දුරස් වන්නට මේ ලෙසින්

මං එයාව මුලින්ම දැක්කෙ මෙතනදි

එයා වාඩි වුනේ අන්න අතන

අපි හමු වුනේ අරෙහෙ.

අන්තිමේදී එයත් යන්න ගියා.

Image

www,s288.photobucket,com

දැං මං ජොලියෙ ඉන්නවා.ඇයි……………..මුහුදේ ඉන්නේ එක ????????????

 

Advertisements

අනේ මගේ දෙයියෝ(දෙවියන්ට අපහාස නොවේවා.18+)

සැමියා බිරිඳගේ දෙවියාය කියලා ඉස්සර කතාවක් තිබුනලු.ඒ නමින්ම පරණ චිත්තරපටියකුත් පෙන්නුවලු ඉස්සර කාලේම.ඒ කාලේ එහෙම වුනාට දැං නම් එහෙම කිව්වොත් ලංකාවේ මහා ස්ත්‍රී වාදීන් ඊළඟ දවසෙ රෙදි කරේ තියාගෙන බහිනවා පාරට.ඒකනේ ඔය දැං කියන්නේ සැමියා බිරිඳගේ ටොමියාය කියලා.කොහොමහරි මේ ලියන කතාවත් පරණ ගමක සිද්ධ වුනා කියන කතාවක්.

දවසක් අවුරුදු ලං වෙච්ච කාලෙක එක ගෙදරක කුස්සියේ ඉඳගෙන ඒ ගෙදර කාන්තාව,ඒ කියන්නෙ කතාවේ හැටියට නම් බිරිඳ, කැවුම් බදිනවලු.නිකන් කැවුම් නෙවෙයි කොණ්ඩ කැවුම්.මේ කැවුම් බදින දිහා ගෙදර ගෘහ මූලිකයා, ඒ කියන්නේ කතාවේ හැටියට ඒ කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා, මේ ළඟ ඉඳගෙන බලා ගෙන ඉන්නවා.බලාගෙන ඉන්නවා කිව්වට ඉතින් එහෙම්ම නෙවෙයිලු,බදින කැවුම් වලටත් වග කියනවලු.

කොහොමහරි වැඩේ දිගටම යනකොට ඒ සැමියාට පෙනුලලු කාන්තාව හදන හදන කැවුම් වලින් හොඳට කොණ්ඩේ ඇවිල්ලා එන හොඳම කැවුම් ළඟ තියෙන පෙට්ටගමට දානවා කියලා.ඒත් ඔය ඇද වෙලා,කොණ්ඩය හරියට එන්නෙ නැති කැවුං සේරම වට්ටියට දානවලු.දැං අන්තිමේදි සැමියා බලාගෙන හිටියට කන්න වෙන්නෙ වැරදිච්චි කැවුම්ලු.

සැමියා ඇහැව්වලු

“ඇයි යෝදියේ මේ හොඳ කැවුම් පෙට්ටගමට දාන්නෙ?”කියලා.(ඒ කාලේ තමන්ගේ බිරිඳට ආදරේට කිව්වේ යෝදී කියලලු,අද නම් මේක කිව්වොත් ඊළඟ දවසේ ඉඳන් බැෂ්ටිය ලැබෙනවා ඒකාන්තය)

 බිරිඳ කිව්වලු””ඒ දෙයියන්ට””කියලා.

“මොන දෙයියන්ටද කැවුම් දෙන්න ඕන?,දෙයියො කන්නේ දිව්‍ය භෝජනනෙ”

“මේ කැවුම් දෙන්නෙ සිං සිං දෙයියන්ට,උන්දෑ කැවුම් කන්න බොහෝම මනාපයි නෙ,මනුස්සයො”‘කියලා බිරිඳ හැන්ද උරුක් කරලා බොහෝම සෙනෙහසින් කිව්වලු.

Image

දැං සැමියා කල්පනා කළාලු තව ඇහුවොත් ඉතින් ස්පාඤ්ඤ බාසාවෙන් තමයි අහගන්න වෙන්නෙ කියලා හිමීට කල්පනා කරලා දුන්නලු පොඩි වැඩක්.

මිනිහා හිමීට කැවුම් බදින්න ගෙනාපු තෙල් බෝතලේ හැංගුවලු.දැං ඔන්න ගෑනි තෙල් ටික අඩු වේගෙන එනකොට කිව්වලු”මනුස්සයො, දානවකො තව වතුර ටිකක් තාච්චියට “කියලා.”හිටින් මං ළිඳට ගොහින් ඇන්න එන කල් කියලා මිනිහා නැගිට්ටලු.”

“අයියෝ මේ මනුස්සයට කියන කට හොඳයි ගලක උරච්චි කරා නම්” කියලා ගෑනි නැගිට්ටලු තෙල් බෝතලේ හොයන්න.

ඒ අතරේ මිනිහා හිමීට උණු තෙල් හැන්දක් අරගෙන දැම්මලු අර පෙට්ටගම අස්සට.

“‘බුදු අම්මෝ……………. මානැ‍තෝ”” කියාගෙන මෙන්න අර පෙට්ටගම අස්සේ අලි ජර මරයක්ලු. ඔලුව දැම්මා විතරයි මෙන්න කවුදෝ මිනිහෙක් පැන්නලු පෙට්ටගමෙන් එළියට පිට අතුල්ල ගන්න ගමන්.

“”ආ.‍තෝ ද බොල සිං සිං දෙයියො,හිටපිය තොට #@&%” කියලා ස්වාමි පුරුෂයා දොර පොල්ල අරගෙන එලෙව්වලු අර මිනිහා  පස්සෙ.බලද්දි මොකද වෙලා තියෙන්නෙ, අදාළ කාන්තාවගේ අනියම් පුරුෂයා අර පෙට්ටගමේ හැංගිලා ඉඳලා.ගෑනි ඒ මනුස්සයට කන්න හොඳ හොඳ කැවුම් ඇතුලට දාලා.(කොහොමත් තමුන්ගෙ එකාට දෙනවට වඩා හොඳ හොඳ එව්වා අනුන්ට දෙන්න ඔය වගේ අය දක්ෂයිනෙ,ගෑනු පිරිමි කවුරු වුනත්)

මොක හරි සිං සිං දෙයියො ආ වේස දිෂ්ටියෙන්ම නැ‍ටුවලු.

ඇද්ද මදිද තව ඕනෙද?

අවවාදයයි!අදාළ නැති අය මෙය කියවීමෙන් ඔල්මොරොන්දන් වීමට ඉඩ ඇත.ඒ වෙනුවෙන් කමාව භජනය කරන සේක්වා……………….

අපි සිදු කරන දේවල් එක්තරා සැලසුමකට අනුව සිදු වෙන බව ඇතැම්හු විශ්වාස කරති.එය ඔවුන්ට දෙවියන් වහන්සේ,විශ්ව ශක්තිය,දෛවය,ඉරණම හෝ කරුමයද විය හැක.තවත් සමහරුන්ට එය අහඹු සිදුවීමකි.ඊයේ මටද එවැන්නක් සිදු වුණි.ඊයේ මගේ බ්ලොග් එකේ සටහනක් දැමීමට ගිය මට අමතක වී(එයත් අහම්බයක් වීමට හෝ විශ්ව ශක්තිය කියා කාට හරි කියන්න පුලුවන්) අවසන් කිරීමේ වැකි කිහිපය මඟ හැරුනි.

අහෝ දුකකි,ඉරකි තිතකි.

මං ලියාගෙන ගිය කතාව පුද්ගලිකව භාරගත් මගෝඩියකු මගේ පුද්ගලික නිපත් ගිණුමට (e-mail account) හසුනක් එවමින් මාහට උම්බෑ කියන්න පටන් ගෙන ඇත.එම මගෝඩියාට පින් සිදු වන්නට මම ඊයේ කතාවේ මට අමතකව ගිය කොටස පහත දමන්නෙමි.

