හද්දා ඩොටේ හෙවත් ගම්මානේ

පොරොන්දු කඩන එක ලාංකිකයින්ගේ පුරුද්දක්ද මන්දා,අර සීසර්ගේ පොරොන්දු සීසර්ට කඩන්න පුලුවන් කියලා කතාවක් තියෙද්දි ඕනෑම කෙනෙකුට ඒ වගේ කතාවක් කියලා ඕනම පොරොන්දුවකින් පැනලා යන්න පුලුවන්.පහුගිය දවසක මං කිව්වා එක්තරා දවසක වෙච්ච එක්තරා ගමනක් ගැන කියනවා කියලා.ඉතින් මමත් ඒ කතාව නොකියා ඉන්න හිතලත් මේක කියන්නේ ඒක මට කියන්න ඕන කියලා හිතුනු හින්දා.ඒත් මේකෙන් කාටවත් අපහාසයක් සිද්ද වෙන්න එපා කියලත් මං කියනවා.ඇත්තටම මේකෙන් මං අර දුරස්ථ ගම්මාන හෙළා දකින්නේ නෑ කියලත් කියන්න ඕන.

ඔන්න දවසක් අපි campus ඉඳිද්දි අපේ යාලුවෙක් හිටියා මිනිහගේ ගම ලංකාවේ බොහොම දුර තිබුනු ප්‍රදේශයක් තිබුනේ.කොටින්ම කියනවා නම් මිනිහා ගෙදර ගියෙත් මාස 7-8 කට වතාවක්.ගෙදර යන්නෙත් එක දිගට දවස් 4 වත් නිවාඩු තියේනම් විතරයි.දවසක් අපි මිනිහත් එක්ක ගම ගැන කතාවක් දාගෙන ඉඳ්දි මෙන්න මිනිහා කියනවා අපිට දවසක මෑන්ගේ ගෙදර එන්න කියලා.මිනිහා අපිට එන විදිහත් කිව්වා.දැං මිනිහා අපිට කලින් ඔය කියන දවස්වල ගෙදර ගියා.මොකද අපිට කලින් මිනිහට exam ඉවර වුනා.අපිට ඉවර වෙන්නේ ඊට දවස් දෙකකට පස්සේ,ඇයි අපි වෙනස් subjects කරපු හින්දා.

දැන් ඔන්න අපි උදේ ‍රැයින්ම කො‍ටුවට ඇවිල්ලා අදාල බස් එකට නැග්ගා.ඒකට නඟින්න ඉර පායන්නත් කලින් කො‍ටුවට එන්න ඕන.ඔය දවස් වල යුද්ධය හින්දා අර දඩ බෑග් අරන් යන්න ගිහින් පොලිසියෙනුත් අපිව අල්ල ගන්නවා තව ටිකෙන්.කොහොමහරි ඔන්න අපි බස් එක හොයා ගෙන නැග ගත්තා.දැන් ඔන්න බස් එක යනවා.අපිත් ඉතින් බලාගෙන යනවා.නියම වැඩේ කියන්නේ අපේ එකාගේ ගෙවල් පැත්තට phone signalවැඩ කරන්නෙත් නෑ.ඉතින් හොයාගෙන තමයි යන්න ඕන.පැය ගාණක් ගිහිල්ලා දැන් ඔන්න අදාල ගමට ගියා කියමුකෝ.

අපි ඉතින් බැහැලා දැන් මේකගේ ගෙදර ගොයා ගන්න ඕනනෙ.බැලුවා කාගෙන්ද අහන්න පුලුවන්ද කියලා.මොකද මූ අපිට කියලා තිබුනේ ඒ කණුවෙන් බැහැලා(ඒ පැත්තේ හෝල්ට් තියෙනවා අර කණුව මේ කණුව කියලා) පාර දිගේ ඇවිල්ලා 4 වැනි ගේ කියලා.ඒ වුනාට ඒ කියන පාර දෙපැත්තේම කැලෑව.ගෙයක් පේන මානෙවත් නෑ.ටික වෙලාවක් එතන ටැග් ගැහෙද්දි ඔන්න එනවා තරමක අංකල් කෙනෙක්.මේ පැත්තෙ මිනිස්සුන්ට අංකල් කියලා කියන්න හොඳහ දන්නේත් නැති හින්දා අපි ඇහුවා””මාමේ අර ———————– ලගේ ගෙවල් කොහෙද දන්නේ නෑ නේද “”කියලා.””——————–,———–“”කියලා ටික වෙලාවක් කල්පනා කරපු අංකල් එහෙමනම් කෙනෙක් ගැන අයියුරුවක් දන්නේ නෑනෙ කියලා කිව්වා.(අයියුරුවක් කියන්නේ මොකද කියලා මං නම් දන්නේ නෑ) එතකොටනේ අපිට මතක් වුනේ,අපි අහලා තියෙන්නේ මේකගේ කාඩ් එකෙන් කියලා,මේකගේ කාඩ් එකත් හරියට නමක් වගේ මයි,අපි පුරුද්දට ඒ කාඩ් එක අහලා.””මේ ලමයි කවුද””ඒ පාර අපෙන් ප්‍රශ්න අහනවා.””අපි මේ———campus එකෙනෙ “”කියලා මං කිව්වා.””ආ…. මේ අර හොයන්නේ ————–ගේ—————–කොලුවා නේද බොලව්.ආ…මේං මේ ඉසව්වට හූවක් තියන දුර කියලා අර පාර පෙන්නුවා.දැං ඉතින් අපිටත් අවුලක් නෑ.ඒකනේ පාර.අපි ඉතින් යන්න ගත්තා.මොකද හූවක දුරනේ.අනික ගෙවල් 3නේ පහු කරන්න තියෙන්නේ.අපි යන ගමන් කතා වුනේ මේ පැත්තෙ campus යනවා කියන්නේ මාර මැජික් එකක් වෙන්නැති කියලා,ඇයි යකෝ අපේ පැත්තේ අල්ලපු ගෙදර එකාවත් අපි campus ආවා කියලා ගණන් ගන්නේ නැති කොට මේ ගමේ හෙන වයස අංකල්ලත් දන්නවා මේකලා campus ආවා කියලා.

