මාර ගැරිල්ල

අද මං කියන්න යන කතාව ලංකාවේ මීට ටික කාලයකට පෙර පුදුමාකාර විදිහට රත්තරං උන්මාදයක් බෝවෙලා තිබුනු කාලයක සිද්ධ වෙච්ච දෙයක්.

කතාවට මුල් වෙච්ච එක්කෙනෙක්ට අපි ලාල් කියමු.මෙයා ගමේ තිබුනු ඉඩමක් අරගෙන අද ඒ මිනිස්සුන්ගේ භාෂාවෙන් සංවර්ධනය කරන්න ගත්තා,ඒ කියන්නෙ ගස් ඔක්කොම කපලා ගලවලා දාලා වගුරු බිම් ගොඩ කරලා තඩි බිල්ඩින් එකක් ගහන්න ගත්තා.

හැබැයි මෙයාට පොඩි අවුලක් තිබුනා.මෙයාගෙ ඉඩමට පැත්තකින් තරමක කණ්ඩියක් තිබුනා.ඒ කණ්ඩිය අල්ලපු ඉඩමෙන් කෑල්ලක් විදිහට නෙරලා තිබුනු එකක්.මොකද මේ ඉඩම් දෙකම හරි හත‍රැස් එව්වා නෙවෙයි,ඇදේ ගහපුවා.අපේ ලාලට ඕන වුනා මේ කණ්ඩිය කපලා මහ පාරට තමන්ගේ ඉඩමයි තමන් හදන බිල්ඩිමයි පේන විදිහට හදා ගන්න.ඒ වුනාට මේ කණ්ඩිය අයිති අල්ලපු ගෙදර මිනිහටනෙ,(මිනිහගෙ නම මාරසිංහ මං ලේසියට ඒකට මාරයා කියලා කියන්නම් )ඉතින් ලාලා මාරයගෙන් ඇහුවා ඒ කණ්ඩිය තියෙන කෑල්ල සල්ලි වලට අරගෙන මේ වැඩේ කර ගන්න.

මොන? ඒ මනුස්සයා සල්ලිවලටවත් නිකන්වත් ඒ කණ්ඩිය කපන්නවත් අත තියන්නවත් දෙන්නෙ නෑ.මොකද මාරයා  අර ලාල් ගත්ත ඉඩමට අවුරුදු ගාණක් තිස්සෙ බැල්ම හෙලා ගෙන ඉඳලා දැං තමන්ට හිමි නොවුනාම ඉරිසියාවෙ(ද කොහෙද).

ලාල් දැං හරිම ප්‍රශ්නයකට මැදිවුනේ.බිල්ඩිම ගැහුවට පස්සේ පාරට යන්න හතර වරං ගහන්න ඕන අර කණ්ඩිය කැපුවෙ නැත්තං.

කොහොම හරි ආවා හොඳ අයිඩියා එකක්.

පේමන්ට් එකේ විකුනන ඉමිටේෂන් මාල දෙක තුනක් අරගෙන කෑලි වලට කැඩුවා.කඩපු කෑලි කුඩු වෙනකන් ගලකින් ඇඹරුවා.පොඩි වට්ටියකුත් අරගෙන පස් ටිකක් අරගෙන අර කණ්ඩියෙන් එහා පැත්තට වෙලා මිනිහා බලාන හිටියා පාරෙ ,(ඒ කියන්නෙ මහ පාරෙ ඈත කවුරු හරි මිනිහෙක් එනවද කියලා).ඈත කවුරු හරි එනවා පේනකොට ලාල් හිමීට අර වට්ටියේ පස් වලට අර ඉමිටේෂන් මාල කුඩු ටිකක් දාලා හොලවලා හිමීට හොර වැඩක් කරනවා වගේ පාර අයිනට ගිහින් වතුර පාරෙන් හෝදන්න ගත්තා.(එතන පොඩි ඇළ පාරක් තිබුනා).

අර ආපු මනුස්සයා ළං වෙනකොට හොරාට පස්ස වට පිට බල බල වට්ටිය හොලවන්න ගත්තා.(සරලව කියනවා නම් ගරන්න ගත්තා.)

Imagegoldprospecting,com

මේ වගේ දෙයක් දැක්කම අනේ ඉතින් අපේ ජාති ගතිය වන අහිංසක අව්‍යාජ ගැමි ගතිය නිසා අනුන්ගේ මඟුල් වල ඇඟිල්ල ගහන්න යනවනෙ.අර මනුස්සයා ඇවිල්ලා  අහනවා”මොනවද කරන්නෙ”කියලා.ලාලුත් රහසින් කියනවා “”කාටවත් කියන්න එපා,අර කණ්ඩියේ රත්තරං ඉල්ලමක් පෑදිලා,මේ”” කියලා අර ගරපු වට්ටිය පෙන්නනවා.එතකොට අර මනුස්සයත් දකිනවා රත්තරං කුඩු ටික.(ඉමිටේෂන් කුඩු ටික)හක්ක පූට්‍ටු වෙනකන් කට ඇරලා

 Image

ආ……………….ඇත්තද කියලා අහන අර මනුස්සයට ලාල් කියනවා කාටවත් කියන්න එපා කියලා.ඊට පස්සේ තව කවුරුහරි මනුස්සයෙක් එනකන් බලා ඉඳලා මේ ටික මේ විදිහටම කරනවා.(මේ කතාව ගෑනු කෙනෙකුට කිව්වත් හරි මුලු ලංකාවම දැන ගන්න තිබ්බා.)අන්තිමට එදා රෑ එළි වෙලා බලනකොට මෙන්න රෑ ගමේම කට්ටිය අර කණ්ඩිය කපාගෙන ගිහිල්ලා.දැං කණ්ඩිය විතරක් නම් මදෑ.මාරයගේ ඉඩමෙනුත් අලි පදාස පිටින් හූරගෙන.කොටින්ම කියන්වා නම් මාරයත් තමන්ගේ ඉඩම හූර හූර රත්තරං හොයලා තිබ්බා.කොහොමහරි අදටත් ලාල් කියපු බොරුව ගැන මාරයවත් දන්නෙ නෑ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s