ජැකා අයියාගේ වැඩ කිඩ 18+

ඔය jack කියන්නේ හරි ජනප්‍රිය නමක්නෙ.අර Titanic චිත්‍රපටයේ ලියනාඩො ඩි කැප්‍රියෝ රඟපාන චරිතයේ නමත් ජැක්.ජැක් ජිල් එක්ක කන්දක් නඟින්න ගිහින් බිමට පත බෑවුනා කියලා කතාවකුයි පොඩි කවියකුත් තියෙනවා.අර ෆ්‍රෙඩී සිල්වා කියන ගීතයකුත් තියෙනවා ජැක්ලා වැ‍ටුනේ කකුල ලිස්සලයි,අපේ අය වැ‍ටුනේ කට වැඩි හින්දයි කියලා.අදටත් ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සනුත් ජැක් කියන නම ගත්ත කෙනෙක්.ඒ තරමටම ජැක් කියන නම මාර ජනප්‍රියයි.

ඒත් අපේ රටේ නම් ජැක් ජනප්‍රිය මොකක් හරි අඩයකට තියන්න කියලා.ඒ තරමටම ජැක්සන්ලා,ජැක්මන්ලා අපේ රටේ බස් වල ඉන්නවා.ඔන්න දවසක් ඇඟලුම් කම්හල් බහුලව පිහිටලා තියෙන ප්‍රදේශයක් හරහා යන බස් එකක වෙච්ච සිද්දියක් තමයි මං මේ කියන්නේ.

මේ බස් එක උදේටයි හවසටයි කට කපලා,හරියට සාඩින් පැක් කරලා වගේ තමයි සෙනඟ පටවන් යන්නේ.ඉතින් මේක අස්සේ ඔය ජැක් ගහන අයටත් මාර ඉල්ලමක් තියෙනවා.ඒ බව දන්න හින්දම අර ගෑනු ලමයි කට්ටිය සෙට් වෙලා හොඳට වට පිට බල බල තමයි යන්නේ ජැක්සන්ලගෙන් තමන්ගේ භෞමික අඛණ්ඩතාවය,ප්‍රජාතන්ත්‍රය,පැටිස්වාදය…අරක මේක ඔක්කොම ආරක්ෂා කර ගන්න.

ඔන්න දවසක් උදේ පාන්දර බස් එකේ කිටි කිටියට හිර වෙලා චීස් බටර් වෙලා යද්දි මෙන්න ටික වෙලාවක් යද්දි එක තැන හිටපු යුවතියක් ඇඹරෙන්න ගත්තා.ඊට පස්සේ මෙන්න පටන් ගත්තා තල් අත්තට බොරලු ඉහින්නා වගේ උදේ පාන්දර බැණුම් වරුසාව.එක කෙල්ලෙක් නම් මදෑ,ඒ කෙල්ලගේ සෙට් එකම අත පය වීසි කර කර බණිනවා එතන හිටපු මනුස්සයෙක්ට .කොන්දා ඔය බස් එකේ පෝරියල් එකකටවත් හොට පොවන්නේ නෑ.ඌට මරාගෙන හරි දවසේ ගතමන්ට් එක ලැබෙනවා නම් එච්චරයි.

අර මනුස්සයත් අතෑරියේ නෑ.මිනිහත් හොඳ ලුණු ඇඹුල් ඇතිවම පටන් ගත්තා.දැං බස් එක ඇතුලේ හරියට වනාත මුල්ලෙ බජව්ව වගේ.මොකා මොකක් කියනවද කියලා හරියට ඇහෙන්නෙ නෑ,ඒත් කුණු හබ්බ නම් හොඳට ඇහෙනවා.

වෙලා තියෙන්නේ මෙන්න මේකයි.

අර යුවතිය කියනවා අර පිරිමියා තමන්ට ජැකක් ගැහුවා කියලා.නිකන් නෙවෙයි උපරිමෙන්ම කියන්නේ ඒ යුවතියගේ පශ්තාත් භාගයට අර මනුස්සයගෙ අහවල් අවයවය තියලා තද කරලලු.(ඔන්න කියන්න පුලුවන් සභ්‍ය විදිහටම කිව්වා.)

මුලදි මුලදි කුණු හබ්බ වලින් පටන් ගත්ත මේ රණ්ඩුව අතරමැද්දි මෙන්න අර මනුස්සයා ඒ පාර බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.දැං බස් එකේ හැමෝටම ප්‍රශ්නයක්.මේකා හිනා වෙනවා හිනා වෙනවා ඉවරයක් නෑ.ඒ පාර බස් එකේ අර ඇඟලුම් වනිතාවන්ගේ මහිලා මණ්ඩලය දැඩි තීන්දුවක් ගන්න හදනවා.මොකද එයාලගේ ස්ත්‍රීවාදි උද්ඝෝෂණය අදාළ බලධාරියාගේ සමච්චලයට ලක් වුනානෙ.

අන්තිමට අන්තිමට හිනා වෙලා හිනා වෙලා අර මනුස්සයා කියනවා””අනේ යකෝ,තොගේ……………………………………ට මං ජැක ගැහැව්වේ නෑ යකෝ.මං ගාව තිබුනේ මෙන්න මේක කියලා උස්සසලා  පෙන්නුවා අදාල භාණ්ඩේ.මොකක්ද භාන්ඩේ.මිනිහගේ සාක්කුවේ තිබුන ටෝච් එක.බලද්දි මිනිහා උදේ ‍රැයින්ම පිටත් වෙලා බස් එකේ එන හින්දා සාක්කුවෙ තරමක ටෝච් එකක් දාගෙනා ඇවිල්ලා.ඒක අර එහාට මෙහාට වැනි වැනි හිටපු සන්නාලි යුවතියගේ නිතඹ ප්‍රදේශයේ තදින් ඇතිල්ලිලා……………….ලු…………හොඳේ.

Image

මේක කියවලා ඕන ප්‍රශ්නයක් අහන්න.ඒත් මං එතකොට ඒ බස් එකේ මොකක්ද කළේ,ඇයි මං ඒ බස් එකේ ගියේ වගේ ප්‍රශ්න නම් අහන්න එපෝ.