ලබ්බ කාගේද

ලබ්බ කිව්වම සමහර වෙලාවට සමහරුන්ට ඒක කුණුහරුපයක් වගේ වෙන්නත් පුලුවන්.ඔය සමහර ගැහැණු ලමයි එහෙම චීයා කියලා දුවන්නත් පුලුවන්.ඒ වුනාට අදනම් මේ කතාව මං කියනවා,එව්වා කිසි ගානකට ගන්නේ නැතිව.මොකද ලංකාවේ සමහර පලාත් වල ලබ්බ කියලා කියනවා අර වතුර දාන ලබු කැටේට.දැං සමහරු අහයි ලබු කැටේ මොකක්ද කියලා?

Image

dailynews.lk

Image

cafe,daum.net

ඒක ඇවිල්ලා ලංකාවෙ ඉස්සර ගම් වල වතුර දාන්න ගත්ත ස්වාභාවික බෝතලයක්.ලොකු ලබු ගෙඩියක් අරගෙන ඒක වේලෙන්න ඇරලා ඒකේ තියෙන මදේ හූරලා එලියට ගන්නවා.ඊට පස්සේ ඒකට වතුර දාලා පල් වෙන්න ඇරලා අයින් කරලා ගත්තම වතුර දාන භාජනයක් හැදෙනවා.ඒ කියන්නේ වේලිච්ච ලබු ගෙඩියේ පිට පොත්ත හයියට වේලිලා තියෙනවා.
එව්වා ඇති,දැං ලබ්බ ගැන කතාවට බහිමුකො.
එක ගමක ඉන්නවා සිරිපාලයි,සරතුයි කියලා යාලුවො දෙන්නෙක්.ඔන්න දවසක් මෙයාලා දෙන්නා පොඩි දෙයකට තරහ වුනා,කඩපිලේදි.ඔන්න දැං දෙන්නා නොරොක් වෙලා බුම්මං ඉන්නවා.ඔහොම ඉන්නකොට ඒ කඩපිලට එනවා නගරේ ඉඳන් ආපු වාහනයක්.වාහනේ කඩේ ගාව නතර කෙරුවාම ඒකෙන් ආපු එක නෝනා කෙනෙකුට දකින්න ලැබෙනවා අර කඩේ තියෙනවා අර මං කියපු ලබු කැටයක්.ඒ කියන්නේ ලබ්බක්.එයා ඒක දැකලා රියදුරාගෙන් අහනවා අර මොකක්ද කියලා.ඒ රියදුරත් දන්නේ නෑ ඒ මොකක්ද කියලා.කෝකටත් අයිතිකාරයව හොයාගෙනම අහලා ඉන්න කියලා හිතන මිනිහා අහනවා අර සිරිපාලගෙන් “මේක කාගෙද “කියලා අර ලබ්බ පෙන්නලා.සිරිපාල කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මගේ” කියලා.

මේ මොන කුනුහරුපයක්ද කියලා හිතලා ආයි අහනවා

“ලබ්බ උගේ,උ‍ඟේ මගේ

” දැං හරි ගැටලුවක්.රියදුරා අහනවා සරත්ගෙන් “මේ මොකක්ද?” කියලා.සරත් කියනවා

“ලබ්බ මගේ,උ‍ඟේ මුගේ ” කියලා.දැං ප්‍රශ්න ගොඩයි.ඒ පාර රියදුරා අහනවා කඩේ මුදලාලිගෙන් ඒ ප්‍රශ්නයම.
මුදලාලි කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මුගේ” කියලා.
මුන්ගේ —-ට කියලා හිතපු කට්ටිය යන්න යනවා.
මේ ගමේ ඉන්නේ පිස්සො කියලා .
දැං ඇත්තටම මොකද මේ ගමේ අය කියන්නේ ?දන්නවා නම් මට උත්තරය දාන්නකො,මං මේක කොටන්නේ මාර වෙලාවක්,ඉතින් ඉතුරු ටික දිගට ලියන්න වෙලාවක් නෑ,ඒකයි.තරහ වෙන්න එපා කියවන අය.හොඳේ….

 

Advertisements

මහ රජ අඹයට කෙළි සේක.

ඔන්න එකෝමත් එක රටක හිටියා බොහොම ගරු ගාම්භීර විදිහට රට හොල්ලගෙන හිටපු රජ කෙනෙක්.මේ මහ රජ්ජුරුවන්ට තිබුනා එක එක විදිහේ සම්පත්.උද්‍යානද,ජල තටාකද,දඩ කෙලියට කැලෑද මේ සේරම මහ රාජාගේ වගේ තමයි.මොකක් හරි දෙයක් මහ රජාගේ හිතට වැදුනද ඒක ඕන මේ රජාට.ඒ හින්දා සමහර මිනිස්සු තමන්ට තියෙන දේවල් රජා ඇවිල්ලා කඩා වඩා ගන්න ඉස්සර එක්කො විනාශ කරනවා,නැත්තං ඒ වගේ බොරු එකක් දීලා ඕන එක ‍රැක ගන්නවා.ඔන්න දවසක්දා රජාගේ උයන් පල්ලට දකින්න ලැබුනා රජාගේ උයනේ අලුතින් හිටවපු අඹ ගහක හොඳ ලස්සනට පුසුඹට පැණි බේරෙන අඹ ගෙඩියක් හැදිලා තියෙනවා.

