මාර ගැරිල්ල

අද මං කියන්න යන කතාව ලංකාවේ මීට ටික කාලයකට පෙර පුදුමාකාර විදිහට රත්තරං උන්මාදයක් බෝවෙලා තිබුනු කාලයක සිද්ධ වෙච්ච දෙයක්.

කතාවට මුල් වෙච්ච එක්කෙනෙක්ට අපි ලාල් කියමු.මෙයා ගමේ තිබුනු ඉඩමක් අරගෙන අද ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් සංවර්ධනය කරන්න ගත්තා,ඒ කියන්නෙ ගස් ඔක්කොම කපලා ගලවලා දාලා වගුරු බිම් ගොඩ කරලා තඩි බිල්ඩින් එකක් ගහන්න ගත්තා.

හැබැයි මෙයාට පොඩි අවුලක් තිබුනා.මෙයාගෙ ඉඩමට පැත්තකින් තරමක කණ්ඩියක් තිබුනා.ඒ කණ්ඩිය අල්ලපු ඉඩමෙන් කෑල්ලක් විදිහට නෙරලා තිබුනු එකක්.මොකද මේ ඉඩම් දෙකම හරි හත‍රැස් එව්වා නෙවෙයි,ඇදේ ගහපුවා.අපේ ලාලට ඕන වුනා මේ කණ්ඩිය කපලා මහ පාරට තමන්ගේ ඉඩමයි තමන් හදන බිල්ඩිමයි පේන විදිහට හදා ගන්න.ඒ වුනාට මේ කණ්ඩිය අයිති අල්ලපු ගෙදර මිනිහටනෙ,(මිනිහගෙ නම මාරසිංහ මං ලේසියට ඒකට මාරයා කියලා කියන්නම් )ඉතින් ලාලා මාරයගෙන් ඇහුවා ඒ කණ්ඩිය තියෙන කෑල්ල සල්ලි වලට අරගෙන මේ වැඩේ කර ගන්න.

මොන? ඒ මනුස්සයා සල්ලිවලටවත් නිකන්වත් ඒ කණ්ඩිය කපන්නවත් අත තියන්නවත් දෙන්නෙ නෑ.මොකද මාරයා  අර ලාල් ගත්ත ඉඩමට අවුරුදු ගාණක් තිස්සෙ බැල්ම හෙලා ගෙන ඉඳලා දැං තමන්ට හිමි නොවුනාම ඉරිසියාවෙ(ද කොහෙද).

ලාල් දැං හරිම ප්‍රශ්නයකට මැදිවුනේ.බිල්ඩිම ගැහුවට පස්සේ පාරට යන්න හතර වරං ගහන්න ඕන අර කණ්ඩිය කැපුවෙ නැත්තං.

කොහොම හරි ආවා හොඳ අයිඩියා එකක්.

පේමන්ට් එකේ විකුනන ඉමිටේෂන් මාල දෙක තුනක් අරගෙන කෑලි වලට කැඩුවා.කඩපු කෑලි කුඩු වෙනකන් ගලකින් ඇඹරුවා.පොඩි වට්ටියකුත් අරගෙන පස් ටිකක් අරගෙන අර කණ්ඩියෙන් එහා පැත්තට වෙලා මිනිහා බලාන හිටියා පාරෙ ,(ඒ කියන්නෙ මහ පාරෙ ඈත කවුරු හරි මිනිහෙක් එනවද කියලා).ඈත කවුරු හරි එනවා පේනකොට ලාල් හිමීට අර වට්ටියේ පස් වලට අර ඉමිටේෂන් මාල කුඩු ටිකක් දාලා හොලවලා හිමීට හොර වැඩක් කරනවා වගේ පාර අයිනට ගිහින් වතුර පාරෙන් හෝදන්න ගත්තා.(එතන පොඩි ඇළ පාරක් තිබුනා).

අර ආපු මනුස්සයා ළං වෙනකොට හොරාට පස්ස වට පිට බල බල වට්ටිය හොලවන්න ගත්තා.(සරලව කියනවා නම් ගරන්න ගත්තා.)

