අසභ්‍යයයි,බලන්න එපා.18+

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේම ගහේ ක‍ටු උල් කරන්න එපා කියලත් කියන්නේ එක ලඟම යන යෙදුම් දෙකක්.දෙකින්ම කියන්නේ කෙනෙක්ගෙ අනාගත චරියාව දැන් හැදෙන වැඩෙන විදිහ සහ තමන් ස්ථාපිත වෙච්ච විදිහට සිද්ධ වෙන බව.මේ කතාවත් ඒ වගේ දෙයක්.කිසිම ජන පිරිසක් මේකෙ මං හෙලා දකින්නේ නෑ,ඒත් මේක තමයි ඒ මිනිස්සුන්ගේ යථාර්තය.මේක බස් කතාවක්.එ කියන්නේ බසයක් වෙච්ච කතා බහක්.

මේ බස් එක යන්නේ ලංකාවේ බස්නාහිර පලාතේ එක්තරා දිස්ත්‍රික් මායිමක් හරහා.සාමාන්‍යයෙන් විවිධ තරාතිරම් වල මිනිස්සු විවිධ තැන් වලට යන්න කණ්ඩායම් පිටින්ම නඟින්නේ මේ මාර්ගය වැටිලා තියෙන්නේ කම්හල්,ජනාවාස,ප්‍රධාන උප නගර වලට යන අතුරු මාර්ග ‍රැසක් වැටිලා තියෙන හරියක.මං මේ බස් එකට නඟින්නේ අතරමඟින්.හැබැයි ගමනාන්තයටම යනවා.

දවසක් මං එහෙම යන්න හිතලා බස් එකට නැග්ගම වෙනදා වගේ නෙවෙයි එදා සෙනඟ ටිකක් අඩුයි.මාත් ඉතින් පැත්තකට වෙලා ඉඳ ගත්තේ එදා හොඳට කට්ට කාලා යන හින්දා හොඳට ඉඩ පාඩුවේ යන්න.දැං මට පේනවා බස් එකේ අනිත් පැත්තේ ,ඒ කියන්නේ මං ඉඳ ගත්ත පැත්තේ නෙවෙයි අනිත් සීට් පේළියේ යනවා එකම පවුලේ කියලා හිතන්න පුලුවන් අම්මයි,දුවයි,පොඩි පුතෙකුයි.මේ දුව කියන ගෑනු ලමයට වයස අවුරුදු 10 විතර ඇති,පුතා කියන කොලුවට අවුරුදු 4 විතර ඇති.ඔය වයසේ දරුවන්ට කොහොමත් මහා දාංගලයක්නේ තියෙන්නෙ.ඉතින් මේ දෙන්නටත් වෙන නියමයක් නෑ, එතන පොඩි ආරවුලක් වගේ පොඩි දැඟලිල්ලක්.අම්මමට නම් වගේ වගක් නෑ.එයා පෝන් එකෙන් බර කතාවක.

Image

ඔන්න හිටපු ගමන්ම අර කොලුවා එයාගේ අක්කා වගේ ගෑනු ලමයා දිහා හැරිලා

“පට්ට වේ@…”කියලා කිව්වා.

මේක බස් එකේ ඉන්න කීප දෙනෙකුටම ඇහුනා ඒත් එච්චර පැහැදිලිව ඇහුනේ නෑ,මොකද ඒකේ බස් කොත්තුවක් දානවා රේඩියෝ එකේ.

අනේ ඉතින් අර බස් එකේ ඉන්න අයට හරියට ඇහුන නැති හින්ද ද කොහෙද අර පොඩි එකා ආයි මොර දෙනවා“පට්ට වේ#”කියලා.

දැන් නම් බස් එකේ ඉන්න අයට හොඳටම ඇහෙනවා.ඒත් අර අම්මට ගාණක්වත් නෑ,එයා එයාගේ කතාව පෝන් එකේ.අර අක්කා කියලා හිතපු ගෑනු ලමයත් කිසි ගාණක් නැතුව ඉන්නවා.

දැන් කොන්දට වැඩේ නෝට්.කොහොමත් කොන්දා හිතාගෙන ඉන්නේ ඒකා බස් එකේ බස්නායක නිලමේ කියලනේ.මිනිහා ගියා අර ලමයා ඉන්න හරියට.මිනිහා දැන් අර ලමයට ආදරෙන් කරුණු කියලා දෙන්න හදනවා.එතකොටම මෙන්න

අනේ පලයන් &*%$ යන්න,මේක මගේ වැඩක්නේ.‍තෝ මෙතන අනුන්ගේ @$#^&* වල් වල ඇඟිල්ල ගහන්නේ නැතුව පලයන් %$^& යන්න.”දැන්නම් ආයි නෑ බස් එක ෆුල් හොල්මන්.අනික ඒපාර කොන්දාගෙන් ගේම ඉල්ලලා තිබුනේ වෙන කවුරුවත් නෙවෙයි.අර අක්කා ලෙස පෙනෙන ගෑනු ලමයා.(අවු 10).දැන් කොන්දාට බඩ කපාගෙන මැරෙන සයිස් එකට අප්සෙට්.

