ඕං ගියා.

ඕං අදනං කියන්න යන්නේ හිච්චි කතාවක්.මේක ඇවිල්ලා පාර අහන එක ගැන.සාමාන්‍යයෙන් ඕන කොල්ලෙක් දන්නවා කොහෙ හරි යන්න පාරක් අහනවනම් කෙල්ලෙක්ගෙන් පාර ඇහුවොත් අනිවා, පාර හොයා ගන්න නෙවෙයි අතරමංවෙලා බේරුනොත් ලොකු දෙයක් කියලා.කොහොමත් කෙල්ලෙකුගෙන් ජීවිතේ හොයා ගන්න යන උන්ට වෙන්නෙත් ඔය දෙයම තමයි.ඒකනේ අර සින්දුවකුත් තියෙන්නේ “මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ” කියලා.එක දවසක් මමත් ලංකාවේ සුප්‍රකට කුඩ සමාගමක් ගාව තියෙන වෙනත් සමාගමකට යන්න ඒ සමාගමේම ඉන්න කෙල්ලෙකුගෙන් පාර අහලා මඤ්ඤං වුනා.ගල්කිස්සට ගිහිල්ලා බේකරි හන්දියෙන් බැහැල යන්න ඕන එක මේකි කියලා තිබුනේ රත්මලානෙන් බැහැලා කොහේද යන්න.මොක හරි ආරලු බූරලු නැතිව කතාවට බහිමුකො.

ඔන්න දවසක් අපි කැම්පස් එකේ ඉන්න දවස් වල ලංකාවේ එක්තරා හද්ද ඩොටේක යන්න වුනා.බස් එක අරක මේක හොයාගන්න පුලුවන් වුනාට මග විස්තරය කොහොමද දන්නේ නැති හින්දා අපි ඇහුවා ඔය ගමන කලින් ගිය එක්තරා ජ්‍යෙෂ්ඨ උත්තමයෙකුගෙන් ඇහුවා කොහොමද කින්ද මන්ද කියලා

මේකා ඒ පාර විකාර කියවනවා.ලෝකේ නැති විකාර කියවලා අන්තිමට බලද්දි මේකා දන්නේ කො‍ටුවයි,පරකඩුවයි,තණමල්විලයි, බහින තැනයි විතරයි.යකෝ මේක මාර කතාවක්නේ,මූ බොරුවටද මේ ගමන් ගිහින් තියෙන්නේ?අපිට මාර ප්‍රශ්නයක්.මොකද මේකා තමයි නඩේ ගුරා විදිහට හිටියේ.

පස්සේ බලද්දී ඒ අයියගේ නංගී බබා,ඒ කියන්නේ කොක්ක එහෙම නැත්නම් එයාගේ පෙම්වතී(අපේ බැචියක් එක්ක මූ කොක්ක ගහලා තිබුනෙ) අපිට කිව්වා වෙලා තිබිච්ච වැඩේ.මේකා බස් වල බුදියන්න නම් දරාපු ඩයල් එකක්.කොටින්ම කිව්වොත් හිටගෙනත් නිදි.සමහරවෙලාවට කෙල්ල එක්ක බස් එකේ ගියාමත් කෙල්ලගේ උකුලේ,නැත්තං කරේ බුදි.

මේ ගමන යද්දිත් මේකා කො‍ටුවෙන නැගලා බුදි.පරකඩුවෙදි තේ බොන්න නැවැත්තුවම කඩේට ගිහිල්ලා එලවලු රොටී 7-8 ගිලලා ආයි බුදි.තණමල්විලදි කන්න නැවැත්තුවම ආයි බැහැලා ගිහිල්ලා පිදුරුතලාගල කන්ද විතර බත් එකක් කාලා ආයි ඇවිත් බුදි.