පූජනීයයි ආදරේ………..????????

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිලකියන්නේ සදාචාරවත් කොල්ලෙක් හින්දා ඌ කිසිම දවසක් රතු කට්ට පැන්නේ නෑ.ඒකට හේතු කීපයක් තිබුනා.අද එතන ඉඳං………..

Image

අමිල කියන්නේ ලංකාවේ ඈත දුෂ්කර ගමක ගොවියෙක්ගේ පුතෙක්.ක‍ටු මැටි ගහපු පොඩි ගෙදරක හිටපු කොල්ලෙක්.කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ගේ තරම නොදැන මහා උස ගහක තියෙන මලක් කඩන්න ඇයි අමිල ගියේ කියලා,ඒත් ඒ තමයි ආදරයේ ස්වභාවය.ඔයා ආදරය කරද්දි ඔයාට පේන්නේ ඔයාට දකින්න ඕන දේවල් විතරයි.අමිල පූජාව පූජනීය විදිහටම ‍රැක බලා ගත්තා.අව්වෙ ඉන්න වෙන,ඇවිදලා කරන්න වෙන ගොඩක් වැඩ වලදි පූජාගේ වැඩ කොටස කරලා දීලා තිබුනේ අමිල.අමිලට ඉංග්‍රීසි බැරි වෙන හැම වෙලාවකම අමිලව ගොඩ දාලා දුන්නේ පූජා.

අන්තිමේදී අන්තිම අවුරුද්දත් ආවා.කැම්පස් එකේ පළමු වසරේදි ගහපු කොකු ගොඩක් ඇද වෙලා කැඩිලා ගිහින් තිබුනා.ඒත් මේ සම්බන්ධය මෙහෙමම තිබුනා.දවසක් මේ කැම්පස් එකේ කට්ටියට පූජාගේ ගෙවල් පැත්තට යන්න ඕන කමක් වුනා.අමිලත් ආවා.එතන්දි තමයි අමිල වගේම බැච් එකේ ඔක්කොම පූජා කොච්චර ඉහල ධනපති පන්තියේ කෙනෙක්ද කියලා දැන ගත්තේ.අති විශාල තත්ත්වයේ නෑදෑයො ඉස්සරහ අමිලට තේරුනා තමන්ට මෙතන තැනක් නෑ කියලා.කොටින්ම මේ පරිසරයේදි පූජාගේ පවා වෙස් පෙරලුනා කියලා මුලු බැච් එකටම තේරුනා.

Image

ජීවිතේ හින්දි චිත්‍රපටි වලින් විග්‍රහ කරන්න පුලුවන්.ඒත් මේ මහ පොළොව උඩ පය ගහන මේ ජීවිතය හින්දි චිත්‍රපටියක් තරම් සුන්දර නෑ.තමන් මෙච්චර කාලයක් තිස්සේ පූජාවකට ගෙනියන මලක් වගේ ආරක්ෂා කරපු පූජාව මේ මහ පොලොවේ යථාර්තය හමුවේ අත හැර යන්න අමිල තීරණය කරා.පූජා හඬා වැ‍ටුනා.ඒත් හඬා වැටෙන මේ සමනලීව තමන්ගේ දෝතට අරගෙන ක‍ටු අත්තක දවටන්න අමිලට හිත් දුන්නේ නෑ.මොකද ඌ ඇත්තටම පූජාට ආදරය කරපු නිසා.පූජා හිතාන හිටියේ ආදරය කියන දේ හමුවේ ඔය කියන හැම බාධකයක්ම සුණු විසුනු වෙලා යයි කියලා.අන්තිමේදී මේ ප්‍රශ්නය මුල් කරගෙන බෙච් එක දෙකට බෙදුනා.කොල්ලො ගත්තෙ අමිලගේ පැත්ත.උන් කිව්වේ බැඳලා දුක් විඳිනවට වඩා මෙහෙම අයින් වෙන එක හොඳයි කියලා.ඒත් කෙල්ලො ටික කිව්වේ මෙච්චර කාලයක් ආදරය කරද්දි මේ පන්ති බේදය ගැටලුවක් නොවුනා නම් දැන් මොකක්ද ප්‍රශ්නේ කියලා.මෙතනට කට දාපු අපේ ඩෙඟා “උඹලට මේකේ සංදර්භය තේරෙයි යකෝ උඹලත් බැඳලා පඩි පෙලවල් ගහද්දි ” කියලා අන්තිමට මේක දිගටම ගිහිල්ලා ගහලා තිබ්බ අනික් කොකු කීපෙකුත් කඩලා ගියා.

මේ ඔක්කොම වෙද්දි පැත්තකට වෙලා අඬ අඬ හිටපු පූජාගේ ආදරය වෛරයක් වෙන්න වැඩි කලක් ගියේ නෑ.මං මේ වගේ ප්‍රතික්ෂේප වෙන්න ඕන කෙනෙක් නෙවෙයි කියන පූජාගේ මමත්වය උපරිමයටම නැග්ගා.පූජා අමිලගෙන් පලි ගන්න ගත්තා.කැම්පස් එකේ අවුරුදු 4 ම ඉවර හින්දා ඇතුලේදි ලොකු දෙයක් කරන්න බැරි වුනා.පූජා ගියා මූනු පොතට.ඒත් අමිල ඒ වෙනකොට තමන්ගේ account එක  delete කරලා තිබුනා.පූජා ඊළ්ඟට කලේ අමුතුම වැඩක්.එයා බැන්දා ලොකු කෙනෙක්ව.