ඊයේ කතාවේ  සුනිලාට හා ජයසිංහයාට කෙළ වෙන්නේ එක්තරා යුවතියක් මෙම මගෝඩි සම්මුඛ පරීක්ෂණය ගැන විමසීමට අදාළ ආයතනයේ HR කතා කිරීමත් සමඟය.ඒ සමඟම ඇරඹුනු විමර්ෂනයේ ප්‍රතිඵලය වූයේ සුනිලාද ජයසිංහයාද කළ වරදට දඬුවම් ලෙස වෙනත් ආයතන වලට පැන යාමයි.

උන් කෑ අඹ කොට වලට හොට දැමීමට ගිය හා ඒවායේ හිරකර ගත් එකෙක් ඊයේ මම දැමූ ලිපිය හා උරණ වී මාගේ පෝස්ට් එකට තම ජාතකය පෙන්වන ප්‍රතිචාරයක් දැම්මේය.ඒ පිසාචයා සිතන්නට ඇත්තේ උගේ ඕපපාතික ජාතකය අනුන්ටද පොදුබවය.උගේ සදාචාරය කුමක් වුවත් මගේ සදාචාරය අගය කරන මම ඒ අසැබි ප්‍රතිචාරය ඉවත් කළේ උගේ ජාතකය ලිවීමට මගේ ජාලමය ඉඩකඩ  භාවිතා කරන්න දෙන්නට අකමැති නිසාය.ඒකා මට මඩ ගසන්නට මගේ FB අනන්‍යතාවද සොයා ඇත.නමුත් ඒකාට එය හමු නොවූ බව ඒකාගේ සිත් ගත් යුවතිය මා සමඟම පැවසීය.

“එම්බල පිසාචය,මා හට මූනු පොතේ ගිණුමක් නොමැති බව මා ප්‍රසිද්ධ සභාවකදීම පැවසුවේ තගේ ඒ මහා බහු ජාතික සමාගමට අල්ලපු වැටේ ඇති ආයතනයේ 4 තට්‍ටුවේදී බව සිහියේ තබා ගනුව.”

ලෙඩ වූ මිනිසාගේ පොකට් එකට ගසනා ඒකාගේ සමාගම ගැන මම ඉතා හොඳින් තතු දන්නා බව ඒකාට කීමට මම මේ අවකාශය යොදා නොගන්නේ මාගේ ආචාර ධර්මයන්ට පින් සිදු වීමටය.මාගේ e-mail address සොයා ගැනීම ඒකාට මහත් ආහ්ලාදයක් වන්නට ඇති මුත් එය මට පුදුමයක් නොවන්නේ ඒකාට එය දුන්නේ මමම බැව් දන්න නිසාය.නමුත් ඒකා,තොප නොදන්නේ එය තට දුන්නේ මම බවය.මා මාගේ මෙම අවකාශය භාවිතා කරන්නේ පිවිසුම් (hits) හිඟා කෑමට නොවේ.මම ලියන්නෙ මට වුවමනා දේය.

මම උසස් පෙළ කරද්දි අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ මුග්ධ සමාජවාදි අදහස් ප්‍රචාරය කිරීමට හෝ ඒ ඒ කාලයට ආණ්ඩුවලට බැන වැදී පොරක් වීමට මම මෙය භාවිතා නොකරමි.

තමන්ට වුවමනා අන්තවාදී අදහස් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හෝ නැත්නම් ඕනෑම කෙනෙකුට එයින් ඉවත්ව යෑමට නිදහස ඇත.ප්‍රතිචාර දැක්විය හැක.නමුත් අමන වැඩ කිරීමට ඉඩ දිය නොහැක.

හෝටල කාමරෙයේ interview එක.(little bit 18+)

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියනවනේ.ඒ වගේම තමයි කිඹුලා ඉන්න වැවෙන් ගත්තු වතුර වීදුරුවෙත් සමහරු  කිඹුල් පැටව් දකිනවා.අද මං මේ කියන්න යන කතාවෙනුත් කෙනෙකුට එහෙම දෙයක් හිතා ගන්න පුලුවන්.ඒත් කෝකටත් කියලා මේ වගේ මගෝඩි වැඩ ප්‍රසිද්ධියේම මං පළ කරන්නෙ ඉදි අනාගතයේදි කවුරු හරි අහිංසකයෙක් මේ වගේ මගෝඩි වැඩකට අහුවෙන්න යන්න එපා කියලා කියන්න.

මේ කතාව සම්බන්ධ වෙන්නේ එක්තරා සුප්‍රකට ආයතනයකට.මේ ආයතනයේ මානව සම්පත් අංශය ඒ කියන්නේ HR එකේ ලියුම් කියුම් හසුරවන්න හිටියේ ඊට කලිනුත් සල්ලි හුට පට කීපයකටම අහුවෙලා හිටපු කෙනෙක්.නම අපි සුනිල් කියලා කියමුකො.මෙයා සල්ලි වලට හොඳටම කෑදරයි විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ඕනම වංචාවක් කරන්න ලෑස්ති කෙනෙක්.එතකොට මේ සමාගමේ අලෙවි අංශය භාරව හිටපු ලොක්කා ඇවිල්ලා අංක එකේ ස්ත්‍රී ධූර්තයෙක්. එයාගේ නම අපි ජයසිංහ කියලා කියමුකෝ.ඒ වගේම බාසාව දාලා ඕනම කෙනෙක් නම්ම ගැනීමේ අපූරු හැකියාවකුත් මෙයාට තිබුනා. කොහොමත් ඔය අලෙවි අංශයේ ඉන්න අය එස්කිමෝලට deep refrigerator වුනත් විකුනනවා.

ඔන්න දවසක් බෝතල් පාටියකදි සුනිලුයි ජයසිංහයි සෙට් වෙනවා.අන්තිමේදේ දෙන්නා එළියට යන්නෙ ගජ යාලුවො වෙලා.දැං සුනිලා දන්නවා ජයසිංහයට මොනවද ඕන කියලා ජයසිංහයා දන්නවා සුනිලට ඕන මොනවද කියලා.මොකද කුණු තියෙන තැනටම කුණු එකතු වෙනවනෙ.

Image

bokeh.hasanalmasi.ir

ඔන්න දැං දවසක් අලෙවි අංශයට අලුතින් සේවකයින් බඳවා ගන්න යනවා.මේක කොහොමත් ආරම්භක අවදියේදි HR එකෙන්නෙ කරන්නෙ.සුනිලා මොකද කරන්නේ ලැබෙන applicationවලින් කෙල්ලන්ගේ එව්වා වෙනම හොරට photo copy කරලා ජයසිංහයට දෙනවා.ජයසිංහයා ඒ වෙනුවෙන් සුනිලට සම්තින් එකක් දෙනවා.එතකොට ජයසිංහයට මොකටද ඒ කෙල්ලන්ගේ CV?

මූ එව්වයින් එක එක එව්වා ‍තෝරලා හොරට interview  තියනවා.මොකද මිනිහා ගාව සමාගමේ letter head  තියෙනවා.seal තියෙනවා.එව්වයින් මිනිහා බොරුවට කොළඹ එක එක හෝටල් වල සම්මුඛ පරීක්ශන ලෑස්ති කරනවා.මිනිහගේ පුද්ගලික වියදමින්.අනේ ඉතින් අර කෙල්ලොත් ඇත්ත කියලා හිතාගෙන මෙව්වට එනවා.ආවට පස්සේ තමයි සෙල්ලම.මිනිහා තමයි ඒක පුද්ගල panel එක.මිනිහා බලනවා ඔය එච්චර දැනුම් තේරුම් කමක් නැති කෙල්ලො කවුද කියලා.මොකද එයාලාව අන්දවන්න ලේසියි.එතකොට ජොබ් එක වෙනුවෙන් ඕනම් දෙයක් කරන්න පුලුවන් කෙල්ලො ඉන්නවද කියලා.එහෙම ඉන්නවනම් ඊට වඩා දෙයක් නෑ. මූ ඒ කෙල්ලන්ව කතාවෙන් අල්ලගෙන පස්සේ උගේ වැඩේට අල්ලගන්නවා.

