නිකං දෙනු ලැබේ.

Imagewww,soulcurrymagazine.com

දවසක් මේ කතාවෙ කතානායකයා ඒ කියන්නේ මෙතනට විදිහට නම් නස්රුදීන් තමන්ගේ ගමේ පාර දිගේ ඇවිදගෙන යනවා.නසෘදීන් පහු කරගෙන එන්නෙ ගමේ ලොකුම පෝසතා වන ර‍ෆික්ගෙ මහා නිවස.

එයා හිතන විදිහට ඒ සල්ලි කාරයා එයාලට නැති කවදාවත් ලං වෙන්න බැරි අමුතු සැපතක් විඳිනවා.

ඒ හින්දා එයාට ඒ සල්ලි කාරයා ගැන අමුතු ඉරිසියාවක් තියෙනවා.

ඒක අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා එයාට වඩා සැපතක් විඳිනවා කියන හැඟීමට වඩා එහා ගිය දෙයක්.

කොහොමහරි  පාරේ ඉස්සරහට යන එයාට මුන ගැහෙනවා සෙල්ලම් කර කර ඉන්න කොලු රෑනක්.සාමාන්‍යයෙන් මේ වගේ කොල්ලො රෑනක් හරි ලේසියෙන්ම රවට්ටන්න පුලුවන් කියලා නස්රුදීන් දන්නවා.ඉතින් එයා මේ කොලු රෑනට කියනවා

“අන්න රා‍ෆික් අද නොමිලේ රසකැවිලි බෙදනවා.”

Imagehttp://www.thestar.com

කියන ඕනෑම පට්ට කෙබරයක් ඉහේ තියාගෙන විශ්වාස කරන්න ඉන්න ‍රැලක් අර ආරංචිය ඇහුවා විතරයි තල් අත්තට බෙලි ගෙඩිය වැටෙනවා අහපු හාවා දුවනවා වගේ කෑගසමින් දුවනවා රා‍ෆික්ලගෙ ගෙදර දිහාවට.දුවනව නම් මදෑ.ඒ ගමන් මොර දෙන්න ගන්නවා

 “නොමිලේ රසකැවිලි බෙදනෝ………………………”කියලා.ඒක අහන අනික් හැමෝමත් ඒකම මොර දිදී දුවනවා රෆීක්ගේ ගෙවල් දිහාවට.දුවන්නත් කාරණේනෙ.

මොකද රෆීක්ට සල්ලි තියෙනවා.ඉතින් මොකද ඒ සල්ලි නොමිලේ අනුන් එක්ක බෙදා ගන්න බැරි???දුවන රංචුව එහෙම හිතුවා.

දැං අන්තිමට බලද්දි නසෘදීන් විතරක් ගමේ එහා පැත්තට ඇවිදගෙන යද්දි මුලු ගමම අනිත් පැත්තට දුවනවා.මොකද කවුරුහරි මොනවාහරි කරනවනම් අපිත් ඒකම කළාම මොකද කියලා හිතනවනෙ.

අනික යන ට්‍රෙන්ඩ් එකට දිව්වම මොක වෙනවද?

දැං මේක දැකපු නස් රුදීන්ටත් පොඩ්ඩක් විතර අවුල්.කොටින්ම කියනවනම් මිනිහ කියපු බොරුව දැං මිනිහටම දිරවලා.”හැබෑවටම ඒක ඇත්තක් වෙන්නත් බැරි නෑ” කියලා කියපු එයත් රෆීක්ගේ ගෙවල් පැත්තටම දුවන්න ගත්තා.

Imagehttp://www.clipart.com

මේක මම ගිතපු කතාවක් නෙවෙයි.ජන කතාවක්.විවිධ රටවල විවිධ අය මේකෙ තිබුනු නම් ගම් වලට ආදේශ වෙලා ඇති.ඒත් කියවෙන දේ අදටත් හෙටටත් පුදුම විදිහට වලංගුයි.මිනිස්සු පුදුම විදිහට බොරු කියනවා.ඒත් වඩා භයානකම දේ තමන් කියපු බොරුව අන්තිමේදී තමන්ටම විශ්වාස කරන්න සිදුවීම.

දෙවන ලෝක සංග්‍රාමය සමගාමීව හිට්ලර්ගෙ හොරනෑව වෙලා තිබුනු ආචාර්ය ගොබෙල්ස් අද ජීවතුන් අතර හිටියනම් ගොඩක් සතු‍ටු වෙන්නෙ තමන් ගොඩ නඟපු වන්දිබට්ටවාදී පිළිවෙත් අද ඊටත් වඩා හොඳට ඉස්සරහට යනවා දැකලා.එකම බොරුව සිය දහස් වාරයක් කියනවා කියනවා විතරක් නෙවෙයි ඒක  ඒත්තු ගන්නන්න ඕන තරම් ඊනියා විද්වතුන් කෙස් පැලෙන පුහු තර්ක ගේනවා, ඒත් ගැටලුව තාමත් එතැනමයි.ටිකක් කල්පනා කරලා කරුණු සොයා බලා යමක් විශ්වාස කරනවට වඩා අතේ පැලවෙන කෙබර විශ්වාස කරන එක ලොසිංජර කනවටත් වඩා ලේසි වැඩේ හින්දා කියන ඇහෙන ඕන මඟුලක් විශ්වාස කරලා බඩ උලාගෙන බකන් නිලාගෙන ඉන්නවා.යම් කිසි දවසක සත්‍යය සත්‍යය ලෙසම කරළියට එනවාද,එදාට කියනවා

“අනේ මම මුකුත් දන්නෙ නෑ……………………………………………..නෙ කියලා.”

Imagehttp://www.redheadfmme.com

Advertisements

One thought on “නිකං දෙනු ලැබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s