තමන් ඇවිල්ලා උයන් පල්ලා වෙච්ච එකේ කවුරුහරි ගෝතයෙක් ඇවිල්ලා මේ අඹ ගෙඩියට කෙළියොත් තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දන්න හින්දා එයා මේ අඹ ගෙඩිය කඩා ගත්තා.හොඳට හෝදලා ලස්සනට ඔතාගෙන මහ රජා හම්බවෙන්න ගියා.ආයි මොනවා හරි දෙන්න ආවා නම් ගොම්බෙට්ටත් ගන්න එකේ මහරජා කෙලින්ම එන්න කිව්වා තමන්ව හම්බවෙන්න මේ උයන්පල්ලාට.

උයන්පල්ලත් ඉතිං මොනවා වුනත් මහ රජානේ කියලා ගියා අඹෙත් දික් කරන්.රජා ඇහැව්වා”මොකෝ තමුන් මේ අඹයක් දික් කරන් ආවේ”? “අවසර මහ රජ,මන් මේ තුන් ලෝකෙන්ම වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔබතුමාට,ඉතින් මේ මුලින්ම හැදුනු අඹ ගෙඩිය මං ඔබතුමාට දෙන්න ගෙනාවා”” අහා,උඹ වැනි පට්ට පුද්ගලයින් ඉන්නා රටක රජ  වෙන්න ලැබීමත් ප්‍රීතියකි කිව්ව රජා,උයන්පල්ලාට අඹ්බට්ටා හෙවත් ඇම්බට්ටා කියන නම්බුනාමයත් දීලා අඹේ අරගෙන යන්න අරිනවා.දැං රජා කල්පනා කරනවා,මූ මට මේ අඹේ ගෙනත් දුන්නේ මට වැඩියෙන්ම ආදරේ හින්දනේ.මාත් ඒකම කරන්න ඕන කියලා රජා අඹේ දෙනවා මහ ඇමැතිගේ බිරිඳට,

මොකද එයාට තමයි රජා වැඩියෙන්ම ආදරේ කරන්නෙ.දැං එතකොට ඇමැති බිරිඳ කල්පනා කරනවා මං මේක කන එක හොඳ නෑ,මං ඒක දෙනවා මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා.ඉතින් එයා අඹේ දෙනවා සේනාධිපතිට,ඇමැති බිරිඳ වැඩියෙන්ම ආදරේ කරන්නේ එයාට.

දැං සේනාධිපති හිතනවා මාත් මේක දෙන්න ඕන මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා.එයා මේ අඹේ දෙනවා රජතුමාගේ අග බිසවට.මොකද එයා වැඩියෙන්ම ආදරේ කරන්නේ අග බිසවටලු.

දැං අග බිසවත් කල්පනාවේ නිමග්න වෙනවා.මාත් මේක දෙනවා මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා එයා ඒක දෙනවා රජ ගෙදර විකටයට.

දැං මේක මේ විදිහට යනවා.විකටයගෙන් රජ ගෙදර අන්තංපුරේට අලුතින් ආව බිසවට,එයාගෙන් මහ ඇමතිට,මහ ඇමතිගෙන් සේනාධිපතිගේ බිරිඳට,එයාගෙන් ඒ ගෙදර ගෘහ සේවිකාවට,ගෘහ සේවිකාවගෙන් විකටයගේ බිරිඳට,ඒ බිරිඳගෙන් රජ්ජුරුවන්ගේ රියදුරාට ඔන්න ඔය විදිහට.අන්තිමට ඒ අඹ ගෙඩිය දවස තිස්සේම එක එක අත් වලින් එහාට මෙහාට ගිහිල්ලා නතර වෙනවා ඒ පුරවරයේ ඉන්න නගර ශෝබිනිය ගාව.

එයා ඒක ලැබුණු සැනින් තමන් ගාව ඊළඟට එන ගනුදෙනුකරුවාට දෙනවා.කවුද ඒ ගනුදෙනුකරුවා??

ඒ රටේ රජතුමා.තමන්ට උදේම ලැබිච්ච අඹ ගෙඩිය තමන් ගිය හොර පොට් එකෙන් තමන්ටම ලැබුනාම රජතුමා ගොඩක් කලබල වුනා.අඹේ ගිය ගමන ගැන හොයාගත්තු රජතුමා මීට වඩා හොඳයි බනිස් ගෙඩියක් බෙල්ලෙ බැඳගෙන බේරේ වැවට පනිනවා කියලා හිතන් රජකමත් අතෑරලා යන්න යනවා.