Image

දෙන්නා හරියට කිංකොං එක්ක නයොමි වැට්ස් වගේ තමයි.ඒ වෙඩින් එකට ඔක්කොම බැච් එකට ආරාධනා කරලා තිබුනා අමිලටත් එක්කම.ඒත් කොල්ලො එකෙක්වත් ආවේ නෑ.ඒකේ පූජා තමන්ට කරන්න පුලුවන් අති දැවැන්තම විච්චූරණ ටික කරලා තිබුනා.ඒත් ඒ එකකින්වත් පූජාගේ වෛරය යටපත් වුනේ නෑ.පස්සේ දවසක් පූජා තමන්ගේ මිනිහගේ හයිය අරන් කට්ටියක්ව යවලා තිබුනා අමිලව බලලා එන්න.ඒත් ඒ වෙනකොට අමිල රට ගිහින් තිබුනා රස්සාවකට.පූජාට අදටත් එයාගේ හිතේ තියෙන වෛරය යටපත් කර ගන්න පුලුවන් වෙලා නෑ.  

දැන් පූජා කරන්නේ තමන්ගේ ධනයෙන් බලයෙන් ආඪ්‍ය වූ ජීවිතයේ සුඛ විහරණය මූනු පොතේ දිග අරින එක.එයා හිතන්නේ ඒක යම් කිසි දවසක අමිල දැක්කම අමිලගේ හිත රිදෙයි කියලා වෙන්නැති.

ඒත් අමිල මේ වෙනකොට තමන්ට ගැලපෙන ඒත් පූජා තරම් ලස්සන නැති එයා තරම් පෝසත් නැති ගෑනු ලමයෙක්ව  බැඳලා පූජාගේ  පවුල් ජීවිතයට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා කියලා පූජා දන්නේ නෑ.

Advertisements

ටියුබ සලකුණේ සුල මුල හෙලිවේ.

ඔබ බය කරවන,ඔබ භ්‍රාන්තියට පත් කරවන මේ දවස් වල ගොඩක් අය කතා කරන කට කතාවක ඇත්ත නැත්ත ඇත්තටම දැන ගන්න ඕන නම් මේක කියවන්න.මේක මම දන්නේ මම සර්ව‍තෝභද්‍ර හින්දා නෙවෙයි.අහන දේවල්,කියන දේවල් කල්පනා කර බලා විශ්වාස කරන හින්දා.සේරටම කලින් ඔයාට අහන්න දකින ලැබෙන කටකතාව,ප්‍රවෘත්තිය දිහාට හැරෙමු.

Image

 

මේ කියන විදිහට අපි කලු පාට පැල්ලමක් තියෙන ඒවා පාවිච්චි කරනවා කියන්නේ විහින් වහ කනවා කියන එක.තවත් රතුපස්වලක් වෙන්න තියෙන හින්දා අහිංසක මිනිස්සු නොමඟ යවන්නේ නැතිව මෙන්න ඇත්ත.

ඇත්තටම මේ ලකුණු වල කතාව මේකයි.මේ තියෙන චතුරස්‍රාකාර හැඩ වලට කියන්නේ “දෘශ්‍ය ලකුණු” කියලා.

ඒ කියන්නේ නවීන ඇසුරුම් යන්ත්‍රවලට ඒ ටියුබය කොතනින් ඉවර කරන්න ඕනද කියලා දෙන ඉලෙක්ට්‍රොනික සංඥාවක්.

ගොඩක් ටියුබ් වලින් එන නිෂ්පාදනවල මේක තිබුනත් පේන්න නෑ.සමහර එව්වා පේනවා.ඉතින් එව්වට ලංකාවේ මිනිස්සු බය වෙනවා.වැඩි දුර විස්තර කැමති අය මේ අඩවියට ගිහිල්ලා ඇත්ත නැත්ත බලා ගන්නවනම් තමා හොඳ,මොකද මේ ලෝකයේ දැනුමට සීමා නෑ.

 http://www.hoax-slayer.com/squares-on-tube-hoax.shtml

මං එයාට ආදරේද?

ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන විප්ලවීයම හැඟීම.අපිට කාටවත් ආදරය කරන්න එයාගෙන් අවසරය ඕන නෑ.ආදරය කරන්න අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒ හා සමාන ආදරයක් ඕන වෙන්නෙ නෑ.ආදරය ගනුදෙනුවකින් එහාට ගිය දෙයක් වෙන්නෙ ඒ නිසයි.ඒත් ආදරය උපදින්නෙ කාටවත් නොදැනීම,ඒ හින්දා ඒ ආදරය මොන වගේ තද බල කුණා‍ටුවක් වෙන්න පුලුවනිද කියලා කිසි කෙනෙකුට කියන්න් බෑ.ඕනම කෙනෙක් ආදරය කියන දේ වටහාගන්නේ තමන් තුල තියෙන රික්තකයක් පරිපූර්ණත්වයට පත් කර ගන්න ඉවහල් වෙන සංකල්පීය දෙයක් විදිහට.තමන්ගේ ආදරය ප්‍රතික්ශේප වුනාම තමන් මෙහෙම ප්‍රතික්ශේප වෙන්න ඕන මාදිලියේ කෙනෙක් නෙවෙයි කියන තමන් තුල ඉන්න මමත්වය එලියට එනවා.ආදරය වෛරයක් බවට පත් වෙන්නේ අන්න ඒ විදිහට.මේ පූර්විකාව කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච අපූරු ආදර කතාවක දැවී ගිය අලුවලට වටිනාකමක් දෙන්න මිසක් එව්වට ආයි පණ දෙන්න නෙවෙයි කියලත් කියන්න ඕන.

Image

පූජා කියන්නේ ලංකාවේ අගනගරයේ සුපිරි බාලිකා විදුහලක ඉගෙන ගත්තු යුවතියක්.එයාගේ පවුලේ හැමෝගෙම එයා සුරතලී වෙච්ච නිසත් උපතින්ම විශාල ධනයකට හිමිකම් කිව්ව නිසත් මෙයා දුක කියන දේ ඉතාම අඩුවෙන් විඳපු කෙනෙක්.මන බඳිනා රූ සපුවකට හිමිකම් කියපු නිසා ඕනම කොල්ලෙක්ගේ අවධානය මේ වගේ කෙල්ලෙකුට යොමුවෙන එක සාමාන්‍ය කරුණක්.ඒ හින්දා ගෙදරිනුත් ලොකු ආරක්ෂාවක් දීලා තිබුනා.කිසිම කොල්ලෙකුට මේ ආරක්ෂාව එක්ක පූජාට කිට්‍ටු කරන්න පුලුවන් වෙලා තිබුනේ නෑ.මගේ වදනින්ම කියනව නම් පූජා කියන්නේ බඹරෙකුට තියා මීමැස්සෙකුටවත් ඇස නොගැ‍ටුන මොලකැටි මලක්.පිණි බින්දු ඉහිච්ච උදයේ පිපුණ සුගන්ධනීය පුෂ්පයක්.

Image

A/ L වලට ජීව විද්‍යාව ‍තෝරගත්ත පූජා තේරුනේ ලංකාවේ තියෙන අතිශය දුෂ්කර ඒත් රමනීය පරිසරයක් තියෙන විශ්ව විද්‍යාලයකට.තමන්ට තිබ්බ වත් පොහොසත්කම් එක්ක විදේශ සරසවියකට යන්න හැකි වුනත් පූජාගේ ජීවිතය මේ විදිහට ලියවෙන්න තිබ්බ විදිහට වෙන්න ඇති එයාට මේ සරසවියටම එන්න හිතෙන්න ඇත්තෙ.මේ සරසවිය අති දරුණු විදිහට නවක වදය දෙන දෙවන වසරේ ශිෂ්‍යයන්ට ජේෂ්ඨ උත්තමයා කියලා කියපිය කියලා උගන්වන බක්කො ටිකක් ඉන්න තැනක්.කොටින්ම කිව්වොත් ‍රැග් සීසන් එක ඉවර වෙනකන් කිසිම ලමයෙකුට ගෙදර,ක්ලාස් එන්න නොදෙන ජෙප්පො ‍රැලක් ඉන්න් තැනක්.මෙතනට ගිය පූජාට දැනුනේ තමන් වෘකයො ‍රැලකට මැදි වෙච්ච බැටළු පැටියෙක් වෙලා කියලා.ඉංග්‍රීසියටම හුරු වෙච්ච තමන්ගේ කට අමාරුවෙන් පරිස්සමින් හසුරුවන්න වුනා.අර මහා ලොකු ජේෂ්ඨ උත්තමයො රෙග් සීසනෙක ඉවර් වෙනකම් කොටි ‍රැල වගේ බලාගෙන හිටියේ  මේ බඹරු නොදු‍ටු මලේ පෙති තලන්න.

Image

ඒත් පූජා දිහා එයාලට අමතරව බලාගෙන හිටපු තව කෙනෙක් හිටියා.ඒ අමිල.අමිල ඒ නවක සිසුන් අතරම හිටපු කොල්ලෙක්.පූජා කියන්නේ නිර්මල මලක් බව අමිල දැන ගත්තත් එයාගේ හිතේ පූජා ගැන තිබුනේ ආදරයක්.රාගයක් නෙවෙයි.‍රැග් සීසන් එක ඉවර වෙනවත් එක්කම අර ජේෂ්ඨ උත්තමයින්ට කලින් අමිල ඉස්සර වුනා.අමිල සේරටම කලින් පූජාගේ පෙම්වතා බවට පත් වුනා.අනික් හැමෝම් ඉරිසියාවේ පැලෙන්න හැදුවත් දැන් කරන්න දෙයක් නෑ.මේ පරිසරයේ සරසවි ප්‍රේමය කියන්නේ ටිකක් වෙනස් දෙයක්.කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිල……..