ඔන්න දැන් තමයි අර ඒ ලමයින්ගේ අම්මා කෝල් එක නවත්තලා බැලුවේ මොකද කියලා,ඒකත් කෝල් එක ඉවර වෙච්ච හින්දා.

ඈ බොල @#$$# පුතාලා, තොපිට කීපාරක් කිව්වද යකෝ කෝල් එකක් ගනිද්දි තොපේ ඔය $%^&* කට වහගන්න කියලා.මේ කොහෙවත් ඉන්න %^&** ලා අපෙ%%$ වල ඇඟිලි ගහන්න එන්නේ තොපිලගේ $%^^වැඩ හින්දනේද යකෝ.යමන්කො අද ගෙදර අද මං තොපිට ^*&($%)@#$වා දැනගනින්“කියලා මෙන්න යකෝ අර අංගනාව  ලමයිනුත් අරන් බැස්සා ඊළඟ හෝල්ට් එකෙන්.(හෝල්ට් එක තියෙන්නේ පාලමක් ලඟ,—-ලඟ කියලා තමයි බහින්න ලං කරලා කෑගහන්නේ.

Image

ඒ ලමයි ඇවිල්ලා ඒ ලමයින්ගෙ අම්මලාටම හරි ගිය ලමයි වගේම ලමයින්ටම හරි ගිය අම්මලා.මේ ලමයි අනාගතයේදි………………????

Advertisements

විභාග සමත් වීමේ ජිල් මාට්.18+

අත්දු‍ටුවයි සහතිකයි.මා කළ ගුරුකමක් මෙතෙක් කෙළ වී නැත.කකුල් වතුර බේසම් වල දමාගෙන පාඩම් කළ කාලය අවසානයි.තවදුරටත් නිදි මරමින්,මදුරුවො තලමින්,කට්ට කමින් පාඩම් කලයුතු නැත.ඕනෑම විභාගයක් අති විශිෂ්ඨ ලෙස සමත් වීමට මාහැඟි ක්‍රම ‍රැසක් මාසතුය.තවත් ප්‍රමාද වන්න එපා.ඔබේ දිවිය උඩු කරිඤ්ඤං කරනා විශ්වයේ අති බලගතු රහස් ‍රැසක් ඔබ අතට.

දයාබර දරුව,ඔබ ලබා ඇත්තේ මාහැඟි මිනිස් දිවියකි.ප්‍රේත,අසුර,තිරිසන් තුන් නිරය තුල නොවැටී සකල විශ්වයේ හෝමෝ සේපියන් නම් වූ මානව වර්ගයේ හෝමෝ සේපියන් සේපියන් යන උප කොට්ඨාශයේ සිය ජන්මය තහවුරු කර ගත් ඔබ මෙලොව සැරි සැරිය යුත්තේ ඔබ ලත් සුන්දර ජීවිතය විඳීමට මිස විඳවීමට නොවේ.

ලෝකයේ මල් පූදින අලුයම ලාහිරු දහරින් ඔබේ නෙත් කෙවෙනි අවදි වීමත් පෙරාතුව නිදිගැට කඩමින් අවදි වන්නේ මාර සෙනඟ සමග යුද්ධයටද?

නැතනැත.

ඔබ පුබුදින්නේ ඔබ එදත් බිය වූ අදත් බිය වන නමුත් මාගේ ශිල්පය ප්‍රගුන කිරීමෙන් පසු අලුයම ලූ කෙළ පිඩක් තරම් වත් නොතකන, අද ඔබ යක්ෂයෙක් ලෙස දු‍ටුවත් හෙට ඔබ ජවුසන් නැට්‍ටුවෙක් තරමටවත් නොතකන

විභාග නමැති අභාගය වෙනුවෙනි.

Image

kevinpraggett.blogspot.com

 

ආදරණීය දුවා දරුවනි,ජාතියේ පෙරගමන් කරුවන් වන ඔබ සැම තවදුරටත්  ඒ විභාග නමැති ජවුසම වෙත තව දුරත් බිය විය යුතු නැත.

“ඌත් හොරා මූත් හොරා අපේ හොරා අපිට හොඳා”යන ආදර්ශවත් තේමා පාඨය ඔබට කවදාවත් මතක් වූයේ නැතිද?

ඔබේ විභාග බිය හිරු දු‍ටු පිණි බිඳු සේ වියැකෙන මං තුමා විසින් පවත්වන මහා කොපි කිරීම ඉගැන්වීමේ සම්මන්ත්‍රණයට සහභාගී වී ඔබේ විභාග බිය දුරු කර ගන්න.ඒ මහා සම්මන්ත්‍රනයේදී ඔබට ඉගැන්වෙන මහා කොපි කිරීමේ ශිල්ප වලින් කීපයක් පහත දැක්වේ.