මේක කතාවක්,මම නෙවෙයි නියම කර්තෘ,අහපු එකක්.ජන කතාවක්ද නැත්නම් ජාතක කතාවක්ද කියලා නම් දන්නේ නෑ.නමුත් මං පොඩි අලුත්වැඩියාවන් කීපයක් කළා කතාවට. මොකක් හරි ඇත්තටම මේ කතාවේ හරය මොකක්ද?අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙනත් අයට.ඒක එහෙම වෙද්දි අපිට ආදරය කරන අය ඉන්නවා,ඒත් ඒ බව අපි දන්නේ නෑ.නැත්නම් ඕන කමින්ම අමතක කරලා. අර ෂාරුක් ඛාන්ට වගේ මට කවදද සලකන්නේ කිව්වා වගේ අපි කරන ආදරය, වෙනත් කෙනෙකුට කරන අසීමාන්තික ආදරයක මිරිඟුවෙන් අන්ධ වෙලා ඉන්න කෙනෙකුගේ නෙත් කෙවෙනි වලට පේන්නේ නෑ.ආදරය කියන්නේ අල්ලා ගැනීම,ග්‍රහනය කිරීම, වෙන කෙනෙකුට දෙන්නෙ නෑ කියන එක යන අරමුණෙන් යන කෙනෙකුට ඒ ආදරය තමන් වෙතින් පලා ගියාම වෙන්නේ අර රජතුමාට වුනා වගේ බේරේට පනින්න.සමහර මල් කොච්චර ලස්සන වුනත් අපි ඒ මල් කඩා ගත්ත ගමන් පර වෙනව නම්,කඩා ගත්තත් තියන්න ආදරයේ පුදසුනේ ඉඩ මදි නම්,මලේ පෙති ඉහිරෙනවා නම් ඒ මල ගහේ තියෙද්දිම ලස්සන බලන එක හොඳයි.අපිට හිමි නොවේවි ඒත් අඩු ගණනේ මල මිලින වෙන්නැතිව ගහේ ඉතිරි වේවි.අපි අපේ හෘද සාක්ෂිය ඉස්සරහ වැරදිකාරයෙක් වෙන එක නවතීවි.

 

“මගේ නිසල ලොව වටහා ගන්නට,ඔබේ සසල සිත අකැමැති නම්, නුඹ පතනා ලොව සොයා යන්න නො‍රැඳී,ඔබේ මගට මුදු මල් පාවඩ පතමී”(මම පබැඳූවක් නොවේ)

ඕං ගියා.

ඕං අදනං කියන්න යන්නේ හිච්චි කතාවක්.මේක ඇවිල්ලා පාර අහන එක ගැන.සාමාන්‍යයෙන් ඕන කොල්ලෙක් දන්නවා කොහෙ හරි යන්න පාරක් අහනවනම් කෙල්ලෙක්ගෙන් පාර ඇහුවොත් අනිවා, පාර හොයා ගන්න නෙවෙයි අතරමංවෙලා බේරුනොත් ලොකු දෙයක් කියලා.කොහොමත් කෙල්ලෙකුගෙන් ජීවිතේ හොයා ගන්න යන උන්ට වෙන්නෙත් ඔය දෙයම තමයි.ඒකනේ අර සින්දුවකුත් තියෙන්නේ “මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ” කියලා.එක දවසක් මමත් ලංකාවේ සුප්‍රකට කුඩ සමාගමක් ගාව තියෙන වෙනත් සමාගමකට යන්න ඒ සමාගමේම ඉන්න කෙල්ලෙකුගෙන් පාර අහලා මඤ්ඤං වුනා.ගල්කිස්සට ගිහිල්ලා බේකරි හන්දියෙන් බැහැල යන්න ඕන එක මේකි කියලා තිබුනේ රත්මලානෙන් බැහැලා කොහේද යන්න.මොක හරි ආරලු බූරලු නැතිව කතාවට බහිමුකො.

ඔන්න දවසක් අපි කැම්පස් එකේ ඉන්න දවස් වල ලංකාවේ එක්තරා හද්ද ඩොටේක යන්න වුනා.බස් එක අරක මේක හොයාගන්න පුලුවන් වුනාට මග විස්තරය කොහොමද දන්නේ නැති හින්දා අපි ඇහුවා ඔය ගමන කලින් ගිය එක්තරා ජ්‍යෙෂ්ඨ උත්තමයෙකුගෙන් ඇහුවා කොහොමද කින්ද මන්ද කියලා

මේකා ඒ පාර විකාර කියවනවා.ලෝකේ නැති විකාර කියවලා අන්තිමට බලද්දි මේකා දන්නේ කො‍ටුවයි,පරකඩුවයි,තණමල්විලයි, බහින තැනයි විතරයි.යකෝ මේක මාර කතාවක්නේ,මූ බොරුවටද මේ ගමන් ගිහින් තියෙන්නේ?අපිට මාර ප්‍රශ්නයක්.මොකද මේකා තමයි නඩේ ගුරා විදිහට හිටියේ.

පස්සේ බලද්දී ඒ අයියගේ නංගී බබා,ඒ කියන්නේ කොක්ක එහෙම නැත්නම් එයාගේ පෙම්වතී(අපේ බැචියක් එක්ක මූ කොක්ක ගහලා තිබුනෙ) අපිට කිව්වා වෙලා තිබිච්ච වැඩේ.මේකා බස් වල බුදියන්න නම් දරාපු ඩයල් එකක්.කොටින්ම කිව්වොත් හිටගෙනත් නිදි.සමහරවෙලාවට කෙල්ල එක්ක බස් එකේ ගියාමත් කෙල්ලගේ උකුලේ,නැත්තං කරේ බුදි.

