අසභ්‍යයයි,බලන්න එපා.18+

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේම ගහේ ක‍ටු උල් කරන්න එපා කියලත් කියන්නේ එක ලඟම යන යෙදුම් දෙකක්.දෙකින්ම කියන්නේ කෙනෙක්ගෙ අනාගත චරියාව දැන් හැදෙන වැඩෙන විදිහ සහ තමන් ස්ථාපිත වෙච්ච විදිහට සිද්ධ වෙන බව.මේ කතාවත් ඒ වගේ දෙයක්.කිසිම ජන පිරිසක් මේකෙ මං හෙලා දකින්නේ නෑ,ඒත් මේක තමයි ඒ මිනිස්සුන්ගේ යථාර්තය.මේක බස් කතාවක්.එ කියන්නේ බසයක් වෙච්ච කතා බහක්.

මේ බස් එක යන්නේ ලංකාවේ බස්නාහිර පලාතේ එක්තරා දිස්ත්‍රික් මායිමක් හරහා.සාමාන්‍යයෙන් විවිධ තරාතිරම් වල මිනිස්සු විවිධ තැන් වලට යන්න කණ්ඩායම් පිටින්ම නඟින්නේ මේ මාර්ගය වැටිලා තියෙන්නේ කම්හල්,ජනාවාස,ප්‍රධාන උප නගර වලට යන අතුරු මාර්ග ‍රැසක් වැටිලා තියෙන හරියක.මං මේ බස් එකට නඟින්නේ අතරමඟින්.හැබැයි ගමනාන්තයටම යනවා.

දවසක් මං එහෙම යන්න හිතලා බස් එකට නැග්ගම වෙනදා වගේ නෙවෙයි එදා සෙනඟ ටිකක් අඩුයි.මාත් ඉතින් පැත්තකට වෙලා ඉඳ ගත්තේ එදා හොඳට කට්ට කාලා යන හින්දා හොඳට ඉඩ පාඩුවේ යන්න.දැං මට පේනවා බස් එකේ අනිත් පැත්තේ ,ඒ කියන්නේ මං ඉඳ ගත්ත පැත්තේ නෙවෙයි අනිත් සීට් පේළියේ යනවා එකම පවුලේ කියලා හිතන්න පුලුවන් අම්මයි,දුවයි,පොඩි පුතෙකුයි.මේ දුව කියන ගෑනු ලමයට වයස අවුරුදු 10 විතර ඇති,පුතා කියන කොලුවට අවුරුදු 4 විතර ඇති.ඔය වයසේ දරුවන්ට කොහොමත් මහා දාංගලයක්නේ තියෙන්නෙ.ඉතින් මේ දෙන්නටත් වෙන නියමයක් නෑ, එතන පොඩි ආරවුලක් වගේ පොඩි දැඟලිල්ලක්.අම්මමට නම් වගේ වගක් නෑ.එයා පෝන් එකෙන් බර කතාවක.

Image

ඔන්න හිටපු ගමන්ම අර කොලුවා එයාගේ අක්කා වගේ ගෑනු ලමයා දිහා හැරිලා

“පට්ට වේ@…”කියලා කිව්වා.

මේක බස් එකේ ඉන්න කීප දෙනෙකුටම ඇහුනා ඒත් එච්චර පැහැදිලිව ඇහුනේ නෑ,මොකද ඒකේ බස් කොත්තුවක් දානවා රේඩියෝ එකේ.

අනේ ඉතින් අර බස් එකේ ඉන්න අයට හරියට ඇහුන නැති හින්ද ද කොහෙද අර පොඩි එකා ආයි මොර දෙනවා“පට්ට වේ#”කියලා.

දැන් නම් බස් එකේ ඉන්න අයට හොඳටම ඇහෙනවා.ඒත් අර අම්මට ගාණක්වත් නෑ,එයා එයාගේ කතාව පෝන් එකේ.අර අක්කා කියලා හිතපු ගෑනු ලමයත් කිසි ගාණක් නැතුව ඉන්නවා.

දැන් කොන්දට වැඩේ නෝට්.කොහොමත් කොන්දා හිතාගෙන ඉන්නේ ඒකා බස් එකේ බස්නායක නිලමේ කියලනේ.මිනිහා ගියා අර ලමයා ඉන්න හරියට.මිනිහා දැන් අර ලමයට ආදරෙන් කරුණු කියලා දෙන්න හදනවා.එතකොටම මෙන්න

අනේ පලයන් &*%$ යන්න,මේක මගේ වැඩක්නේ.‍තෝ මෙතන අනුන්ගේ @$#^&* වල් වල ඇඟිල්ල ගහන්නේ නැතුව පලයන් %$^& යන්න.”දැන්නම් ආයි නෑ බස් එක ෆුල් හොල්මන්.අනික ඒපාර කොන්දාගෙන් ගේම ඉල්ලලා තිබුනේ වෙන කවුරුවත් නෙවෙයි.අර අක්කා ලෙස පෙනෙන ගෑනු ලමයා.(අවු 10).දැන් කොන්දාට බඩ කපාගෙන මැරෙන සයිස් එකට අප්සෙට්.

ඔන්න දැන් තමයි අර ඒ ලමයින්ගේ අම්මා කෝල් එක නවත්තලා බැලුවේ මොකද කියලා,ඒකත් කෝල් එක ඉවර වෙච්ච හින්දා.

ඈ බොල @#$$# පුතාලා, තොපිට කීපාරක් කිව්වද යකෝ කෝල් එකක් ගනිද්දි තොපේ ඔය $%^&* කට වහගන්න කියලා.මේ කොහෙවත් ඉන්න %^&** ලා අපෙ%%$ වල ඇඟිලි ගහන්න එන්නේ තොපිලගේ $%^^වැඩ හින්දනේද යකෝ.යමන්කො අද ගෙදර අද මං තොපිට ^*&($%)@#$වා දැනගනින්“කියලා මෙන්න යකෝ අර අංගනාව  ලමයිනුත් අරන් බැස්සා ඊළඟ හෝල්ට් එකෙන්.(හෝල්ට් එක තියෙන්නේ පාලමක් ලඟ,—-ලඟ කියලා තමයි බහින්න ලං කරලා කෑගහන්නේ.

Image

ඒ ලමයි ඇවිල්ලා ඒ ලමයින්ගෙ අම්මලාටම හරි ගිය ලමයි වගේම ලමයින්ටම හරි ගිය අම්මලා.මේ ලමයි අනාගතයේදි………………????

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s