අපිත් චන්ඩි හරිය

අඩෝ, කවුද යකෝ මූ මට වැඩක් බලා ගන්න කියන්න,මං ‍තෝව මීට කලින් දැකලා තියෙනවා ඩෝ,බාබර්,ඩැයිවර්,‍තෝ මම වගේ නාමලෙන් ඉපදිලද යකෝ,‍තෝ මීට පස්සෙ අපිව දැක්කම අනිත් පැත්ත හැරිල නැවුන්නැතොත් මං කැලෑ පත්තර ගහනවා ඩෝ,අපිත් කොළඹ කොල්ලො හරිය..”

Imageflamebunny700.devianart.com

 

අද මං පටන් ගන්නං යාං හෑල්ලක් මෙහෙම.

ඈත අතීතයේ එක්තරා රාජධානියක හිටපු රජ කෙනෙක් හරිම උනන්දුවක් දැක්වුවා කලාව ගැන.කලා නිර්මාණයක් දු‍ටුවාම ඒ නිමැවුමේ අයිතිකරුවා මුන ගැසිලා ඒ ගැන වඩ වඩාත් විස්තර දැන ගන්න මේ රජතුමා බොහොම ආසා කළා.දවසක් ඔහුගේ උයනේ සංචාරය කරමින් හිටපු රජතුමා දැක්කා තමන්ගේ රාජකීය කලා ඇකඩමියේ සිත්තරෙක් උයනේ දර්ශනයක් කැන්වසයක් මත සිතුවමට නඟනවා.සාමාන්‍යයෙන් සිත්තරෙක්ගේ වර්ණ පැලටය මත මැවෙන වර්ණ රටාවන් ඒ ගැන නොදන්න කෙනෙකුට එක පාරම වටහා ගන්න අමාරුයි.මොකද ඒක ඒ තරම්ම සංකීර්නයි,සියුම්.මොන මොන වර්ණය කොතනින් කොහොම ගන්නවද කියලා රජතුමාට හිතාගන්නවත් බැරි වුනා.අනික අවසානයේදී මනරම් සිතුවමක් මැවෙන්නෙ කොහොමද කියලත් රජතුමාට අදහසක් තිබුනෙ නෑ.රජතුමා අහනවා

“සිතුවමක් අඳිද්දි අඳින්න අමාරුම සිතුවම් වෙන්නෙ  මොනවද?”

සිත්තරා පිලිතුරු දෙනවා”රජතුමනි,අපි එදිනෙදා දකින බල්ලන්,හරකුන්,ගස් අන්න ඒ වාගේ දේවල් අඳින්න අමාරුයි”

“එතකොට අඳින්න ලේසිම? “

“අපි දකින්නේ නැති,හොල්මන්,අවතාර,යක්ශයින් අඳින්න හරි ලේසියි”

රජතුමාට මේ උත්තර පැහැදිලි වුනේ නෑ.ඒ හින්දා සිත්තරා නැවත වරක් පැහැදිලි කරනවා.

“රජතුමනි,අපි නිතර දකින බල්ලන්,ගවයින්,ගස් වල ස්වභාවය අපි ඉතා හොඳින්ම දන්නවා.ඒත් හොල්මන්,අවතාර කවුරුවත් දන්නෙ නෑ.ඒ හින්දා අපි දන්න දේවල් අපිට ඒ විදිහටම අඳින්න වෙනවා.ඒත් කවුරුවත් නොදන්න දේවල් මට ඕන විදිහට අඳින්න පුලුවන්,කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ.”

මේක විදේශීය ජන කතාවක්.ඔය කියන කාලේදි ජන මාධ්‍යවේදියෝ හිටියේ නෑ.

හිටියේ වන්දිබට්ටයො,රජතුමාගෙ ගුන වයන්න.

අණ බෙරකරුවන්,රජතුමා වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්න,හයියෙන් මොර දෙන්න.

අන්දරේලා,ජනතාව වෙනුවෙන් රජතුමාට fun දෙන්න.

ඒත් අද ඒ කවුරුවත් ඕන නෑ,එදා රජතුමාට දුන්න සප් එක අද සල්ලි වීසි කරන්න පුලුවන් ඕන කබ්බෙකුට කුලියට ලියන වන්දිබට්ටයින්ගෙන් කරවගන්න පුලුවන්.මාධ්‍යයේ නොපෙනෙන පැති ලියන්න යන කවුරුවත් නොලියන පැත්ත වෙන්නෙ මාධ්‍යයේ පෙනෙන නොපෙනෙන පැත්ත.

Imagethegaminggentleman.blogspot.com

අද ගොඩක් අය කතා කරනවා ලසිත් මාලිංග එදා කොණ්ඩෙ කපන බාබර් කෙනෙක්ලු.ත්‍රීවීල් එලෙව්වලු.

ඔව්.ඉතින්.ඇයි ත්‍රීවීල් එලවන,කොන්ඩෙ කපන,පොලව එක්ක ඔට්‍ටු වෙන කොල්ලන්ට නරකද රටක ජාතික කණ්ඩායමට යන්න.

