අතීතයේ වෙන සමහර සිද්ධි ඒ කාලේ හරි ලොකු දේවල් කියල හිතුනට පස්සේ කාලෙකදී අපිටම හිතෙනවා මේක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඒකෙම අනිත් පැත්ත වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි.මේ දේ කොච්චර ලොකු දෙයක්ද නැත්නම් පොඩි දෙයක්ද කියලා ඔයාලටම හිතා ගන්න කියලා තමයි මං මේ කතාව කියන්නෙ.මේ අපි ක්ලාස් යන කාලේ.
මේකාලෙදි කොහොමත් කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් පුදුම විසයක් තියෙන හින්දා ක්ලාස් යෑමේ මූලික අරමුණ පැත්තක තියලා වෙන වෙන එව්වා පස්සෙ යන එක අරුම පුදුම දෙයක් නෙවෙයි.ඉතින් අපිත් එහෙම තමයි.
ක්ලාස් එකට පරක්කු වෙලා එන කෙල්ලන්ට “සූ……………..” ගාලා ප්රචාරය දෙන එක,ඉස්සරහ පේළියේ කෙල්ලන්ගේ පිටේ ස්ටිකර් අලවන එක,දිග කොන්ඩ තියෙන කෙල්ලන්ගේ කොන්ඩවල කවකටු පෙට්ටි පටලවන එක(,ඒ කෙල්ලො නැඟිට්ටම කවකටු පෙට්ටිය සල බලාං ගාලා බිම ),කෙල්ලන්ගේ ලොවුතුරා බක්කි ඉස්සරහට යවන එක(ලොවුතුරා බක්කිය යනු රෙදි වලින් හැදූ කෙල්ලො ක්ලාස් වලට අරන් එන බෙර වගේ දෙයක්,ඒකෙ මල්ටි බැරල් රොකට් දක්වා සෑම් සියලු දේවල් තියෙනවා).ඔන්න ඔය වගේ ඇම්ඩන් වැඩ එලෝ කෝටියට කරනවා.
හැබැයි කෙල්ලොත් අහු වෙච්ච වෙලාවෙ අපිට දෙනවා බැස්ටිය,බැරි වෙලාවත් අපේ සෙරෙප්පුවක් එහෙම ඉස්සරහට ගියොත් පයින් ගහලා යවනවා ඉස්සරහටම,ඉතින් යමල්ලකො ඉස්සරහටම මහ මුදලි වගේ සෙරෙප්පුව අරගන්න.
අනික ඒ ගොල්ලො දන්නවා අපි ඔය මොන ඇම්ඩන් වැඩේ කරත් අවසානයේදී ඔය ඕන ඇම්ඩෙක් තමන්ගේ කෙල්ල හෝ වෙන්න කෙල්ල ඉස්සරහ දන ගහනවා කියලා.අර කියමනකුත් තියෙන්නෙ
කොල්ලෙකුට උගතෙක් වෙන්න අඩුම ගානේ අවුරුදු විස්සක් යනවා,කෙල්ලෙකුට ඒ කොල්ලව මෝඩයා කරන්න ඕන විනාඩි කීපයක් විතරයි කියලා.
කොහොමහරි කෙල්ලො ගැන කියන්න ගියොත් මේ පෝස්ට් එක දාන්න වෙන්නේ නෑ.ඒ හින්දා කතාවට එමුකෝ.
අපේ ක්ලාස් එකේ හිටියා ටිකක් උඩින් යන කෙල්ලෙක්.කොහොමත් මේ ඉස්කෝලෙ යන ගෑනු ලමයි පුදුම උඩකින් තමයි යන්නේ.ඒ කියන්නෙ
නෙවෙයි.එයාලා හරිම ආඩම්බරයි.අපේ තියෙන කොල්ලන්ගෙත් තියෙන මෝඩ කමට මේ ඉස්කෝලෙ ගෑනු ලමයි ගැනම තමයි ඇම්ම තියෙන්නෙත්.ඇයි මාර ගණන්නෙ.
ඉතින් මෙයාගේ නම දිලිසරා.මොන තේරුමකින් දැම්මද මං දන්නෙ නෑ,හැබැයි අපි කිව්වෙ බෙලිසරා කියලා,මොකද ඊට එහා පැත්තේ තිබුනු වත්තෙ(මේක වත්තක් නෙවෙයි කොරියාවක්,1960 ගනණ් වලකොරියාවක්) හිටියා චේන් කඩපු එකෙක්,උගේ nick name ඒක.හැබැයි ඌ දන්නේ නෑ අපි ඒ නම අර යුවතියට කිව්වා කියලා.
කොහොමහරි මේ යුවතිය හරිම අරපිරිමැස්මෙන් වැඩ කරපු කෙනෙක්.අර ඉස්සර වගේ සතෙන් සතේ ඉතුරු කරන පරණ වැඩ කලේ නෑ.කෙලින්ම ඉතුරු කරනවා රෙදි.ඒ කියන්නෙ බොහෝම අඩු රෙදි ප්රමාණයක් ඕන වෙන ඇඳුම් තමයි මෙයා ඇන්දේ.ඒ තරමට ඉතුරුව.ඉතින් අපිත් හරිම ආසයි මෙයා අපිට පැත්තකින් තියෙන පේලියක වාඩි වෙනවා නම්.ඒ වගේ දවස් වලට පස්සට යන්න දඟලන අපි මෙයාගේ ඉස්සරහ පේලියට පොර කාලා පනිනවා.ඒ විතරක්ද,පොළවේ ගුරුත්වාකර්ශනයත් එදාට වෙනස් වෙනවා.අපේ පෑන්,කාඩ්,පොත් බිමටවැටෙනවා ඉවරයක් නෑ.
ඔන්න ඉතිං දවසක් හරි අපූරු වැඩක් වුනා.
අයියෝ,බ්ලොග් පෝස්ට් එක දික් වෙනවා.ඉතුරු ටික තව ටිකකින් දාන්නම්,,,,,,,,,,,,හොඳේ……………..