පෝස්ට් එක හිතපු නැති විදිහට දික් වෙන නිසා අනික් කෑල්ල ඊළඟට දාන්නම්.

ලොක්කා ආම්බාං කරන හැටි

ඔන්න එක්තරා ලොකු රාජ්‍ය ආයතනයක හිටිය පරිගණක ආරක්ෂක අංශයේ කෙනෙක් පුරුදු වෙලා හිටියලු හවසට වැඩ ඉවර වෙලා ඒ ආසන්නයේ සංචාරය කරන්න.මොකද දවස තිස්සේම යන්තර එක්ක ඔට්‍ටු වෙලා හවසට හරි මිනිස් පුලුටක් ඇස ගැටෙන්න ඕනනේ.මොකද මෙයා වැඩ කරපු ආයතනය තිබුනේ තරමක් නොවෙයි ගොඩක් නගරයෙන් ඈත.මෙයාගේ ගම් පලාතටත් ගොඩක් දුරයි.ඒ හින්දා මෙයා මේ රාජ්‍ය ආයතනයේ ලඟ නැවතිලා හිටියේ.අපි නමකුත් දාමුකො අනිල් කියලා.ටික දවසක් යනකොට අනිල්ට එලියෙන් පහලියෙන් අර වගේම තොරතුරු තාක්ෂනයට හිතැති කට්ටියක් සෙට් වුනා.මොකද මේ ප්‍රදේශය දියුනු වෙමින් තියෙන පැත්තක් හින්දා එක එක ආයතන මේ පැත්තේ පිහි‍ටුවමින් තිබුනා.කොහොමත් හවසට හවසට මෙයාලා එක්ක අනිල් සාමාන්‍යයෙන් සෙට් වෙනවා.ඒ වුනාට තරම දැන සෙට් වෙන්න කට්ටියම දැන හිටියා.ඔය අනිල් එක්ක එයාගේ කාර්යාලයේ ලොක්කො එච්චර හොඳ නෑ,මොකද මිනිහා නිතරම ඔය පරිගණක වලින් ඕන්නැති වැඩ කරපු ලොක්කන්ට ලෙඩ දාපු හින්දා.
askmen-com
දවසක් අනිල් යාලුවො සෙට් එකත් එක්ක ගියා වෙනදා නොගිය rest house එකකට සෙට් වෙන්න .ගියාම එතන කට්ටිය ටිකක් අඩු හින්දා මෙයාලා එලියෙන් තියෙන එකකට සෙට් වුනා.එතනට ඇතුලේ corridor එහෙම ගොඩක් පේනවා.ටික වෙලාවක් යනකොට අනිල්ට තේරුනා ඇතුලේ මොකක්හරි පොඩි අවුලක් කියලා.

එතන එකේ පැත්තකින් තිබ්බ කාමරේක මොකක් හරි ජංජාලයක් වෙනවා.මොක වුනත් එකක වෙන වලට ඔලුව දාන්නේ මොකද කියලා අනිල් අනික් යාලුවොත් එක්ක වෙවී හිටියා.ටික වෙලාවකට පස්සේ අර කාමරයෙන් මෙන්න එනවා එලියට කලබලයෙන් පොරක්.කවුද?අර අනිල් වැඩ කරන ආයතනයේ ලොක්කා.මිනිහා හිමීට අනිල් ආව තැනට ඇවිල්ලා කියනවා”ආ අනිල්,මං මේ ආවා……අපි කනවා,බොනවා,එච්චරයි,වෙන එව්වා නෑ හොඳේ….උඹේ ගාණ මං ගෙවන්නද?” “නෑ නෑ ඕන්නෑ” කියලා අනිලා ලොක්කව යැව්වා.එතකොට දැක්කා ලොක්කා කමිසේ ඇඳන් ඉන්නේ කණපිට කියලා.දැන් අනිලට සැකයි.මිනිහා බලන් ඉන්නවා අර කාමරේ දොර දිහා.මෙන්න එතනින් එනවා ඒ අනිල්ගේ ආයතනයත් එක්ක වෙළෙඳාම් කරන කෙනෙක්.දැන් අනිල්ට මාර සැකයි.මොකද ලොක්කා අරූ එක්ක කාමරේ මොන මගුලක්ද කළේ කියලා,ලොක්කා සමරිසියෙක්ද දන්නෙත් නෑනේ.ඔන්න ටිකකට පස්සේ අර කාමරෙන් එලියට දුවලා එනවා ඒ ආයතනයට ආරක්ෂක සේවා සපයන ආයතනයේ කෙල්ලෙක්.
1ms-net
දැන් අනිල්ට වැඩේ පැහැදිලියි.ලොක්කගේ අතරමැදියා තමයි අර මුදලාලියා.ඌ ටෙන්ඩර් පාස් කර ගන්න මේක තමයි කරන වැඩේ.පස්සේ අනිල් හොයලා බලද්දි අර ලොක්කා අනිල් එකට එනවා දැකලා එලියට පැන ගන්න බැරුව ඉඳලා.අනිල්ට අර කාමරේ පේනවා කියලා ලොක්කා දන්නේ නෑ.(මිනිහා මොකක්වත් නොවුනා වගේ ඒකටම වෙලා හිටියා නම් ඉවරයිනෙ)