Imagegoldprospecting,com

මේ වගේ දෙයක් දැක්කම අනේ ඉතින් අපේ ජාති ගතිය වන අහිංසක අව්‍යාජ ගැමි ගතිය නිසා අනුන්ගේ මඟුල් වල ඇඟිල්ල ගහන්න යනවනෙ.අර මනුස්සයා ඇවිල්ලා  අහනවා”මොනවද කරන්නෙ”කියලා.ලාලුත් රහසින් කියනවා “”කාටවත් කියන්න එපා,අර කණ්ඩියේ රත්තරං ඉල්ලමක් පෑදිලා,මේ”” කියලා අර ගරපු වට්ටිය පෙන්නනවා.එතකොට අර මනුස්සයත් දකිනවා රත්තරං කුඩු ටික.(ඉමිටේෂන් කුඩු ටික)හක්ක පූට්‍ටු වෙනකන් කට ඇරලා

 Image

ආ……………….ඇත්තද කියලා අහන අර මනුස්සයට ලාල් කියනවා කාටවත් කියන්න එපා කියලා.ඊට පස්සේ තව කවුරුහරි මනුස්සයෙක් එනකන් බලා ඉඳලා මේ ටික මේ විදිහටම කරනවා.(මේ කතාව ගෑනු කෙනෙකුට කිව්වත් හරි මුලු ලංකාවම දැන ගන්න තිබ්බා.)අන්තිමට එදා රෑ එළි වෙලා බලනකොට මෙන්න රෑ ගමේම කට්ටිය අර කණ්ඩිය කපාගෙන ගිහිල්ලා.දැං කණ්ඩිය විතරක් නම් මදෑ.මාරයගේ ඉඩමෙනුත් අලි පදාස පිටින් හූරගෙන.කොටින්ම කියන්වා නම් මාරයත් තමන්ගේ ඉඩම හූර හූර රත්තරං හොයලා තිබ්බා.කොහොමහරි අදටත් ලාල් කියපු බොරුව ගැන මාරයවත් දන්නෙ නෑ.

Advertisements

දෙක ‍රැක ගනියවු

මේං මේ කතාව කියලා වදින තැන් වලට වදියි,රිදෙන තැන් වලට රිදෙයි,ගැහෙන තැන් වලට ගැහෙයි.එව්වාට කිරීමට දෙයක් නැත.ඒ කොහොම වුනත් මං මේ කතාව ලියලා දාන්නෙ යම් පුද්ගලයෙකුට මඩ ගැසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.(එහෙම හිතුවත් මට මොකෝ)

මේ කතාවට පදනම් වෙන කෙනා ලංකාවෙ නම ගිය බුද්ධිමතෙක් ලෙස පෙනී සිටින කෙනෙක්.මෙයාව ලංකාවෙ විවිධ මාධ්‍ය පුදුමාකාර විදිහට පුම්බලා උඩ ඇරියා,තවමත් අරිනවා.මෙයා මාධ්‍ය වලට ඇවිත් එව්වටත් හරි යන්න අපිට සිහින ලෝක මවලා දෙන්නෙ හරියට එයා සක්‍රයගේ පුතා වයිමා වගේ.ශ්‍රී ලංකාවෙ තියෙන සුප්‍රකට බහු ජාතික සමාගමක විධායක මට්ටමේ නිලධාරියෙක් වෙන මෙයාගේ සල්ලි හා මුසු වූ සමාජ සම්බන්ධතා වල හයිය නිසා කිසිම මාධ්‍යකරුවෙක් මෙයත් එක්ක එලිපිට හැප්පෙන්න යන්නෙත් නෑ.හරි  ඒ පුද්ගලයා ගැන.

එතකොට මෙයාගේ සංකල්පය.

මේක ලංකාවට හඳුන්වාදුන්නෙ මෙයා කියන තරමටම මෙයා මේ සංකල්පය ඔලුවේ තියාගෙන තියෙන්නෙ.නැගෙනහිර ආසියාතික ලෝක ආර්ථික බලවතෙක් වන රටකින්ලු මෙයා මේ සංකල්පය ගෙනල්ලා තියෙන්නෙ.ඕනෑම පජාති රටක්,සංවිධානයක් මෙයාගේ සංකල්පය නිසා ගොඩ දාන්න ඇහැකිලු……

ඔන්න දවසක් මෙයා එක්තරා රූපවාහිනී නාලිකාවකට ගොඩ වෙලා පටන් ගත්තා කයිවාරුව.වෙනදා වගේම දොඩවලා දොඩවලා මෙන්න මෙයා අර නිවේදිකාවට කියනවා මාර කතාවක්.

“අරුණි,ඔයා බලන්න මගේ මේ සපත්තු කුට්ටම දිහා(වෙන කුට්ටමක් දිහා එහෙම නෙවෙයි)” ඔන්න නිවේදිකාවත් බලනවා.

“අරුණි,බලන්න මේ සපත්තු දෙක කොච්චර පරණද කියලා කියන්න බලන්න” අර නිවේදිකාව බලාන ඉන්නවා මේ මරගාතේ මොන කොටි නැ‍ටුමකට ලෑස්ති වෙනවද දන්නෙ නෑනෙ.

