ප්‍රේමදාස ජනාධිපති හා ලංකාවේ ඉංග්‍රීසි

ලංකාවේ හැම දේකටම දේශපාලනය ගෑවෙන කාලෙක මේ කතාවටත් දේශපාලනය  ගෑවෙනවා.ඒත් අපි හිතන්නැති විදිහට.මේක දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නම් ගෑවුනාට මේ වැඩේ සිද්ධ වෙද්දි එයා අභවප්‍රාප්ත වෙලා ඉවරයි.

Image

එතකොට අපි අපේ ඉස්කෝලේ අන්තිම අවුරුදු වල.අපිට ඒ කාලේ free period එකක් හම්බවුනොත් එක්කෝ cricket ගහනවා.නැත්නම් library යනවා.ඔන්න ඔය කියන දවසෙත් අපිට උදේම free period එකක් හම්බවුනා.

ඉතින් අපි යාලුවො කට්ටියම ගියා library එකට.උදේම ගියාට පොතක් පත්තරයක් බලන්නත් කම්මැලියි.කොහොමත් අද පත්තරේ අපිට ඉස්කෝලෙදි බලන්න වෙන්නෙ හෙට කියන දවසේදිනෙ.මොකද ඔය ගුරු උත්තමයො බැලුවට පස්සේ තමා අපිට බලන්න ලැබෙන්නේ.අපි library ට යනකොට ඒකේ පොඩි සාකච්ඡාවක් යනවා ඉංගිරීසියෙන්.මොකද ඕය අපේ ඉස්කෝලේ libraryය teacher ලගේ එක එක සාකච්ඡාවලටත් ගන්නවනේ.

Image

දැං ඔය කියන දවසේ අධ්‍යාපන කාර්යාලේ ගුරු උපදේශකවරියක් එක්ක අපි ඉස්කෝලෙට ඒ දවස් වල ආපු අලුත් චූටි teacherලා වගයක් හිටියේ.ඉතින් එයාලට හොඳනම් එකේ කතා කර වැඩ කරන්න අපිට මොකෝ කියලා අපිත් අපේ යාලුවො set  එක්ක හිමීට එක එක වල් පල් දොඩව දොඩව තමයි බලන පොතක් පත්තරයක් බැලුවෙ.ඔන්න ටික වෙලාවක් යද්දි මේක දැකපු අපේ  එකේ ඥානපාලට මල පැන්නා.(ඥානපාල කියන්නේ සිංහලෙන් පුස්තකාලයාධිපති,මොකද පුස්තකාලයේ ඇත්තේ ඥානය බැවින් ඊට අධිපතියා ඥානපාල)

එයා අපිට දැම්මා පොඩි සද්දයක් යන්න කියලා.

දැන් අර teacherලත් අපි දිහා බලනවා.යකෝ එයාලට හොඳයි එතන කියවන්න අපි කරොත් තමයි නරක. අපි කෝකටත් පොඩ්ඩක් නිශ්ශබ්ද වුනා.ටික වෙලාවක් ගිහිල්ලා අපෙ ගැන්සියේ හිටියා ලෙබ්බේ කියලා එකෙක්.ඌට ලෙබ්බේ කිව්වේ ඇයි කියලා අහන්න එපා කියන්නේද නැත.ඌ අපේ එවුන්ගෙන් ඇහුවා පොඩි ප්‍රශ්නයක්.

” මචං,ප්‍රේමදාස ලංකාවේ කීවෙනි ජනාධිපතිද කියලා ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද?”

දැන් මූ අහපු විදිහට අපිටත් එකපාර හිතා ගන්න බෑ.කොහොමත් අපිට ඒ කාලේ කඩ්ඩ හොඳටම අවුල්.(දැන් කියලා වෙනසක් නෑ,හොඳේ)

අපි ඒ පාර කරපු වැඩේ අර අතන ඉන්න සූටි teacher කෙනෙකුට ලං වෙලා හිමීට ඇහුවා” මිස්,ප්‍රේමදාස ලංකාවේ කීවෙනි ජනාධිපතිද කියලා අහන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්?”

මිසුත් ටිකක් වෙලා හිර වුනා.හරියට අර web site stuck වෙන්නේ.ඊට පස්සේ එයා අර ගුරු උපදේශිකාවගෙනුත් ඇහුවා.කෙළියා එයත් හිර වුනා.ඒක එතනින් ඥානපාලටත් ගියා.මිනිහත් හිර වුනා.

දැන් මාර ආතල් එක.අපිට බැනපු කට්ටිය දැන් ප්‍රේමදාස ලංකාවේ කීවෙනි ජනාධිපතිද කියලා ඉංග්‍රීසියෙන් අහන හැටි ලොකු විවාදයක. දැන් එක හරියට සයිවර් කඩේ වගේ.

ඔන්න ඔහොම යනකොට එතනට ආවා අපේ ඉස්කෝලේ වෙන්න ජෝර්ජ් සර්.එයා ඇවිල්ලා එංගලන්තේ ලන්ඩන් වල ඇල්බට් අංකල්ටත් ඉංග්‍රීසි උගන්වන්න යන ජාතියේ කෙනෙක්.මෙයාට ගැටලුව යොමු වුනාම මෙයා කියපි

“ආ ඕක ඔය විදිහටම ඉංග්‍රීසියෙන් අහන්න බෑ. What’s the position of Mr. Ranasinghe Premadhaasa as the president of Sri Lanka?”කියලා අහන්න පුලුවන්.එයා Oxford English Dictionary ඒක අරගෙන සනාථ කලා.කොහොමින් කොහොමින් හරි මේ වැඩෙන් අපිට සද්දේ දාපු අර  teacher set එක හොඳටම කිච වුනා.

ඊට පස්සේ අර වෙන්න ජෝජ් සර්ට ඊළඟ සතියේ සිට අධ්‍යාපන කන්තෝරුවේ ලොකු තනතුරකුත් ලැබුනා.

Image

පස්සේ කාලෙක් මන් දැන් ගත්තු විදිහට නම් මේක මෙහෙමත් අහන්න පුලුවන්.

“What’s the successive number of Mr.Ranasinghe Premadhaasa as the president of Sri Lanka?”

Advertisements

6 thoughts on “ප්‍රේමදාස ජනාධිපති හා ලංකාවේ ඉංග්‍රීසි

  1. පේමදාස මහත්මයා ගැන කතා ගොඩක් තියෙනවා.. මං හිතුවා නරක එකක් කියලා..ඒත් මේක හොද එකක්.. ස්තූතියි කතාව අපිට දැනගන්න මහන්සිවෙලා ලිව්වාට..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s