මේ ගමන යද්දිත් මේකා කො‍ටුවෙන නැගලා බුදි.පරකඩුවෙදි තේ බොන්න නැවැත්තුවම කඩේට ගිහිල්ලා එලවලු රොටී 7-8 ගිලලා ආයි බුදි.තණමල්විලදි කන්න නැවැත්තුවම ආයි බැහැලා ගිහිල්ලා පිදුරුතලාගල කන්ද විතර බත් එකක් කාලා ආයි ඇවිත් බුදි.

 

හද්දා ඩොටේ හෙවත් ගම්මානේ

පොරොන්දු කඩන එක ලාංකිකයින්ගේ පුරුද්දක්ද මන්දා,අර සීසර්ගේ පොරොන්දු සීසර්ට කඩන්න පුලුවන් කියලා කතාවක් තියෙද්දි ඕනෑම කෙනෙකුට ඒ වගේ කතාවක් කියලා ඕනම පොරොන්දුවකින් පැනලා යන්න පුලුවන්.පහුගිය දවසක මං කිව්වා එක්තරා දවසක වෙච්ච එක්තරා ගමනක් ගැන කියනවා කියලා.ඉතින් මමත් ඒ කතාව නොකියා ඉන්න හිතලත් මේක කියන්නේ ඒක මට කියන්න ඕන කියලා හිතුනු හින්දා.ඒත් මේකෙන් කාටවත් අපහාසයක් සිද්ද වෙන්න එපා කියලත් මං කියනවා.ඇත්තටම මේකෙන් මං අර දුරස්ථ ගම්මාන හෙළා දකින්නේ නෑ කියලත් කියන්න ඕන.

ඔන්න දවසක් අපි campus ඉඳිද්දි අපේ යාලුවෙක් හිටියා මිනිහගේ ගම ලංකාවේ බොහොම දුර තිබුනු ප්‍රදේශයක් තිබුනේ.කොටින්ම කියනවා නම් මිනිහා ගෙදර ගියෙත් මාස 7-8 කට වතාවක්.ගෙදර යන්නෙත් එක දිගට දවස් 4 වත් නිවාඩු තියේනම් විතරයි.දවසක් අපි මිනිහත් එක්ක ගම ගැන කතාවක් දාගෙන ඉඳ්දි මෙන්න මිනිහා කියනවා අපිට දවසක මෑන්ගේ ගෙදර එන්න කියලා.මිනිහා අපිට එන විදිහත් කිව්වා.දැං මිනිහා අපිට කලින් ඔය කියන දවස්වල ගෙදර ගියා.මොකද අපිට කලින් මිනිහට exam ඉවර වුනා.අපිට ඉවර වෙන්නේ ඊට දවස් දෙකකට පස්සේ,ඇයි අපි වෙනස් subjects කරපු හින්දා.

දැන් ඔන්න අපි උදේ ‍රැයින්ම කො‍ටුවට ඇවිල්ලා අදාල බස් එකට නැග්ගා.ඒකට නඟින්න ඉර පායන්නත් කලින් කො‍ටුවට එන්න ඕන.ඔය දවස් වල යුද්ධය හින්දා අර දඩ බෑග් අරන් යන්න ගිහින් පොලිසියෙනුත් අපිව අල්ල ගන්නවා තව ටිකෙන්.කොහොමහරි ඔන්න අපි බස් එක හොයා ගෙන නැග ගත්තා.දැන් ඔන්න බස් එක යනවා.අපිත් ඉතින් බලාගෙන යනවා.නියම වැඩේ කියන්නේ අපේ එකාගේ ගෙවල් පැත්තට phone signalවැඩ කරන්නෙත් නෑ.ඉතින් හොයාගෙන තමයි යන්න ඕන.පැය ගාණක් ගිහිල්ලා දැන් ඔන්න අදාල ගමට ගියා කියමුකෝ.

අපි ඉතින් බැහැලා දැන් මේකගේ ගෙදර ගොයා ගන්න ඕනනෙ.බැලුවා කාගෙන්ද අහන්න පුලුවන්ද කියලා.මොකද මූ අපිට කියලා තිබුනේ ඒ කණුවෙන් බැහැලා(ඒ පැත්තේ හෝල්ට් තියෙනවා අර කණුව මේ කණුව කියලා) පාර දිගේ ඇවිල්ලා 4 වැනි ගේ කියලා.ඒ වුනාට ඒ කියන පාර දෙපැත්තේම කැලෑව.ගෙයක් පේන මානෙවත් නෑ.ටික වෙලාවක් එතන ටැග් ගැහෙද්දි ඔන්න එනවා තරමක අංකල් කෙනෙක්.මේ පැත්තෙ මිනිස්සුන්ට අංකල් කියලා කියන්න හොඳහ දන්නේත් නැති හින්දා අපි ඇහුවා””මාමේ අර ———————– ලගේ ගෙවල් කොහෙද දන්නේ නෑ නේද “”කියලා.””——————–,———–“”කියලා ටික වෙලාවක් කල්පනා කරපු අංකල් එහෙමනම් කෙනෙක් ගැන අයියුරුවක් දන්නේ නෑනෙ කියලා කිව්වා.(අයියුරුවක් කියන්නේ මොකද කියලා මං නම් දන්නේ නෑ) එතකොටනේ අපිට මතක් වුනේ,අපි අහලා තියෙන්නේ මේකගේ කාඩ් එකෙන් කියලා,මේකගේ කාඩ් එකත් හරියට නමක් වගේ මයි,අපි පුරුද්දට ඒ කාඩ් එක අහලා.””මේ ලමයි කවුද””ඒ පාර අපෙන් ප්‍රශ්න අහනවා.””අපි මේ———campus එකෙනෙ “”කියලා මං කිව්වා.””ආ…. මේ අර හොයන්නේ ————–ගේ—————–කොලුවා නේද බොලව්.ආ…මේං මේ ඉසව්වට හූවක් තියන දුර කියලා අර පාර පෙන්නුවා.දැං ඉතින් අපිටත් අවුලක් නෑ.ඒකනේ පාර.අපි ඉතින් යන්න ගත්තා.මොකද හූවක දුරනේ.අනික ගෙවල් 3නේ පහු කරන්න තියෙන්නේ.අපි යන ගමන් කතා වුනේ මේ පැත්තෙ campus යනවා කියන්නේ මාර මැජික් එකක් වෙන්නැති කියලා,ඇයි යකෝ අපේ පැත්තේ අල්ලපු ගෙදර එකාවත් අපි campus ආවා කියලා ගණන් ගන්නේ නැති කොට මේ ගමේ හෙන වයස අංකල්ලත් දන්නවා මේකලා campus ආවා කියලා.

