හාල් ගැරිල්ල

ආච්චිට හාල් ගරපිය…………….

Imagehttp://www.tastyappetite.net

මේක අපි ඉස්කෝලෙ යන කලෙදිත් ලමයි අතර තිබුනු යෙදුමක්.

ඒත් ඇත්තටම මොකක්ද මේ ආච්චිට හාල් ගරන්න යනවා කියන්නෙ,මොකක් හරි අසභ්‍ය දෙයක්ද

අපොයි නෑ.ඉස්සර ලංකාවෙ ගම් වල තිබුනේ නෑදෑයො වුනත් එක ලඟ ගෙවල් හදාගෙන පදිංචි වෙන ක්‍රමයක්.එතකොට ඒ අර මුල් මහ ගෙවල් වල මුල්ම පරපුරේ ආච්චිලා තනි වෙනවා.

Imagehttp://www.kadrip.wordpress.com

දැං එතකොට අහයි සීයලාට මොකද වෙන්නේ කියලා.ඇත්තටම සීයලා ආච්චිලාට කලින් වල කජ්ජ ගහනවා,සාමාන්‍යයෙන්.

මොකද ගම් වල ගෑනු ලමයි හරිම අඩු වයසෙන් විවාහ වෙනවා.අනික කොහොමත් පිරිමින්ට වඩා ගෑනුන්ගේ ආයු අපේක්ෂාව වැඩියිනෙ.

අනික මං හිතන්නෙ ගෑනු මිනිස්සුන්ව පණ පිටින් අනුභව කරන හින්දත් වෙන්නැති.

කොහොමහරි මහ ගෙවල් වල තනි වෙන ආච්චිලට දැන් තනියම වැඩපල කර ගන්න අමාරුයි.ඒ වුනාට මේ වයසෙ අයට උදව් වෙන්න යන්න සාමාන්‍යයෙන් තරුණ වයසේ ගෑනු ලමයි කැමති නෑ.

ඒ වුනාට සමහර ගෑනු ලමයි කැමැත්තෙන්ම වදෙන් පොරෙන්ම ආච්චිලට උදව් කරන්න යනවා.ඒකෙ යටි අරමුණ වෙන්නේ ආච්චිට අයිති අනික් නෑදෑ වෙන අයට බෙදා නුදුන් ආභරණ වගේ දේවල් චා‍ටුවෙන් ඉල්ල ගන්න.

මෙතනදි දැං හාල් ගරන එක කියන්නේ පළපුරුද්දෙන් කරන් දෙයක්නෙ.දැන් ඔය හැදෙන cookery class යන ගෑනු ලමයි ගොඩක්ම හරියට නෑඹිලියෙන් හාල් ගරන්න දන්නෙ නෑනෙ.

ඒ පිහිටෙන් හාල් මුදලාලි වැලි,වී ඉවත් කළ හාල් විකුණනවා.

ඉතින් මේ යන යුවතියන් ආච්චිට ආච්චි හොඳටම දන්න හාල් පවා ගරලා දෙනවා.

ඔය ගෑනු ලමයි ඔහොම යනකොට ඒක දකින යන්න බැරි වෙච්ච අංගනාවොන්ට දැන් ඉරිසියයි.ඉතිං ඒ ගොල්ලො කියනවා “”ඔය යන්නේ ආච්චිට හාල් ගරන්නනෙ“” කියලා.

Image

Advertisements

2 thoughts on “හාල් ගැරිල්ල

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s