වටිනා බඩුව.18++++++++

අවවාදයයි,

දහම් පාසල් යන,දොරමඬලාව නරඹන, හොඳ ලමයි මේ කතාව කියවීමෙන් වළකින්න.ඒ වගේම නිල් පාට කතා අහලා බඩේ අමාරුව හදා ගන්නා අයද මෙය කිසි විටක කියවන්න එපා.මේ අසභ්‍ය කතාව බලා නරක් වෙන අය ගැන වග කියනු නොලැබේ.

කතාව කියන්න ලේසි වෙන්න මං මේක මම කියන විදිහටම කියන්නම්.හැබැයි මේක අපේ ඉස්කෝලෙට කිසිඩු සම්බන්ධයක් නෑ,මොකද ඔය කියන විදිහේ පිට්ටනියක් අපිට පේන තෙක් මානෙක තිබුනෙ නැති හින්දා.

අපේ පැත්තටම තිබ්බ ලොකුම පිට්ටනිය තමයි අපේ ඉස්කෝලේ පිට්ටනිය,ඒ හින්දා ගොඩක් වෙලාවට අවුරුදු උත්සවයේ ඉඳන් දේශපාලන ‍රැස්වීම දක්වා සෑම සියලු ‍රැස්වීමක්ම තිබුනෙ අපේ පිට්ටනියෙ.ඔන්න දවසක් හරි අපූරු අවස්ථාවක් ලැබෙනවා. අපේ ටවුමේ එහා කොනේ බාලිකා ඉස්කෝලේ මහා අවුරුදු උත්සවයක් තියන්න තීරනය වෙලා.ඒ වුනාට එයාලට කෝ ග්‍රවුන්ඩ් එකක්.ඉතින් ඒ ඉස්කෝලෙ විදුහල්පතිනිය අපේ විදුහල්පතිතුමාගෙන් ඉල්ලලා තිබුනා ඒ අවුරුදු උත්සවය අපේ ග්‍රවුන්ඩ් එකෙ තියන්න.අපේ විදුහල්පතිතුමා කියලා තියෙනවා අනේ ඉතිං එයාලගේ විතරක් නෙවෙයි අපෙත් අවුරුදු උත්සවයක් තියන්න තියෙනවා,ඒ හින්දා දෙකම එකට තියමු කියලා.(ඇත්තටම ඒ තීන්දුවට නම් මල් තියල වඳින්න ඕන,අපිට දෙන චාන්ස් වලට).කොහොම හරි ඔන්න දැං අවුරුදු උත්සවයත් තියෙන දවස ආවා.

ඒ අස්සේ ඒකට ලෑස්තිවෙන්න අපේ කොල්ලො ටිකත් අර බාලිකා ඉස්කෝලේ ලමයි එක්ක මාර සහෝදර(?) ප්‍රේමයෙන් වැඩ කළා.

Image123rf.com

අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කියන්නෙ නිකන්ද????.

උත්සවේ ගොඩ දාන්න ගිහින් ගොඩ ගියපු එවුන් ගැන වෙන දවසක මං කියන්නම්.අද කතාව ලියන්න බැරි වෙනවා එව්වා ලියන්න ගියොත්.

ඔන්න දැං උත්සවේ දවසේ කවදාවත් ඉස්කෝලේ ආව නැතීවුනුත් මෙන්න එදා ඉස්කෝලෙ එනවා හරියට කිරි කොක්කු වගේ.අවුරුදු තරඟ වලට මාර උද්යෝගයක්.කෙල්ලන්ගේ පැත්තෙන් තරග වලට එන තරමක් එන්නේ හිච්චි කෙල්ලො.(අපේ වයසේ එවුන් ආවොත් දන්නවනේ,ක්ලාස් වල නැතිවෙන්න වදිනවා කියලා)