කොහොමහරිදැං ඔන්න අපි කිලෝමීටර් 2-3 විතර ආවා ඒ වුනත් ගෙවල් හතරක් නෑ.එකම එක ගෙයක් නම් පහු වුනා.අපිට පාරවත් මඟ ඇරුනද දන්නේ නෑ.ඒ පාර තව ටික දුරක් ගිහිල්ලා හම්බවෙච්ච ගෙදරින් ඇහුවා.

Image

ඒ ගෙදර හිටියා චෝයි නංගි බබෙක්.අපි ඉතින් පානිය දාලා නංගිගෙන් අහද්දි””නංගි අපි මේ—–එකෙන් අර “” කියලා අහද්දිම “”ආ අර —-අයියා නේද,ඔතනින් ගිහිල්ලා දෙවෙනි ගෙදර කියලා කිව්වානේ,ලස්සන ටිකිරි හිනාව දාලා.ඇත්තට මට අරූගේ ගෙදර හොයන එක නවත්තලා එතන ජිකිජිකියක් පටන් ගන්න හිතුනත් අර දොම්පෙට යන්න පාර අහපු එක වෙයි කියලා අපේ එවුන් මාව ඇදගෙන එතනින් ආවා.

දැං ඔන්න තව කිලෝමීටර් 4 විතර ආවා,දැං අපිට ඇවිල්ලා ඇවිල්ලා සාටර් වෙලා තිබුනේ.ඔන්න ඒ පාර තව ගෙයක් තියෙනවා.මොනවා කරන්නද කියලා ඒ ගෙදරින් ඇහුවම ඒ ගොල්ලෝ කියනවා ආ අල්ලපු ගෙදර කියලා.දැං අපිට පට්ට අවුල්.මොකද පේනතෙක් මානෙක ගෙයක් නෑ.මුන්ට කොයිල්ද.ඒ පාර අපි ඇහුවා.””අයියේ ඒ කියන්නේ මේ පාර දිගේ කොච්චර දුරද””කියලා.””අයියෝ පාර දිගේ තව ටික දුරයි,වැඩිය නෑ හැතැප්ම 2-3 විතර ඇති කිව්වනේ.යකෝ,කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.මේකලගේ ගමේ අල්ලපු ගෙදර තියෙන්නෙත් හැතැප්ම දුරින්ද.

අපි කිව්වා අනේ අයියේ අපි මේ —–ඉඳන් ආවේ,දැං මේ පාර දිගේත් ආවා හැතැප්ම 5-6 විතර,වෙන යන්න පාරක් නැද්ද””කියලා.””ආ මල්ලිලා ——campus එකේද,ඔහොම ඉන්නකො ටිකක් කියලා අයියා ගියා ගේ ඇතුලට අපිට ටිකක් වාඩි වෙන්න කියලා.අපිත් මේ ඇවිදලා ඇවිදලා කාපු සාටරේ හැටියට කියපු සැනින් වාඩි වුනා.මෙන්න ටිකකින් එනවා අපිට අරගෙන බෙලිමල් වගයක්ද කොහෙද අරන් අවු 18 විතර චෝයි යුවතියක්.(ඇත්තටම මේ පැත්ත හද්ද ඩොටෙයක් වුනාට ඒ පැත්තෙ කෙල්ලො නම් මාර naturally ලස්සනයි.මෙහේ බම්බාවල සමයන් වගේ නෙවේ).මෙන්න ටිකකින් අර අයියා එනවා අපිව අර ගේ ගාවින් දාන්න,අත් ට්‍රැක්ටරෙන්.මාර වැඩෙ කියන්නේ අර අපිට බෙලි මල් පිලිගන්නවපු අර චූටි කෙල්ල අර අයියගේ බිරින්දෑලු.තව ලමයි 2කුත් ඉන්නවලු.(මේක ඇහුවනම් අපේ කෙල්ලො අපිට ස්ත්‍රීවාදයයි,පුරුෂෝත්තම සමාජයයි අරක මේක දෙසනවා ෂුවර්)

Image

www,martofimages.com

කොහොමහරි අපි —-ගේ ගෙදරට ගිහිල්ලා අහපු මුල්ම ප්‍රශ්නෙ වුනේ උඹලගේ පැත්ති එවුන් හූ කියන්නෙ loudespeaker වලින්ද කියලා.

