අක්කි බබාගේ කතාව.

මේක අපි කැම්පස් ඉන්න දවස් වල සිද්ද වෙච්ච දෙයක්.ඔය දවස් වල කවියක් තියෙනවනෙ ඉස්සර වුනා එක අත බඩු හත අටය,ඉවසා සිටින මම තාමත් තනිකඩය කියලා.මේකත් ඒකටම හරියන කතාවක්.

අපේ සීනියර් බැච් එකේ වැඩිම ලකුණු ගත්ත අක්කි ඒ කියන්නේ batch top, හරීම ලස්සන හුරුබුහුටි ගෑණු ලමයෙක්.ඒ වුනාට final year වෙනකන්ම කොක්කක් හිටියේ නෑ.

Image

(දැං මේ වචනේ දන්නේ නැති අයට මේකත් කියන්න ඕන.කැම්පස් වලදි ප්‍රේම සබඳතාවක් ඇති කර ගන්නවට කියන්නේ කොක්කක් ගහනවා කියලා.ඒකට හේතු 3 තියෙනවා.යාලු වුනාට පස්සේ දෙන්නා අත් දෙක කොක්ක දාගෙන වගේ යනවා.කොක්ක කියන්නේ මල කරදරයක්,හැම තිස්සේම පැටලෙනවා.අනික අවුරුදු 4 ඉවර වුනාම කොක්ක ගේට්‍ටුවේ එල්ලලා යන්න යනවා.)

 

දැං ඔන්න මේ අක්කි බබාගේ සිත දිනාගන්න ඒ බැච් එකේම අයියා කෙනෙක් ලත වෙනවා.ලත වෙනවා කිව්වේ එයාට අහන්නත් ඕන ඒ වුනාට අහන්න එච්චර “ගටක්” නෑ.මෙයාට අර අක්කි බබා දැක්කම කකුල්  vibrate වෙනවා කියලා තමයි කියන්නේ.අපි ඒ අයියට “බෙලා” කියමුකො.

දැන් එතකොට අපේ බැච් එකේ බෙලා අයියගේ යාලුවෙක් ඉන්නවා එයාගේ නම දාමුකො ” නගරං” කියලා.නගරංට හොඳට කතා කරන්න,කුප්පි දාන්න,තේරුම් කරන්න පුලුවන්.මිනිහා කතා කරන කොට අහන් ඉන්න අයට මාර විදිහට හිතට වදිනවා.අනික ඕන බාල්දියකට ඉස්සරහට පනිනවා.

අනේ ඉතින් බෙලා අයියත් අපේ නගරංව හම්බවෙලා කිව්වා එයාගේ හිතේ දුක.කියලා නගරංට කියලා දුන්නා අර අක්කි බබාගෙන් යාලුවෙන්න අහන විදිහ.මොකද නගරංට හොඳ ගටක් තියෙනවනේ ගිහින් අහන්න.

දැං ඔන්න ඉතින් නගරං හොඳට කිට මරලා එහෙම යනවා අර අක්කි බබාගෙන් අහන්න බෙලා අයියව සෙට් කරන්න.

Image

මෙතන සිද්ද වෙච්ච දේවල් පැනි වෑහෙන විදිහට කියන්න පුලුවන් වුනත් එහෙම කියන එක හරි නැති හින්දා මම මෙහෙම කියන්නම්කො.සාමාන්‍ය ගෑනු ලමයෙක් කියන විදිහටම ” කල්පනා කරලා වචනයක් දෙන්නම්කො” කියලා කතාවට කොමාවක් තිබ්බා.

ඒ වුනාට ඒක අර ධනාත්මක පැත්තට බර කතාවක් කියලා නගරංට තේරුනා.ඒ හින්දා නගරං, අක්කේ mobile number  එක දෙන්නද කියලා ඇහුවම “දෙන්නකො ඔයාගේ number එක” කියලා අක්කි බබා නගරංගේ number එක ඉල්ල ගත්තා මාර හිනාවකුත් දාලම.

පස්සේ එදා හවසම අක්කි බබාගෙන් එනවා එකක් නගරංට “මට ඔයාව …..දි හම්බවෙන්න ඕනි,හැබැයි තනියම” කියලා.