දැන් මොක හරි ලොක්කාව දමනය කරන්න අනිල්ට හොඳ තුරුම්පුවක් හම්බවුනා.
marriageeenvy
දැන් අනිල් නිවාඩුවක් ඉල්ලන්න ගියත් ඒකට ලොක්කා බර බරේ දැම්මොත් අනිල් නිකමට වගේ shirt එකේ බොත්තමක් අල්ලනවා.ඕන වැඩක් එසැනින් කෙරෙනවා.අර ටෙන්ඩර් පාස් කිරිල්ලත් තාම යනවා.මං හිතන්නේ audit එකට බොත්තමක් අහුවෙලා නැතුවැති.

දී…..පාන් කා…පාන්

ලංකාවේ පාන්පිටි කියන්නේ හරි රසවත් මාතෘකාවක්නේ.කාලෙකට දේශප්රේෙමී උණ තියෙන කට්ටිය පාන් නොකවු කියලා සටන් පාඨත් අරන් යනවනේ.ඒ වුනාට ඒ අයම උදේට කඩේට ගිහිල්ලා පාන් ගන්නේ දීපාන් කියලම කියලත් සමහරු කියනවා.මෙව්වට ඇමරිකන් පිටි කියලත් කියනවා.කොහොම හරි මේ පිටි නැත්නම් තිරිඟු පිටි කියන්නේ ලංකාවේ ආණ්ඩු පෙරලන්න පිහි‍ටුවන්න පුලුවන් පුදුම භාණ්ඩයක් වෙන පාන් නිපදවන ප්රිධාන අමුද්රාව්යලය.කාලෙකට පාන් පෙන්නලා ආණ්ඩු පිහි‍ටුවනවා.කාලෙකට පාන් එපා කියලා ආණ්ඩු පිහි‍ටුවනවා.ලෝකේ ලොකුම වාර්ෂික තිරිඟු නිෂ්පාදකයා වෙන්නේ චීනය,ඊළඟට ඉන්දියාව,ඊටත් පස්සේ තමයි ඇමරිකාව තිරිඟු නිපදවන්නේ.ඒ වුනාට අපනයන පැත්තෙන් නම් තාමත් ඇමරිකාව එක.ඒ හින්දද මන්දා පාන් පිටි එක්ක ඇමරිකානු විරෝධය හොඳට බැඳිලා තියෙනවා.අපි ඉස්කෝලෙ යන දවස් වල අපිට උගන්නපු වයසක ගුරුවරු, ඇමරිකාව තමන්ගේ අතිරික්ත තිරිඟු පිටි මූදට හලනවා,ඒක දුප්පත් රටකට කන්න දෙන්න තිබුනා නේද කියලා විස්සෝප වුනා.ඒ කාලෙම ලංකාවට නොමිලෙම වගේ ඇමරිකාවේ ආධාර ක්රඒමය යටතේ තිරිඟු පිටි ලැබුනා.ඉතින් පාන් ලාබ වුනා.ඒ පාර ලංකාවේ ගොවි සංවිධාන වලින් කෑ ගැහුවා ලංකාවේ වී විකුණ ගන්න බැරිව ගොවියො වහ බොනවා.ඇමරිකාව ඒක දැකලා ලංකාවට නොමිලේ තිරිඟු පිටි දෙනවා,ගොවියො විනාශ කරන්න කියලා.
rural-girl-field-25999907