කවුරුහරි පඩත්තලයෙක් අපේ ඉස්සරහට කැමරාවක් මානගෙන ඉන්නව නම් අපි සෑම සියලු දෙයක්ම පසෙක ලා ඌට ගිහින් අපේ මූන පෙන්නලා එන්න ඕන.

අහවල් ත්‍රස්තවාදී නායකයා උදේට කන්නේ පලතුරු.දවල්ට කන්නේ ඉඳිආප්ප.රෑට කන්නෙ චපාති.ඔන්න මාධ්‍යයේ මහා ප්‍රවෘත්තිය.දැං එතකොට මේ ලියන කෙනා අහවල් ත්‍රස්තවාදී නායකයගේ කෝකියද.

තමන් වාඩි වෙලා ඉන්න පු‍ටුවෙ ඉඳන් උඩ බලා ගෙන ඉන්න ලියන්නා ඇමරිකාවෙ අතිශය රහසිගත සාකච්ඡා වාර්තා කරනවා.දිවැසින්ද

අහවල් දේශපාලනඥයා උදේට අහවල් එව්වා කන ගමන් අනිත් රටේ ලොක්කා මෙහෙම දුරකථනයෙන් කිව්ව, එතකොට අපෙ ලොක්කා. මෙහෙම කිව්වා,

ඇත්තට………….., ෂුවර් එකට ලියන එකා හොරෙන් කෝල් වලට ඇහුම් කන් දෙන එකෙක්.

අමු හොරු,මිනීමරුවො,ස්ත්‍රී දූෂකයො නිදැල්ලේ ඉන්දැදි පොල් ගෙඩියක හොරකමක් ගැන කතා කරනවා.

අර බාබයි,මේ කපුවයි,අහවල් යකැදු‍රැයි ගෙන්නලා මැජික් වගේ ලෝකෙ නැති කෙප්ප පෙන්නන කිසිම වෙනසක් නැති හොර ගෙඩියො ඒ මිථ්‍යාවට වැට බඳින එකාගෙන් ලෝකෙ නැති විකාර අහනවා.

ඇත්ත,තමන් හොර ලියන අප්පුවෙක්,වීඩියො කාරයෙක් වෙන එක අද හොඳ ජොබ් එක.ඇයි කවුරුවත් නොදන්න එව්වා එලියට දෙන්නෙ තමන්නෙ.ඉතින් ඕන ගොම තැම්බක් අයිසිං කරලා දෙන්න පුලුවන්.ඒ හින්දා,මහත්වරුනි මින් පසුව මේ අප්පුලාට පහත වරප්‍රසාද වහාම දෙන්න ඕන.

ඕනෑම වරදක් කරලා මම අහවල් ලියන අප්පුවා,මට යන්න දෙන්න,මගේ අහවල් නිදහස නැතිවෙනවා.

කඩේකට ගිහින් මම අහවල් වීඩියො කාරයා ඒ හින්දා මට බඩු නිකන් දෙන්න.       

නංගී, මම අහවල් ඕපාදූපයා,මං එක්ක ඇවිල්ලා මං කියන විදිහට ඉන්න,මං ඔයාව අහවල් තරුව කරනවා.ආවේ නැත්තං ඉතිං හෙට අනිද්දට සයිට් එකෙන් දෙනවා වැඩේ.

ඒත් මදිනං

Image92q.com

 

Advertisements

අයියෝ දිලිසරා…………

Imagehttp://www.gapcanada.ca

එදා දිලිසරා ක්ලාස් එකට ඇඳන් ඇවිත් හිටියේ ලා තැඹිලි පාට කොටම කොට skirt එකක්.අර mini skirtද මොනවද කියලා කියන්නෙ එව්වට කියලා පස්සෙ කාලෙක මං කෙනෙක්ගෙන් දැන ගත්තා.

ඒ මදිවට ඇවිල්ලා ඉඳ ගත්තෙත් ටිකක් පිටි පස්සට වෙන්න තිබ්බ පේළියක කොනටම වෙන්න.නියම වැඩේ කියන්නෙ අපි හිටියෙත් ඊට එහා පැත්තෙ කොල්ලන්ගෙ පේළියේමයි.

දැං හිමීට කොල්ලො ටිකගේ ඔලු අංශක ගනන් වලින් පැත්තට හැරෙනවා.මේ අස්සේ කවුද එකෙක් ඉස්සරහට open chit එකක් යවලා කොල්ලන්ගේ පැත්තෙන් ඉස්සරහට දැං ඉස්සරහ ඉන්න කොල්ලනුත් ටික ටික පිටිපස්ස පැත්තට ඔලු කරකවනවා.(පුදුම වැඩේ කියන්නෙ මෙච්චර හරියක් වෙලත් මේ අඟන හාංකවිසියක්වත් නොදන්න එකනෙ,)

අපේ නිල්හාන් හිටියෙ අපෙ පේළියේ කොනේම,ඉතින් ඒ හින්දා ඌට නොමිලේම සංදර්ශනය පේනවා.දැන් ඕකට අපේ එවුන්ට මාර ඉරිසියයි.මොකද wicket cover නෙ.

හදිසියේම නිල්හාන්ගෙ පෑන වැ‍ටුනා.වැ‍ටුනා මදිවට ඒක රෝල් වෙලා ගියා අර දිලිසරා හිටපු පැත්තට.මූත් නැවුනා විතරක් නෙවෙයි දන ගාගෙනම වගේ ගියා අර යුවතිය හිටපු පේළිය දිහාවටම.