නියම කුකුළා

දැං මේක කියවලා මෙතන ඉන්න නියම කුකුල්ලු මට බනින්න එහෙම එපා කියලම අද කතාව පටන් ගන්නම්.මේක යම් ආකාරයකට අර ප්‍රායෝගික දැනුම,එහෙම නැත්නම් වැඩක් කරන විදිහ,ඉංග්‍රීසියෙන් කියනවනම් know how දන්නේ නැති එක කියලත් කියන්න පුලුවන්.මොක හරි මේ වැඩේ කරපු කෙනාට මම කුකුලා කියලා කියනවා.මේකගේ ඇත්ත නම හරි කාඩ් එක හරි දාන එක ටිකක් මඩ ගැහිල්ලක් හින්දා.ඔන්න දවසක් අපේ විස්ස විජ්ජාලේ හිටියා කුකුලා කියලා කොල්ලෙක්.ඉඳලා හිටලා අමන වැඩ කලාට මූ හරි හිත හොඳ එකා.මුගේ තිබිච්ච එක පුරුද්දක් වුනේ මොකක් හරි වැඩක් කිව්වම ඒකේ අන්තයටම යනවා.

මේකා ඉගෙන ගත්තේ ඔය පොලව එක්ක ඔට්‍ටු වෙන්න තියෙන පීඨයක.ඒකෙත් ඔය සත්ත්ව පරම්පරාව ගැන ඉගෙන ගන්න තියෙන දෙපාර්තමේන්තුවක තමයි කුකුලා ඉගෙන ගත්තේ.දැන් ඔන්න දවසක් අපේ ඒ පීඨයේ දේශකතුමෙක් මේකට කියලා තියෙනවා අර කුකුලො හිටපු කූඩුවක් පෙන්නලා ඒකෙ කුකුලෙක් කොච්චර විතර බරද කියලා මැනගෙන එන්න කියලා.මොකද ඒ සත්තු දැන් කොච්චර වැඩිලද කියලා දැන ගන්න එපෑ.

Image

ඔන්න දැං අපේ කුකුලත් ඉතින් හොඳට වැඩේට ලෑස්ති වෙලා එහෙම කූඩුව ගාවට ගියා.දැන් ඔන්න වෙලාව උදේ 9.00ට විතර ඇති.අර දේශකතුමාත් ඉතින් දැන් ඉතින් මේකා මේක කිරාගෙන එන්නැතෑ කියලා එයාගේ cubicle එකට ගියා.ඒ ගියපු ගමන් අපේ දේශකතුමාට හදිසි ‍රැස්වීමකට යන්න වෙලා.ඒ පාර වාහනේ නැඟලා මෙයා ඒකට ගිහිල්ලා.ඔය ‍රැස්වීම ඉතින් පටන් ගන්න වෙලාවක්,ඉවර වෙන වෙලාවක් ඉතිං කියන්න පුලුවනෑ නේද?…කොහොමහරි මේක ඇදිලා හවස 4.00 විතර වෙනකන්.දැන් ඔන්න දේශකතුමා ඇවිල්ලා පු‍ටුවේ වාඩි වුනා.දැන් ඔන්න මෙයාට මතක් වෙනවා අපේ කුකුලට අර ගොවිපලේ කුකුලෙක්ගෙ බර කිරන් එන්න කිව්වා නේද කියලා.දැන් හවස 4 වෙච්ච එකේ මේකට කුකුලෙක්ගේ නෙවෙයි පැස්බරෙක්ගෙ වුනත් බර කිරන් එන්න වෙලානෙ.ඔ‍ෆිස් එකේ පියන්ගෙන් ඇහැව්වම කිව්වා කවුරුවත් එහෙම මොකුත් කිව්වෙත් නෑ කියලා.පස්සේ මේකට අමතක වෙන්නැති කියලා හිතපු අපේ දේශකතුමා හරි කමක් නෑ හෙට බලමු කියලා යන්න හදද්දි මෙන්න එනවා අපේ කුකුලා,හොඳටම මඩ ගාගෙන,දාඩිය පොල්ල දාගෙන,හරියට මූ කුකුල් පොරේකට ගියා වගේ.

Image

කොහෙද ———–ගියේ?“”

“”මං මේ කුකුලෙක්ගේ  බර කිරන්න ගියා සර්,දැනුයි ඉවර කර ගන්න පුලුවන් වුනේ.””

“උදේ ඉඳන් කුකුලෙක්ගෙද බර කිරුවේ නැත්තං ඩයිනෝසරයෙක්ගෙද?