ඔන්න දැං තිබ්බා 13 පහළ බාලිකා ගෝනි රේස් තරඟය.දූවිලි අවුස්සමින් හරියට ගාල කඩා ගත්ත හරක්ටික වගේ දුවලා ගිහින් ඔන්න තරඟය අවසන් වුනා.දැං ඊලඟට13පහළ බාලක තරඟය.එව්වට ගත්තෙත් අර කෙල්ලො පාවිච්චි කරපු ගෝනි ටිකම තමයි.මොකද අපි ගෝනි මවන්නයැ.මෙන්න ඒක ලෑස්ති කරපු අපේ චබියා (මුගේ නම නම් කොහොමටවත් කියන්නේ නෑ) දුවගෙන ඇවිල්ලා අපිට කියනවා.(අපි එතකොට එනවුන්සිං වල)

Imagehttp://www.southfloridabounce.com

 “මචං,මාර කේස් එකපොඩි උන් එකෙක්වත් ගෝනි වලට බහින්න කැමති නෑ”

“ඇයි,උන්ට සිමෙන්ති උරද ඕන කියලා කියන්නෙ?”

“නෑ,බං අර එක ගෝනියක පොඩි චාටර් සීන් එකක් වෙලා”

“ඇයි ඒක හිල් වෙලාද??”

“ඒක ඇතුළේ අයිටම් එකක් වැටිලා”

“මොන අහවල් එකක් වැටෙන්නද බං,මොකද කෙල්ලෙක්ගේ ජ___වැටිලාද??”

අපේ එකෙක් තරහටත් එක්ක ඇහුවා,මොකද සෙනඟ ඔක්කොම බලා ඉන්නවා ඊලඟ තරගේ පටන් ගන්න කන්.

“ඔව් යකෝ,එතන කවුද කෙල්ලෙක්ගෙ ජ___ වැටිලා,මුන් එව්වත් දාලානේ දුවලා තියෙන්නෙ”.

බලද්දි වෙලා තියෙන්නෙ මෙන්න මේකයි,තර‍ඟේ අතරෙදි ඒ යුවතියකගේ underwear එකක් වැටිලා ගෝනියක් ඇතුලේ,දැං ඒක දැකපු ඊළඟ තරගෙට ඉන්න අපෙ පොඩි එවුන් පස්ස ගහනවා.(ඒ ටික කිව්වේ බට ලයිට් වලට.)

දැං මොකද කරන්නේ,මේක අරන් දාන්න කිසි කොල්ලෙක් එන්නේ නෑ කියලා ටක්කෙටම ෂුවර්.කරන්න දෙයකුත් නෑනෙ.ගියා මයික් එක ලඟට.දුන්නා සද්දෙන් හොඳ නිවේදනයක්.”

“කරුණාවෙන් සවන් දෙන්න,13පහළ බාලිකා ගෝනි රේස් තරඟයට සහභාගි වූ සිසුවියකගේ වටිනා භාණ්ඩයක් ගෝනියක් තුල වැටී ඇති නිසා අයිතිකරුවා පැමින වහාම එය ‍රැගෙන යන්න.””

කියලා.මේක ඇහුනා විතරයි සෙනඟ ටිකක් නිස්සද්ද වෙන්නගත්තා. අර බාලිකා ඉස්කෝලේ මිස්ලා ඒක තේරුම් ගත්තෙ කවුරුහරි ගෑණු ලමයෙක්ගේ කරාබුවක්,කොණ්ඩ ක‍ටුවක් වගේ දෙයක් වැටිලා වෙන්න ඇති කියලා.ඉතින් කවුරුවත් එච්චර ගණන් ගත්ත බවක් පෙනුනෙ නෑ.දැං මාර අප්සෙට් එක.එක පැත්තකින් තරගේ පටන් ගන්න විදිහක් නෑ.අනික අර ලමයින්ගේ අම්මලා අපිට රවනවා පටන් ගන්න පරක්කු කරනවා කියලා.වැඩේ හරි යන්නෙ නෑ,දුන්නා තව පාරක්

“කරුණාවෙන් සවන් දෙන්න,13පහළ බාලිකා ගෝනි රේස් තරගයට සහභාගි වූ සිසුවියකගේ ඉතා වටිනා පැළදුමක් ගෝනියක් තුල වැටි තිබී සමුවී ඇත.එය ඉවත් කරගන්නා තුරු මීළඟ තරගය ආරම්භ කළ නොහැක,හිමිකරුවා ඉදිරිපත් වෙන්නේ නම් පුද්ගලිකව ඉවත් කර ගැනීමට අවස්ථාව ලබා දිය හැක.”