අපේ එවුන්ටත් ඊට වැඩිය දෙයක් ඕන නෑනෙ.                                                                                      

“”අයියෝ,නිල්හාන් මොනවද මේ කරන්නෙ,ඔයාට ලැජ්ජ නැද්ද නැවී නැවී බලන්න.මේ මෙතන ගෑනු ලමයෙක් කොටට ඇඳන් ඇවිල්ලා ඉන්නවා නේද

 කියලා කෑගැහුවනේ මුලු පන්තියටම ඇහෙන්න.ඒක ඇහිලා ආපහු හැරෙන්න හිතාගෙන මූ ආපස්සට හැරෙන්න හැදුවට ඒ වෙද්දි කෝච්චිය ගිහිල්ලා ඉවරයි.කෙල්ලො පේළියම වහාම ක්‍රියාත්මක වන පරිදි ගාත්‍රා සීරුවෙන් තබා ගත්තා.ඒ මදිවට රවාගෙන කන්න වගේ කෙල්ලො ටිකම බලා ඉන්නවා නිල්හාන් දිහා.

දැං මූ මුලු පන්තියටම check.මොනවා වුනත් මුගේ කට අඩු වෙන්නෙනෑනෙ.

“”හුහ්,යකෝ උඹලට පෙන්නන්න හොඳනම් බැලුවම මක් වෙනවද–බලන්න හොඳ නැත්තං යමල්ලකො වහගෙන,නිකං කොල්ලො form -කරන්නැතුව.””

ඒකට පස්සේ කෙල්ලො සෙට් එකම බිම බලා ගත්තා ගත්තමයි නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.කරුමෙකට සර් හිටියේ නැති වුනත් ටික්කො ටික මේක සර්ට කියලා තිබුනා පස්සේ වෙලාවක.

Imagehttp://www.more4kids.info

එදායින් එදා ඒ දිලිසරා ඇතුලුව ඒ පේළියේ කෙල්ලො සෙට් එකම ඇඳන් ආවේ jeans.

ඒ දිලිසරා අද වෙනකොට ලංකාවේ ප්‍රමුඛතම පෙලේ සුපිරි අවන්හල් ජාලයක මූලස්ථානයේ කළමනාකාරවරියක්.නිල්හාන් සැපයුම් දාම අංශයේ මහා සමාගමක ලොකු තැනක.

නියම වැඩේ කියන්නෙ මේ දෙන්නම දැං එක ගෙදරක එකට ඉන්න ලයිසොන් කඩදාසියත් අරගෙන.

Imagehttp://www.womenindia.org

එදා පන්තියේදි………….

අතීතයේ වෙන සමහර සිද්ධි ඒ කාලේ හරි ලොකු දේවල් කියල හිතුනට පස්සේ කාලෙකදී අපිටම හිතෙනවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඒකෙම අනිත් පැත්ත වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි.මේ දේ කොච්චර ලොකු දෙයක්ද නැත්නම් පොඩි දෙයක්ද කියලා ඔයාලටම හිතා ගන්න කියලා තමයි මං මේ කතාව කියන්නෙ.මේ අපි ක්ලාස් යන කාලේ.

Imageonlinetuitionclass.com

මේකාලෙදි කොහොමත් කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් පුදුම විසයක් තියෙන හින්දා ක්ලාස් යෑමේ මූලික අරමුණ පැත්තක තියලා වෙන වෙන එව්වා පස්සෙ යන එක අරුම පුදුම දෙයක් නෙවෙයි.ඉතින් අපිත් එහෙම තමයි.

ක්ලාස් එකට පරක්කු වෙලා එන කෙල්ලන්ට “සූ……………..” ගාලා ප්‍රචාරය දෙන එක,ඉස්සරහ පේළියේ කෙල්ලන්ගේ පිටේ ස්ටිකර් අලවන එක,දිග කොන්ඩ තියෙන කෙල්ලන්ගේ කොන්ඩවල කවක‍ටු පෙට්ටි පටලවන එක(,ඒ කෙල්ලො නැඟිට්ටම කවක‍ටු පෙට්ටිය සල බලාං ගාලා බිම ),කෙල්ලන්ගේ ලොවුතුරා බක්කි ඉස්සරහට යවන එක(ලොවුතුරා බක්කිය යනු රෙදි වලින් හැදූ කෙල්ලො ක්ලාස් වලට අරන් එන බෙර වගේ දෙයක්,ඒකෙ මල්ටි බැරල් රොකට් දක්වා සෑම් සියලු දේවල් තියෙනවා).ඔන්න ඔය වගේ ඇම්ඩන් වැඩ එලෝ කෝටියට කරනවා.

හැබැයි කෙල්ලොත් අහු වෙච්ච වෙලාවෙ අපිට දෙනවා බැස්ටිය,බැරි වෙලාවත් අපේ සෙරෙප්පුවක් එහෙම ඉස්සරහට ගියොත් පයින් ගහලා යවනවා ඉස්සරහටම,ඉතින් යමල්ලකො ඉස්සරහටම මහ මුදලි වගේ සෙරෙප්පුව අරගන්න.