නියම වැඩේ කියන්නේ මේ කිසිම දෙයක් ගැන මේ සමාගම දන්නේ නෑ.මූට අහුවෙන්නේ ගොඩක්ම අහිංසක කෙල්ලො.උන්ට ඉතින් දෙවියන්ගෙම පිහිටයි.මොකද ඔය වගේ තරු පේන හෝටල් වලට එන්න ඒ ගෑනු ලමයි එක්ක එන අයට බෑනෙ, එයාලා ඉන්නේ එලියෙ.ඉතින් පසු කතා ගැන කවර කතාද.(ඒ කියන්නේ on the spot  බඩු බනිස් වෙනවා කියන එක නෙවෙයි, නමුත් ඒකට ලේසියෙන්ම මග ජයසිංහ පාද ගන්නවා කියන එක)

එතකොට ජයසිංහයගේ හිතට හොඳටම අල්ලනවනම් මිනිහා ඒ කෙල්ලන්ව  රස්සාවටත් ගන්නවා.මොකද හැමදාම කඩෙන් කිරි ගන්නවට වඩා ගෙදර එලදෙනෙක්ව තියාගන්න ආස අයත් ඉන්නවනෙ.මිනිහා  කොහොමත් සමාගමේ නියම interview panel එකේ ඉන්නවනෙ.මිනිහා එතනදි ඒ මිනිහට සලකපු කෙල්ලන්ව ඇතුළට ගන්නවා.කොහොමහරි ඒකෙන් මේකෙන් සමාගමේ අලෙවි අංශය හරියට අවුරුදු කුමාරි පෝලිම වගේ වෙනවා.

 

 

 

 

 

 

 

 

 

කොහොමහරි දවසක් මිනිහට බඩු බනිස් වෙනවා.

ගම්මානයේ සිරියාව.

එදා අපිව දාලා තිබුනේ කොලඹින් පිට,  හරි අපූරු ගම්මානයක assignment එකකට.සාමාන්‍යයෙන් මේ වගේ outstation වැඩ වලට අපිට කොහොමත් මාස 2-3කට වතාවක් ලංකාවේ කොහෙ හරි තූත්තුකුඩියක යන්න වෙනවා.කොහොමහරි එදත් යන්න කලින් දවසේ අපේ බොසා සුපුරුදු පරිදි කිව්වේ”අයියෝ,ඔය ගමනට වැඩිම වුනොත් පැය 5 විතර යයි” කියලා.මෙයා කොහොමත් ඒ කියන වෙලාවන්ට තව පැය 3-4 එකතු කරන්න වෙනව කියලා දන්න නිසාම අපි උදේ ‍රැයින්ම කොළඹින් පිටත් වුනා.

කෙළින්ම මේ මේ ගම්මානයට යන්න බස් එකක් හම්බවුනේ නැති හින්දා අපි ගියා  — ලකේ අග නගරයට.ගිහිල්ලා අහවල් ගමට යන බස් එකක නැග්ගා.(අපි හිතුවා ඉතින් අර ගමට යන්න ඕන නම් පැය 1-2 යයි කියලා,කොහොමහරි පස්සෙදි අපිට තේරුනා 1-2 කෙසේ වෙතත් 3-4 කින්වත් ගියොත් ලොකු දෙයක් කියලා.) කොහොමත් දවස් 2-3ක් නවතින්න යන හින්දම ලොකු luggage එකක් අපිත් එක්ක තිබුනා.අපි පස්සේම සීට් එකේ වාඩි වුනෙත් අන්න ඒ හින්දමයි.මොකද අපිව අනික් අයට කරදරයක් වෙනවට අකැමැති හින්දා.

ටික දුරක් ඉස්සරහට යන කොට මෙන්න බස් එකට නඟිනවා බොහොම වයසක ආච්චි කෙනෙක්.ඒ ආච්චි අරගෙන යනවා තරමක බඩු මල්ලක් එක්ක නවලා රෝල් කරපු ලොකු ඇලුමිනියම් ශීට් එකක්.හරියට ලොකු  බටයක් වගේ එන්න.ඒත් කිසිම ආවරනයක් නැතිව.

බස් එකේ මැද හරියෙම සීට් එකකුත් හම්බවෙච්ච ආච්චි දැං ඔන්න ටික‍ටුත් ගත්තා.කොහොමත් බස් එකකට නඟින කෙල්ලො දිහා මිසක් ආච්චිලා දිහා නොබලන අපි ඕක එච්චර ගනන් ගත්තෙ නෑ.මෙන්න ටික දුරකදි අර ආච්චි පිටි පස්ස දොරෙන් බහින්න ලෑස්ති වුනා.අනේ අපරාදේ කියන්න බෑ ඒ කොන්දා ඩැයිවර්ට කියලා බස් එක නවත්තලා ටික වෙලාවක් දුන්නා.මේ ආච්චි දැං අර බඩු මල්ලත් අරගෙන අනිත් අතින් අර ඇලුමිනියම් බටයත් අරගෙන හිමීට බහිනවා.අනේ ඉතින් අපිත් මොනවා වුනත් වයස ගැන හිතලා අනුකම්පාවෙන් බැලුවා විතරයි මෙන්න අර ආච්චි අර අතේ තිබුනු බටේ මගේ අතට තල්ලු කළා.

කමක් නෑ,මොනවා වුනත් මගේ අම්මටත් වඩා වයස කෙනෙක්නෙ කියලා හිතපු මම, (මේ බටේ හරියට අල්ල ගත්තෙ නැත්තං අත කැපෙනවා.) ඒක පොඩ්ඩකට අල්ල ගත්තා ආච්චිට පරෙස්සමින් බස් එකෙන් බහින්න.

ඊට පස්සේ බස් එකෙන් බැහැපු ඒ ආච්චි මෙන්න ආපහු හැරිලා අත දාලා හරියට යමක් උදුරලා ගන්නවා වගේ අර බටේ ඩැහැ ගත්තා. එතනින් එහාට ඒ ආච්චිට කිසි ගාණක් නෑ එයාගේ ගමන එයා ගියා.අර බටය දඩස් ගාලා ඇදලා ගන්න ගිහින් කාගේ හරි ඇ‍ඟේ වැදුනද,මොකද කියලා කිසි ගාණක් නෑ.

දැං මෙතන තියෙන ප්‍රශ්නය මෙන්න මේකයි.හොඳ වෙලාවට ඒ වෙලාවෙ බස් එකේ සෙනඟ හිටියෙ නෑ.ආච්චි කිසිම ආවරනයකින් තොරව ගෙනාපු ඒ ශීට් එකේ දාරය බොහොම තියුනු කැපෙන සුලු දාරයක්.එයා ඒක බස් එකේ යන කොට තියාගෙන හිටියෙත් සෙනඟ පැත්තට කරලා.මගෙන් අහන්නෙ නැතිව මට එයා ඒ බටය තල්ලු කලා.මම කෝකටත් ඔය වගේ කුණ්ඩ හට්ටි ගැන අවධානයෙන් හිටපු නිසා ඒ බටේ ඇතුලතින් හා පිටින් දෙකින්ම අල්ලගත්තා දාරේ මඟ ඇරලා.ඒ උදුරලා ගත්ත විදිහට ඉක්මනට අත අතෑරපු නිසා මගේ අත කැපුනේ නෑ.ඒත් නිකමට හිතන්න,

ඒ බස් එකේ සෙනඟ හිටියා නම්,පිටි පස්සේ පොඩි ලමයෙක් වගේ හිටියානම් අර විදිහට ඇදලා ගත්තු බටෙන් කීදෙනෙකුට තුවාල වෙන්න තිබුනද?

Image

lifehackery.com

මේක සමහරවිට මහා ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙක් හිතන්න පුලුවන්.ඒත් මේ මිනිස්සුන්ගේ සමාජ ආචාර ධර්ම ගැන ආයි පාරක් මට හොඳ සහතිකයක් ලැබුනේ ඊළඟට නැගපු බස් එකේදී.

