දෙක ‍රැක ගනියවු

මේං මේ කතාව කියලා වදින තැන් වලට වදියි,රිදෙන තැන් වලට රිදෙයි,ගැහෙන තැන් වලට ගැහෙයි.එව්වාට කිරීමට දෙයක් නැත.ඒ කොහොම වුනත් මං මේ කතාව ලියලා දාන්නෙ යම් පුද්ගලයෙකුට මඩ ගැසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.(එහෙම හිතුවත් මට මොකෝ)

මේ කතාවට පදනම් වෙන කෙනා ලංකාවෙ නම ගිය බුද්ධිමතෙක් ලෙස පෙනී සිටින කෙනෙක්.මෙයාව ලංකාවෙ විවිධ මාධ්‍ය පුදුමාකාර විදිහට පුම්බලා උඩ ඇරියා,තවමත් අරිනවා.මෙයා මාධ්‍ය වලට ඇවිත් එව්වටත් හරි යන්න අපිට සිහින ලෝක මවලා දෙන්නෙ හරියට එයා සක්‍රයගේ පුතා වයිමා වගේ.ශ්‍රී ලංකාවෙ තියෙන සුප්‍රකට බහු ජාතික සමාගමක විධායක මට්ටමේ නිලධාරියෙක් වෙන මෙයාගේ සල්ලි හා මුසු වූ සමාජ සම්බන්ධතා වල හයිය නිසා කිසිම මාධ්‍යකරුවෙක් මෙයත් එක්ක එලිපිට හැප්පෙන්න යන්නෙත් නෑ.හරි  ඒ පුද්ගලයා ගැන.

එතකොට මෙයාගේ සංකල්පය.

මේක ලංකාවට හඳුන්වාදුන්නෙ මෙයා කියන තරමටම මෙයා මේ සංකල්පය ඔලුවේ තියාගෙන තියෙන්නෙ.නැගෙනහිර ආසියාතික ලෝක ආර්ථික බලවතෙක් වන රටකින්ලු මෙයා මේ සංකල්පය ගෙනල්ලා තියෙන්නෙ.ඕනෑම පජාති රටක්,සංවිධානයක් මෙයාගේ සංකල්පය නිසා ගොඩ දාන්න ඇහැකිලු……

ඔන්න දවසක් මෙයා එක්තරා රූපවාහිනී නාලිකාවකට ගොඩ වෙලා පටන් ගත්තා කයිවාරුව.වෙනදා වගේම දොඩවලා දොඩවලා මෙන්න මෙයා අර නිවේදිකාවට කියනවා මාර කතාවක්.

“අරුණි,ඔයා බලන්න මගේ මේ සපත්තු කුට්ටම දිහා(වෙන කුට්ටමක් දිහා එහෙම නෙවෙයි)” ඔන්න නිවේදිකාවත් බලනවා.

“අරුණි,බලන්න මේ සපත්තු දෙක කොච්චර පරණද කියලා කියන්න බලන්න” අර නිවේදිකාව බලාන ඉන්නවා මේ මරගාතේ මොන කොටි නැ‍ටුමකට ලෑස්ති වෙනවද දන්නෙ නෑනෙ.

Imagepatheos.com

“”ඔයා දන්නවද අරුණි,මේ මගේ සපත්තු දෙක දැන් අරගෙන අවුරුදු 3-4 වෙනවා.ඒත් තවමත් ඊයේ ගත්තා වගේ අලුත්,ඔයා දන්නවද ඇයි එහෙම වෙන්නෙ ඇයි කියලා?”

” අරුණි හිතනවා “”මං කොහොමද හම්ටි ඩම්ටියෝ ඒක දන්නෙ “” කියලා.

Image

උත්තරයක් නැති හින්දා මෑන්ම දෙනවා උත්තරේ”මම හැමදාම හවසට ගෙදර ගියාම හොඳට මේ දෙක පොලිෂ් කරනවා(සපත්තු දෙක හොඳේ)”

මම ඔයාලට කියන ___සංකල්පය නිසා තමයි මට පුලුවන් වෙලා තියෙන්නෙ ඕන බඩුවක් ගොඩක් කල් පාවිච්චි කරන්න”” කියලා මෙන්න මෙයා දෙනවා ඇටි හැලෙන්න හරියට එයාගේ අහවල් සංකල්පය හින්දා මැජික් කරන්න පුලුවන් විදිහට.