අර දුප්පත් රටවලට කන්න දෙන්න තිබුනා කියලා කලින් විස්සෝප වෙච්ච කටිටිය කතා නෑ එව්වට.ඊට පස්සේ මොකද වුනේ ඇමරිකාව අතිරික්ත කෘෂි නිෂ්පාදනයෙන් එතනෝල් හදන්න ගත්තා.ඒ පාර සමාජවාදය ඔලුව උඩ තියාගත්ත නායකයෝ කෑ ගහන්න ගත්තා අපරාදේ කන්න තියෙන දේ ධනපතියන්ගේ කාර් වලට ගහනවා කියලා.(ඒත් මේ එතනෝල් නිෂ්පාදනය කියුබාව සීනි වලින් කරද්දි හරි බ්රගසීලය සෝයා බෝංචි වලින් කරද්දි හරි මේ අය මුකුත්ම කිව්වේ නෑ)
මේ අයගේ තර්කය පදනම් වෙන්නේ ධනපතියන් නැති කළාම පීඩිතයාට විමුක්තිය උදාවෙනවා කියන එක.ඒ වුනාට කැලෑවක ලොකු ගහක් කපලා වැට්ටු වාම ඒ වටේ තිබ්බ පොඩි පඳුරු ගොඩක් විනාශ වෙනවා කියන එක ඔය සමාජවාදීනට තේරෙන්නේ නෑ.ඒ හින්දා කවදාවත් මේ ලෝකේ සමාජවාදියෙක්ගෙන් හොඳක් අහන්න බැරි වුනොත් පුදුම වෙන්න ඕන නෑ.
මේ කියන කතාව උඩ විස්තරේ එක්ක සම්බන්ධ කමක් නෑ,ඒ වුනාට මේකත් කියනවා.මං කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ ප්රසදර්ශනයකට ලොකු බිත්තියක් වගේ එකක් හදන්න වුනා.අපි කල්පනා කරේ ලනු වලින් සැකිල්ල හදලා ඒකේ කොල අලවන්න.සැකිල්ල හදලා ඉවර වෙලා ඒකේ කොල අලවන්න පාප්ප හදන්න කියලා අපේ “ගොයා”ට කිව්වා.මිනිහත් කියපු ගමන් ඇමරිකන් පිටි ගෙනල්ලා ඔන්න පාප්ප බේසමක් පුරෝලා අරං එනවා.මේක දැකපු අර ජෙප්පෙකුට මල පැනලා ඇමරිකන් පිටි වලින් විරිසිසුවන්ගේ මොකක්ද අලවන්න හොඳ නෑ කියලා.ඒ පාර අපේ ගොයා ඒ බේසම අරං ගිහින් අක්කිලා ටිකක් මොකක්ද අලව අලව හිටපු තැනකට.ඒ අයට පාප්ප ඕන අර වෙසක් කූඩු අලවන තද මට්ටමේ එව්වා.මේක පෝස්ටර් මෝල්ඩ් එකේ.ගොයාට නොසෑහෙන්න අර අක්කිලා වදේ ගහලා තිබුනා.ඒ වුනාට ඔය අක්කිලා හරි කැමති මල්ලිලා තමන් වැඩක් කරද්දි එතනට වෙලා ටැග් ගැහෙනවට.එයාලට කඩේ යවන්න පුලුවන්නේ.අන්තිමට විරු සිසු තාප්පය පැත්තක.කොල්ලො ටික සේරම අක්කිලා එක්ක මල් පාත්තියක් දාගෙන එතන.

මහ රෑ ආ භූතයා

හොල්මන කියන දෙයට සමහරු කියනවා සෙලවුනු මනස කියලා.ඒ කියන්නේ හිත ගැස්සිලා පේන දෙයක් විදිහට තමයි හොල්මන් කියන්නේ.ඒ හින්දා කවුරුහරි හොල්මනක් කියලා දෙයක් දැක්කොත් ඒ දිහා හොඳට බලා හිටියොත් ඒ දේ හරියටම දැන ගන්න පුලුවන්.

Image

මේක වුනේ ලංකාවේ එක්තරා දුර බැහැර පිහිටි විශ්ව විද්‍යාලයක.මේකේ ඉන්න කාර්ය මණ්ඩලයට එතැනම නවතින්න නිල නිවාස දීල තිබුනා.ගොඩක් ගෙවල් තිබුනේ කට්ටි කට්ටි විදිහට එක ළඟ හින්දා එක ගෙදරක් අනික අයට පේනවා.ඔන්න ඔහොම තියෙනකොට මේ සරසවියේ එක්තරා මගෝඩි ලොක්කෙක් හිටියා.මෙයා එක්තරා කාන්තාවක් එක්ක කො‍ටුවක් පනින්න ගිහින් චාටර් වෙලා අන්තිමට වැඩේ ගොඩ දාගන්න විදිහක් බලද්දි කැම්පස් එකේ රස්සාවක් අරන් දීලා වැඩේ ගොඩ දාගන්න හැකි වුනා.ඒත් මේ රස්සාවත් හදපු ‍රැකියාවක්.එහෙම ‍රැකියා වෙන සරසවි එකකවත් නෑ.ඒ රස්සාවට වැඩ තියෙන්නේ වසර දෙකකට වරයි.(ඒ අර සමුලුවක් තියෙද්දි).මේ ගැනු කෙනාට සලකන්න ඕනවට නිල නිවසකුත් අර මගෝඩි ලොක්කා අරන් දුන්නා.දැං ඔන්න ඔහොම ගියා කියමුකෝ.හදිසියේම අර ගෑනු කෙනා හොරකමකට අහු වෙලා වැඩ තහනම් වුනා.දැන් එයාට අර ගෙදරිනුත් යන්න වුනා,හැබැයි යතුරු තාම මෙයා ලඟ.මොකද විනය පරීක්ෂනය ඉවර නැති හින්දා ඒ කියන්නේ දැං මේ කාන්තාව අර ගෙදර නෑ.ඕක තමයි මේකේ පසුබිම.

Image

දැං අර දීපු ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා මේ සරසවියෙම තව සේවකයෙක්.(අමර කියමුකො)එයාට දවසක් රෑ 8.00 විතර ඇහෙනවා අර වහලා දාපු ගෙදර පැත්තෙන් සිරි සිරි ගාලා සද්දයක්.මෙයත් එකපාර නොබලා හිමීට ජනේලෙන් ඔලුව දාලා බැලුවා අර ගේ දිහා.

බලද්දි කලුවරේ ගස් අස්සෙන් මොකක්ද රූපයක් එහා මෙහා වෙනවා.දිලිසෙන ගතියකුත් එනවා.මේ මොන හොල්මනක්ද කියලා හිතපු මෙයා හොඳටම ගැස්සුනා.

