මුඩුක්කු බල්ලාගේ ඉන්දියානු ආදරය

Slum Dog Millionaire චිත්‍රපටිය හරි අපූරුය.

 

එය හැදුවේ ඉන්දියාවේදී වුවත්,ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් ඉන්දියානුවන් වුවත් (සම්භවයෙන් ඉන්දියානුවන් වුවත් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ඇත),ඉන්දියාවේ පාරේ තොටේ අපි දකින සැබෑ ඉන්දියානු යථාර්තය වුවත්,ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුපිරි සංගීතඥ අල්ලා රක්ඛා රහුමාන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවත් එය ඉන්දියාවේ අභිමානය කියාපාන සිනමා කෘතියක් ලෙස පිළිගැනීමට බොහෝ ඉන්දියානුවන් කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබුනේ  එය ඉන්දියානු වෙළඳපල තුල අසාර්ථක වීම නිසාය.

වසරකට වැඩිම චිත්‍රපට ගණනාවක් නිපදවන ඉන්දියාවෙ චිත්‍රපටියක් අසාර්ථක වීම සාමාන්‍ය දෙයක් විය හැක.නමුත් ඉන්දියාවට පළමු ඔස්කාර් සම්මානය හිමි කර දුන් චිත්‍රපටය ඉන්දියානුවන් එතරම් ප්‍රිය නොකිරීම ඇත්තටම අපූරුය.

එය පහත අන්දමට නිපදවූයේ නම් සිරාවටම ඉන්දියාවේ අංක එකේ හිට් එකක් වනු ඇත.

ජමාල් හා සලීම් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අලුත් ඇඳුම් ඇඳගෙනය.පොලීසිය පැමිනෙන්නේ සුපිරි හාලි ඩේවිසන් බයික් වලින් වන අතර මුඩුක්කු අතරින් නොව සුපිරි නිවාස සංකීර්ණයක් හරහා දිව යන මොවුන් දෙදෙනාට ලං වීමටවත් පොලීසියට නොහැකි වේ.

(එකවර අතීත හා වර්තමාන සිදුවීම් පටලවන්නේ නැත.මුල,මැද, අග හරියටම ගලපා ඇත.)

ඒ අපි දැක්කේ චිත්‍රපටයේ ඇරඹුමයි.මේ දිවයාම අතරමැද පසුබිමින් ඇසෙන කතාවක් මඟින් අහවලා ජමාල් බවත් අහවලා සලීම් බවත් අපිට කියයි.(නැත්තං ඔය මොට්ට ඉන්දියානුවන්ට කතාව තේරෙයිද)

දැං එහෙමනම් කතාවේ කෙල්ල පැමිනිය යුතුය.

                                                                     

ඒ සඳහා ජමාල් හා සලීම් ජීවත් වෙන සුපිරි මුඩුක්කුවේ ජාතිවාදි අරගලයක් ඇතිවෙනු අපිට පෙනේ.ඉන්දියානුවන්ට පහර දීමට එන්නේ පකිස්ථානු කොඩිය ‍රැගත් එවුන්ය.උන්ගෙන් ගුටිකා ජමාල් හා සලීම්ගේ මව තුවාල ලබන අතර උන්ට බයේ දිව ගිය ජමාල් හා සලීම් නැවත හැරී ජාතිවාදීන්ට පහර දීමට එයි.ගුටි කා වැටෙන මොවුන් දෙදෙනා හදිසියේම දේවාලයක් තුල රාම දෙවියාව දකී.එසැනින් වැහි නැති හෙන ගෙඩියක් පාත් වෙන අතර නැඟී සිටින වීරයින් දෙදෙනා සියලු ජාතිවාදීන්ට පහර දෙයි.ආයුධ සන්නද්ධ ජාතිවාදීන් මොවුන් දෙදෙනාගෙන් එකා එකා පැමින ගුටි කා වැටෙයි.සටන අවසාන වන විට ජාතිවාදීන් දෙදෙනෙකු ඉන්දීය යුවතියක් උස්සාගෙන යාමට ලෑස්ති වනු පෙනේ.

