ඉතිං ඊට පස්සෙ 18++++

කතාව අපි ආයි පටන් ගමු.කලින් අපි ඉවර කෙරුවේ අපේ එවුන්ගේ ඇම්ඩන් වැඩ හින්දා මල අතට අරගෙන අපේ විදුහල්පති තුමා හරියට නාලාගිරි ඇතා වගේ කුංචනාද කරගෙන එන වෙලාවෙ.එයා ඒ විදිහට එනකොට මෙච්චර වෙලා තමන්ගේ පතිවුර්තාව කෙලෙසිලා වගේ හිටපු අර බාලිකා පාසලේ ටීචර්ලා ටික මෙන්න අපේ බිග් බොස්ට ගතු කියන්නත් අරගත්තා. යකෝ හරියට අපේ අහවල් එක වැටිලා තියෙනවා වගේ.

Imagehttp://www.ctunet.com

ඔන්න දැං බොසා ආවා පුපුර පුපුර.අපේ එවුනුත් ටිකක් බය වුනා.මොකද බොසා ආයි නෑ ගහන්න හිතුනොත් ගහනවා එලොව පොල් පේන්න.ඒ මදිවට මේ දෙනෝ දාහක් කෙල්ලො ඉස්සරහ ගුටි කෑවොත් ආයි ටවුමේ ඉඳලා ඉවරයි.දැං කෙල්ලො ටිකයි මිස්ලා ටිකයි බලා ඉන්නවා අපි අම්බානකට කන කං.

බොසා ඇහුවා””කවුද යකෝ මෙතන ජවුසන් නටන්නෙ??තොපි ලමයිද නැත්තං ……………………… කියපු කතා ටික මෙතන දාලා හොදි නාන්න ඕන නෑනෙ.

හොඳ වෙලාවට අපිට එනවුන්සින් පුරුදු කරන්න හිටපු චූටි මිස් එතන හිටියා.””අනේ නෑ……………….සර්………………මෙතන මේ මේකයි වෙලා තියෙන්නෙ”” කියලා මිස් අපිව බේර ගත්තා.

(ඇත්තටම අපි එයාට චූටි මිස් කියලා කිව්වෙ අපි එච්චරම එයාට ආදරේ හින්දා,අපිට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් වෙච්ච මිස් අපිට හරියටම අක්කියෙක් වගේ,සාමාන්‍යයෙන් අපි ඉස්කෝලවල දකින මහා ජරා ගුරු හොරියන්ට වඩා අපි දැකපු පුදුමාකාර පරමාදර්ශී චරිතයක්,පස්සෙ වෙලාවක ඉඩ තිබුනොත් එයා ගැනත් කියන්නම්)

චූටි මිස්ගේ කතාවෙන් පස්සේ අර නාලාගිරි හස්තියාවගේ පිඹගෙන ආපු බොසාගේ රස්පට් බැස්සා.යමු බලන්න කියලා කියපු බොසා අපි එක්කම ගෝනි ටික ලඟට ගියා.අපිත් අදාල ගෝනිය පෙන්නුවා.

මෙන්න යකා වගේ හිටපු බොසාටත් හිනා යන්න ආවා.මොනවා කරන්නද.””හරි දැං උඹලානෙ මේක හොයා ගත්තෙ,දැං එහෙමනම් උඹලම මේක ගිහිල්ලා අර ලයිබ්‍රිය පිටි පස්සෙන් හලලා වරෙල්ලා.'”

කාපල්ලකො ඉතින්,මේක අරන් යන එකාට හොඳ කාඩ් එකක් වදිනවා ෂුවර්.ඒත් බොසා තව කෑගැහුවොත් තව චා……………..ටර්.අපි තු හතර දෙනෙක්ම ගෝනිය උස්සගෙන ගිහිල්ලා ලයිබ්‍රිය පස්සෙන් ගෝනිය පිටින්ම හලලා ආවා.ලඟ තිබුනු කඩේකින් තව ගොනියක් අරන් ඇවිත් තරඟය තිබ්බා.(ඒක පරණ මිරිස් ගෝනියක්, දුවපු එකාට මාර බකට් එක)

කොහොම හරි චබියා වැඩේ ශේප් කරන්න කියලා හිතාගෙන මෙහෙම මයික් එකෙන් කිව්වා.

“කරුණාවෙන් සවන් දෙන්න,අදාල භාණ්ඩය හිමිකරුවා පැමිණ ලබා ගත් බැවින් තරගය නැවත ඇරඹේ “”කියලා.

ඒ පාර මෙච්චර වෙලා බොසාට බයේ හිර වෙලා හිටපු හූ………………ව ආයි ඇහුනා.

දැං හරි නම් කතාව ඉවර වෙන්න එපෑ,ඒ වුනාට ඊට පස්සේ වෙච්ච මගඩිය කිව්වෙ නැතොත් හරි නෑ.ඒ වෙච්ච මගඩිය නිසා අදටත් ඒ බාලිකා පාසලේ කිසිම දෙයක් අපේ ග්‍රවුන්ඩ් එකට නම් ගේන්නෙ නෑ.ඒ මදිවට අපේ ඉස්කෝලෙ ඉන්නේ මහම මහා ඇම්ඩො සෙට් එකක් කියලා කාඩ් එකකුත් වැදුනා.

බාලිකා පාසලේ ටීචර්ලා අපේ ඉස්කෝලෙ කොල්ලන්ට ඒ ගොල්ලන්ගේ පවුලක එකෙක්වත් දීග දෙන්නෙ නෑ කියලත් කිව්වලු.

මෙච්චරත් කියලා තවත් අ‍ටුවා ටීකා ටිප්පණි මොකටද?කෙලින්ම කියන්නම්කො.පස්සේ වෙලාවක පටන් ගන්න ගිය ග්‍රීස් ගහේ නැගීම(කොල්ලන්ට විතරයි) ඉසව්වට කවුද එකෙක් කොඩිය තියෙන තැනට කොඩියත් එක්කම අර,වටිනා භාණ්ඩේ එල්ලලා.

Imagehttp://www.creativeuncut.com

වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.