Imagepatheos.com

“”ඔයා දන්නවද අරුණි,මේ මගේ සපත්තු දෙක දැන් අරගෙන අවුරුදු 3-4 වෙනවා.ඒත් තවමත් ඊයේ ගත්තා වගේ අලුත්,ඔයා දන්නවද ඇයි එහෙම වෙන්නෙ ඇයි කියලා?”

” අරුණි හිතනවා “”මං කොහොමද හම්ටි ඩම්ටියෝ ඒක දන්නෙ “” කියලා.

Image

උත්තරයක් නැති හින්දා මෑන්ම දෙනවා උත්තරේ”මම හැමදාම හවසට ගෙදර ගියාම හොඳට මේ දෙක පොලිෂ් කරනවා(සපත්තු දෙක හොඳේ)”

මම ඔයාලට කියන ___සංකල්පය නිසා තමයි මට පුලුවන් වෙලා තියෙන්නෙ ඕන බඩුවක් ගොඩක් කල් පාවිච්චි කරන්න”” කියලා මෙන්න මෙයා දෙනවා ඇටි හැලෙන්න හරියට එයාගේ අහවල් සංකල්පය හින්දා මැජික් කරන්න පුලුවන් විදිහට.

අනේ ඉතින් මෙව්වා අහන් ඉන්න රටේ මෝඩයොත් තමන්ගේ සංවිධානයට මේ වෙනස කරලා දෙන්න කියලා මිනිහට ආරාධනා කරන්න යනවා.අන්න එතකොට තමයි බොධිසත්වයා ලෙස පෙනී සිටින මේ පුද්ගලයාගේ හමට යටින් ඇති කලු කඩ මුදලාලියා මතු වෙන්නේ.

සපත්තු කතාවට ආයි බහිමුකෝ.දැං මිනිහා කියන විදිහට  (සපත්තු) දෙක හැමදාම පොලිෂ් කරනවානම් සපත්තු දෙක අවුරුදු 3-4 දාන්න පුලුවන්ලු, ඒත් ඒ මෙයා වගේ ලොක්කන්ට විතරයි.මොකද මෙයාගේ ඇඟ දිහා බැලුවාම පේනවා මිනිහා දෙසා බාන කළමනාකරණය මිනිහාගේ ඇඟ සම්බන්ධවම බොරුවක් වෙලා කියලා.මිනිහා සපතු දෙක දාගෙන ගෙදරින් වාහනේට නඟිනවා,ඩැයිවර් කොම්පැනියට ඇන්න යනවා.ඇඟ දිහා බැලුවාම කොම්පැනියේ පුද්ගලික ලේකම් තුමිය ගාවට වත් ඇවිද ගෙන යනවාද කියලා බලාගන්න පුලුවන්.වැඩ ඉවර වෙලා ආයි දෙපයින් වාහනේට.එතනින් ගෙදරට.ඉතින් සපත්තු දෙක අවුරුදු 10 වුනත් පාවිච්චි කරන්න පුලුවන්නේ මේ විදිහට.

ඒත් ලංකාවෙ පොළවෙ පය ගහලා ජීවත් වෙන මිනිහෙකුට මේ කතාව කොයි තරම් දුරට ප්‍රායෝගිකද????????????උදේට බස් එකට නඟින්න පාරට එන්න ඕන.වැහැලා තිබුනොත් මඩ සෝදා ගත් කල රජතුමා කල දු‍ටු කල වල ඉහ ගනීද මොකක්ද කියලා ප්‍රස්ථාව පිරුල මතක් වෙනවා.බස් එකේ දහ පහළොස් දෙනෙකුට විතර පෑගිලා පෑගිලා ඔ‍ෆිස් එකට ගිහිල්ලා හතර වටේ අර අහවල් එකට ගිනි ඇවිලුනු වඳුරා වගේ දුව පැන ඇවිදලා හවසට ආයි පාරක් සපත්තු දෙකට සත්කාරයක් දීලා ගෙදර යනකොට මේ සපත්තු දෙකට අර අහවල් සංකල්පේ දෙපිටින් යනවා.Imagegermancarforum.com

මේක හරියට ඇඳිරි නීතිය දාපු දවසක පාර්ලිමේන්තු වට රවුමේ ඇමති ආරක්ෂකයෝ පිරිවරාගෙන පැයට කිලෝමීටර් 10ට ගිහිල්ලා සඳුදා දවසක උදේ බො‍රැල්ලෙ ඉඳන් පිටකො‍ටුව පැත්තට පැයට කිලෝමීටර් 40ක වේගෙන් අනතුරු කිසිවක් සිදු කරගන්නෙ නැතුව යන්න කියනවා වගේ.