ඉන්දියානුවන් මේ දේ කරත් ජාතිවාදීන්ට එසේ කිරීමට දීමට අකමැති වීරයො යුවතිය බේරා ගනී. ඒ ලතිකාය.තම මව මෙන්ම ලතිකාද රෝහලට ගෙනයන විරුවන් දෙදෙනා මේ ප්‍රහාරය පසු පස සිටින්නේ ලතිකාගේ කෝටිපති පියා බව අනාවරනය කර ගනී.මව මිය යන අතර ලතිකාව ඒරොප්පෙට ගෙන ගොස් සුව කිරීමට ලතිකාගේ පියා තීරණය කරයි.දැන් අපි කොල්ලා,කෙල්ල,දුෂ්ටයා දනිමු.දැන් ඇත්තේ ජෝකර්ය.

ජීවත් වීමට ක්‍රමයක් සොයන ජමාල් හා සලීම් සුද්දන්ට බඩු විකුනන කඩයක් පටන් ගනී.(සල්ලි කොහෙන්ද දෙයියො තමයි දන්නෙ).තමන්ට සුද්දෙක් කරන හොරකමක් ගැන (අවධාරණය !ඉන්දියානුවන් කවදාවත් හොර කරන්නේ නැත)

සටනක් ඇති කරනා සලීම් වෙනුවට ඔහුගේ සහෝදර ජමාල් පොලිස් අත් අඩංගුවට පත් වී සිර ගත වෙයි.සොයුරා සිර ගත වීමෙන් තනි වෙන සලීම් පාතාල කල්ලියකට සම්බන්ධ වෙන අතර හිරේදී ජමාල්ට ජෝකර්ලා ‍රැසක් හමු වේ.මේ සමඟින් වසර 10-15 ගතවන අතර අපි දකින්නේ ජමාල් හිරෙන් එලියට පැමිනීමත්,සලීම් පාතාල නායකයෙකුව සිටීමත්,සමඟින් ලතිකා හුරු බුහුටි ගැහැනු ලමයෙක් ලෙස යලි ඉන්දියාවට පැමින සිටීමත්ය.

පෝස්ට් එක දික් වෙන නිසා ඉතුරු ටික කෙටියෙන් දාන්නම්.

දේවාලයේ පොල් ගැසීමට යන මේ තිදෙනාම එකට මුන ගැසෙන අතර වීරයින් දෙදෙනාම ලතිකාට පෙම් බඳියි.මෙය දැන ගන්නා ලතිකාගෙ පියා (දුෂ්ටයා) ඇයව වෙනත් අයකුට විවාහ කර දීමට විවාහ මංගල්ලයක් ලෑස්ති කරයි.මෙයට පහර දීමට යන සලීම් හා ජමාල් එහිදී සටන් කරති.සටනට බියේ මනමාලයා පලා යන අතර ලතිකාගේ පියා මරා දමා (වීරෝදාර ලෙස) සලීම් කෲර ලෙස මිය යයි.මේ අතර නැකත කල් දැමුවහොත් අසුභ බව නිසා ලතිකා හා ජමාල් විවාහ වෙයි.ඒ සමඟම චිත්තරපටිය අවසන් වෙන අතර එය බලා ඉන්දියානුවන් නියම ඉන්දියන් චිත්‍රපටියක් වෙනුවෙන් අත් පොලසන් දෙති.

දැං එතකොට කෝ Millionaire?

ඇයි බැන්දහම හම්බවෙන දෑවැද්ද

එතකොට චිත්‍රපටයේ පනිවිඩය?

ගොඩ යාමට ලේසිම මාර්ගය නම් දුෂ්ටයාගේ දුවව ලොකු දෑවැද්දක් සහිතව කසාද බැඳීමයි.

Advertisements

2 thoughts on “මුඩුක්කු බල්ලාගේ ඉන්දියානු ආදරය

    • පිලිමේ ගිල්ල යකාට වෙහෙර අග්ගලාද ඇහුවලු? ඕන කුනු ගොඩක් කොපි ගහන උන්ට ඒකත් කජ්ජක්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s