යුවතියනි,ඔබ විභාග සමත් වීමේ මුදුන් මල් කඩයි.ඔබට ඔබව විභාග වලින් සමත් කරවීමට මෙන්ම අනුන්ව විශේෂයෙන්ම පිරිමි ලමුන්ව විභාගවලින් අසමත් කර වීමටද හැක.මෙන්න ඉතින් නොවරදින ක්‍රමයක්.

විභාගය දින යන්න ඔබේ කණ්නාඩිය ඉදිරිපිට.උනා දමන්න ඔබේ සියලු ඇඳුම්.(මෙය සම්මන්ත්‍රනයේදී වේදිකාව මත ප්‍රායෝගිකව පෙන්විය හැක)

විභාගයට වැදගත් වන සියලු වැදගත් දේවල් ලියන්න ඔබේ සුන්දර දෙපාවල.(දන හිසට ඉහලින්)

විභාගය අවස්ථාවේදී ඔබට ඇත්තේ අවැසි කරුණ ඔබේ වස්ත්‍රය ඔසවා බැලීම පමණි.ඔබට ඉදිරි පේලිවල සිටින්නේ පිරිමි ලමුන් නම් දැන ගන්න.ඔවුන් විභාගය අසමත් වෙන බව. (ගවුම උස්සන තරමට වැඩේ ගොඩ.)

එතකොට කොල්ලන්ට,

බිය නොවන්න ඔබට ඇඳුම් උනා දැමීමට අවශ්‍ය නැත.ලියන්න උවමනා දෙය අත් දෙක දිගට.අඳින්න අත් දිග කමිස.දහවල් දාඩිය සමඟ මෙය මකා දැමීම ඔබට සුලු දෙයකි.

විභාගය ඇත්තේ වැසි දිනයකදීනම් ඔබට ඥාන පටි භාවිතා කල හැක.බහුවරන ප්‍රශ්න සඳහා අඩිරූල් භාවිතා කළ හැක.

තවත් මෙවැනි එකී නොකී මෙකී සියලු දේවල් මාගේ මහා සම්මන්ත්‍රණයේදී රු10,000/= වැනි සුලු මුදලකට දැන ගත හැක.

චීනදේශයෙන් මම උගත් ඉන්දියාවෙන් ආනයනය කළ ශ්‍රී ලාංකේය ගජ බින්න මන්තරය එහිදී මම ඔබට උගන්වමි.(යුවතියන්ට පුද්ගලිකව ප්‍රායෝගික පරීක්ෂණ සහිතව මවිසින්ම උගන්වනු ලැබේ)

අමතන්න—————–මම ඉගැන්වීමටම ඉපදී උගන්වා අතුරුදන් වෙමි.

Image

flicker.com

ජැකා අයියාගේ වැඩ කිඩ 18+

ඔය jack කියන්නේ හරි ජනප්‍රිය නමක්නෙ.අර Titanic චිත්‍රපටයේ ලියනාඩො ඩි කැප්‍රියෝ රඟපාන චරිතයේ නමත් ජැක්.ජැක් ජිල් එක්ක කන්දක් නඟින්න ගිහින් බිමට පත බෑවුනා කියලා කතාවකුයි පොඩි කවියකුත් තියෙනවා.අර ෆ්‍රෙඩී සිල්වා කියන ගීතයකුත් තියෙනවා ජැක්ලා වැ‍ටුනේ කකුල ලිස්සලයි,අපේ අය වැ‍ටුනේ කට වැඩි හින්දයි කියලා.අදටත් ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සනුත් ජැක් කියන නම ගත්ත කෙනෙක්.ඒ තරමටම ජැක් කියන නම මාර ජනප්‍රියයි.

ඒත් අපේ රටේ නම් ජැක් ජනප්‍රිය මොකක් හරි අඩයකට තියන්න කියලා.ඒ තරමටම ජැක්සන්ලා,ජැක්මන්ලා අපේ රටේ බස් වල ඉන්නවා.ඔන්න දවසක් ඇඟලුම් කම්හල් බහුලව පිහිටලා තියෙන ප්‍රදේශයක් හරහා යන බස් එකක වෙච්ච සිද්දියක් තමයි මං මේ කියන්නේ.

මේ බස් එක උදේටයි හවසටයි කට කපලා,හරියට සාඩින් පැක් කරලා වගේ තමයි සෙනඟ පටවන් යන්නේ.ඉතින් මේක අස්සේ ඔය ජැක් ගහන අයටත් මාර ඉල්ලමක් තියෙනවා.ඒ බව දන්න හින්දම අර ගෑනු ලමයි කට්ටිය සෙට් වෙලා හොඳට වට පිට බල බල තමයි යන්නේ ජැක්සන්ලගෙන් තමන්ගේ භෞමික අඛණ්ඩතාවය,ප්‍රජාතන්ත්‍රය,පැටිස්වාදය…අරක මේක ඔක්කොම ආරක්ෂා කර ගන්න.

