ගම්මානයේ සිරියාව.

එදා අපිව දාලා තිබුනේ කොලඹින් පිට,  හරි අපූරු ගම්මානයක assignment එකකට.සාමාන්‍යයෙන් මේ වගේ outstation වැඩ වලට අපිට කොහොමත් මාස 2-3කට වතාවක් ලංකාවේ කොහෙ හරි තූත්තුකුඩියක යන්න වෙනවා.කොහොමහරි එදත් යන්න කලින් දවසේ අපේ බොසා සුපුරුදු පරිදි කිව්වේ”අයියෝ,ඔය ගමනට වැඩිම වුනොත් පැය 5 විතර යයි” කියලා.මෙයා කොහොමත් ඒ කියන වෙලාවන්ට තව පැය 3-4 එකතු කරන්න වෙනව කියලා දන්න නිසාම අපි උදේ ‍රැයින්ම කොළඹින් පිටත් වුනා.

කෙළින්ම මේ මේ ගම්මානයට යන්න බස් එකක් හම්බවුනේ නැති හින්දා අපි ගියා  — ලකේ අග නගරයට.ගිහිල්ලා අහවල් ගමට යන බස් එකක නැග්ගා.(අපි හිතුවා ඉතින් අර ගමට යන්න ඕන නම් පැය 1-2 යයි කියලා,කොහොමහරි පස්සෙදි අපිට තේරුනා 1-2 කෙසේ වෙතත් 3-4 කින්වත් ගියොත් ලොකු දෙයක් කියලා.) කොහොමත් දවස් 2-3ක් නවතින්න යන හින්දම ලොකු luggage එකක් අපිත් එක්ක තිබුනා.අපි පස්සේම සීට් එකේ වාඩි වුනෙත් අන්න ඒ හින්දමයි.මොකද අපිව අනික් අයට කරදරයක් වෙනවට අකැමැති හින්දා.

ටික දුරක් ඉස්සරහට යන කොට මෙන්න බස් එකට නඟිනවා බොහොම වයසක ආච්චි කෙනෙක්.ඒ ආච්චි අරගෙන යනවා තරමක බඩු මල්ලක් එක්ක නවලා රෝල් කරපු ලොකු ඇලුමිනියම් ශීට් එකක්.හරියට ලොකු  බටයක් වගේ එන්න.ඒත් කිසිම ආවරනයක් නැතිව.

බස් එකේ මැද හරියෙම සීට් එකකුත් හම්බවෙච්ච ආච්චි දැං ඔන්න ටික‍ටුත් ගත්තා.කොහොමත් බස් එකකට නඟින කෙල්ලො දිහා මිසක් ආච්චිලා දිහා නොබලන අපි ඕක එච්චර ගනන් ගත්තෙ නෑ.මෙන්න ටික දුරකදි අර ආච්චි පිටි පස්ස දොරෙන් බහින්න ලෑස්ති වුනා.අනේ අපරාදේ කියන්න බෑ ඒ කොන්දා ඩැයිවර්ට කියලා බස් එක නවත්තලා ටික වෙලාවක් දුන්නා.මේ ආච්චි දැං අර බඩු මල්ලත් අරගෙන අනිත් අතින් අර ඇලුමිනියම් බටයත් අරගෙන හිමීට බහිනවා.අනේ ඉතින් අපිත් මොනවා වුනත් වයස ගැන හිතලා අනුකම්පාවෙන් බැලුවා විතරයි මෙන්න අර ආච්චි අර අතේ තිබුනු බටේ මගේ අතට තල්ලු කළා.

කමක් නෑ,මොනවා වුනත් මගේ අම්මටත් වඩා වයස කෙනෙක්නෙ කියලා හිතපු මම, (මේ බටේ හරියට අල්ල ගත්තෙ නැත්තං අත කැපෙනවා.) ඒක පොඩ්ඩකට අල්ල ගත්තා ආච්චිට පරෙස්සමින් බස් එකෙන් බහින්න.

ඊට පස්සේ බස් එකෙන් බැහැපු ඒ ආච්චි මෙන්න ආපහු හැරිලා අත දාලා හරියට යමක් උදුරලා ගන්නවා වගේ අර බටේ ඩැහැ ගත්තා. එතනින් එහාට ඒ ආච්චිට කිසි ගාණක් නෑ එයාගේ ගමන එයා ගියා.අර බටය දඩස් ගාලා ඇදලා ගන්න ගිහින් කාගේ හරි ඇ‍ඟේ වැදුනද,මොකද කියලා කිසි ගාණක් නෑ.

දැං මෙතන තියෙන ප්‍රශ්නය මෙන්න මේකයි.හොඳ වෙලාවට ඒ වෙලාවෙ බස් එකේ සෙනඟ හිටියෙ නෑ.ආච්චි කිසිම ආවරනයකින් තොරව ගෙනාපු ඒ ශීට් එකේ දාරය බොහොම තියුනු කැපෙන සුලු දාරයක්.එයා ඒක බස් එකේ යන කොට තියාගෙන හිටියෙත් සෙනඟ පැත්තට කරලා.මගෙන් අහන්නෙ නැතිව මට එයා ඒ බටය තල්ලු කලා.මම කෝකටත් ඔය වගේ කුණ්ඩ හට්ටි ගැන අවධානයෙන් හිටපු නිසා ඒ බටේ ඇතුලතින් හා පිටින් දෙකින්ම අල්ලගත්තා දාරේ මඟ ඇරලා.ඒ උදුරලා ගත්ත විදිහට ඉක්මනට අත අතෑරපු නිසා මගේ අත කැපුනේ නෑ.ඒත් නිකමට හිතන්න,

ඒ බස් එකේ සෙනඟ හිටියා නම්,පිටි පස්සේ පොඩි ලමයෙක් වගේ හිටියානම් අර විදිහට ඇදලා ගත්තු බටෙන් කීදෙනෙකුට තුවාල වෙන්න තිබුනද?