ඉක්මනට බහින්න පුලුවන් වෙන්න අර තඩි luggage එකක් උකුලේ තියාගෙන ඉස්සරහ දොර ගාව වාඩි වෙලා හිටපු මාත් මගේ යාලුවාගෙත් උකුල උඩට, ඒ බස් එකට නඟින ඒ පැත්තට මහා ලොකු ලෙස හිතාගෙන ඉන්න ඉස්කෝලෙක ලමයි ටිකක් එයාලගේ බෑග්,අඩුම ගානේ අහන්නෙවත් නැතිව අපේ උකුලට දැම්මා,බස් එකේ ‍රැක් වල ඉඩ තියෙද්දි.ඒ කියන්නේ ඒ පැත්තේ වැඩිහිටි පරපුරේ නැහැදියාව හරි අපූරු විදිහට බාල පරපුරටත් ගිහිල්ලා තියෙනවා.

ඔය ගම්මානයට ටික දුරක් එහායින් තියෙන සංචාරක කර්මාන්තයට සුප්‍රකට නගරයක සංචාරක හෝටලයක, පස්සේ දවසකදි workshop එකකට ගිහින් නැවතිලා හිටපු  අපි, common room එකක කැරම් ගහන්න ගියා.එතන අපි එද්දි විදේශික යුවලක් සහ ඔවුන්ගේ අවුරුදු 5 පමණ වෙච්ච පොඩි ලමයි දෙන්නෙක් හිටියා.

අපි කැරම් ගහන ගමන් නිකමට ඔවුන් දිහාත් බැලුවා.හදිසියේම අපි ගාවට ආපු ඒ පොඩි ලමයා “sorry” කියලා යන්න ගියා.     අපිත් පුදුම වුණා.    ඒ ගොල්ලො හිතලා තියෙන්නෙ ඒ ලමයින්ගේ දඟ වැඩ හින්දා අපිට කැරම් සෙල්ලම් කරන්න හිත එකඟ කර ගන්න අමාරු වේවි කියලා.    (ඇත්තටම අපිට එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ.)

ඉතින් අපෙන් සමාව ඉල්ලලා ඉවත් වෙලා ගියා.

ඔන්න අව්‍යාජ ලාංකේය ගැමිකම සහ සාටෝපවාදී බටහිර සංකරයන්ගේ යථාර්තය.

Image

සමහරවිට කෙනෙක් කියයි ආ ඒ ඒ ගොල්ලො විතරයිනෙ,අනික් මිනිස්සු එහෙම නෑනෙ කියලා ඒත් අපි ඒ assignment එකට හිටපු දවස් වල හොඳටම දැක්කා අර සාකච්ඡාවෙයි,මේ සාකච්ඡාවෙයි පතුරු ගහන ලංකාවේ ගැමි සංස්කෘතියේ මහා සිරියාව.

ඇත්තටම ඒකට සිරියාව කියලම තමයි කියන්න ඕන.

මීමින්නගේ ඉඳන් අලියා දක්වා සතුන්ට හක්ක පටස් තියන,කැලේ තියෙන ගස්,සත්තු,රක්ශිතයේ ඉඩම් තමන්ගේ පුද්ගලික දේපළ විදිහට සූරාකන මිනිස්සු, හදි හූනියම්,අන වින ,කොඩි වින විතරක් නෙවෙයි අල්ලපු ගෙදර මඟුලක් තියෙන දවසට මේ ගෙදර ඉඳන් කලවා බන්ධන කරලා ඒ මඟුල විනාශ කරන හරි අපූරු ගැමි කමක් ඒ සුන්දර සිහින ලෝකයට ඇතුලෙන් තියෙනවා.

ඒත් සංකර නැහැදිච්චි රටවල් විදිහට ලංකාවේ සංස්කෘතික ඔස්තාද්ලා හඳුන්වන ඒ බටහිර රටේ ලමයගේ ආචාර ධර්මය ඒ පඩත්තල දෙසන්නන්ගේ ගම් වල ඉන්න මහා ගැමි සම්ප්‍රදායේ උරුමක්කරුවන්ටම නැති වීමම හරි පුදුමාකාර දෛවයේ සරදමක් තමයි.

මල්ලිගෙ කතාව.18+

ලිංගිකත්වය හා සම්බන්ධ මොනම හෝ දෙයක් අමුම අමු කුණුහරුපයක් ලෙසත්, ලිංගික සබඳතා හෝ ඒ ගැන සිතීමත් ලාංකීය සංස්කෘතියේ චිරස්ථායි පැවැත්මට හානියක් කියලා හිතන අය වහාම මෙය කියවීමෙන් වළකින්න.

දවසක් මේ කියන එක්කෙනා, අපි එයාට මාලක කියලා කියමුකෝ.(මාලක සිල්වා නෙවෙයි) ලංකාවේ දුර ගමන් සේවා බස් රථයක වාඩි වෙලා යනවා.මාලක වැඩ කරන්නේ කොලඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක.

මාලකට එයාගේ පවුලේ තව මල්ලි කෙනෙකුත් ඉන්නවා.දෙන්නම ගියේ සුප්‍රකට පාසලකට හින්දා අඳුරන අයත් ගොඩායි.

 

සාමාන්‍යයෙන් ඔය දුර ගමන් බස් වල යන කොට පරන යාලුවො හම්බවෙනවට වඩා අලුත් අලුත් යාලුවො හම්බවෙනවනෙ.

ආයි ඉතින් ඔබේ විවාහය ප්‍රමාද නම් දුර බස් වල ගමන් යන්න කියන්නේ නිකන්යැ.

කොහොම හරි මේ මාලක ගාවත් දැං මෑන්ට වඩා අවුරුදු 10 විතර වැඩිමල් පොරක් වාඩි වෙලා යනවා.ඒ කෙනා මාලකත් එක්ක කතාවට වැ‍ටුනා, හරියට කලින් දැනන් ඉඳලා ඉන්නවා වගේ.මාලකත් ඉතින් හිතුවා මූ එක්කො අපේ ගමේ එකෙක්,එහෙම නැත්තං අපේ ඉස්කෝලේ (අවුරුදු බර ගානකට කලින්) old boy කෙනෙක් වත් වෙන්නැති කියලා.මුලින් මුලින් ආගිය කතා අහපු කෙනා දැං දැං පවුලේ විස්තරත් ටික ටික අහනවා.

මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පොර අහනවා හරියට අමතක වෙච්ච දෙයක් ගැන අහනවා වගේ

“මල්ලි කොහොමද?”කියලා.

මාලක හිතුවා ආ………….මේ අපේ මල්ලි ගැන අහන්නේ මල්ලිගේ යාලුවෙක්වත් වෙන්න ඇති කියලා මූ කිව්වා

“”ආ..මල්ලි ගිය අවුරුද්දෙ A/L කරානෙ…අරකද මේකද කියලා””මෙන්න එතකොට ඒ පොර කියනවා

නෑ,නෑ ඒ මල්ලි ගැන නෙවෙයි මං ඇහුවේ,මේ මේ………..ඔයාගේ මල්ලි ගැන………….මල්ලිගේ සයිස් එක එහෙම කොහොමද ?“”

කිරි අප්පොට බල්ලො පැනපි කිව්වලු.එතකොටනේ මාලකයට වැඩේ තේරුනේ.ඒ පොර ඇවිල්ලා සමලිංගික සල්ලාලයෙක්.මෙතනදි මම මේ සල්ලාලයෙක් කියලා අවධාරනය කරලාම කියන්නේ හැම සමලිංගිකයම ඒ විදිහේ නෑ කියලා කවුරු හරි තර්ක කරන්න පුලුවන් හින්දා.

කොහොම හරි මාලකයා එතනින් හිමීට ඇවිල්ලා,කිසි කරදරයක් නැතිව.

ඒත් මුගේ කට මූට control නැති හින්දා මේක අපිත් එක්කම කිව්වනෙ.ඒ හින්දා මූට ගොඩක් එවුන් දවසක් කතාවෙලාම “”මල්ලි,මල්ලි කොහොමද?”” කියලා FB එකේ මඩක් දියත් කරලා තිබුනා.

කෙල්ලගේ උත්තරය(18+)

සිතූ දෙය නොම වේ,නොසිතූ දෙයම සිදු වේ කියලා කතාවක් තියෙනවනෙ.අපි නොහිතන දේවල් නොහිතන වෙලාවල හරි අපූරු විදිහට සිද්ධ වෙනවා.