ඔන්න දවසක් උදේ පාන්දර බස් එකේ කිටි කිටියට හිර වෙලා චීස් බටර් වෙලා යද්දි මෙන්න ටික වෙලාවක් යද්දි එක තැන හිටපු යුවතියක් ඇඹරෙන්න ගත්තා.ඊට පස්සේ මෙන්න පටන් ගත්තා තල් අත්තට බොරලු ඉහින්නා වගේ උදේ පාන්දර බැණුම් වරුසාව.එක කෙල්ලෙක් නම් මදෑ,ඒ කෙල්ලගේ සෙට් එකම අත පය වීසි කර කර බණිනවා එතන හිටපු මනුස්සයෙක්ට .කොන්දා ඔය බස් එකේ පෝරියල් එකකටවත් හොට පොවන්නේ නෑ.ඌට මරාගෙන හරි දවසේ ගතමන්ට් එක ලැබෙනවා නම් එච්චරයි.

අර මනුස්සයත් අතෑරියේ නෑ.මිනිහත් හොඳ ලුණු ඇඹුල් ඇතිවම පටන් ගත්තා.දැං බස් එක ඇතුලේ හරියට වනාත මුල්ලෙ බජව්ව වගේ.මොකා මොකක් කියනවද කියලා හරියට ඇහෙන්නෙ නෑ,ඒත් කුණු හබ්බ නම් හොඳට ඇහෙනවා.

වෙලා තියෙන්නේ මෙන්න මේකයි.

අර යුවතිය කියනවා අර පිරිමියා තමන්ට ජැකක් ගැහුවා කියලා.නිකන් නෙවෙයි උපරිමෙන්ම කියන්නේ ඒ යුවතියගේ පශ්තාත් භාගයට අර මනුස්සයගෙ අහවල් අවයවය තියලා තද කරලලු.(ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදිහටම කිව්වා.)

මුලදි මුලදි කුණු හබ්බ වලින් පටන් ගත්ත මේ රණ්ඩුව අතරමැද්දි මෙන්න අර මනුස්සයා ඒ පාර බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.දැං බස් එකේ හැමෝටම ප්‍රශ්නයක්.මේකා හිනා වෙනවා හිනා වෙනවා ඉවරයක් නෑ.ඒ පාර බස් එකේ අර ඇඟලුම් වනිතාවන්ගේ මහිලා මණ්ඩලය දැඩි තීන්දුවක් ගන්න හදනවා.මොකද එයාලගේ ස්ත්‍රීවාදි උද්ඝෝෂණය අදාළ බලධාරියාගේ සමච්චලයට ලක් වුනානෙ.

අන්තිමට අන්තිමට හිනා වෙලා හිනා වෙලා අර මනුස්සයා කියනවා””අනේ යකෝ,තොගේ……………………………………ට මං ජැක ගැහැව්වේ නෑ යකෝ.මං ගාව තිබුනේ මෙන්න මේක කියලා උස්සසලා  පෙන්නුවා අදාල භාණ්ඩේ.මොකක්ද භාන්ඩේ.මිනිහගේ සාක්කුවේ තිබුන ටෝච් එක.බලද්දි මිනිහා උදේ ‍රැයින්ම පිටත් වෙලා බස් එකේ එන හින්දා සාක්කුවෙ තරමක ටෝච් එකක් දාගෙනා ඇවිල්ලා.ඒක අර එහාට මෙහාට වැනි වැනි හිටපු සන්නාලි යුවතියගේ නිතඹ ප්‍රදේශයේ තදින් ඇතිල්ලිලා……………….ලු…………හොඳේ.

Image

මේක කියවලා ඕන ප්‍රශ්නයක් අහන්න.ඒත් මං එතකොට ඒ බස් එකේ මොකක්ද කළේ,ඇයි මං ඒ බස් එකේ ගියේ වගේ ප්‍රශ්න නම් අහන්න එපෝ.

චේතනාහං භික්කඛවේ………….

ඕං අහවල් බල සේනාවටයි ඒකේ වන්දිබට්ටයො ටිකටයි ඕන්නං මූලග්ගාය හදාගෙන නටන්න හොඳ කතාවක් මං දැන් දානවා.මේක ඇත්තටම වෙච්ච කතාවක්.හැබැයි අද ඊයේ නෙවෙයි,මීට අවුරුදු ගාණකට ඉස්සර.මේක කාටවත් අත්හදා බලන්න කියලා කියන්නේ නෑ.