”නෑ සර්,අහන්නකෝ වෙච්ච දේ කියලා අපේ කුකුලා වෙච්ච සේරම දේ කියලා.කොහොමහරි ඔක්කොම විස්තරේ අහන් ඉඳපු අපේ සර්,කුකුලා කියපු ගානත් ලියාගෙන ගිහිල්ලා තියෙනවා.කොහොමහරි කුකුලා මේ කරපු වැඩේ ගැන අන්තිමට පීඨ ‍රැස්වීමෙදිත් හොඳටම හිනා වෙලා තියෙනවා.ඇත්තටම කුකුලට මොකද වුනේ?

එදා කුකුලා අර බර කිරන්න කියපු කුකුල් කූඩුව ලඟට ගියාම ඒකේ දැන් කුකුලො ඉඳලා තියෙනවා 50-60 විතර.මේකා බලලා තියෙනවා දැන් කුකුලෙක්ගෙනෙ බර කිරන්න කිව්වේ.ගත්තා තරාදිය.ඇරියා කූඩුවේ දොර.දැන් මේකා එක එක කුකුලා එලියට අරගෙන ඒකගේ බර කිරනවා,ලියනවා පොතක,තියනවා ඒ ගත්ත කුකුලා එලියෙන්.මොකද ඇතුලෙන් දාපු එකා ආයි කිරන්න ගන්න වෙන්න පුලුවන්නේ.ඊළගට තව කුකුලෙක් ගත්තා,කිරනවා,ලියනවා බර,තියනවා එළියෙන්. ඔන්න ඔහොම අර කුකුල්ලු 50-60ම එලියට අරගෙන බර කිරලා,අපේ කුකුලා සේරම එවුන්ගේ බර එකතු කරලා ඒක කුකුලො ගානෙන් බෙදලා එක කුකුලෙක්ගේ සාමාන්‍ය බර කිරලා මෙන්න මේක තමයි කුකුලෙක්ගේ බර කියලා කියන්න ලෑස්ති කරලා.ඒකට කුකුලන්ගේ බරේ මාතය,මධ්‍යස්ථය ඔය සේරම එව්වත් ගණනය කරලා.දැං ප්‍රශ්නේ මේකයි.

මූ මෙච්චර කරන කන් අර කුකුලො ටික සවුබෝරො කන්නද?.උන් ටික හැම තැනම අහුලන් කන්න ගිහිල්ලා.අපේ කුකුලා මහා වාර්තාව අරගෙන කුකුලො ටික ආයි ඇතුලට දාන්න හොයද්දි,එකෙක්වත් කූඩුව ගාව නෑ.

දෙලෝ රත් වෙච්ච අපේ කුකුලා හවස් වෙනකන් මුලු ගොවිපල පුරාම ඇවිදලා කුකුලො ටික හොයලා වී ටිකකුත් අරගෙන බා බා කියලා.

Image

අන්තිමට කුකුලො ටික නම් අඩුවක් නැතිව හම්බවෙලා.ඒ වුනාට අපේ කුකුලට වැදිච්ච මඩ කාඩ් එක නම් අදටත් ගලවගන්න බැරි වෙලා තියෙනවා.

කනවනං මෙන්න කෑම.

සිදුහත් කුමාරයා බුදු වෙන්න කියලා ගිහි ගෙයින් අභිනික්මන් කරලා තමන්ගේ සිරුර පවත්වා ගැනීමේ අටියෙන් පිඬු සිඟා වැඩලා ලැබුනු පලමු ආහාර වේල අනුභවයට සූදානම් වෙද්දි සිදුහත් බෝධිසත්ත්වයින්ට දැනුනේ යම් ආකාරයක අප්පිරියාවක්.මොකද මෙච්චර කාලයක් තිස්සේ ගිහි ගෙයි රජ කුමරුවෙක් විදිහට සැප විඳපු කෙනෙකුට අර පිඬු සිඟා වැඩලා ලැබුනු එකිනෙකට මිශ්‍ර වෙච්ච විවිධ ආකාරයේ ආහාරයක් කිසිම අපුලකින් තොරව ආහාරයට ගන්නේ කොහොමද?

මම අද මේ වගේ ඇරඹුමක් ගත්තට කියන්න යන්නේ කිසිම ආගමික කතාවක් එහෙම නම් නෙවෙයි.මේක ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතියේ අංගයක්.ඒ කියන්නේ campus උප සංස්කෘතියේ භාවිතාවක්.මේක අනිවාර්යයෙන්  කරන්න ඕන දෙයක් එහෙම නෙවෙයි.ඒ වුනාට කොල්ලො විදිහට හොස්ටල් වල ඉඳිද්දි මේ වගේ වැඩ ඇත්තටම කරනවා.

ඔය හොස්ටල් ජීවිතේදි කවුරුහරි කොල්ලෙක් ගෙදර යනවා කියන්නේ හොරෙන් හංගලා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒ හින්දා ගෙදර ගිහිල්ලා අරන එන දෙයකුත් තනියම,වැඩිය ඕන්නෑ රූමා එක්ක හරි තනියම කනවා නම් සුම්මා.අනිවා දොර ලඟදි වැඩේ හම්බුවෙනවා.

