ඇද්ද මදිද තව ඕනෙද?

අවවාදයයි!අදාළ නැති අය මෙය කියවීමෙන් ඔල්මොරොන්දන් වීමට ඉඩ ඇත.ඒ වෙනුවෙන් කමාව භජනය කරන සේක්වා……………….

අපි සිදු කරන දේවල් එක්තරා සැලසුමකට අනුව සිදු වෙන බව ඇතැම්හු විශ්වාස කරති.එය ඔවුන්ට දෙවියන් වහන්සේ,විශ්ව ශක්තිය,දෛවය,ඉරණම හෝ කරුමයද විය හැක.තවත් සමහරුන්ට එය අහඹු සිදුවීමකි.ඊයේ මටද එවැන්නක් සිදු වුණි.ඊයේ මගේ බ්ලොග් එකේ සටහනක් දැමීමට ගිය මට අමතක වී(එයත් අහම්බයක් වීමට හෝ විශ්ව ශක්තිය කියා කාට හරි කියන්න පුලුවන්) අවසන් කිරීමේ වැකි කිහිපය මඟ හැරුනි.

අහෝ දුකකි,ඉරකි තිතකි.

මං ලියාගෙන ගිය කතාව පුද්ගලිකව භාරගත් මගෝඩියකු මගේ පුද්ගලික නිපත් ගිණුමට (e-mail account) හසුනක් එවමින් මාහට උම්බෑ කියන්න පටන් ගෙන ඇත.එම මගෝඩියාට පින් සිදු වන්නට මම ඊයේ කතාවේ මට අමතකව ගිය කොටස පහත දමන්නෙමි.

ඊයේ කතාවේ  සුනිලාට හා ජයසිංහයාට කෙළ වෙන්නේ එක්තරා යුවතියක් මෙම මගෝඩි සම්මුඛ පරීක්ෂණය ගැන විමසීමට අදාළ ආයතනයේ HR කතා කිරීමත් සමඟය.ඒ සමඟම ඇරඹුනු විමර්ෂනයේ ප්‍රතිඵලය වූයේ සුනිලාද ජයසිංහයාද කළ වරදට දඬුවම් ලෙස වෙනත් ආයතන වලට පැන යාමයි.

උන් කෑ අඹ කොට වලට හොට දැමීමට ගිය හා ඒවායේ හිරකර ගත් එකෙක් ඊයේ මම දැමූ ලිපිය හා උරණ වී මාගේ පෝස්ට් එකට තම ජාතකය පෙන්වන ප්‍රතිචාරයක් දැම්මේය.ඒ පිසාචයා සිතන්නට ඇත්තේ උගේ ඕපපාතික ජාතකය අනුන්ටද පොදුබවය.උගේ සදාචාරය කුමක් වුවත් මගේ සදාචාරය අගය කරන මම ඒ අසැබි ප්‍රතිචාරය ඉවත් කළේ උගේ ජාතකය ලිවීමට මගේ ජාලමය ඉඩකඩ  භාවිතා කරන්න දෙන්නට අකමැති නිසාය.ඒකා මට මඩ ගසන්නට මගේ FB අනන්‍යතාවද සොයා ඇත.නමුත් ඒකාට එය හමු නොවූ බව ඒකාගේ සිත් ගත් යුවතිය මා සමඟම පැවසීය.

“එම්බල පිසාචය,මා හට මූනු පොතේ ගිණුමක් නොමැති බව මා ප්‍රසිද්ධ සභාවකදීම පැවසුවේ තගේ ඒ මහා බහු ජාතික සමාගමට අල්ලපු වැටේ ඇති ආයතනයේ 4 තට්‍ටුවේදී බව සිහියේ තබා ගනුව.”

ලෙඩ වූ මිනිසාගේ පොකට් එකට ගසනා ඒකාගේ සමාගම ගැන මම ඉතා හොඳින් තතු දන්නා බව ඒකාට කීමට මම මේ අවකාශය යොදා නොගන්නේ මාගේ ආචාර ධර්මයන්ට පින් සිදු වීමටය.මාගේ e-mail address සොයා ගැනීම ඒකාට මහත් ආහ්ලාදයක් වන්නට ඇති මුත් එය මට පුදුමයක් නොවන්නේ ඒකාට එය දුන්නේ මමම බැව් දන්න නිසාය.නමුත් ඒකා,තොප නොදන්නේ එය තට දුන්නේ මම බවය.මා මාගේ මෙම අවකාශය භාවිතා කරන්නේ පිවිසුම් (hits) හිඟා කෑමට නොවේ.මම ලියන්නෙ මට වුවමනා දේය.

මම උසස් පෙළ කරද්දි අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ මුග්ධ සමාජවාදි අදහස් ප්‍රචාරය කිරීමට හෝ ඒ ඒ කාලයට ආණ්ඩුවලට බැන වැදී පොරක් වීමට මම මෙය භාවිතා නොකරමි.

තමන්ට වුවමනා අන්තවාදී අදහස් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හෝ නැත්නම් ඕනෑම කෙනෙකුට එයින් ඉවත්ව යෑමට නිදහස ඇත.ප්‍රතිචාර දැක්විය හැක.නමුත් අමන වැඩ කිරීමට ඉඩ දිය නොහැක.

3 thoughts on “ඇද්ද මදිද තව ඕනෙද?

    • මේකනෙ,ඔය අර විමර්ෂණ එව්වා මෙව්වා පත්තු වෙලා එනකොටම උන් දෙන්නා දඬුවම් දෙන්න කලින්ම අස් වුනා.

Leave a reply to මඩිස්සලේ නිශාන් Cancel reply