ඔන්න ඉස්සර කාලෙක එක පිටිසර ගමක හිටපු එක ආච්චි කෙනෙක් පුරුදු වෙලා හිටියා හැම පෝයටම පන්සල් යන්න.(මතක තබා ගන්න,පෝයටම එහෙම නැතුව පෝය නැති දවස් වල නෙවෙයි)ඒක එයාගේ ආගමික භක්තිය පෙන්වන මහා ලක්ෂනයක්.මේ ආච්චි පන්සල් යද්දි තනියෙම ගියේ නෑ.එයාගේ මුණුබුරා එක්ක තමයි ගියේ.ආච්චි කිව්වේ මුණුබුරාටත් දහමේ ආභාසය ලබා දෙන්න තමයි මේ එක්ක යන්නේ කියලා.කොහොමහරි මේ යන මුණුබුරා හරිම පොඩි වයසක හිටපු ලමයෙක්.අද කාලේ විදිහට නම් මොට්ටසෝරි යන වයසේ කෙනෙක්.

Image

මේ ලමයට තමන්ගේ ආච්චිගේ මහා භක්තියේ කතාව හාංකවිසියක්වත් තේරුනේ නැති වුනාට ආච්චිත් එක්ක තනියට ආවා පන්සලට.ආච්චි පන්සලට ආවට පස්සේ තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගලවලා දෙනවා ඒ පොඩි ලමයට පන්සලට ගියාට පස්සෙ,මොකටද ඒ ලමයට ආච්චි බුදුන් වැඳලා එනකන් සෙල්ලං කරන්න.කොණ්ඩ කට්ටෙන් කරන්න පුලුවන් සෙල්ලම මොකක්ද?

 ඒක තමයි කූඹි ගුල් හෑරීමේ සෙල්ලම.ඒක ඒ ලමයම හොයා ගත්තු සෙල්ලමක්.ආච්චි නිදහසේ වඳින්න ඕන නිසා අර මුණුබුරාගෙන් නිදහස් වෙන්න දාන ජිල්මාට් එකක්.ආච්චි එයාගේ හිතේ තියෙන භක්තිය ඉහවහා යන කන් වඳිනවා.ලමයා එතකන් කූඹි ගුල් හාරනවා.

දවසක් ඔන්න ආච්චි මුණුබුරා එක්ක පන්සල් ගිය දවසක ආච්චිට මතක නැති වුනා කොණ්ඩ කට්ටක් ගහගෙන යන්න.ඔන්න ඉතින් ආච්චි එදා බුදුන් වඳින්න ඉඳගෙන අර මුණුබුරාවත් ලඟින්ම වාඩි කරගෙන ගාථා කියන්න පටන් ගත්තා.අනේ ඉතින් අර පොඩි එකා ගාථා දන්නේ නෑනේ.ඉතින් ඒ ලමයා පටන් ගත්තා තමන් දන්න දෙයක් කියන්න.මොකක්ද…ලමා ගීතයක්.(දැං අපි ලමා ගීත කියලා පපර ගැහුවට ඒ කාලේ ලමයි කිව්වේ ඒවා නෙවෙයි)

“ටිං ටිං ගාලා

වලිගේ ගසාලා

අඹ ටික කනවද

 හොර ලේනෝ“කියලා.

දැන් කොහොමද ආච්චි ගාථා කියන්නේ ,මොකද මේ ආච්චි පුරුදු වෙලා හිටියේ තරමක සද්දෙන් ගාථා කියන්න.එයාට මේ ලමයා හයියෙන් සින්දු කියන එක හින්දා ගාථාව වරදිනවා.අනික ලමයත් වාඩි වෙලා ඉන්නේ ආච්චි ගාවින්මනේ.

පස්සේ ඉතින් මොනවා කරන්නද,ආච්චිත් එයාගේ භක්තිය පැත්තකින් තියලා  කියන්න ගත්තා

“ටිං ටිං ගාලා වලිගේ ගසාලා අඹ ටික කනවද හොර ලේනෝ”කියලා.

ගල හිල් කළ ‍රැග් එක

නවක වදයට සම්බන්ධ කතාවක් කලින් දාපුවාම ඒකටම ටීකාවක් විදිහට එකතු කරන්න හිතාගෙන හිටියත් වෙන පැත්තකට යන ස්වභාවයක් හින්දා මේක මං වෙනමම දානවා.සාමාන්‍යයෙන් ඔය ‍රැග් සීසන් කියන එක ඇවිල්ලා හරියට අමු අඹ කනවා වගේ වැඩක්.මොකද ඒක කන එකාගේ දත් හිරි වැටෙනවා.ඒත් බලාගෙන ඉන්න එකාගේ කටට කෙළ උනනවා.මේ පාර ‍රැග් වෙන එකා ගොඩක් වෙලාවට අනිත් පාර ඇවිත් ‍රැග් කරන්න පෙළඹෙන හේතුවක් තමයි ඕක.

ඒත් එයාලා හිතන්නේ නෑ තමන් ‍රැග් වෙන කොට තමන් කොච්චර පීඩාවකට පත් වුනාද කියන එක.