Image

කොහොමහරි හොස්ටල් වල ඉන්න කොල්ලො ගෙදර යන්නේ අර හාවා හඳ දකිනවා වගේ කලාතුරකින්.ගොඩක් වෙලාවට ඔය අවුරුදු නිවාඩුව,නත්තල් එක්ක එන නව අවුරුදු නිවාඩුව වගේ එක දිගට එන නිවාඩු වලට තමයි කොල්ලො නිවාඩුවට කියලා ගමේ යන්නේ.අනික සමහර කොල්ලන්ගේ ගෙවල් වලට යන්න බස් එකේ විතරක් පැය 18 විතර යන්න ඕන.ඉතින් ඒ වගේ කොල්ලො ගෙදර යන්නේ එක දිගට දවස් 3-4 නිවාඩු හම්බ වුනොත් තමයි.(ඔය වගේ කොල්ලෙක්ගේ ගෙදර ගිය කතාවකුත් තියෙනවා,මං පස්සේ දාන්නම්කො)

කොහොමින් හරි අපි කියමුකො දැන් අවුරුදු නිවාඩුව වගේ දිග නිවාඩුවකට සෙට් එකම ගමේ ගියා කියලා.දැන් කට්ටිය ගෙදර ඉඳන් ආපහු campus එනකොට හොඳට කද මලු බැදගෙන එහෙම හොඳ බත් එකක් අරගෙන එනවා.සමහරවිට ගියේ අප්‍රේල් අවුරුදු නිවාඩුවට නම් කැවිලි පෙවිලි එහෙමත් ගේනවා.කැවිලි පෙවිලි කිව්වමත් දැන් එක එක ජාතියේ එව්වා ගේනවා.

ඔය කුරුණෑගල පැත්තේ ඉඳන් එන ලමයි ගේනවා උඩ බැලුම් කියලා ජාතියක්.

 

නුවර අය ගේනවා පැණිවලලු.(මෙව්වට නුවර කොල්ලො කියන්නේ උඳු වැල්ද මොකක්ද කියලාලු)

Image

boston.com

දකුණේ එවුන් මාලු ඇඹුල් තියල්,කජු කොරදියෙල්,එතකොට කිරි හට්ටි පිටින් ගේනවා.

මීගමුවේ එවුන් ඉස්සො ගේනවා.

තව එතකොට ඔය උතුරු පලාතේ කොල්ලො එහෙම හිටියොත් උන් ගේනවා නම් වත් දන්නැති එක එක දෙමළ කැවිලි.(මෙව්වට නම් මාර ඉල්ලුමක් තියෙනවා.)රසම් එහෙමත් ගේනවා.

අර අඹේවෙල හිටපු එකෙක් හිටියා ඌ ගේනවා චීස් එහෙමත්.මොනවා හරි කෑමනේ.

දැං කෑම ජාති ගොඩයි.කොහොමද කන්නේ?

සරලයි.කපා ගන්නවා එලියේ තියෙන කෙහෙල් ගහකින් ලොකු කෙහෙල් කොල ඇති වෙනකන්.

එව්වා හොඳට හෝදලා තවලා එහෙම ගන්නවා.

හොස්ටල් එකේ common roomඑකට ගිහින් ලොකු මේස 4-5 මැදට ගන්නවා.තියනවා කෙහෙල් කොල මේස උඩ.

හැම එකාගෙම බත් මුල් ලිහලා දානවා මැදට.ඒ මැද්දෙන් දානවා අර ගෙනාපු කැවිලි ඔක්කොම,රසම් එහෙම තිබුනොත් හොදි වගේ ඉහිනවා.කිරි පැණි එව්වත් දානවා.චීස් ටික අනලා අනලා බෙදා හරිනවා.දැන් තියෙන්නේ එකම අච්චාරුවක්.ඔක්කොම මිශ්‍ර වෙලා.දැන් කොල්ලො ඔක්කොම වට වෙලා කන්න ගන්නවා.දැන් මේක කියවනසමහර අයට නිකන් බඩ කැරකීගෙන එනවා වගේ වෙන්නත් පුලුවන්.ඒ වුනාට කාපු අපිනම් මාර හොඳට කෑවා.

Image

මේක කන්න ගියාම හරි අපූරු දේවල් හම්බවෙනවා.හත් මාලුව අස්සේ චීසුයි,මාලු කෑලියි.ඉස්සො එක්ක දොදොල් කෑලි.අලකොල මාලුව අස්සේ පැණි වළලු කෑලි.කිරි පැණි වලට පෙඟිච්ච බත් අස්සේ රසම් වලට පෙඟිච්ච පපඩම් කෑලි.හැම ජාතියකම කෑම.සිංහලද,දෙමළද,මුස්ලිම්ද,බර්ගර්ද කිසිම බේදයක් නෑ.මේ සිරිතට අපි කිව්වේ සවල ගහනවා කියලා.කොහොමත් අවුරුද්දකට 2-3 පාරක් සවලක් සෙට් වෙනවා.

අපි එහෙම කෑවට කෙල්ලන්ගේ හොස්ටල් වල නම් එහෙම කන්නේ නැතිලු.අපි ඉන්න දවස් වල කෙල්ලන්ගේ හොස්ටල් එකක කෙල්ලෙක් රූමටත් නොදී හොරෙන් පීසා (pizza) ගෙනල්ලා කාලා හොස්ටල් කාඩ් එකෙකුත් වැටිලා තිබුනා පීසා කියලා.