ඔයා පස්සේමයි ගැලවුමක් නෑ.

ලෝකේ ලස්සනම වදන “ආදරය” නම් ලෝකේ අමිහිරිම,අවාසනාවන්තම වදන මොකක්ද? මේකට එක එක අය එක එක විදිහේ අර්ථ නිරූපන දෙන්න පුලුවන්.මොක වුනත් අද මං කියන්න යන දෙයත් එක්ක සමහරවිට කියන්න වෙන්නේ කොච්චර අවාසනාවන්ත වුනත් ඒක ඔයා පසු පස එන එක නවත්වන්න කාටවත් බෑ.කොච්චර මේ ලෝකේ වැඩ දම දමා පුම්බගෙන හිටියත් මේක හමුවේ ඕන වැඩ්ඩෙක් බිමට වැටෙනවා.ඇත්තටම මේ වචනය මොකක්ද ? කතා ටික කියවගෙන ගියාම අන්තිමට තේරෙයිද බලන්නකෝ.
ගජනායක කියන්නේ අපේ පැත්ත හොල්ලගෙන හිටපු වලව් පරපුරක නාමය.(මේක අන්වර්ථ නාමයක්).මෙයාලා සුද්දො එන කාලේ ඉඳන්ම අපේ පැත්තේ හිටපු ලොකු පරපුරක්.මෙයාලගේ අපේ කාලයට අදාල කෙනාට මං භවිත කියලා නම දානවා.නමේ හැටියටම කාලයට ඉස්සරහින් තියෙන නමක් දාගන්න මෙයාගේ සල්ලි,පවුල් බලය හේතු වුනා.එච්චර දුරට ඉගෙන ගන්න බැරිවුනත් සල්ලි තිබුන හින්දා ලොකු වැවිලි කාරයෙක් හැටියට පෙනී හිටියා.

Image
දවසක් මෙයා ගියා නිවාඩු පාඩුවට ටෙනිස් ගහන්න.යාලුවො එක්ක.හදිසියේම මෙයාගේ පපුව රිදෙන්න ගත්තා.යාලුවො ටික ඉක්මනට එයාගේ වාහනේට එක්ක ගිහින් පණ ගන්වන්න උත්සාහ කළා.ඒකේ යතුර කැඩෙන කන්ම හැදුවත් ඒ රථය පණ ගැන්වුනේ නෑ.මේ රථය අර ප්‍රාඩෝ එකක්.එතකන් කිසිම ලෙඩක් දීලා තිබුන් නෑ.පස්සේ යාලුවෙක්ගේ හොඳ වාහනයක දාගෙන ඉස්පිරිතාලෙට එක්ක ගියා.
මඟදි ඒකේ ටයරයක හුලන් ගියා.ඒ පාර පාරේ ගිය වෙන වාහනයක දාගෙන අරන් ගියා.දෙය්යෝ සාක්කි.එදා පාරේ වේල් පෙරහරක්. පස්සේ වෙන පාරකින් දාලා අරගෙන ගියා.අන්තිමට ඉස්පිරිතාලෙට අරන් යද්දිම එයා වෙන ලෝකෙකට ගියා.

 

අහසින් අරන් ගිය ඉබ්බො (කැස්බෑවෙක් කියලත් කියනවා) ඔලුවට වැටිලා පුරාණ නාට්‍යකරුවෙක් මියගියාලු.තවත් කෙනෙක් ‍රැවුල බානකොට පාපන්දුවක් වැදිලා මැරුනලු.මේ මේ ගැන හෙව්වොත් දැන ගන්න වෙන කතා.ඇත්තටම අමිහිරිම වදන මොකක්ද.
ඒ තමයි මරණය.එයා මේ වෙලාවෙත් ඔයා දිහා බලාගෙන ඔයා පිටිපස්සේ ඉන්නවා.හැමවෙලේම.

Image

Advertisements

වවාගෙන කෑම.

මඩ සෝදාගත් කල ගොවියා රජ කමටද සුදුසුය කියලා කිව්වේ ලංකාවේ සිරකරුවෙක් විදිහට රඳවාගෙන හිටපු රොබට් නොක්ස් කියන විදේශිකයා කියලා කතාවක් තියෙනවා.ඒත් ඇත්තටම ඒක රොබට් නොක්ස් හිතලා කියපු කතාවකට වඩා ඒ කාලේ උඩ‍රැටියන්ගේ ජනවහරේ තිබුනු කතාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්න වෙන්නේ.ඒ කාලේ රජ පෙලපතට නෑකම් කියපු අය රට වටේම (මෙතනදි රට වටේ කියන්නේ සෙංකඩගල රාජධානිය පුරාම)හිටපු නිසා වගේම ඒ ගොල්ලන්ගෙන් සමහරු කෘෂි කර්මයේ නිරත වෙලා හිටපු නිසාත් ඒ කතාවට පදනම ලැබෙන්නැති.අනික ඒ කාලේ නායක්කාර් වංශිකයින්ට ලාංකීය රජ පෙළපතින් රජ කම මාරු වෙලා ගියපු නිසා දැං එහෙමනම් ගොවිගමයොත් රජකම ගනීවි කියලා ඒක කිව්වා වෙන්න පුලුවනි.හැබැයි කොයික කෝම වෙතත් මේ පාඨයට නම් ඉස්කෝලවල පවා අදටත් මාර පිළිගැනීමක් තියෙනවා,විශේෂයෙන් රචනා ලියන්න එහෙම.