නමුත් ඒ මොනවා වුනත් සාමාන්‍යයෙන් campus වල තියෙන සම්මතයක් තමයි එක පාරක් වත් ‍රැග් නොවුනු කෙනෙක් තවත් කෙනෙක්ව ‍රැග් කරන්න යන්නේ නෑ කියන එක.මොකද තමන් අත්වින්ද පීඩාව දන්න කෙනෙක්ම තමයි ඒකෙ රඟ දන්නෙ.

කොහොම හරි ඔය කාලෙදි හරි අපූරු අපූරු දේවල් සිද්ධ වෙනවා.සමහර වෙලාවට ‍රැග් කරන්න යන අදාල ජ්‍යේෂ්ඨ උත්තමයා විහින් ‍රැග් වෙනවා.(උත්තමයා කියලා කියන්නේ නෑ.ඒ වුනාට ලංකාවේ කොහේදෝ හද්ද ඩොටේ තැනක කියනවලු,අපි නම් කිව්වේ නෑ,අයියේ, අක්කේ කියලා තමයි කිව්වෙ.අනික අක්කලා අපිට ‍රැග් කිරීමට තබා ඇස ගැටීමටවත් හිටියේ නැත.එය අපේ අවාසනාවය.)

විශේෂයෙන්ම අලුතින් එන නවක ශිෂ්‍යයො දිහාට අර හද්ද ඩොටේ ඉඳන් ආපු ගොඩයො හරියට තමන් රොස්මිඩ් ප්ලේස් වලින් බැස්සා වගේ පෙන්නන්න යනවා.(මං මෙතන ගොඩයා කියන්නේ ගමයාට නොවේ).අර ඉතින් ඕනෑම මෝඩයෙක් කට අරිනකන් උගතෙකි කියන්නා වගේ එයාලා කට ඇරපු ගමන් පනිනවා ගමේ වග තුග.ඇයි ඔය තියෙනවනෙ ප්‍රාදේශීය ව්‍යවහාර කියලා දෙයක්.මේක කොච්චර හංගලා හරියට තමන් මේ කොළඹම ඉපදුනු එකෙක් හැටියට පෙන්නන්න හැදුවත් අර දිය යට හංගපු රබර් බෝලෙ වගේ උඩටම එනවා.

දවසක් ඔය ජ්‍යේෂ්ඨයෙක්ට කියන්න ඕන වෙලා ගෑනු ලමයි ටිකකට කුඩේ ඉහලන් යන්න කියලා.මේකා කියනවා

“”අටෝගනිං අටෝගනිං විගහට කුඩේ””

අනේ අර නංගිලා ටික බලා ඉන්නවා මේ මොකක්ද මේ කියලා.මොකද කුඩේ කියන්නේ උගුලක්යැ අටවන්න.ඒ වුනාට අර ජ්‍යේෂ්ඨයගේ ගමේ කියන්නේ කුඩේ ඉහලනවට කුඩේ අටවනවා කියලලු.අනේ අර ලොක්කගේ ඊනියා පොෂ් බැටලු හම යසට ගැලවිලා.ඊටත් තව පැත්තක කියන්නේ කුඩේ ඉහලනවට කුඩ දාගෙන යනවා කියලලු.

Image

අර තව පැත්තක අයියලා බනින්න ගියාම මොන හත්තිලව්වක්ද අහන්න ගිහින් ගමේ වරුනෙ කියලා එනවා.ඒ පැත්තෙමලු ලෑල්ලට ලැල්ල කියලා කියන්නෙ.

ලනුවට ලන්න කියන්නයි අපිත් කොළඹ හරිය කියන්න ගිහින් දවසක් අපේ අයියා කෙනෙක් නා ගත්තේ HFC කෙල්ලො ටිකක් ඉස්සරහා.ඉතින් හිතා ගන්න උන් හොස්ටල් ගිහින් කොහොම මොකක් කියන්න ඇත්ද කියලා.

අන්තිමට හොඳම වැඩේ වුනේ ජ්‍යේෂ්ඨ අයියා කෙනෙක් අපිට “”අරක වහ දාලා වරෙන් “”කියලා common එකට ගෙනාපු කෑම ටිකක් පෙන්නපු වෙලාවෙ.අපි කලබල වුනා විතරක් නෙවෙයි ඒ ගොල්ලන්ගේ සමහරුත් බැලුවා මේ මොකද වහ දාන්නේ කියලා.බලද්දි එයාලා වහනවට කියන්නේ වහ දානවා කියලා.