අනික ඒ ගොල්ලො දන්නවා අපි ඔය මොන ඇම්ඩන් වැඩේ කරත් අවසානයේදී ඔය ඕන ඇම්ඩෙක් තමන්ගේ කෙල්ල හෝ වෙන්න කෙල්ල ඉස්සරහ දන ගහනවා කියලා.අර කියමනකුත් තියෙන්නෙ

කොල්ලෙකුට උගතෙක් වෙන්න අඩුම ගානේ අවුරුදු විස්සක් යනවා,කෙල්ලෙකුට ඒ කොල්ලව මෝඩයා කරන්න ඕන විනාඩි කීපයක් විතරයි කියලා.

Image

කොහොමහරි කෙල්ලො ගැන කියන්න ගියොත් මේ පෝස්ට් එක දාන්න වෙන්නේ නෑ.ඒ හින්දා කතාවට එමුකෝ.

අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් උඩින් යන කෙල්ලෙක්.කොහොමත් මේ ඉස්කෝලෙ යන ගෑනු ලමයි පුදුම උඩකින් තමයි යන්නේ.ඒ කියන්නෙ

Imageleftyfifty.blogspot.com

නෙවෙයි.එයාලා හරිම ආඩම්බරයි.අපේ තියෙන කොල්ලන්ගෙත් තියෙන මෝඩ කමට මේ ඉස්කෝලෙ ගෑනු ලමයි ගැනම තමයි ඇම්ම තියෙන්නෙත්.ඇයි මාර ගණන්නෙ.

ඉතින් මෙයාගේ නම දිලිසරා.මොන තේරුමකින් දැම්මද මං දන්නෙ නෑ,හැබැයි අපි කිව්වෙ බෙලිසරා කියලා,මොකද ඊට එහා පැත්තේ තිබුනු වත්තෙ(මේක වත්තක් නෙවෙයි කොරියාවක්,1960 ගනණ් වලකොරියාවක්) හිටියා චේන් කඩපු එකෙක්,උගේ nick name ඒක.හැබැයි  ඌ දන්නේ නෑ අපි ඒ නම අර යුවතියට කිව්වා කියලා.

කොහොමහරි මේ යුවතිය හරිම අරපිරිමැස්මෙන් වැඩ කරපු කෙනෙක්.අර ඉස්සර වගේ සතෙන් සතේ ඉතුරු කරන පරණ වැඩ කලේ නෑ.කෙලින්ම ඉතුරු කරනවා රෙදි.ඒ කියන්නෙ බොහෝම අඩු රෙදි ප්‍රමාණයක් ඕන වෙන ඇඳුම් තමයි මෙයා ඇන්දේ.ඒ තරමට ඉතුරුව.ඉතින් අපිත් හරිම ආසයි මෙයා අපිට පැත්තකින් තියෙන පේලියක වාඩි වෙනවා නම්.ඒ වගේ දවස් වලට පස්සට යන්න දඟලන අපි මෙයාගේ ඉස්සරහ පේලියට පොර කාලා පනිනවා.ඒ විතරක්ද,පොළවේ ගුරුත්වාකර්ශනයත් එදාට වෙනස් වෙනවා.අපේ පෑන්,කාඩ්,පොත් බිමටවැටෙනවා ඉවරයක් නෑ.

Imagetrendfashiomdesign.com

ඔන්න ඉතිං දවසක් හරි අපූරු වැඩක් වුනා.

අයියෝ,බ්ලොග් පෝස්ට් එක දික් වෙනවා.ඉතුරු ටික තව ටිකකින් දාන්නම්,,,,,,,,,,,,හොඳේ……………..

නිකං දෙනු ලැබේ.

Imagewww,soulcurrymagazine.com

දවසක් මේ කතාවෙ කතානායකයා ඒ කියන්නේ මෙතනට විදිහට නම් නස්රුදීන් තමන්ගේ ගමේ පාර දිගේ ඇවිදගෙන යනවා.නසෘදීන් පහු කරගෙන එන්නෙ ගමේ ලොකුම පෝසතා වන ර‍ෆික්ගෙ මහා නිවස.

එයා හිතන විදිහට ඒ සල්ලි කාරයා එයාලට නැති කවදාවත් ලං වෙන්න බැරි අමුතු සැපතක් විඳිනවා.

ඒ හින්දා එයාට ඒ සල්ලි කාරයා ගැන අමුතු ඉරිසියාවක් තියෙනවා.

ඒක අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා එයාට වඩා සැපතක් විඳිනවා කියන හැඟීමට වඩා එහා ගිය දෙයක්.

කොහොමහරි  පාරේ ඉස්සරහට යන එයාට මුන ගැහෙනවා සෙල්ලම් කර කර ඉන්න කොලු රෑනක්.සාමාන්‍යයෙන් මේ වගේ කොල්ලො රෑනක් හරි ලේසියෙන්ම රවට්ටන්න පුලුවන් කියලා නස්රුදීන් දන්නවා.ඉතින් එයා මේ කොලු රෑනට කියනවා

“අන්න රා‍ෆික් අද නොමිලේ රසකැවිලි බෙදනවා.”