ඇත්තටම ලංකාවේ කෘෂිකර්මය තුල සාම්ප්‍රදායික වී වගාව කියන්නේ පුදුමාකාර විදිහේ සහනාධාර ප්‍රමාණයක් ලබන,ඒත් ඊට සාපේක්ෂව අඩුම ප්‍රතිඵලයක් ඇති අංශයක්.සහන මිලට පෝර දෙනවා.ගොවියන්ට උපදෙස් දෙනවා.රජය මඟින් වාරි මාර්ග ක්‍රම ඇති කරලා ඒකේ වතුර ටික නොමිලෙම වගේ දෙනවා.(පිරිවැය ආවරණය කර ගැනීමකින් තොරව).ගොවියන්ට විශ්‍රාම වැ‍ටුපක් රජයේ මැදිහත්වීමක් ඇතුවම දෙනවා.රක්ෂණයකට වඩා සහනාධාර ක්‍රමයක් කියන්න පුලුවන් වගා රක්ෂණයක් තියෙනවා.

ඒත් මේ ඔක්කෝම කරලා දීලත් තව ගොවියන්ගේ නිෂ්පාදනය රජය මඟින් සහතික කළ මිලකට මිලදී ගන්න ඕන.ඒත් ඇයි? වෙන මොකවත් නෙවෙයි…ඡන්ද..ඡන්ද……

ලංකාවේ ගොවියා කියන්නේ ඉතා පහසුවෙන් ඕන කැරට් අලයකට රවටන්න පුලුවන් පිරිසක් කියලා ඕනම දේශපාලන පක්ෂයක් දන්නවා.ඒ හින්දා ගොවියාට ප්‍රශ්නයක් තියෙනවා කියන එක උණු කැවුම් වගේ හොඳ මාතෘකාවක් කියලා ඕනම දේශපාලුවෙක් දන්නවා.

ලංකාවේ මොන ව්‍යාපාරිකයටද  මෙන්න මම හැදුවා,මේක සහතික මිලකට ආණ්ඩුවෙන්ම ගන්නවා, නැත්තං මං වහ බොනවා කියලා ආන්ඩුවෙන් ගේම ඉල්ලන්න පුලුවන්.?

උද්ඝෝෂණ කරන්න,කෑගහන්න,පක්ෂවලට කඩේ යන්න සංවිධානය වෙන්න පුලුවන් ගොවීන්ට තමන්ට කේවල් කරලා පුද්ගලික අංශයෙන් හොඳ මිලක් ගන්න සංවිධානය වෙන්න බෑ.

ලංකාවේ සම්ප්‍රදායික වී වගාව  කියන්නේ නිෂ්ඵල දෙයක් බවට පත් වෙලා.යුද්ධය තිබුනු කාලේ හමුදාවට බැඳුනු තරුණයො ‍රැසකගේ  රට බේරා ගැනීමේ අරමුණ වගේම(සමහරවිට ඒ මූලික අරමුණටත් වඩා) වැදගත් වුනේ සාම්ප්‍රදායික කෘෂිකර්මය තුල පුරන් වෙලා ගිය තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න.ක‍ටු මැටි ගේ වෙනුවට ශීට් දාපු,ගඩොල් ගෙයක්.ගෙදරට ත්‍රීවීල් එකක්,ට්‍රැක්ටරයක් ගන්න.යුද්ධයෙන් සීල් තියපු මිනී පෙට්ටි එන කාලේදි ලංකාවම ඇඬුවා වුනාට,වැඩියෙන්ම පොළවට කඳුලු වැ‍ටුනේ ඒ අර පුරන් වී ගිය සම්ප්‍රදායික ගොවි බිම් වල.ඔයාට පුලුවන් නම් ඈත පෙදෙසකට ගිහිල්ලා ගම හා නගරය අතර රේඛාව සොයා ගන්න,ඒකෙන් බලන්න වැඩියෙන්ම යුද්ධය වෙනුවෙන් දිවි දෙන්න යන්න සිද්ධ වෙලා,නැත්තං හමුදාවට බැඳීම තමන්ගේ එකම ආර්ථික පිළිසරණ වෙලා තිබුනේ අර ගම් වල.

හේතුව,අර බිඳ වැටිච්ච කෘෂිකර්මයේ පවට කර තියන්න වුන තරුණ පරපුරට වෙන විකල්පයක් තිබුනේ නැති හින්දා.වී වගාවයි හමුදාවට බැඳීමයි කාන්තාවන් විදේශ ගත වීමයි අතර සෘජු සබඳතාවක් තියෙනවා කියලා කියන්න වෙන තරමටම තත්ත්වය දුර ගිහිල්ලා.