මේ වගේ බුද්ධිමත් මෝඩයින් රටේ තීන්දු තීරන ගන්න තාක් කල් අපිට වෙන්නෙත් මම මාතෘකාවෙ කියපු දේම තමයි.

හලාල් කළ පන්සල්

කාලය -ඉදිරි අනාගතයේ යම් දවසක.

ඔයා ගොඩ වදින්නේ බෞද්ධ පන්සලකට.මලක් පහනක් පූජා කරලා පිනක් දහමක් කරගන්න යන ඔයා දකින්නේ පන්සල හලාල්

Imagezazzle.com

 

 සහතිකයට අනුව හදලා කියලා නම්.ඒ තව දුරටත් සිහිනයක් නෙවෙයි.

වසර 2500ක ලිඛිත ඉතිහාසයක් ගැන මොර දීපු,පෝය දවසට කඩවල් බලයෙන් වහපු,ඉරිදා උදේට ටියුෂන් පන්ති තහනම් කරවපු පොරවල්වලට ඒක තරම් තවත් සුමිහිරි පුවතක් නැතුවැති.

සුද්දා කොල අතු ඇන්ද කාලෙ කපු රෙදි ඇඳපු අපි (තවමත් සුද්දාගෙන් fashion කොපි කරන,සුද්දට underwear මහලා රට සල්ලි හොයන),මහා වාපී සංස්කෘතියක ආඩම්බරකාර හිමිකාරයො වන අපි(සහනාධාර නැත්තං හෙටක් නැති ගොවි පරපුරක් හිමි) පන්සල් වලත් හලාල් ගැහුවෙ නැත්ත කොහොමද සුද්දට පාඩම් උගන්නන්නෙ?

වසර ගණනාවක් තිස්සේ ලංකාවෙ අතිශය සුප්‍රකට ධර්ම කථික භික්ෂූන් වහන්සේලා පවා බෞද්ධයින්ට හරියට හැදෙන විදිහ පෙන්නුවේ මුස්ලිම්  ජාතිකයින්ව පෙන්නලා. ඒ කියන්නෙ බෞද්ධකම පවා මිනිස්සුන්ට දෙන්න යන්නෙ මුස්ලිම් ඊනියා සදාචාරවාදී මොඩලවලින්.මොකද සාම්ප්‍රදායික සිංහල සංස්කෘතිය අනුව ගෑනු ලමයෙක් හැදෙන්න ඕන කියලා තවමත් හිතාගෙන ඉන්නෙ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා පිට්‍ටු බම්බුව වගේ රෙදි ඔතාගෙන ඉන්නවානම් කියලා හිතන අය මාධ්‍යයේ හඬ නියෝජනය කරන නිසා. හැම දේම තහනම් කරන්න ඕන.බලෙන් හරි කමක් නෑ මහන කර වන්න ඕන.ශාසනය දියුණු වෙන්න නම් පන්සල පිරිලා සෙනඟ ඉන්න ඕන,ආවාස ගෙය A/C කරලා තියෙන්න ඕන.

කොටින්ම කියනවානම් බෞද්ධයෙක් නම් දහමට (අපිට) බය වෙලා ඉන්න ඕනි.

Trouser එකක් ඇඳගෙන පන්සලට යන යුවතියක්  අසංවර ඇඳුමක් ඇඳගෙන යන විදිහට දැක්කට පිටත්,පපුවත්,කොන්දත්,බඩත් සමහරවිට බුරියත් පේන්න සාරියක් ඇඳගෙන යන කාන්තාවකට සිරි ලාංකේය සංවරත්වයේ සීතාම්බර සලු පිලි පළඳවන මේ මහා සංස්කෘතික ඔස්තාද්ලා අමතක කරපු ප්‍රධානම දෙයක් තියෙනවා.ඒ ඒගොල්ලො ඔය ‍රැකගන්න හදන්නෙ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වීමේ නොහැකියාව බව.

තමන් මහා ශිෂ්ටත්වයේ යැයි පෙනී සිටියට තමන්ගේ හිතේ වල් කම උතුරලා යන බව.ඒ උතුරලා යන වල් කම දෝරේ පනින්නෙ යුවතියකගේ දෙපා දෙපා ලෙසම එනම්,කෙල්ලෙක් jeansඑකක් ඇඳගෙන එනකොට බව.