ඒ වුනාට මෙච්චර කල් මේ වගේ වැඩක් සිද්ද නිවුන එකේ මේක හොයලම බලන්න ඕන කියලා හිතපු අමර ටෝච් එකත් අරන් හිමීට පස්ස දොරෙන් එයාගේ මිදුලට ආවා.තාමත් අර හොල්මන එතන වැනෙනවා.

හිමීට ලං වෙන්න හැදුවත් මේකා දුවයි කියලා හිතපු අමරට ආවා හොඳ අයිඩියා එකක්.මිනිහා ගියා තමන්ගේ ගෙදර කුස්සියට.ගත්තා ලොකු බාල්දියක්.මේකට කුස්සියෙ තිබ්බ ඔක්කොම කුනු ටික දාලා වතුර දාලා දියකරලා පරණ තීන්ත වගයකුත් දැම්මා.

හිමීට බාල්දියත් අරන් ගිය අමර අර හිටපු අවතාරෙට දාලා ගැහුවා අර බාල්දියෙන්.”බුදු අම්මෝ “කියාගෙන අර අවතාරේ දිව්වා.

අමරට ඒ කටහඬ පුරුදුයි.බලද්දි ඒ අර මගෝඩි ලොක්කා.වෙලා තියෙන්නේ මේකයි.අර ලොක්කා එයාගේ මේ අනියම් බිරිඳගේ ගෙදර මල් පැල වලට වතුර දාන්න ඇවිල්ලා.(මිනිහා මහා ලොකු ආචාරියා වුනාට අනියම් බිරිඳ ඉස්සරහ වහලෙක් වගේ).කාටත් පේනෙයි කියලා හොරෙන්ම කලුවරේ ආවට අමරයගේ වැඩෙන් මුලු සරසවියම දැන ගත්තා ලොක්කගේ කෙරුවාව.

Image

ඇතුලට යවන්න පණ නැති පිරිමි

දැන් අපි පරිගණක කියන එව්වා එකී නොකී මෙකී හැම දෙයකටම පාවිච්චි කළාට ඉස්සර පරිගණක කියන්නේ මහ පුදුම භාණ්ඩයක් විදිහටනේ සැලකුනේ.පරිගණක අංශයේ වැඩ කරන අයත් මහා ලොක්කො වගේ තමයි හිටියෙත්.මං මේ කියන්න හදන්නේ ඒ වගේ කාලෙක සිද්ධ වෙච්ච වැඩක්.

ඔන්න එක්තරා රාජ්‍ය ආයතනයකට පරිගණකයක් ගේන්න සැලසුම් කළා.අද වාගේ නෙවෙයි ඒ දවස් වල පරිගණකයක් ගන්නවා කියන්නේ අද හරියට මහා ගොඩනැගිල්ලක් ගන්නවා වගේ වැඩක්.අනික මේ කියන ආයතනය තිබුනේ අනුරාධපුරේ.ඉතින් එයාලගේ මූලස්ථානය එක්ක කතාකරලා පරිගණකය ගන්න වැඩේ කර ගන්න මාස ගානක් දත කෑවා.කොහොම හරි දැං ඔන්න ඔය පරිගණක රාජයා නමෝවිත්තියෙන්ම වැඩියා.

Image

අර අනුරාධපුරේ කට්ටිය දන්න සෙල්ලම් ටික දාලා ඒක ඇටෙව්වා.ඒ වුනාට ඔක්කොම කළාට පස්සේ ඒක වෙන්නේ නෑ.එකට කොච්චර ඇන්නත් එක විදිහයි.පස්සේ ඉතින් ඔය රාජ්‍ය ආයතනවල අරයට මෙයාට ලියුම් ගහලා ඒවට සිහි කැඳවීම් ගහලා වැඩ කෝටියයි.කොහොම හරි කොළඹට කියලා අර ගත්ත සමාගමෙන් නියෝජිතයෙක් ගෙන්ව ගත්තා මේ අර්බුධය විසඳන්න.ඒකටත් කාලයක් ගියා,මොකද එයාලා ඒ වැඩේටම අනුරාධපුරේ යන්න එපායැ.ඔන්න ඉතින් අර නියෝජිතයා උදේ ‍රැයින්ම ගියා කොළඹින් අනුරාධපුරේට.ඒ වුනාට ඔන්න ගිය මනුස්සයා එදා හවසම එනවා ආපහු කොළඹ office එකේ අය ඇහුවා

“මොකද ගිය වැඩේ හරිද?මෙච්චර ඉක්මනට” මොකද කියනවනම් අනුරාධපුරෙට ගිහිල්ලා මේ වැඩේ කරගෙන එන්න දවස් එක් හමාරක් duty දාලා තිබ්බ හින්දා. මේ හිනාවෙලා කියනවා”මොන වැඩක්ද? එතන පණ තියෙන පිරිමියෙක් ඉඳලා නෑනෙ.”