අදටත් ගමකට ගිහිල්ලා ගොවියන්ට මොකක් හරි යෝජනා ක්‍රමයක් ගැන කියන්න.අහන ප්‍රශ්න අතර අනිවාර්යයෙන්ම තියෙනවා“”සහනාධාර මුදලක් දෙනවද?“”කියලා.කවුරුහරි කියන හින්දා වවලා,කවුරුහරි කියන හින්දා අස්වැන්න නෙළාගෙන අන්තිමට ඒ කවුරුවත්ම අස්වැන්නත් සහතික මිලකට ගන්න ඕනද? තමන් මොකුත් නොදන්න තොත්ත බබා පාට් එක දාලා හැම දෙයක්ම ආණ්ඩුවෙන්ම,සහනාධාර වලින්ම කරව ගන්න ඕනද?

ඇත්තටම කොහොමද ආණ්ඩුවක් මේ මිල සහතික මිල කියලා නියම කරන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් එක්ක. රජයක් ඒකට පිටින් ඉඳන් අත දාන්න ගිහිල්ලා ඇණ ගත්තම ඒ රජය නෙවෙයි මහජනයා විඳවන්නේ.මොකද රජය මේ සහතික මිලකට වී එහෙම නැත්තං වෙන ඕනම දෙයක් ගන්නේ මහජනයගේ බදු සල්ලි වලින්.

එහෙම අරගත්තට ප්‍රායෝගික වෙළෙඳ පොල තත්ත්වයන් එක්ක රජයේ මේ තීරණ ගැලපෙන්නේ නැති වුනාම ඉල්ලුම සැපයුම එක්ක හරියට තීරණය වෙන්නේ නැති මිලක් කෘත්‍රිමව හදලා ඒකට අලෙවි තීරණ ගන්න ගියාම අන්තිමට ඒ කරපු මෝල් වැඩවල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ රටේ සමස්ත මහජනයට.මොකද ඒ මිනිස්සුන්ගේ ධනයෙන් රජය බදු විදිහට උදුරලා ගත්ත අරමුදල් වලින් තමන්ට හැඟුම්බර ඡන්ද දෙන මිනිස්සුන් එක්ක දාදු සෙල්ලම් කරන්න යන්නේ ඒ සල්ලි හින්දා.

අපි වෙළෙඳපොල ක්‍රමයත් එක්ක,ඉල්ලුම සැපයුම එක්ක,වෙළෙඳපොල අවිනිශ්චිතතාවයන් එක්ක දන්න දහම් ගැට ඔක්කොම දාලා හම්බ කරන සල්ලි වලින් රජය බදු කියලා සල්ලි අරගෙන වෙළෙඳපොල ක්‍රමය ඇතුලේ ඉඳගෙන ඒකට මුහුණ දෙන්න බැරි ව්‍යාපාරිකයින්ට අසාධාරණ විදිහට ඒ වෙළෙඳපොල ක්‍රමය විකෘති කරන්න උල්පන්දම් දෙනවා.

අස්වැන්න පාලු වුනාම අනේ ඉතින් පවුනේ කියලා යම් සහනාධාරයක් දුන්නා කියමු,ඒත් ඒක දිගටම,හැමදාම.???

තමන්ගේ අස්වැන්න කොහොම හැදුවත් කීයට හැදුවත් රජයට බල කරලා මහජනයගේ බදු සල්ලි වලින් තමන්ගේ අස්වැන්න පාඩු ලබන රාජ්‍ය ආයතන වල හිර කරන්න පුලුවන් කියලා දන්න කෙනෙක් කවදාවත් තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුකරන,ඵලදායිතාව වැඩි කරන ක්‍රමයක් ගැන මලාට හිතන්නේ නෑ.ඇත්තම කියනවනම්, ලංකාවේ මෙච්චර සහනාධාර දීලත් හදන මිලට වඩා අඩු මිලකට පිට රටවලින් ඊට වඩා ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ ගෙන්වන්න පුලුවන්.ඒත් එහෙම කළොත් කොහොමද ඡ්න්ද ගන්නේ.?

මේ තත්ත්වයට විසඳුමක් විදිහට එක එක යෝජනා ගෙනාවා.එව්වා ලෝකෙ වෙනත් රටවල සාර්ථක වෙලත් තියෙනවා.ඒත්………………

මේක කරන්න වෙන්නේ ගොවි ණය අරගෙන කොටහලු මඟුල කරන මිනිස්සු එක්ක.

නොමිලේ වාරිමාර්ග ජලය ගන්න ගමන් ඒකට මාලු අල්ලන ධීවරයො එක්ක සටන් කරන ජාතියේ මිනිස්සු එක්ක.

තමන්ගේ වී වී අලෙවි මණ්ඩලෙන් ගත්තේ නැත්තං බලාගෙනයි කියලා හිතන ඉන්න මිනිස්සු එක්ක.

ආණ්ඩුවෙන් සහතික මිලක් ඉල්ලන මිනිස්සු එක්ක.