව පවතිනවා.
ඒ තියරිය කියලා දෙන්න ඇඩම් ස්මිත්වත්,කේන්ස්වත්,බෙන් බර්නැක් තියා අජිත් නිවාඩ් කබ්රාල්වත් එන්න ඕන නෑ.මම ඔයාට ආදරය කරන තරමටම ඔයත් මට ආදරය කරන්න ඕනි කියලා මමත් හිතන තාක් කල් මම ආදර වෙලෙන්දෙක්,ඔයා මට ආදරය කරත් නොකරත් ඒ ආදරය මම හිතේ තියා නොඉඳ එක පාරටම කියලා දානවානම් මම කැරලි කරුවෙක්.ඒත් ඒ ආදරය මගේ හිතේ ඉපදිලා මගේ හිත ඇතුලෙදිම ගබ්සා වෙලා යන්න මම ඉඩ දෙන්නෙ ඒ ආදරය මට ඔයාට කියාගන්න බැරි හින්දාම නෙවෙයි. තුන් කොන් තරඟාවලියක අවසන් තරඟය පැවැත්වෙන්නෙ දෙපාර්ශවයක් අතර විතරයි කියලා ඕන පොඩි එකෙක් දන්නවා.animepaper.net
රෑ හඳ එලියට ඇස් අරින සේපාලිකා මල් පොට්ටුවකට ආදරය කරන රාජාලියකුට හෙවනක් වෙන්න, ඒ සේපාලිකා මල් පොපියන රිකිල්ල සැහැල්ලු වැඩියි.
රාජාලියා ගුවන අරා ඉගිල්ලෙන්නේ ගිනි මද්දහනේ අව් කූටකේ.ඒ පාරජම්බූල කිරණ වලට සේපාලිකා මල් පෙති කර වෙලා පිච්චිලා යන බව මම හොඳින්ම දන්නවා.රොෂාන් ප්‍රනාන්දුට වගේ මට ඔයාගේ ඇස් දෙක ලියා ගෙන(ඉතුරු එව්වා ලීසිං කරලා ගන්න ) සින්නක්කරේට ගන්න වරම් නැති බව මම දන්න නිසාම මගේ ප්‍රේමය මගේ හිත ඇතුලෙම හැමදාම පිපිලා තියෙච්චාවෙ. උඩු හුළඟට හමා ඇවිත් මං ළඟ රැඳිච්ච ඒ සුවඳ සදහටම මගේ නෙත් කෙවෙනි ඉස්සරහා හිටපුවාවෙ.
වෛරය නමැති ආගම වෙනුවෙන් පිදෙන පළිගැනීම කියන අල්තාරය මත මම මගේ පුංචි සේපාලිකා මල මිලින වෙන්න දෙන්න නෑ.henrymakow.com
“මගේ නිසල ලොව වටහා ගන්නට
ඔබේ සසල සිත අකැමැතිනම්………
නුඹ පතනා ලොව සොයා යන්න නොරැඳී
නුඹේ මඟට මුදු මල් පාවඩ පතමී.”
රොෂාන් පිලපිටිය වසර ගණනාවකට පෙර ගායනා කළ ජනප්‍රිය නොවූ ගීතයක්
හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/
🙂 Sailor Moon ගෙයි Tuxedo Mask ගෙයි පින්තූරය කතාවට නියමෙට ගැලපෙනවා.
//අවසන් තරඟය දෙපාර්ශවයක් අතර විතරයි// !!! මේ දවස්වල ඕනෑ පොඩි එකෙක් දන්න දේවල් බහුතරයට අමතක වෙලා ගිහිල්ලා තියෙන්නෙ කොහම ද?!!!!
බොහෝම ස්තූතියි,ඔබතුමිය වගෙ කෙනෙක් මගේ බ්ලොග් එකට ගොඩ වැදුනාට.ඔය පෝස්ට් එක ලියුවා නෙවෙයි ලියවුනා.අක්කා මතු කරන කරුණට අදාලව නම් කියන්න තියෙන්නෙ අර”don’t forget what you already know” කියන එක මිනිස්සු අමතක කරලා කියන එක තමයි.
අදාල යුවතියගේ පෝටෝ එක දැම්මනම් හොඳටම ගැලපෙනවා,ඒත් මට එයාගෙන් පළිගන්න වුවමනා නෑ.