Imagedepositphotos.com

සදාචාරය පෙන්නන්න මුස්ලිම් යුවතියකගේ පර්දාව පෙන්නන ඔස්තාද්ලා ඒ පර්දාව විතරක් නෙවෙයි,හිජාබ් විතරක් නෙවෙයි බුර්කා ඇඳගෙන ඉන්න මැද පෙරදිගට ගිහිල්ලා කෑලි කෑලි වලට කැපිලා,අත පය කැඩිලා,පෙට්ටියෙන් ලංකාවට ආපහු එන ගෘහ සේවිකාවන්ට ඒ සදාචාරය කොහොමද සැලකුවෙ කියලා අමතක වුනේ කොහොමද?අද ලංකාවෙ ගොඩක් අය රිසානා නා‍ෆික් ගැන කතා කරනවා,ඒ මරණයට අපි අනුකම්පා කලයුතුයි,ඒ ගැන විවාදයක් නෑ,නමුත් ලංකාවෙන් අරාබියට ගිහිල්ලා මරණයට පත් වූ මුල්ම යුවතිය ඇයද?එසේ නොවේ නම් මීට පෙර එවැනි ඉරණම් වලට අහු වුනු අනිකුත් ලාංකික කාන්තාවන් ගැන කතිකාව ලංකාවෙ මාධ්‍ය වලට මඟ ඇරුනෙ කොහොමද?ඒක නිකම්ම නිකම් අහම්බයක්ද?නෑ.

මේ සියලු සිදුවීම්වල තිරය පි‍ටුපස කතාව ඔය එකක් වත් නෙවෙයි.මුස්ලිම් හැඹිලිය සිලි සිලි ගාලා හෙලවෙන කොට ලංකාවෙ ඉන්න මේ මහා පාරිශුද්ධ ____ කොන්දත් සට සට ගාල හෙලවෙන එක.(තව එව්වත් හෙලවෙනවා ඇති.) අදටත් මැදපෙරදිග සල්ලි ගුහාව නැත්තම් කවුරුවත් ඔය හලාල්වත්,ඉස්ලාමික මූල්‍ය සේවා, සතේකට ගණන් ගන්නෙ නෑ.

90% පැත්තකින් තියලා 10% වෙනුවෙන් හලාල් කරන්න ඇම්ම හැදෙන්නෙත්,මැද පෙරදිග ගිහිල්ලා ඕනි තරම් මැරිච්ච,අතුරුදහන් වෙච්ච,අත පය කැඩුණු අනෙකුත් ලාංකේය කාන්තාවන් පැත්තකින් තියලා රිසානා වෙනුවෙන් පමණක් අඬන්න හදන,ජිනීවා ගිහිල්ලා හම්බවෙච්ච මුස්ලිම් රටවල ඡන්ද ගැන විතරක් කතා කරන   මේ උමතු ජනඝෝෂකයින්ගේ බොක්කෙ තියෙන්නේ වෙන කාගෙවත් නෙවෙයි මොක්කුන්ගේ අතුණු බහන්ද කියලා මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ.

ඉතින් ඉස්සරහට දවසක සල්ලිකාර අරාබි ශෙයික්වරයෙක් හරි කවුරුහරි කෙනෙක් අපි පන්සලකට ඇවිල්ලා කිව්වොත් මම මෙච්චර සල්ලි කුට්ටියක් දෙන්න ලෑස්තියි,ඒත් මට පන්සලට එන්න නම් පන්සලත් හලාල් ක්‍රමයට හැඩගැසෙන්න ඕනි කියලා මං කියපු අනාවැකිය බොරුවක් වෙලා තියේවිද?

Imagephotobotos.com

ගල් දේශය 18+

මේ සිරිලක ඔබ මහපොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් මේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න යන්නේ නෑ.

Image123rf.com

ඔව්, මේ තමයි ගල්.

වසර 2500ක අඛණ්ඩ ලිඛිත පෞඪ ඉතිහාසයක් හිමි මේ නිවහල් දේශයේ සතර දිග් භාගයේම නොයෙක් ගලින් පිරි ගල් ඇසුරු කර ගත් නිමැවුම් බිහි වී ඇත්තේ ලාංකිකයින්ගේ ගල් පිළිබඳ දැනුම මොනවට පැහැදිලි කරමිනි.

Image

chuckmanplaces.wordpress.com

මෙවන් සොඳුරු ගල් දහස් ගණන් වලින් මොනවට සාක්ෂාත් වන්නේ අපි ගල් පිළිබඳ විශේෂඥයින් බවය.Imagehttp://www.broomeslastresort,com.au

එනිසා අපි ඉන්දියන් සාගරයේ ගල් දේශය විය යුතුය.