දවසක් අපේ company ට අලුතින් පිළිගැනීමේ නිලධාරිනියක් ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් receptionist කෙනෙක් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුනා.කොහොමත් ඔය තනතුරට බඳවා ගන්නේ ටිකක් ඇහැට කනට පේන,හැඩකාර,දඟකාර ,ඕන්නම් විසේකාර කෙලි පැටික්කියොනෙ.ඉතිං එදා අපිටත් හෙන වැඩ.බොසාගේ කාමරේ තමයි ඒ පරීක්ෂනය තිබුනෙ.ඒකට යන්න එළියේ මේකට අයදුම් කරපු අංගනාවො ටික අසුන් ගෙන ඉන්නවා.ඒ කියන්නේ අස්සයො පිටේ නෙවෙයි.මෙහෙම.

අපිටත් ඉතින් එතනින්ම යන්න ඕනනෙ.මොකද අපේ අනාගත receptionistව බලා ගන්න එපෑ කලින්ම.අපේ සමහරක් එවුන් ඒ කෙල්ලන්ගෙන් (කෙල්ලොද ගෑනුද?) number එහෙමත් ඉල්ල ගත්තලු.කොහොමහරි මං මේ කියන සිද්ධිය පස්සේ දවසක මට ආරංචි වුනා panel එකේ හිටපු මගේ අඳුරන බොස් කෙනෙක්ගෙන්.

මේකයි කතාව.

ඔන්න දැං panel එක ඉස්සරහට එක ගෑනු ලමයෙක් ඇවිල්ලා විස්තර ටික කියනවලු.අපේ GM ලු එතන ප්‍රධානියා.එයා ඇහැව්වලු (මේ හරිය සිංහලෙන් කරලා තියෙන්නෙ.)

“”ඔයා බැඳලද?”කියලා.කෙල්ල ටිකක් ඇඹරිලා, නටවලා එහෙම කිව්වලු

“තවම නෑ සර්………..”කියලා.

ඊට පස්සේ GM ඇහැව්වලු “”ඔයාට එහෙමනම් boy friend කෙනෙක් ඉන්නවද? “”කියලා.

(ඔන්න ඕක තමයි ලොකු බොස් කෙනෙක් වීමේ වාසිය,කෙල්ලන්ගෙන් ලෝකෙ නැති දේවල් අහන්න පුලුවන්)

ඒ පාර කෙල්ල තව ටිකක් ලැජ්ජාවෙන් කියනවලු

“”තවම එහෙමටම කියලා එක්කෙනෙක් නෑ සර්””කියලා.

ඔන්න යකෝ ඒ අනිත් පැත්තට panel එකේ කොනේ හිටපු section headකෙනෙක්  දැංවත් මේ වැඩේ හරි පාරට ගන්න ඕන හින්දා ඇහුවලු

එතකොට ඔයා බාහිර ක්‍රියාකාරකම් එහෙම කරනවද?කියලා.

යකෝ එක දිගට බැඳලදයි,කොල්ලෙක් ඉන්නවදැයි කියලා අහලා කොල්ලෙක් නෑ කිව්වම බාහිර ක්‍රියාකාරකම් කරනවද කියලා ඇහැව්වම ඒක තේරුම් ගන්නේ කොහොමද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.ඊටත් එව්වා ගැන ඇහුවම ලැජ්ජාවෙ ඇඹරෙන කෙල්ලෙකුගෙන් තව බාහිර වැඩක් ගැන ඇහුවම…………

ඇත්තටම ඒ අහපු ප්‍රශ්නෙන් අහන්න ඕන වෙලා තියෙන්නෙ ඒ කෙල්ල කරපු විෂය සමගාමී ක්‍රියාකාරකම් හෙවත් extracurricular activities ගැන.ඒත් මේ අහපු විදිහට වුනේ වෙනම වැඩක්.

 

කොහොමහරි කෙල්ල තව ටිකක් ඇඹරිලා දුන්න උත්තරේට GM එතනින්ම interview එක නවත්තලා වහාම හෙට සිට එන්න කියලා පත්වීම දුන්නලු.

හැබෑටම මොකක්ද කෙල්ල දුන්න උත්තරේ

සතියට 3-4 පාරක් විතර කරනවා සර්……………”

යකාගේ යුද්ධය.

බිස්නස් එකක් කරනවා කියන්නෙ යුද්ධයක් කරනවා හා සමානයි.ජය,පරාජය තීරණය කරන්න විශාල හමුදා,වෙඩි බලය,භූමි වාසිය විතරක් නෙවෙයි හරි වෙලාවට හරි ආයුධය පාවිච්චි කරලා ගහන්න දැන ගන්නත් ඕන.ඒ හින්දා තමයි අද අපි උපායමාර්ගික කළමනාකරණය හෙවත් තේරෙන සිංහලෙන් Strategic Management කියලා විෂයකුත් ඉගෙන ගන්නෙ.යුද්ධයකදි සාමාන්‍යයෙන් දෙපැත්තම එක හා සමාන වෙන්නේ නෑ වගේම ව්‍යාපාරත් එක හා සමාන වෙන්නෙ නෑ.එතකොට තම තමන් දැන ගන්න ඕන තමන්ට වැඩිම වාසි සහගත දේ කරලා තමන්ගේ ජය වෙත යන්න.ඒකට අපි ඔත්තු කරුවන්,උපාය දූතයින්,බිලි දීම්,ඇවුලුම් බිලි,උගුල් ඔය වාගේ විවිධ දේවල් භාවිතා කරනවා.සමහරවිට ඒවා සාමාන්‍ය සදාචාරත්මක හා නෛතික සීමා ඉක්මවන වෙලාවලුත් එනවා.

අද මං මේ කියන්න හදන්නෙත් ලංකාවේ සිද්ධ වෙච්ච ඒ වාගේ කතාවක්.කොයික වුනත් මං මේකෙ නම ගම් මනංකල්පිත බවත් කලින්ම කියන්නේ ඔච්චරක් කරපු එකාට මෙච්චරකුත් කරන එක මහ ලොකු කජ්ජක් නෙවෙන හින්දා.

Image

en.wikipedia.org

ඔන්න ලංකාවේ වසර ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ ආලේපන වර්ගයක් නිපදවන සමාගමක් තිබුනා.නම අපි කියමුකෝ යකාලේප කියලා.මේ යකාලේප සමාගම ලංකාවේ හැම අස්සක මුල්ලකම වගේ බොහොම හොඳින් පැතිර ගිහින් තිබුනු සමාගමක්.කොහොම හරි යම් කාලෙකදි යකාලේප සමාගමේ ලොක්කන්ට පේනවා තමන්ගේ විකුණුම්, ඒ කියන්නේ ටිකක් බර දාලා කියනවා නම් පිරිවැ‍ටුම(turnover)  ටිකෙන් ටික අඩුවෙන බව.ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ?

ඒ ගොල්ලො හොයලා බලද්දි දැක්කා අලුතෙන් වෙළෙඳපොළට ආපු අලුත් සමාගමක් වෙච්ච මකාලේප සමාගමේ මකාලේප කියන ආලේපනය ජනතාව අතර ටික ටික ජනප්‍රිය වෙමින් යන බව.ඒ වගේම ඉදිරියේදී මකාලේප නිසා යකාලේපට  ඉවත් වෙන්න සිද්ද වෙන බවත් කට්ටිය දැන ගත්තා.මිනිස්සුත් යකාලේප අත ඇරලා ටික ටික මකාලේප වලට පුරුදු වෙමින් තිබුනා.දැවන්ත සමාගමක් වෙච්ච යකාලේපට මකාලේප වෙළෙඳපලින් ඉවත් කරන්න දැවන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කරන්න තිබුනත් ලෝබ කුනෙක් සහ ඊටත් වඩා මකාලේප සමාගම නට්ටං කරලා දාන්න හිතාගෙන හිටපු යකාලේප සමාගමේ ලොක්කා ඊට වඩා වෙනස් වැඩ පිළිවෙලකට ගියා.