මේ විදිහට ජ්‍යේෂ්ඨයන්ටම කිව්වම හරි නෑනෙ.අපේ girl කෙනෙකුත් මහා ඔලමොට්ටල කතාවක් කියලා තිබුනා.එයා කතා කරන්නේ හරියට මතුරනවා වගේ.ඉතින් දවසක් ලඟට කතා කරලා නම ඇහුවාම  මෙලෝදෙයක් ඇහෙන්නේ නෑ හරියට මතුරනවා වගේ.ඒ පාර ඒ අයියලා කියලා පාරේ තියෙන ගලක් අහුලලා ගනින් කියලා.කෙල්ලත් අහුලලා අරගෙන පොඩි ගලක්.

“උඹ මතුරනවා වගේනෙ කතා කරන්නේ,දැං එහෙනං මතුරලා මේ ගල පලන්න ඕන.හ්ම්…..මතුරනවා”

දැං කෙල්ලත් බයටම වගේ ගල කට ළඟට අරන් මතුරනවා වගේ ඉඳලා.””ආ..දැන් දානවා බිම.”” කිව්ව විදිහටම දාලා.””දැන් අරන් බලපන් ගල පැලිලද කියලා”‘

මේ කෙල්ල කිව්වනෙ

“අයියේ ගල පැලිලා නෑ,හැබැයි මැදින් හිලක් හැදිලා”

කියලා.කෙල්ලට යන්න කියපු ඒ අයියලා ටික පස්සේ බඩවල් අල්ලගෙන හිනාවෙලා.අන්තිමට කෙල්ලට card වැ‍ටුනෙත් dough nut කියලා.

අඩෝ ෆ්‍රෙෂ් ‍රැග් එක

ඔන්න මේ දවස් වල ලංකාවේ campus වලට ගජරාමෙට අලුතින් ලමයි ගන්නවා.ඒ දිහා ලංකාවේ ඉන්න සමහර පුද්ගලයොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කොහෙන් හරි මොකක් හරි තලු මර මර කියන්න පුලුවන් කුණු කතාවක් අහුවෙයිද කියලා.

මෙන්න මේ වැඩේ සිද්ධ වුනේ ලංකාවේ අගනගරයේ තියෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක මංතුමා ඉගෙන ගන්න කාලේදි.

ඔය විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තියෙනවානේ හරි අපූරු වචන සෙට් එකකුත්.ඒ අනුව ඔය සියලු සිසුන් ගැන තමන්ගේ හිතේ අකම්පහල වෙච්ච කරුණාවෙන් කටයුතු කරන අයට කියන්නේ “”පොද්දො”” කියලා.

මොකද ඒ අය වැඩ කරන්නේ පොදු හැඟීමකින්ලු.

එතකොට ඔය තමන්ගේ මූලිකම වැඩේ අධ්‍යාපනය විතරයි කියලාම හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවානෙ.ඒ අයට කියන්නේ “”අලයො”” කියලා.

මේකට විවිධ අර්ථකථන තියෙනවා.මොක හරි මං මේ කියන කතාවේ අලයෙකුයි,පොද්දෙකුයි දෙන්නෙක්ම ඉන්නවා.දැං ඔන්න දෙන්නා දැන් වගේම අලුතින් විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍යයින් ගන්න කාලෙක පොඩි සංවාදයක් දාගෙන ඉන්නවා.ඔතන පොද්දා නවක වදයට පක්ෂ කෙනෙක්.ඒත් අලයා නවක වදය ගැන ඇල් මැරුණු ස්වභාවයක ඉන්න කෙනෙක්.පොද්දා අලයට කියනවා

 “”මොනවද බං උඹ නිකං පැත්තකට වෙලා ඉන්නවා.common  එක පැත්තේවත් එන්නේ නෑ.මෙහෙම ගියොත් අපි කොහොමද අපේ විශ්ව විද්‍යාලයේ චිරස්තිථිය නංවන්නේ……………උඹ පොත් ගුල්ලා වගේ එක්කො library එකට වෙලා ඉන්නවා,නැත්තං හවසට කෙල්ල එක්ක gym එක පිටි පස්සේ යනවා.ඔහොම හිටියොත් පොඩි උන් ඇවිත් අපේ ඔලුවට අත හෝදයි”” බ්ලා බ්ලා බ්ලා………………කියලා

අනේ ඉතින් අර අලයත් කට වහගෙන ඔලුව වන වන ඉන්නවා මොනවා වුනත් මේකා තමන්ගේ යාලුවානෙ කියලා.ඔය පොද්දන්ගේ තියෙන සිරිතක් තමයි යමක් කියද්දි ඒක කියන්නේ හරියට loud speaker දැම්මා වගේ.කොහොමත් ඔය පක්ෂේ අයගේ වාචාල ගතිය නම් මාර වැඩියි.ඉතින් අලයා වට පිට බල බල හිටියේ කාට හරි මුගේ මේ වාචාල කතා ඇහිලා මොකක් හරි බකට් එකක් පාත් වෙයි කියලා.මොකද දෙන්නා කතා කර කර හිටියේ කොරිඩෝරයක හින්දා.