Imagehttp://www.thestar.com

කියන ඕනෑම පට්ට කෙබරයක් ඉහේ තියාගෙන විශ්වාස කරන්න ඉන්න ‍රැලක් අර ආරංචිය ඇහුවා විතරයි තල් අත්තට බෙලි ගෙඩිය වැටෙනවා අහපු හාවා දුවනවා වගේ කෑගසමින් දුවනවා රා‍ෆික්ලගෙ ගෙදර දිහාවට.දුවනව නම් මදෑ.ඒ ගමන් මොර දෙන්න ගන්නවා

 “නොමිලේ රසකැවිලි බෙදනෝ………………………”කියලා.ඒක අහන අනික් හැමෝමත් ඒකම මොර දිදී දුවනවා රෆීක්ගේ ගෙවල් දිහාවට.දුවන්නත් කාරණේනෙ.

මොකද රෆීක්ට සල්ලි තියෙනවා.ඉතින් මොකද ඒ සල්ලි නොමිලේ අනුන් එක්ක බෙදා ගන්න බැරි???දුවන රංචුව එහෙම හිතුවා.

දැං අන්තිමට බලද්දි නසෘදීන් විතරක් ගමේ එහා පැත්තට ඇවිදගෙන යද්දි මුලු ගමම අනිත් පැත්තට දුවනවා.මොකද කවුරුහරි මොනවාහරි කරනවනම් අපිත් ඒකම කළාම මොකද කියලා හිතනවනෙ.

අනික යන ට්‍රෙන්ඩ් එකට දිව්වම මොක වෙනවද?

දැං මේක දැකපු නස් රුදීන්ටත් පොඩ්ඩක් විතර අවුල්.කොටින්ම කියනවනම් මිනිහ කියපු බොරුව දැං මිනිහටම දිරවලා.”හැබෑවටම ඒක ඇත්තක් වෙන්නත් බැරි නෑ” කියලා කියපු එයත් රෆීක්ගේ ගෙවල් පැත්තටම දුවන්න ගත්තා.

Imagehttp://www.clipart.com

මේක මම ගිතපු කතාවක් නෙවෙයි.ජන කතාවක්.විවිධ රටවල විවිධ අය මේකෙ තිබුනු නම් ගම් වලට ආදේශ වෙලා ඇති.ඒත් කියවෙන දේ අදටත් හෙටටත් පුදුම විදිහට වලංගුයි.මිනිස්සු පුදුම විදිහට බොරු කියනවා.ඒත් වඩා භයානකම දේ තමන් කියපු බොරුව අන්තිමේදී තමන්ටම විශ්වාස කරන්න සිදුවීම.

දෙවන ලෝක සංග්‍රාමය සමගාමීව හිට්ලර්ගෙ හොරනෑව වෙලා තිබුනු ආචාර්ය ගොබෙල්ස් අද ජීවතුන් අතර හිටියනම් ගොඩක් සතු‍ටු වෙන්නෙ තමන් ගොඩ නඟපු වන්දිබට්ටවාදී පිළිවෙත් අද ඊටත් වඩා හොඳට ඉස්සරහට යනවා දැකලා.එකම බොරුව සිය දහස් වාරයක් කියනවා කියනවා විතරක් නෙවෙයි ඒක  ඒත්තු ගන්නන්න ඕන තරම් ඊනියා විද්වතුන් කෙස් පැලෙන පුහු තර්ක ගේනවා, ඒත් ගැටලුව තාමත් එතැනමයි.ටිකක් කල්පනා කරලා කරුණු සොයා බලා යමක් විශ්වාස කරනවට වඩා අතේ පැලවෙන කෙබර විශ්වාස කරන එක ලොසිංජර කනවටත් වඩා ලේසි වැඩේ හින්දා කියන ඇහෙන ඕන මඟුලක් විශ්වාස කරලා බඩ උලාගෙන බකන් නිලාගෙන ඉන්නවා.යම් කිසි දවසක සත්‍යය සත්‍යය ලෙසම කරළියට එනවාද,එදාට කියනවා

“අනේ මම මුකුත් දන්නෙ නෑ……………………………………………..නෙ කියලා.”

Imagehttp://www.redheadfmme.com

ඉතිං ඊට පස්සෙ 18++++

කතාව අපි ආයි පටන් ගමු.කලින් අපි ඉවර කෙරුවේ අපේ එවුන්ගේ ඇම්ඩන් වැඩ හින්දා මල අතට අරගෙන අපේ විදුහල්පති තුමා හරියට නාලාගිරි ඇතා වගේ කුංචනාද කරගෙන එන වෙලාවෙ.එයා ඒ විදිහට එනකොට මෙච්චර වෙලා තමන්ගේ පතිවුර්තාව කෙලෙසිලා වගේ හිටපු අර බාලිකා පාසලේ ටීචර්ලා ටික මෙන්න අපේ බිග් බොස්ට ගතු කියන්නත් අරගත්තා. යකෝ හරියට අපේ අහවල් එක වැටිලා තියෙනවා වගේ.