යකාලේප ලොක්කා බැලුවා මකාලේපට වැඩිය ලොකු වෙළෙඳපොලක් නැත්තෙ කොහේද කියලා.එයාට පෙනුනා රටේ බොහොම ඈත එහා තිබුනු පලාත් වලින් මේ මකාලේපලට විකුණුම් තාම මදි කියලා.යකාලේප එයාගේ සමාගමේ සල්ලි වලින්ම ඒ පලාත්වල අලෙවි නියෝජිතයො පිහි‍ටුවලා එයාලට කිව්වා මකාලේප ආලේපනය දිගටම ගන්න කියලා.ඒ කියන්නේ තමන්ගේ නෙවෙයි තමන්ගේ ප්‍රතිවාදියාගේ නිෂ්පාදනය තමන්ගේම සල්ලි වලින් ගන්නවා යකාලේප ලොක්කා.

ඒත් මේ වැඩේ මකාලේප දන්නේ නෑ.එයා දන්නේ ඊට කලින් එයාට විකුණුම් තිබුනේ නැති පළාත් වලින් එයාට වැඩියම විකුනුම් වෙනවා කියලා.

 මෙතන හරි ලස්සන වැඩේ වෙන්නේ අර යකාලේපට වැඩ කරන නියෝජිතයො ගන්න එක මකාලේප පැකට් එකක්වත් වෙළඳපොලට එන්නෙ නැති එක.ඒ සියල්ල යකාලේප රහසින්ම ගබඩා කරගෙන තියා ගන්නවා.

 දැං ඔහොම ටික කාලයක් ගියා.මාස 6-7 විතර.ඔය මකාලේප කියන්නේ දෑතේ හුරුවෙන් ව්‍යාපාර කරන කෙනෙක්.(Rule of thumb). මෙයා ඔය කියන කාලේ ලාභය වැඩියි.විකුණුම් වැඩියි.ආ ඒ හින්දා ඉදිරියටත් එහෙමම වෙයි කියල හිතලා පටන් ගත්තා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න.ඒ කියන්නේ අලුතින් තව කම්හලක් එහෙම ගහලා වැඩි පුර හදන්න ගත්තා.එයා මේකට ලොකු ණයකුත් ගත්තා.

ව්‍යාපාරයක අලුතින් කම්හල් ගහනවා,ඉඩම් ගන්නවා,යන්ත්‍ර සූත්‍ර ගන්නවා කියන්නේ දිගු කාලීන ව්‍යාපෘති.ඒ කියන්නේ එව්වයේ ප්‍රතිඵල එන්න ලොකු කාලයක් ගත් වෙනවා.ඒකට ආර්ථික විද්‍යාවෙදි නම් අපි කර්මාන්තයක පරිමාණය වෙනස් කිරීම,දිගු කාලයේදී නිෂ්පාදන පරිමාව වෙනස් කිරීම වගේ සංකල්ප ගොඩක් තියෙනවා.මං එව්වා මෙතන ඇද ගන්නේ නෑ.මොක හරි මේ වගේ වැඩකට අත දැම්මම අනිත් පැත්තට දෛනික ආදායම් හොඳට ලැබෙන්න ඕන නැත්තම් රෝල හිර වෙනවා.

මෙතන වුනෙත් අන්න ඒ වැඩේ.නියම වෙලාව එනතුරු බලාගෙන හිටපු යකාලේප අර එයාලා කලින් අරන් ගොඩ ගහගෙන හිටපු මකාලේප කන්ටේනර් පිටින් එලියට දැම්මා,පේමන්ට් එකට.දැං මකාලේප විකිණෙන්නේ පෙට්ටි ගානට.හරි ලාබයි.

සාමාන්‍යයෙන් ලාබ බඩුවේ හිලක් තියෙනවා කියලා ලංකාවේ මිනිස්සු අතර කතාවක් තියෙනවනෙ.අනික මෙච්චර කාලයක් තිබිලා පෙට්ටි පිටින් පේමන්ට් බැස්සම මිනිස්සු මකාලේප දිහා බැලුවේ සැකයෙන්.ඒ එක්කම යකාලේප කාලය බලා දැම්මා අලුතෙන් ප්‍රචාරක ව්‍යාපාරයක්, කෙලින්ම මකාලේපට මඩ ගහලා.

දැන් මකාලේපට ප්‍රශ්න ගොඩයි.

එක පැත්තකින් බලාපොරොත්තු නොවුනු විදිහට මකාලේප තොගයක් පේමන්ට් එකට ඇවිල්ලා.

තමන් සාමාන්‍ය විදිහට අලෙවි කරන මකාලේප විකුනගන්න බෑ.

තමන් අලුතින් කම්හල් ගහලා පටන් ගත්ත මකාලේප නිෂ්පාදනය කම්හලේම හිර වෙලා,මොකද යවපුවා විකිනෙන්නේ නැතිව අලුතින් ගහන එව්වා කොහොම විකුනන්නද.

ඒකටත් වඩා තමන්ගෙ ව්‍යාපාරයේ නමට වෙන හානිය.එක පැත්තකින් මකාලේපට බැංකු ණය ගෙවා ගන්න බැරිව හිර වෙලා.මේ ජර මරය අස්සේ යකාලේප වැඩි පඩි ගෙවලා මකාලේප සමාගමේ හිටපු හොඳම අය තමන්ට ගත්තා.ක්‍රම ක්‍රමයෙන් මකාලේප නට්ටං වෙන්න ගත්තා.

ඔන්න එතකොට යකාලේප ඇවිල්ලා මුකුත්ම කර ගන්න බැරිව හිටපු මකාලේපට යෝජනාවක් ගේනවා.

ඒ තමයි මේ ව්‍යාපාරය තමන්ට විකුණන්න කියලා.

දත කට පූ‍ටු වෙලා හිටපු මකාලේපට වෙන කිසිදු විකල්පයක් තිබුනේ නෑ.අන්තිමට ලංකාවේ අදාල ආලේපයේ ඒකාධිකාරි වෙළෙඳපොලක් යකාලේප අල්ල ගන්නවා.අදටත් ඒ යකාලේපට ලොකු තරගයක් දෙන්න කවුරුවත් නෑ.ලංකාවේ සමාගම් අතර සේවකයින් ඉහළම ප්‍රතිලාභ ගෙවන අයතනයක් විදිහට මේ යකාලේප අදටත් වැජඹෙනවා.

මම වුනත් ඒ සමාගමේ රස්සාවක් ලැබුනොත් කොච්චර හෘද සාක්ෂියට පට හැනි වුනත් යන්න හිතන අන්දමේ පුදුමාකාර ප්‍රතිලාභ ‍රැසක් ඒකෙ සේවකයො භුක්ති විඳිනවා.(ඒකට මට ඉරිසියා නෑ)

එතකොට මකාලේපට වැරදුනු තැන මොකක්ද?

මකාලේප හොයලා බැලුවේ නෑ,තමන්ගේ විකුණුම් වැඩි වුනාට ඒ වැඩි වෙන්නේ කොහොමද එ භාන්ඩ ඇත්තටම මිනිස්සු අතට යනවද කියලා ඒ කියන්නේ වෙළෙඳපොල සමීක්ශනයක් කරලා බැලුවේ නෑ.ඒත් මැනැවින් ස්ථාපිත වෙච්ච සමාගමක් වෙච්ච යකාලේප මේ සියලු දෙයක්ම දැන ගෙන හිටියා.

ආයුධය වගේම ඒක පාවිච්චි කරන්න ඕන වෙලාවත් ඒ ගොල්ලො දැන ගෙන හිටියා.යකාලේප කරපු දෙය හරි කියලා මං කියන්නේ නෑ,ඒත් මේ තමා යථාර්තය.ඔයත් යම් ව්‍යාපාරයක් කරනවනම් කවුරු හරි ඔයාටත් මේ වගේ කෙළවන්න පුලුවන් කියලා මතක තියාගන්න.මේකෙ පසු බිමින් දිවෙන දාර්ශනික කතාව මම යම්  දවසක කල් යල් බලාම දාන්නම්.

විවාහ වී දෙවෙනි ගමනේ නොකී කතාව.