කොහොමහරිදැං ඔන්න අපි කිලෝමීටර් 2-3 විතර ආවා ඒ වුනත් ගෙවල් හතරක් නෑ.එකම එක ගෙයක් නම් පහු වුනා.අපිට පාරවත් මඟ ඇරුනද දන්නේ නෑ.ඒ පාර තව ටික දුරක් ගිහිල්ලා හම්බවෙච්ච ගෙදරින් ඇහුවා.

Image

ඒ ගෙදර හිටියා චෝයි නංගි බබෙක්.අපි ඉතින් පානිය දාලා නංගිගෙන් අහද්දි””නංගි අපි මේ—–එකෙන් අර “” කියලා අහද්දිම “”ආ අර —-අයියා නේද,ඔතනින් ගිහිල්ලා දෙවෙනි ගෙදර කියලා කිව්වානේ,ලස්සන ටිකිරි හිනාව දාලා.ඇත්තට මට අරූගේ ගෙදර හොයන එක නවත්තලා එතන ජිකිජිකියක් පටන් ගන්න හිතුනත් අර දොම්පෙට යන්න පාර අහපු එක වෙයි කියලා අපේ එවුන් මාව ඇදගෙන එතනින් ආවා.

දැං ඔන්න තව කිලෝමීටර් 4 විතර ආවා,දැං අපිට ඇවිල්ලා ඇවිල්ලා සාටර් වෙලා තිබුනේ.ඔන්න ඒ පාර තව ගෙයක් තියෙනවා.මොනවා කරන්නද කියලා ඒ ගෙදරින් ඇහුවම ඒ ගොල්ලෝ කියනවා ආ අල්ලපු ගෙදර කියලා.දැං අපිට පට්ට අවුල්.මොකද පේනතෙක් මානෙක ගෙයක් නෑ.මුන්ට කොයිල්ද.ඒ පාර අපි ඇහුවා.””අයියේ ඒ කියන්නේ මේ පාර දිගේ කොච්චර දුරද””කියලා.””අයියෝ පාර දිගේ තව ටික දුරයි,වැඩිය නෑ හැතැප්ම 2-3 විතර ඇති කිව්වනේ.යකෝ,කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.මේකලගේ ගමේ අල්ලපු ගෙදර තියෙන්නෙත් හැතැප්ම දුරින්ද.

අපි කිව්වා අනේ අයියේ අපි මේ —–ඉඳන් ආවේ,දැං මේ පාර දිගේත් ආවා හැතැප්ම 5-6 විතර,වෙන යන්න පාරක් නැද්ද””කියලා.””ආ මල්ලිලා ——campus එකේද,ඔහොම ඉන්නකො ටිකක් කියලා අයියා ගියා ගේ ඇතුලට අපිට ටිකක් වාඩි වෙන්න කියලා.අපිත් මේ ඇවිදලා ඇවිදලා කාපු සාටරේ හැටියට කියපු සැනින් වාඩි වුනා.මෙන්න ටිකකින් එනවා අපිට අරගෙන බෙලිමල් වගයක්ද කොහෙද අරන් අවු 18 විතර චෝයි යුවතියක්.(ඇත්තටම මේ පැත්ත හද්ද ඩොටෙයක් වුනාට ඒ පැත්තෙ කෙල්ලො නම් මාර naturally ලස්සනයි.මෙහේ බම්බාවල සමයන් වගේ නෙවේ).මෙන්න ටිකකින් අර අයියා එනවා අපිව අර ගේ ගාවින් දාන්න,අත් ට්‍රැක්ටරෙන්.මාර වැඩෙ කියන්නේ අර අපිට බෙලි මල් පිලිගන්නවපු අර චූටි කෙල්ල අර අයියගේ බිරින්දෑලු.තව ලමයි 2කුත් ඉන්නවලු.(මේක ඇහුවනම් අපේ කෙල්ලො අපිට ස්ත්‍රීවාදයයි,පුරුෂෝත්තම සමාජයයි අරක මේක දෙසනවා ෂුවර්)

Image

www,martofimages.com

කොහොමහරි අපි —-ගේ ගෙදරට ගිහිල්ලා අහපු මුල්ම ප්‍රශ්නෙ වුනේ උඹලගේ පැත්ති එවුන් හූ කියන්නෙ loudespeaker වලින්ද කියලා.