Imagehttp://www.ctunet.com

ඔන්න දැං බොසා ආවා පුපුර පුපුර.අපේ එවුනුත් ටිකක් බය වුනා.මොකද බොසා ආයි නෑ ගහන්න හිතුනොත් ගහනවා එලොව පොල් පේන්න.ඒ මදිවට මේ දෙනෝ දාහක් කෙල්ලො ඉස්සරහ ගුටි කෑවොත් ආයි ටවුමේ ඉඳලා ඉවරයි.දැං කෙල්ලො ටිකයි මිස්ලා ටිකයි බලා ඉන්නවා අපි අම්බානකට කන කං.

බොසා ඇහුවා””කවුද යකෝ මෙතන ජවුසන් නටන්නෙ??තොපි ලමයිද නැත්තං ……………………… කියපු කතා ටික මෙතන දාලා හොදි නාන්න ඕන නෑනෙ.

හොඳ වෙලාවට අපිට එනවුන්සින් පුරුදු කරන්න හිටපු චූටි මිස් එතන හිටියා.””අනේ නෑ……………….සර්………………මෙතන මේ මේකයි වෙලා තියෙන්නෙ”” කියලා මිස් අපිව බේර ගත්තා.

(ඇත්තටම අපි එයාට චූටි මිස් කියලා කිව්වෙ අපි එච්චරම එයාට ආදරේ හින්දා,අපිට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් වෙච්ච මිස් අපිට හරියටම අක්කියෙක් වගේ,සාමාන්‍යයෙන් අපි ඉස්කෝලවල දකින මහා ජරා ගුරු හොරියන්ට වඩා අපි දැකපු පුදුමාකාර පරමාදර්ශී චරිතයක්,පස්සෙ වෙලාවක ඉඩ තිබුනොත් එයා ගැනත් කියන්නම්)

චූටි මිස්ගේ කතාවෙන් පස්සේ අර නාලාගිරි හස්තියාවගේ පිඹගෙන ආපු බොසාගේ රස්පට් බැස්සා.යමු බලන්න කියලා කියපු බොසා අපි එක්කම ගෝනි ටික ලඟට ගියා.අපිත් අදාල ගෝනිය පෙන්නුවා.

මෙන්න යකා වගේ හිටපු බොසාටත් හිනා යන්න ආවා.මොනවා කරන්නද.””හරි දැං උඹලානෙ මේක හොයා ගත්තෙ,දැං එහෙමනම් උඹලම මේක ගිහිල්ලා අර ලයිබ්‍රිය පිටි පස්සෙන් හලලා වරෙල්ලා.'”

කාපල්ලකො ඉතින්,මේක අරන් යන එකාට හොඳ කාඩ් එකක් වදිනවා ෂුවර්.ඒත් බොසා තව කෑගැහුවොත් තව චා……………..ටර්.අපි තු හතර දෙනෙක්ම ගෝනිය උස්සගෙන ගිහිල්ලා ලයිබ්‍රිය පස්සෙන් ගෝනිය පිටින්ම හලලා ආවා.ලඟ තිබුනු කඩේකින් තව ගොනියක් අරන් ඇවිත් තරඟය තිබ්බා.(ඒක පරණ මිරිස් ගෝනියක්, දුවපු එකාට මාර බකට් එක)

කොහොම හරි චබියා වැඩේ ශේප් කරන්න කියලා හිතාගෙන මෙහෙම මයික් එකෙන් කිව්වා.

“කරුණාවෙන් සවන් දෙන්න,අදාල භාණ්ඩය හිමිකරුවා පැමිණ ලබා ගත් බැවින් තරගය නැවත ඇරඹේ “”කියලා.

ඒ පාර මෙච්චර වෙලා බොසාට බයේ හිර වෙලා හිටපු හූ………………ව ආයි ඇහුනා.

දැං හරි නම් කතාව ඉවර වෙන්න එපෑ,ඒ වුනාට ඊට පස්සේ වෙච්ච මගඩිය කිව්වෙ නැතොත් හරි නෑ.ඒ වෙච්ච මගඩිය නිසා අදටත් ඒ බාලිකා පාසලේ කිසිම දෙයක් අපේ ග්‍රවුන්ඩ් එකට නම් ගේන්නෙ නෑ.ඒ මදිවට අපේ ඉස්කෝලෙ ඉන්නේ මහම මහා ඇම්ඩො සෙට් එකක් කියලා කාඩ් එකකුත් වැදුනා.

බාලිකා පාසලේ ටීචර්ලා අපේ ඉස්කෝලෙ කොල්ලන්ට ඒ ගොල්ලන්ගේ පවුලක එකෙක්වත් දීග දෙන්නෙ නෑ කියලත් කිව්වලු.

මෙච්චරත් කියලා තවත් අ‍ටුවා ටීකා ටිප්පණි මොකටද?කෙලින්ම කියන්නම්කො.පස්සේ වෙලාවක පටන් ගන්න ගිය ග්‍රීස් ගහේ නැගීම(කොල්ලන්ට විතරයි) ඉසව්වට කවුද එකෙක් කොඩිය තියෙන තැනට කොඩියත් එක්කම අර,වටිනා භාණ්ඩේ එල්ලලා.