පසු ගිය දිනෙක රූපවාහිනියේ channel අතර මාරු වෙමින් සිටි මට අපූරු වැඩසටහනක් නෙත ගැ‍ටුනි.එහි  සිටි සර්වතොභද්‍රයින් දෙසා බෑ දෙසුම් ඇසූ මා හට සකල ශ්‍රී විශ්ම බලය ලැබී දෙසු කරුවන්ගේ හෘද සාක්ෂිය හඬ නගනු ඇසිනි.මේ ඒ කතාවයි. හෘද සාක්ෂියේ වදන යටින් ඉරි ඇඳ දක්වා ඇත.

මේ ලංකාවේ මහා මඟුලක් සංවිධානය කරලා විවාහ වෙච්ච දෙන්නෙක් රූපවාහිනි නාලිකාවකට දෙන සම්මුඛ පරීක්ෂණයක්.(interview)

 Image

නිවේදිකාව:ඔයාලා දෙන්නා හම්බ වුනේ කොහොමද?

කෙල්ල:            ඇත්තටම ඒක හරි පුදුමාකාර හමුවීමක්.එයා මගේ visual එකක් දැකලා මගෙන් යාලු වෙන්න ඇහුවා.පස්සේ මටත් ඒක අමතක වෙලා ගිහින් තිබුනා.පස්සේ දවසක එයාගේ business වැඩකදි meet වෙලා මම එයගෙන් යාලු වෙන්න ඇහුවා.

අන්තිමට එයා මගෙන් අහලා,මගෙන් එයා අහලා.ඉතින් අපි කැමති වුනා.  

(අනේ නංගි,ක්ලබ් එකක නටද්දි හම්බවුනා කියලා උඹත් දන්නවනේ,ඇයි ඔයානේ දොර ගාව මල් ටිකක් අර එන එකෙක්ගේ ඇ‍ඟේ එල්ලෙන්න බලා ගෙන හිටියෙ)

නිවේදිකාව: “ඔයාලා දෙන්නා මේ වෙඩින්ග් එකට prepare වුනේ කොච්චර කාලෙක ඉඳලද?”

කොල්ලා           “”ඇත්තටම මේ වෙඩින්ග් එකට අපි ලෑස්ති වුනේ අවුරුදු බර ගානක ඉඳන්,අපි හැම දෙයක්ම  බුක් කරා කළින්ම. hall,vehicle,dressess.

(අනේ යකෝ,මේකිගෙ නෑදෑයෝ ටික මේකිව මගේ කරේ එල්ලුවෙ නැත්තං මං අදටත් හොඳ ආතල් එකේ ඉන්නවනෙ.)

කෙල්ල             ඔව් අපි දෙන්නා හම්බු වෙලා දැනට මාස 6 වෙනවා.මාසයකට කලින් අපි තීරනය කලා දැං නම් අපි බඳින්න ඕන කියලා.(නැත්තං ඉතිං දරුවගේ තාත්තා හිස්තැනක් තමයි)අපි ලංකාවේ හොඳම වෘත්තිකයන්ගේ සේවය අපේ වෙඩින්ග් එකට ලබා ගත්තා.

නිවේදිකාව:ඇත්තටම ඇයි එහෙම හොඳම විශේෂඥයන්ගේ සහය ලබා ගන්නෙ?””

කොල්ලා:          නිකන් අයගෙන් ගන්නවා වගේ නෙවෙයි ඒ ගොල්ලො දන්නවා ඒ ගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න.(අපේ වැඩේ අපිට කර ගන්න බැරි හින්දනේ හරකියේ අපි උන්ට කියන්නෙ.නැත්තං මංම කරනවනෙ)

විශේෂඥයා:       ඇත්තටම අපි තමයි ලංකාවේ හොඳම වෙඩින්ග් කාරයො.අපිට IOS(අයියො සිරිසේන සහතිකය)හෙලුවේ ලාල් සහතිකය පවා ලැබිලා තියෙනවා.මේ බලන්න මෙව්වයෙ ලස්සන.

(අනේ යකෝ,මෙව්වා මිනී මල් කියලා දන්නේ අපිනෙ,අනික අපිම අපි වැඩකාරයො කියලා කියා ගත්තෙ නැත්තං කොහොමද ඉලක්කම් 7-8 බිල් දාන්නෙ)

නිවේදිකාව:කොහොමද ඕගොල්ලො මේක organize කළේ?

කෙල්ල:            ඇත්තටම අපේ තේම් එක වුනේ අලි බබා සහ හොරු 40 කතාව.මොකද මං පොඩි කාලේ ඉඳලම ඒ සුරංගනා කතාවට මාර ආසයි.අපේ  ඇඳුම් design කලේ අලිබබා එක.

 

අලිබබා:            ඇත්තටම අපි තමයි වෙඩින්ග් ඇඳුම් කලාවේ තියටර් එක.ඒ කියන්නේ ඉස්සර ලමයි ඉපදුනේ තිඹිරි ගෙය තුලනෙ,දැං ඉපදෙන්නෙ තියටර් එකේනෙ.ඒ හින්දා අපි තමයි එක.

(අනේ යකෝ,අපි mesurement අරං අල්ලපුකඩේ වඩේ සුදාට කියලා මැස්සෙව්වා කියලා දන්නේ අපිනෙ)

 

නිවේදිකාව:එතකොට මේ වෙඩින්ග් එකට ගොඩක් මහන්සි වෙන්න ඇති නේද?

කෙල්ල:            මොන,,අපි කලින්ම කිව්වනේ සියල්ල විශේෂඥයින්ගෙන් අහලා තමයි කළේ කියලා.අපි හැම දෙයක්ම rehearsal කලා.(හනිමූන් එකනම් බඳින්න කලින් ඉඳං රියසල් කරපු එකනෙ,මූ කණමදයා වගේ බීලා බීලා කබරයා දාපු විදිහට හනි නෙවෙයි ඒකට කබර මූන් කියලා කියන්න තිබ්බෙ).

අනික කෝකටත් වඩා මහන්සි වෙන්න වුනේ මේකට media publicity ගෙන්න ගන්නනේ.

නිවේදිකාව:ඒ වගේම මේ වෙඩින්ග් එකට දේශීයත්වයත් කැටි වෙලා තිබුනා.

කොල්ලා:          ඔව්, නංගි සුදෝ,අපේ පප්පා පුප්පපු විදිහට එහෙම නැතුව බෑනෙ.මොකද ජන්දේ දිනා ගත්තෙත් ඒක පෙන්නලානෙ.

ඉතින් අපි කේක් කැපුවේ නෑ.අපි කැපුවේ බිබික්කං.

ශැම්පේන් වෙනුවට අපි වල් ෆැන්ටා ගෙනාවා.(වල් ෆන්ටා යනු පරණ කසිප්පු වර්ගයකි) ඔය සංකර සුද්දො කන chicken,mutton,beef, වෙනුවට අපි ගෙනාවා නියම දඩ මස්.

නිවේදිකාව: එතකොට දැං අවසාන වශයෙන් ප්‍රෙක්ශකයන්ට දෙන්න තියෙන පණිවිඩය(අවවාදය) මොකක්ද?

ඔව්, ඇත්තටම අපි වගේ පට්ට වියදම් යන විකාර වෙඩින්ග් කරලා මේ වගේ ජාවාරම් කාරයින්ගේ සාක්කු හොඳට පුරවන්න කියන එක තමයි ඉතින්,මොකද අපි වගේ පිස්සො නැත්තං මේ වගේ පිස්සන්ට  business නෑනෙ.මෙතෙක් වේලා දෙවන තැන ගෙන සිටි හෘද සාක්ෂිය මුලින්ම කතා කරන්නේ ඇයි දැයි මම වහාම බැලීමි.

අහෝ ඛේදයකි.මෙතෙක් වේලා තමන්ගේ පම්පෝරි වෙඩිම ගැන කියවමින් සිටි ඩබල රණ්ඩු වී දික්කසාද වීම සඳහා නීතිඥවරු හමු වීමට ගොසිනි.

මහ රජාගේ සෙල්ලං ලෙල්ලම.