ඔන්න ඔය වෙලාවෙ අලයා දකිනවා ඒ ගාවින් lecturer කෙනෙක් යනවා.මේ තෙල බෙදිල්ල ඒ අස්සේ lecturerට ඇහුනොත් ඉස්සරහට පෝරියල් එකක් වෙයි කියලා හිතපු අලයා කිව්වා පොද්දට

 “”අන්න මචං ලෙචෙක් යනවා.කට වහපං කියලා””

නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවා කිව්වා වගේ අර පොද්දට මේක ඇහුනේ අනිත් පැත්තට.උගේ කනේ වංගුද කොහෙද ඌට ඇහිලා තියෙන්නේ

“”අන්න මචං ෆ්‍රෙෂෙක් යනවා “”කියලා.

පොද්දා පැන්නා අර lecturer ආපු පාරට.උගෙත් නරක වෙලාව කියන්නේ ඒ අපේ campus එකට අලුතින් ආපු lecturer කෙනෙක්.ගිහින් තියෙන්නෙත් first year දේශනයකට.පොද්දා පැනපු ගමන් පාර හරස් කරළා දැම්මා තග.

“”අඩෝ ෆ්‍රෙෂ්,උඹ පරක්කු වෙලා lecture යන්නේ මොකද?, උඹ හිතන් ඉන්නේ මොකා කියලද හිතුනු හිතුනු වෙලාවට lecture යන්න,ඈ……………..””

Lecturer නැවතුනා.දැං අලයා බලං  ඉන්නවා කණුවකට මුවා වෙලා මොකද වෙන්නේ කියලා,මොකද මේ වගේ දේකට මාට්‍ටු වුනොත් නම ගෑවිච්චි ගෑවිච්චි තැන් වල හිටපු එවුන් suspend වෙනවා.

lecturer බැලුවා බැලිල්ලක් අපේ පොද්දා දිහා.මේ වෙනකොටත් පොද්දාට ටිකක් මීටර් වෙලා තිබුනේ වැඩේ මොකක් හරි දෙල් වෙනවා කියලා.කෝකටත් කියලා පුරුෂ ධෛර්යය හිතට ගත්ත පොද්දා ඇහුවා

“”මොකද උඹ මං දිහා කන්න වගේ බලන් ඉන්නේ.උඹ හිතන් ඉන්නේ උඹට හිතුනු හිතුනු වෙලාවට lecture යන්න උඹ lecturer කියලද “”ඇහුවා.

ඔන්න ඒ පාර අර lecturer අහනවා””පුතා ඔයාගේ year එක මොකක්ද?”” කියලා

දැං ඔන්න පොද්දට තේරුනා වැඩේ දෙල් කියලා.දැං ඔන්න ඒකට තොල කට වේලිලා විනය පරීක්ෂණ නිකන් පේනවා පේනවා වගේ.මූ දැනුයි දැන ගෙන තියෙන්නේ ඒ අපේ lecturer කෙනෙක් කියලා.””අ……….අනේ……………ස ස…………….ර් ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..””මූට දැං ගොත ගැහෙන්නත් අරගෙන.

මොකද ඊළඟට වෙන්නේ…………….අලයා බලාන ඉන්නවා කණුවට මුවා වෙලා.

lecturer හිනා වුනා.””පුතා ඔයා මං lecturer කෙනෙක් කියලා දැන ගෙන මෙච්චර බය වුනා නම් ඒ first year ලමයෙක් කොච්චර බය වෙයිද කියලා නිකන් හිතලා බලන්න.ඔයාලත් ඔහොම ගිය අවුරුද්දෙදි බය වෙලා හිටියා නේද,මටත් පොඩි ලමයි ඉන්න හින්දා මං ඔයා ගැන complain කරන්නේ නෑ.ඒත් මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.””කියපු ඒ lecturer යන්න ගියා අර දේශන ශාලාවට.

කොහොමහරි ඒ දේශකතුමාගේ හොඳකමට අපේ අර පොද්දා suspend වෙන එකෙන් වැලැක්වුනා.ඒත් මොනවා වුනත් ඒ අර පොද්දා කියපු කතාව නම් ඒ දේශකතුමාට හොඳට වැදිලා තිබුනා,මොකද ඊට පස්සේ ඒ දේශකතුමා හරියට වෙලාවට දේශනවලට ගිහින් තිබුනු හින්දා.

පොද්දා ඉතින මකවලවත් හදන්න පුලුවන් එකෙක් නෙවෙයිනෙ.ඌ දිගටම common  එක පැත්තේ ගිහින් තිබුනා.

ඒත් අන්තිමට ඌට ඒකෙ ආනිසංස දිට්ඨ ධම්ම වේදනීය විදිහටම පල දීලා තිබුනේ ඌ පණ දාගෙන හොදි කරපු කෙල්ලෙක්ටම කොක්කක් ගහලා අන්තිමට ඒ යුවතිය ජීවන කහසාරිය කරගත්ත හින්දා.