Imagehttp://www.creativeuncut.com

වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

වටිනා බඩුව.18++++++++

අවවාදයයි,

දහම් පාසල් යන,දොරමඬලාව නරඹන, හොඳ ලමයි මේ කතාව කියවීමෙන් වළකින්න.ඒ වගේම නිල් පාට කතා අහලා බඩේ අමාරුව හදා ගන්නා අයද මෙය කිසි විටක කියවන්න එපා.මේ අසභ්‍ය කතාව බලා නරක් වෙන අය ගැන වග කියනු නොලැබේ.

කතාව කියන්න ලේසි වෙන්න මං මේක මම කියන විදිහටම කියන්නම්.හැබැයි මේක අපේ ඉස්කෝලෙට කිසිඩු සම්බන්ධයක් නෑ,මොකද ඔය කියන විදිහේ පිට්ටනියක් අපිට පේන තෙක් මානෙක තිබුනෙ නැති හින්දා.

අපේ පැත්තටම තිබ්බ ලොකුම පිට්ටනිය තමයි අපේ ඉස්කෝලේ පිට්ටනිය,ඒ හින්දා ගොඩක් වෙලාවට අවුරුදු උත්සවයේ ඉඳන් දේශපාලන ‍රැස්වීම දක්වා සෑම සියලු ‍රැස්වීමක්ම තිබුනෙ අපේ පිට්ටනියෙ.ඔන්න දවසක් හරි අපූරු අවස්ථාවක් ලැබෙනවා. අපේ ටවුමේ එහා කොනේ බාලිකා ඉස්කෝලේ මහා අවුරුදු උත්සවයක් තියන්න තීරනය වෙලා.ඒ වුනාට එයාලට කෝ ග්‍රවුන්ඩ් එකක්.ඉතින් ඒ ඉස්කෝලෙ විදුහල්පතිනිය අපේ විදුහල්පතිතුමාගෙන් ඉල්ලලා තිබුනා ඒ අවුරුදු උත්සවය අපේ ග්‍රවුන්ඩ් එකෙ තියන්න.අපේ විදුහල්පතිතුමා කියලා තියෙනවා අනේ ඉතිං එයාලගේ විතරක් නෙවෙයි අපෙත් අවුරුදු උත්සවයක් තියන්න තියෙනවා,ඒ හින්දා දෙකම එකට තියමු කියලා.(ඇත්තටම ඒ තීන්දුවට නම් මල් තියල වඳින්න ඕන,අපිට දෙන චාන්ස් වලට).කොහොම හරි ඔන්න දැං අවුරුදු උත්සවයත් තියෙන දවස ආවා.

ඒ අස්සේ ඒකට ලෑස්තිවෙන්න අපේ කොල්ලො ටිකත් අර බාලිකා ඉස්කෝලේ ලමයි එක්ක මාර සහෝදර(?) ප්‍රේමයෙන් වැඩ කළා.

Image123rf.com

අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කියන්නෙ නිකන්ද????.

උත්සවේ ගොඩ දාන්න ගිහින් ගොඩ ගියපු එවුන් ගැන වෙන දවසක මං කියන්නම්.අද කතාව ලියන්න බැරි වෙනවා එව්වා ලියන්න ගියොත්.

ඔන්න දැං උත්සවේ දවසේ කවදාවත් ඉස්කෝලේ ආව නැතීවුනුත් මෙන්න එදා ඉස්කෝලෙ එනවා හරියට කිරි කොක්කු වගේ.අවුරුදු තරඟ වලට මාර උද්යෝගයක්.කෙල්ලන්ගේ පැත්තෙන් තරග වලට එන තරමක් එන්නේ හිච්චි කෙල්ලො.(අපේ වයසේ එවුන් ආවොත් දන්නවනේ,ක්ලාස් වල නැතිවෙන්න වදිනවා කියලා)

ඔන්න දැං තිබ්බා 13 පහළ බාලිකා ගෝනි රේස් තරඟය.දූවිලි අවුස්සමින් හරියට ගාල කඩා ගත්ත හරක්ටික වගේ දුවලා ගිහින් ඔන්න තරඟය අවසන් වුනා.දැං ඊලඟට13පහළ බාලක තරඟය.එව්වට ගත්තෙත් අර කෙල්ලො පාවිච්චි කරපු ගෝනි ටිකම තමයි.මොකද අපි ගෝනි මවන්නයැ.මෙන්න ඒක ලෑස්ති කරපු අපේ චබියා (මුගේ නම නම් කොහොමටවත් කියන්නේ නෑ) දුවගෙන ඇවිල්ලා අපිට කියනවා.(අපි එතකොට එනවුන්සිං වල)

Imagehttp://www.southfloridabounce.com

 “මචං,මාර කේස් එකපොඩි උන් එකෙක්වත් ගෝනි වලට බහින්න කැමති නෑ”

“ඇයි,උන්ට සිමෙන්ති උරද ඕන කියලා කියන්නෙ?”

“නෑ,බං අර එක ගෝනියක පොඩි චාටර් සීන් එකක් වෙලා”

“ඇයි ඒක හිල් වෙලාද??”

“ඒක ඇතුළේ අයිටම් එකක් වැටිලා”

“මොන අහවල් එකක් වැටෙන්නද බං,මොකද කෙල්ලෙක්ගේ ජ___වැටිලාද??”