ඔන්න ඒ පාර සෙනඟ ටිකක් කලබල වුනා,දැං දැං අපේ ඉස්කෝලේ ටීචර්ලටත් තේරුනා මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා.ඒ වුනත් විනාඩි 20 විතර ගියත් කිසිම හැල හොල්මනක් නෑ.

මේක ඇල්ලුවේ නෑ,අපේ එකෙක්ට.මූ කොහොමත් වෙලාවෙ හැටියට ගන්න පුලුවන් ආතල් එකක් ගන්න රෙඩි වෙලා ඉන්න,පොල්පිති බලියට පිත්තල ඇණ ඕන නෑ කියලා හිතන පොරක්.පොර ගියා මයික් එක ලඟට.කිව්වා

තරගයට සහභාගි වූ කෙනෙකුගේ යට ඇඳුමක් ගෝනියක් තුල වැටී ඇත,කරුණාකර ඉවත් කර ගන්න”

මේක කිව්වත් හරි අර සෙනඟ හරියට බට කැළේ ගිනි ගත්තා වගේ කෑගහන්න ගත්තා,ඒ මදිවට මුලු ටවුමම දෙදරන්න හූ………………….ව.අර 13 පහළ ගෝනි රේස් දුවපු කෙල්ලො එකෙක් වත් පේන්න වත් හිටියෙ නෑ.girls prefect ලා ඔක්කොම මූන වහගෙන.

මූ කරපු වැඩෙන් අපිත් එක්ක ඊළඟ ටික එනවුන්ස් කරන්න එන්න හිටපු කෙලි පොඩ්ඩියො ටිකත් අතුරුදහන්.(ඌ කරොත් කරන්නේ අපිට උදැල්ලක් වෙන වැඩක්ම තමයි.)

අනික ඒ මදිවට මෙන්න ඒක ඇහිලා අපේ ප්‍රින්සිපල් උතුමානොත් මෙන්න වඩිනවා, මල අතේ තියාගෙන.

Imagehttp://www.kimdalferes.com

පොස්ට් එක දිග වෙන හින්දා ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.

Advertisements

4 thoughts on “වටිනා බඩුව.18++++++++

  1. මීට කලින් මේ පැත්තේ ඇවිත් නැහැ. බොහොම හොඳයි. රසය උපරිමයි.

    මට මතක් වුනා 1960 දශකයේදී මම අහපු කවියක්. ඒ කාලේ ගමේ කවුරුත් නාන්න යන්නේ ගමේ පොදු ළිඳටනේ. ගමේ ආරච්චිගේ හාමිනේ යන්නෙත් ඒ ලිඳට. දවසක් නාලා ආවට පස්සේ තමයි දැනගත්තේ හාමිනේගේ යමක් නැතිවෙලා කියලා. හාමිනේ ආරච්චි මහත්තයය ‘කේස් එක කොම්ප්ලේන්’ කොලා. ආරච්චි මහත්තයා ගෙදර ආවතේව කරන ‘පොදියා’ කියන මිනිහට කනට කරලා කිව්වා සද්ද නැතුව පොඩි ‘ක්‍රියාන්විතයක්’ දියත් කරලා නැතිවෙච්ච එක හොයාගන්ඩ බලපන් කියලා. ඌ කෙලින්ම ගියේ ගමේ කසිප්පු පොලට. හොඳට ගසලා ආපහු එනකොට තමයි ක්‍රියාන්විතය මතක් වුනේ. මිනිහා එක කවියකින් මුළු ගමටම පණිවිඩය මග දිගටම සංනිවේදනය කළා.

    මෙන්න කවිය.

    හාමිනේගේ කෑරැල්ලා – කවුද කෙනෙක් ගෙනිහිල්ලා
    අතට දෙන්ඩ ලැජ්ජා නම් – කඩුල්ල මුල තියපල්ලා.

    • බොහෝම ඉස්තූතියි ආවට,මේක නම් සිද්ධ වුනේ මෑත කාලෙ.ඉතුරු කෑල්ලත් බලන්නකෝ,එතකොට තේරෙයි,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s