නගරං කොලුවත් ඉතින් තට්ට තනියෙන්ම ඒ කියපු තැනට ගියා.අහෝ දුකකි,ඉරකි තිතකි කිව්වලු.බෙලාට අහන්න ගියපු නගරංට අර අක්කා කැමතියි කිව්වනේ.අන්තිමේදි බෙලාට බිංදුව වැටෙද්දි නගරං අර අක්කි බබාව කර ගහගත්තා.ඒකත් ජයසිරි මංගලං කියලා දැං දෙන්නම විවාහ ප්‍රාප්තත් වෙලා.

Image

විශේෂ නිවේදනයයි. මේක ලියන මාගේ කාඩ් එක බෙලා නොවේ.

Advertisements

ප්‍රේමදාස ජනාධිපති හා ලංකාවේ ඉංග්‍රීසි

ලංකාවේ හැම දේකටම දේශපාලනය ගෑවෙන කාලෙක මේ කතාවටත් දේශපාලනය  ගෑවෙනවා.ඒත් අපි හිතන්නැති විදිහට.මේක දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නම් ගෑවුනාට මේ වැඩේ සිද්ධ වෙද්දි එයා අභවප්‍රාප්ත වෙලා ඉවරයි.

Image Continue reading

ගලියෙන් ගිනි නිවූ වගයි.

මේක ලියන්න කලින්ම කියන්නේ මේක ආරක්ෂක අංශයට කිසිදු සම්බන්ධතාවක් නැත.මේ වෙච්ච දෙයට කිසිම හමුදාවක් හෝ ඊට  අයත් අයද සම්බන්ධ වී නැත.මං එහෙම කියන්නේ නැත්තං මට මේක දාලා සුදු වෑන් වල යන්න වෙයිද දන්නේ නැති නිසාය.

Image

මං මේක ලියන්නේ මගේ විදිහට.

ඔන්න දවසක් මම එක්තරා කඳවුරකට සහභාගී වුනා.මේක ඇවිල්ලා බොහොම ඈත වියලි පලාතක තිබ්බ කඳවුරක්.මේක වටේම කැලෑව.මේ කඳවුරේ පරිපාලන වැඩ වලටත් අපි සම්බන්ධ වුනා.මේක හරිම දුෂ්කර පැත්තක් නිසා වතුර දුන්නේ බවුසර් වලින්.

දවසක් අපි වැඩ කර කර ඉන්න කොට හදිසියේම ආරංචියක් ආවා මෙන්න අපි හිටපු තැනට එහායින් තිබ්බ ලඳු කැලෑවට ගිනි ඇවිලිලා කියලා.මේකට ගින්න ඇවිලුනොත් අපි ඉන්න හරියටත් ගින්න එන්න පුලුවන්.

අපි ඉද්දිම දුන්නා පණිවිඩය සියලුම බවුසර් වලට ගින්න එන පැත්තට යන්න කියලා.(ගිනි නිවන හමුදාවට එන්න කියන්නේ නැතිව අපේ බවුසර් වලටම කිව්වේ ඇයි කියලා පස්සේ කියන්නම්.)

අපිත් වෑන් එකක නැගලා ඒ පැත්තට ගියා.යද්දි ඔන්න ඒ පැත්ත සට සට ගාලා ඇවිලෙනවා.

Image

එතන හිටිය කට්ටිය එක එක විදිහට වතුර ගහලා ගින්න නිවන්න හදනවා. බවුසර් තාම මග. ඔන්න එක පාරටම එනවා බවුසරයක් මහ සද්දෙන්. ඒත්ඇවිල්ලා බලා ඉන්නවා.දැං අපි බැලුවා යකෝ බවුසරය ආවනම් නිකං ඉන්නේ ඇයි කියලා.බලද්දි ඒක වතුර බවුසරයක් නෙවෙයි.

ඒක ගලිබවුසරයක්.බවුසර ඔක්කොම යන්න කිව්වම මේකත් ඇවිල්ලා.( ඒක ගැහැව්වා නම් ගින්න හොඳට නිවන්න තිබ්බා).

 Image

ඊගාවට මෙන්න තව පොඩිට්‍රැක්ටර් බවුසරයක් ආවා. ඒකත් බලා ඉන්නවා.

අපි ඇහුවා මෙතනට වතුර ගහන්නේ නැද්ද?

“සර්, මං වතුර පුරවන් එන්නද?”

” ඇයි මනුස්සයො ගිනි ගන්න තැනට එන්න කියන්නේ වතුර ගහන්න නෙවෙයි නම් හුලන් ගහන්නද?” 

“නෑ සර්,මං මේ ආවේ ගිනි ගන්නවදකියලාබලන්න?”