Image

lifehackery.com

මේක සමහරවිට මහා ලොකු දෙයක් නෙවෙයි කියලා කෙනෙක් හිතන්න පුලුවන්.ඒත් මේ මිනිස්සුන්ගේ සමාජ ආචාර ධර්ම ගැන ආයි පාරක් මට හොඳ සහතිකයක් ලැබුනේ ඊළඟට නැගපු බස් එකේදී.

ඉක්මනට බහින්න පුලුවන් වෙන්න අර තඩි luggage එකක් උකුලේ තියාගෙන ඉස්සරහ දොර ගාව වාඩි වෙලා හිටපු මාත් මගේ යාලුවාගෙත් උකුල උඩට, ඒ බස් එකට නඟින ඒ පැත්තට මහා ලොකු ලෙස හිතාගෙන ඉන්න ඉස්කෝලෙක ලමයි ටිකක් එයාලගේ බෑග්,අඩුම ගානේ අහන්නෙවත් නැතිව අපේ උකුලට දැම්මා,බස් එකේ ‍රැක් වල ඉඩ තියෙද්දි.ඒ කියන්නේ ඒ පැත්තේ වැඩිහිටි පරපුරේ නැහැදියාව හරි අපූරු විදිහට බාල පරපුරටත් ගිහිල්ලා තියෙනවා.

ඔය ගම්මානයට ටික දුරක් එහායින් තියෙන සංචාරක කර්මාන්තයට සුප්‍රකට නගරයක සංචාරක හෝටලයක, පස්සේ දවසකදි workshop එකකට ගිහින් නැවතිලා හිටපු  අපි, common room එකක කැරම් ගහන්න ගියා.එතන අපි එද්දි විදේශික යුවලක් සහ ඔවුන්ගේ අවුරුදු 5 පමණ වෙච්ච පොඩි ලමයි දෙන්නෙක් හිටියා.

අපි කැරම් ගහන ගමන් නිකමට ඔවුන් දිහාත් බැලුවා.හදිසියේම අපි ගාවට ආපු ඒ පොඩි ලමයා “sorry” කියලා යන්න ගියා.     අපිත් පුදුම වුණා.    ඒ ගොල්ලො හිතලා තියෙන්නෙ ඒ ලමයින්ගේ දඟ වැඩ හින්දා අපිට කැරම් සෙල්ලම් කරන්න හිත එකඟ කර ගන්න අමාරු වේවි කියලා.    (ඇත්තටම අපිට එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ.)

ඉතින් අපෙන් සමාව ඉල්ලලා ඉවත් වෙලා ගියා.

ඔන්න අව්‍යාජ ලාංකේය ගැමිකම සහ සාටෝපවාදී බටහිර සංකරයන්ගේ යථාර්තය.

Image

සමහරවිට කෙනෙක් කියයි ආ ඒ ඒ ගොල්ලො විතරයිනෙ,අනික් මිනිස්සු එහෙම නෑනෙ කියලා ඒත් අපි ඒ assignment එකට හිටපු දවස් වල හොඳටම දැක්කා අර සාකච්ඡාවෙයි,මේ සාකච්ඡාවෙයි පතුරු ගහන ලංකාවේ ගැමි සංස්කෘතියේ මහා සිරියාව.

ඇත්තටම ඒකට සිරියාව කියලම තමයි කියන්න ඕන.

මීමින්නගේ ඉඳන් අලියා දක්වා සතුන්ට හක්ක පටස් තියන,කැලේ තියෙන ගස්,සත්තු,රක්ශිතයේ ඉඩම් තමන්ගේ පුද්ගලික දේපළ විදිහට සූරාකන මිනිස්සු, හදි හූනියම්,අන වින ,කොඩි වින විතරක් නෙවෙයි අල්ලපු ගෙදර මඟුලක් තියෙන දවසට මේ ගෙදර ඉඳන් කලවා බන්ධන කරලා ඒ මඟුල විනාශ කරන හරි අපූරු ගැමි කමක් ඒ සුන්දර සිහින ලෝකයට ඇතුලෙන් තියෙනවා.

ඒත් සංකර නැහැදිච්චි රටවල් විදිහට ලංකාවේ සංස්කෘතික ඔස්තාද්ලා හඳුන්වන ඒ බටහිර රටේ ලමයගේ ආචාර ධර්මය ඒ පඩත්තල දෙසන්නන්ගේ ගම් වල ඉන්න මහා ගැමි සම්ප්‍රදායේ උරුමක්කරුවන්ටම නැති වීමම හරි පුදුමාකාර දෛවයේ සරදමක් තමයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s