අපේ එකෙක් තරහටත් එක්ක ඇහුවා,මොකද සෙනඟ ඔක්කොම බලා ඉන්නවා ඊලඟ තරගේ පටන් ගන්න කන්.

“ඔව් යකෝ,එතන කවුද කෙල්ලෙක්ගෙ ජ___ වැටිලා,මුන් එව්වත් දාලානේ දුවලා තියෙන්නෙ”.

බලද්දි වෙලා තියෙන්නෙ මෙන්න මේකයි,තර‍ඟේ අතරෙදි ඒ යුවතියකගේ underwear එකක් වැටිලා ගෝනියක් ඇතුලේ,දැං ඒක දැකපු ඊළඟ තරගෙට ඉන්න අපෙ පොඩි එවුන් පස්ස ගහනවා.(ඒ ටික කිව්වේ බට ලයිට් වලට.)

දැං මොකද කරන්නේ,මේක අරන් දාන්න කිසි කොල්ලෙක් එන්නේ නෑ කියලා ටක්කෙටම ෂුවර්.කරන්න දෙයකුත් නෑනෙ.ගියා මයික් එක ලඟට.දුන්නා සද්දෙන් හොඳ නිවේදනයක්.”

“කරුණාවෙන් සවන් දෙන්න,13පහළ බාලිකා ගෝනි රේස් තරඟයට සහභාගි වූ සිසුවියකගේ වටිනා භාණ්ඩයක් ගෝනියක් තුල වැටී ඇති නිසා අයිතිකරුවා පැමින වහාම එය ‍රැගෙන යන්න.””

කියලා.මේක ඇහුනා විතරයි සෙනඟ ටිකක් නිස්සද්ද වෙන්නගත්තා. අර බාලිකා ඉස්කෝලේ මිස්ලා ඒක තේරුම් ගත්තෙ කවුරුහරි ගෑණු ලමයෙක්ගේ කරාබුවක්,කොණ්ඩ ක‍ටුවක් වගේ දෙයක් වැටිලා වෙන්න ඇති කියලා.ඉතින් කවුරුවත් එච්චර ගණන් ගත්ත බවක් පෙනුනෙ නෑ.දැං මාර අප්සෙට් එක.එක පැත්තකින් තරගේ පටන් ගන්න විදිහක් නෑ.අනික අර ලමයින්ගේ අම්මලා අපිට රවනවා පටන් ගන්න පරක්කු කරනවා කියලා.වැඩේ හරි යන්නෙ නෑ,දුන්නා තව පාරක්

“කරුණාවෙන් සවන් දෙන්න,13පහළ බාලිකා ගෝනි රේස් තරගයට සහභාගි වූ සිසුවියකගේ ඉතා වටිනා පැළදුමක් ගෝනියක් තුල වැටි තිබී සමුවී ඇත.එය ඉවත් කරගන්නා තුරු මීළඟ තරගය ආරම්භ කළ නොහැක,හිමිකරුවා ඉදිරිපත් වෙන්නේ නම් පුද්ගලිකව ඉවත් කර ගැනීමට අවස්ථාව ලබා දිය හැක.”

ඔන්න ඒ පාර සෙනඟ ටිකක් කලබල වුනා,දැං දැං අපේ ඉස්කෝලේ ටීචර්ලටත් තේරුනා මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා.ඒ වුනත් විනාඩි 20 විතර ගියත් කිසිම හැල හොල්මනක් නෑ.

මේක ඇල්ලුවේ නෑ,අපේ එකෙක්ට.මූ කොහොමත් වෙලාවෙ හැටියට ගන්න පුලුවන් ආතල් එකක් ගන්න රෙඩි වෙලා ඉන්න,පොල්පිති බලියට පිත්තල ඇණ ඕන නෑ කියලා හිතන පොරක්.පොර ගියා මයික් එක ලඟට.කිව්වා

තරගයට සහභාගි වූ කෙනෙකුගේ යට ඇඳුමක් ගෝනියක් තුල වැටී ඇත,කරුණාකර ඉවත් කර ගන්න”

මේක කිව්වත් හරි අර සෙනඟ හරියට බට කැළේ ගිනි ගත්තා වගේ කෑගහන්න ගත්තා,ඒ මදිවට මුලු ටවුමම දෙදරන්න හූ………………….ව.අර 13 පහළ ගෝනි රේස් දුවපු කෙල්ලො එකෙක් වත් පේන්න වත් හිටියෙ නෑ.girls prefect ලා ඔක්කොම මූන වහගෙන.

මූ කරපු වැඩෙන් අපිත් එක්ක ඊළඟ ටික එනවුන්ස් කරන්න එන්න හිටපු කෙලි පොඩ්ඩියො ටිකත් අතුරුදහන්.(ඌ කරොත් කරන්නේ අපිට උදැල්ලක් වෙන වැඩක්ම තමයි.)

අනික ඒ මදිවට මෙන්න ඒක ඇහිලා අපේ ප්‍රින්සිපල් උතුමානොත් මෙන්න වඩිනවා, මල අතේ තියාගෙන.

Imagehttp://www.kimdalferes.com

පොස්ට් එක දිග වෙන හින්දා ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.