ඔන්න එකෝමත් එක කාලෙක හරි අරුම පුදුම රටක් තිබුනා.මේ රටේ හිටියේ රජ කෙනෙක්.ඒ කියන්නේ රටේ විධායකයත්,ව්‍යවස්ථාදායකයත්,අධිකරණයත් ඒ හැම එකක්ම මේ රජතුමාගේ තමයි,හරිය.රජතුමාට හිනාවෙන්න ඕන වුනාම රටවැසියොත් හිනාව් වෙන්න ඕන.රජතුමා කිව්වොත් අඬන්න කියලා එයාල අඬන්න ඕන.සමහරු රජතුමා කියන්නත් කලින් රජතුමා හිතන පතන දේවල් කරලා ලකුණු දා ගන්නවා.

මේ රජතුමා කෙළි සෙල්ලං වලට බොහෝම මනාපයි.ඉතින් එයා හිතුවා රටේ විසඳන්න අමාරු ලොකු ලොකු නඩු එයාම විසදන්න.මොකටද නිකං ඔය විනිසුරුවරුන්ව මහන්සි කරන්නෙ.

දැං ඔන්න එතුමා මහා බරපතල නඩු එයාම විසදන්න ගත්තා.ඒත් වැඩේ බරපතලයි.සමහර වෙලාවට මොකක් හරිද,මොකක් වැරදිද කියලා හිතාගන්න බෑ.මං කලින් කිව්වනේ මේ රජා කෙළි සෙල්ලම්වලට බොහෝම හිතයි කියලා,ඉතින් මෙයා හිතුවා මේකටත් සෙල්ලමක් දාන්න.ඒ කියන්නේ එයාට බැරි වෙලාවත් චෝදනාව එල්ල වෙච්ච කෙනා හරිද වැරදිද කියලා හිතාගන්නත් බැරි නම්,එල්ල වෙලා තියෙන චෝදනාවත් බරපතල නම් ඒ චෝදිත පුද්ගලයගේ

ලක්

 එක චෙක් කරන එක.

ඒකට අපූරු සෙල්ලමකුත් එයාම හැදුවා.රජ අණින් ඉදිවෙනවා විසාල ක්‍රිඩාංගනයක්.හරියට

www,pagefarm.net

 .මේකෙ දෙපැත්තේ එක සමාන කාමර දෙකක් ඉදිවෙනවා.චෝදිත පුද්ගලයාව සිර ගත කරලා තියලා හරියටම මේ සෙල්ලම තියෙන දවසට ඒ පිටිය මැද්දට ගෙනත් දානවා.දැන් එයා දෙපැත්තෙ කාමර දෙක තියෙනවා.දහස් ගණනක ජනතාවකුත් මේක බලන්න රජ අණින් ඇවිල්ලා ඉන්නවා.රජතුමාත් සිය මහා පවුල සමගම ඇවිල්ලා ඉන්නවා.පිටිය මැදට දාලා තියෙන කෙනා මේ තමන් දෙපැත්තේ තියෙන කාමර දෙකින් එකක් අනිවාරයයෙන්ම විවෘත කරන්න ඕන.ඒ චෝදිතයා දන්නේ නෑ මේ කාමරේ ඇතුලේ කවුරු ඉන්නවද,මොකක්ද කියලා.ඒත් එයා එකක් දන්නවා.

ඒක තමයි මේ සෙල්ලමේ ස්වභාවය.මේ කාමර වලින් එකක ඉන්නෙ නපුරු සිංහයෙක්.

ඒ කාමරේ දොර ඇරියොත් අනිවාර්යයෙන්ම මැරුම් කන්න වෙනවා.එතකොට අනික් කාමරේ……………..

ඒකේ ඉන්නේ රටේ ලස්සනම ගෑනු ලමයෙක්.ඒක ඇරියොත් අනිවාර්යයෙන්ම ඒ යුවතියව කසාද බඳින්න වෙනවා,එතනම.තමන් කලින් බැඳපුවා,යාලු වෙලා බඳින්න හිටින එව්වා අදාල නෑ.හෙට මැරුනත් අනිවාර්යයෙන්ම ඒ යුවතිය බඳින්න ඕන.

දැං වැඩේ තියෙන්නෙ මේකයි.මොන කාමරේ සිංහයා ඉන්නවද,මොන කාමරේ කෙල්ල ඉන්නවද කියලා දන්නේ රජතුමයි,රජාගේ දූ කුමරියයි විතරයි.

කාමරේ එලියෙන් මොකවත්ම පේන්නේ නෑ.කාමර දෙකම එක සමානයි.වරයෙන් වරයට කාමර දෙකේ ඉන්න දෙන්නා මාරු වෙනවා රජාගේ හා දූ කුමරියගේ අනුදැනුම පරිදි.ඒ කියන්නෙ නරඹන්නන්ට එක්කො මඟුලක්,එක්කො මරණයක් ලයිව් දකින්න ලැබෙනවා,කලින් මොකක් වෙනවද කියලා දන්නේ නැතිව.ඉතින් මේ සෙල්ලමට අහුවෙනවා කියලා කියන්නේ තමන්ගේ ලක් එක අනුව එක්කො විවාහයක් නැත්තං මරණය ‍තෝර ගන්න වෙනවා.

දැන් මේ සෙල්ලම දිගටම යද්දි පොඩි ගැටලුවක් වෙනවා.

 

රජතුමාගේ දූ කුමරිය රජාගේ හමුදාවේ සෙබළෙක් එක්ක යාලු වෙනවා,ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා.ඒක සියලු මායිම කඩාගෙන ඉදිරියටම යනවා.මාර දුරක් ගියාට පස්සේ තමයි රජාට මාට්‍ටු වෙන්නේ

රජා තමන්ගේ රටේ වපුරලා තිබුනු ජාතිකාභිමානයට පින් සිද්ද වෙන්න මේකට කෙලින්ම දඬුවම් දෙන්නත් බෑ,ඒත් ඉතින් මොනවා හරි කරන්නත් ඕන.ඉතින් අපි හැමෝම දන්න අර සෙල්ලමට යනවා.

ජනතාව දහස් ගණනින් වට වෙලා ඉන්නවා මේක බලන්න.  හිරෙන් ගෙනත් සෙබලව පිටිය මැද්දට දානවා.තමන් මෙච්චර කල් ආදරය කරපු තමන් එක්ක ආදරයේ සීමා මායිම් ගණනාවක්ම රස බලපු ඒත් තමන්ට කිසිදා ලඟා වෙන්න නොහැකි රජ කුමරිය මහා රජා එක්ක රාජකීය ආසන වල හිඳගෙන ඉන්නවා ඔහු දකිනවා.තමන්ගේ තේරීම කරන්න කලින් රජ පවුලට ගරු කරන්න ඉදිරියට එන ඔහු  හිමීට  ඇහෙන් අහනවා “”කොයි එකද?”” කියලා

කුමරියත් අනික් අයට නොපෙනෙන්න හිමීට ඇඟිල්ලක් දික් කරලා පෙන්නනවා “”අර එක “” කියලා.දැන් ඔන්න සෙබලා යනවා අර කියපු දොර අරින්න.

දැං මගේ ප්‍රශ්නය මෙන්න මේකයි.

අරින දොරෙන් එලියට එන්නෙ කවුද?  සිංහයද?,නැත්තම් යුවතියද?

කුමරිය සෙබලාට ඇත්තටම ආදරය කලා.ඒ වගේම කුමරිය දන්නවා සෙබලා සිංහයා ඉන්න කාමරයේ දොර ඇරියොත් තමන්ගේ ඇස් ඉස්සරහම මැරුම් කනවා.

ඒත් බැරි වෙලාවත් අනික් කාමරයේ දොර ඇරියොත් තමන්ගේ ඇස් ඉදිරිපිටම තමන් ආදරය කරපු කෙනා වෙනත් යුවතියක්ව කසාද බඳිනවා.

ඒක කුමරියගේ ලාමක හිතට දරා ගන්න බෑ.

රජ කුමරිය තමන්ට අහිමි ආදරය වෙනත් යුවතියකට හිමි වනු දැකලා සැනසෙනවාද නැත්තම් ඒ අහිමි ආදරය මේ ලෝකයෙන් තුරන් වෙනවා දැකලා හිත හදා ගනීද.

තමන් යුවතියන් ගැන දරන මතය අනුව උත්තරය වෙනස් වෙන්න පුලුවන්.