අනේ ඉතින් මෙව්වා අහන් ඉන්න රටේ මෝඩයොත් තමන්ගේ සංවිධානයට මේ වෙනස කරලා දෙන්න කියලා මිනිහට ආරාධනා කරන්න යනවා.අන්න එතකොට තමයි බොධිසත්වයා ලෙස පෙනී සිටින මේ පුද්ගලයාගේ හමට යටින් ඇති කලු කඩ මුදලාලියා මතු වෙන්නේ.

සපත්තු කතාවට ආයි බහිමුකෝ.දැං මිනිහා කියන විදිහට  (සපත්තු) දෙක හැමදාම පොලිෂ් කරනවානම් සපත්තු දෙක අවුරුදු 3-4 දාන්න පුලුවන්ලු, ඒත් ඒ මෙයා වගේ ලොක්කන්ට විතරයි.මොකද මෙයාගේ ඇඟ දිහා බැලුවාම පේනවා මිනිහා දෙසා බාන කළමනාකරණය මිනිහාගේ ඇඟ සම්බන්ධවම බොරුවක් වෙලා කියලා.මිනිහා සපතු දෙක දාගෙන ගෙදරින් වාහනේට නඟිනවා,ඩැයිවර් කොම්පැනියට ඇන්න යනවා.ඇඟ දිහා බැලුවාම කොම්පැනියේ පුද්ගලික ලේකම් තුමිය ගාවට වත් ඇවිද ගෙන යනවාද කියලා බලාගන්න පුලුවන්.වැඩ ඉවර වෙලා ආයි දෙපයින් වාහනේට.එතනින් ගෙදරට.ඉතින් සපත්තු දෙක අවුරුදු 10 වුනත් පාවිච්චි කරන්න පුලුවන්නේ මේ විදිහට.

ඒත් ලංකාවෙ පොළවෙ පය ගහලා ජීවත් වෙන මිනිහෙකුට මේ කතාව කොයි තරම් දුරට ප්‍රායෝගිකද????????????උදේට බස් එකට නඟින්න පාරට එන්න ඕන.වැහැලා තිබුනොත් මඩ සෝදා ගත් කල රජතුමා කල දු‍ටු කල වල ඉහ ගනීද මොකක්ද කියලා ප්‍රස්ථාව පිරුල මතක් වෙනවා.බස් එකේ දහ පහළොස් දෙනෙකුට විතර පෑගිලා පෑගිලා ඔ‍ෆිස් එකට ගිහිල්ලා හතර වටේ අර අහවල් එකට ගිනි ඇවිලුනු වඳුරා වගේ දුව පැන ඇවිදලා හවසට ආයි පාරක් සපත්තු දෙකට සත්කාරයක් දීලා ගෙදර යනකොට මේ සපත්තු දෙකට අර අහවල් සංකල්පේ දෙපිටින් යනවා.Imagegermancarforum.com

මේක හරියට ඇඳිරි නීතිය දාපු දවසක පාර්ලිමේන්තු වට රවුමේ ඇමති ආරක්ෂකයෝ පිරිවරාගෙන පැයට කිලෝමීටර් 10ට ගිහිල්ලා සඳුදා දවසක උදේ බො‍රැල්ලෙ ඉඳන් පිටකො‍ටුව පැත්තට පැයට කිලෝමීටර් 40ක වේගෙන් අනතුරු කිසිවක් සිදු කරගන්නෙ නැතුව යන්න කියනවා වගේ.

මේ වගේ බුද්ධිමත් මෝඩයින් රටේ තීන්දු තීරන ගන්න තාක් කල් අපිට වෙන්නෙත් මම මාතෘකාවෙ කියපු දේම තමයි.

Advertisements

4 thoughts on “දෙක ‍රැක ගනියවු

    • මට සුදු වෑන් එකකින් යන්න වෙයි.මම මෙහෙම කියන්නම්.මේ සංකල්පය ආවේ ජපානයෙන් කියලා තමයි කියන්නෙ,ලංකාවෙ මේක කරන්න ගිහිල්ලා හරි ගිය වගේම වැරදුනු ආයතනත් තියෙනවා,තව මෙයාට තට්ටයකුත් තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s