යකෝ මේ මිනිස්සුන්ට බවුසර අරන් එන්න කිව්වම හිස් බවුසර අරන් එනවා.අර අන්දරේගේ උත්තර දෙන්නේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමට වෙලාව පහුවෙලා හරි වතුර බවුසරයක් ආපු නිසා යන්තම් ගින්න නිවාගත්තා.

 

මේකේ සිද්ධ වෙච්ච හොඳ රසබර සිදුවීම් තිබ්බා,ඒත් මෙතන දැම්මොත් විසුමක් වෙන්නේ නැති හින්දා දාන්නේ නෑ.මොකහරි දැන් මේතැනට අපි ආයි යනකොට නම් ගින්න නිවන්න ගලිය ගිය කතාව නම් ඇදිලා එනවාමයි.

නොමිලේ පෙන් ඩ්‍රයි හොරකම් කරන්න හා නැති කරගන්න.

සමහර වෙලාවට මෙන්න මේ අහවල් ඊ මේල් එක යැව්වාම නොමිලේ පෙන් ඩ්‍රයිව් ලැබෙනවා කියලා බොරු ඊ මේල් ඔයාටත් ඇවිල්ලා ඇති.

ඒත් මං මේ කියන්න යන්නේ නම් ඔයාට නොමිලේම පෙන් ඩ්‍රයිව් එකක් (හොරාට ) ගන්න පුලුවන් ක්‍රමයක්.මේක බලලා කරන්න ගිහින් වෙන අතුරු ප්‍රතිඵල වලට නම් මං වග කියන්නේ නැ‍තෝ.

Image

දවසක් අපි යාලුවො කට්ටිය ගියා එක්තරා print out කඩේකට.දැං මේක කරන්නේ නට් බුරුල් වෙච්ච කෙල්ලො සෙට් එකක්.ඒත් කඩේ අයියා ඉන්න වෙලාවට මුන්ගේ නට් තද වෙනවා.ඉතින් අපි ගිහිල්ලා print out ගත්තා කියමුකො.

එතකං අර කෙල්ලන්ගේ පිස්සු කතා අහ අහ ඉඳලා අන්තිමට එලියට ඇවිල්ලා එකටත් ආවට පස්සේ තමයි මතක් වුනේ pen drive එක දාලා ඇවිත් කියලා.

ඒ පාර අපි දිව්වා කඩේට මොකද ඒක නැතිවුනොත් assignment එක කරලා හමාරයි හින්දා.අපි එතනට ගිහිල්ලා අනේ අපේ pen එක දාලා ගියා කියලා කිව්වම අර යුවතිය මා……….ර හිනාවක් දාලා ගිහිල්ලා ගෙනත් පෙන්නුවා

Image

 

ආ අයියා කොයි එකද? කියලා pen drive ගොඩක්.

අපි ඉතින් අපේ එක අරන් ආවා.පස්සෙ අපිට කල්පනා වුනා යකෝ දැං එතන pen drive ගොඩා………ක් තිබුනා නේද? අනික අපි අපේ එක කියලා වෙන එව්වත් අරන් ආවත් අර කඩේ කෙල්ල දන්නේ නෑ නේද කියලා.බලද්දි වෙන එක මේකයි.මේ කඩේ ඉන්න කෙල්ලො උන්ගේ කඩේ පාරිභෝගික විශ්වාසය රඳවා ගන්න දාන ජිල්මාට් එකක් තමයි ඒක.

මොකද assignment  එක්ක තියෙන හදිසියට අපි ගොඩ දෙනකුට pen drive  අමතක වෙනවා කඩේදි.ඉතින් මේ කෙල්ලොත් ඒක අපි යද්දි මතක කරන්නැතිව ඉඳලා අපි ආපහු ආවම දෙන්න තියාගන්නවා.ඒත් මේ කෙල්ලො දන්නේ නෑනේ මේ කාගේ කාගේ එකද කියලා.ඉතින් ‍තෝර ගන්න කියලා පෙන්නනවා.

( pen drive හොඳේ)

Image

දැං ඔන්න කට්ටියට ඔත්තුව දුන්නා,මේ කඩේට යනවනම් දාලා එන්න එපා.මං හොරකම් කරන්න කියන්නේ නෑ,ඒත් කළත් කරන්න දෙයකුත් නෑ.

කඩේ තියෙන්නේ මහරගමට එහා හම්බවෙන සරසවියකට යන පාරේ  අතුරු පාරක් ගාව,දන්නෝ දනිති.