Image

 

දැන් ඒකේ කෙල්ලනට මාර ඇම්ම.(ඒ කාලේ කෙල්ලන්ට,දැන් ඇන්ටිලා) මොකක්ද මේ පණ නැති පිරිමි කතාව කියලා දැන ගන්න.බලද්දි වෙලා තියෙන්නේ මේකයි.අර අනුරාධපුර office එකේ කට්ටිය පරිගනකය එකලස් කරලා වයර් එක ප්ලග් එකට ගහලා.ඒ ප්ලග් එකේ ලෙඩක් හින්දා ඒක එක පාරට ඇතුලට ගිහිල්ලා නෑ.ඉතින් හරියට power එක එන්නැතුව කොහොමද පරිගණකය on වෙන්නේ.ඉති  අර කියලා තියෙන්නේ හයියෙන් ඇනලා අර ප්ලග් එක ඇතුලට යවන්න පිරිමියෙක් ඉඳලා නෑ කියලා.ඒක හින්දා මාස ගානක් පරිගනකය කොට උඩ.

Image

දියව් දියව් ලබුම දියව්

මෙන්න මේ කතාව නම් ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච ඉස්සරහටත් සිද්ධ වෙන්න පුලුවන් කතාවක්.මේක මං හඳුන්වන්නේ ශෝකාන්තයක් විදිහට.මොකක් වුනත් මේක දාලා මාව දන්න ඔය ගොවි ආර්ථිකය ඔලුව උඩ තියාගත්තු කෙනෙක් මට අලුපුහුල් එහෙම මතුරලා දායිද දන්නෙත් නෑ.මෙන්න මෙහෙමයි කතාව.ලංකාවේ සම්ප්‍රදායික ගොවියා කියන්නේ නිතරම රජයෙන් හැම දෙයක්ම කරලා දෙන්න ඕන කියලා හිතන කෙනෙක්නෙ.පෝර සහන මිලට දෙන්න ඕන,වගා රක්ෂණ දෙන්න ඕන,උපදෙස් ඕන රජයෙන්.වාරිමාර්ග ජලය නිකං දෙන්න ඕන.

Image

ඒ ඔක්කොමත් කරලා අන්තිමට අස්වැන්නත් රජයෙන්ම ගන්න ඕන.ඒක ගත්තේ නැත්තං ගබඩා ගාවට වෙලා ඒවයේ ඉන්න නිලධාරින් එක්ක යුද්ධ කරන්නත් යනවා.ඉතින් එක්තරා කාලෙක ලංකාවේ ආයතන කීපයක් එකතු වෙලා මේ ප්‍රශ්නයට ඒ කියන්නේ අස්වැන්න විකුණා ගැනීමට බැරි වීමේ ගැටලුවට විසඳුමක් ගෙනාව.ඒ ගොල්ලො ගොවියො එක්ක ගිවිසුමක්  ගැහුවා.ඒකට අනුව ඉදිරි කන්නයේදී අස්වැන්න මෙන්න මේ මිලට ගන්නවා කියලා, ඒ ආයතනය එකඟ වුනා.ගොවියො අස්වැන්න ඒ මිලට විකුනන්න එකඟ වුනා.ආර්ථික විද්‍යාව දන්න අය මේකට කියනවා ඉදිරි මිල ගිවිසුමක් කියලා.ඔන්න දැන් ඒ අස්වැන්න ආවා කියමුකො.ඒ පාර වෙළෙඳපොලේ මිල ඉහල ගියා ඒ වගාවේ.ලේසියට මං කියන්නම්කො ලබු කියලා.

Image

දැන් ඔන්න ගොවියා බලනවා “යකෝ ලබු උඩ ගිහිල්ලනේ,මං මක්කටද මේ ලබු අඩු ගානට අහවල් ආයතනයට දෙන්නේ,ඔන්න ඔහේ ඕන කෙංගෙඩියක් වෙද්දෙන්” කියලා වැඩි ගානට දුන්නා.ඒ කියන්නේ ගිවිසුම කැඩුවා.ඒත් සමහරු අර ගිවිසුම අනුවම පෙර කී ගානට ලබු වික්කා.දැන් ඔන්න ඔහොම ගියා කියමුකො.ගොවියො මේ පාර ලබු උඩ ගිය හින්දා දෙන්න ලබු කියලම වැව්වා සේරම ලබු.විය යුතු දේ වෙනවා කියලා මේ පාර ලබු සැපයුම වැඩි වෙලා මිල අඩු වුනා.දැං ඔන්න අර ගිවිසුමට අනුව එකඟ වෙච්ච මිල ඒකට වැඩියි.සේරම ගොවියො ගියා අර ගිවිසුම අනුව ලබු විකුනන්න.ඒත් අර ආයතනය ගත්තේ ගිය පාර තමන්ගේ ගිවිසුමට අනුව වැඩ කරපු ගොවීන්ගේ නිෂ්පාදන විතරයි.ගිය පාර ගිවිසුම කඩ කරපු ගොවීනට එරෙහිව අර ආයතනය නීතිමය පියවර අරං තිබුනෙත් නැති හින්දා මෙතනදි වෙන්න පුලුවන් හොඳම දෙය වෙන්නේ අර ගිවිසුමට ආපු නැති ගොවීනුත් අලුතින් ගිවිසුමට එන එක කියලා හිතුවට වුනේ වෙන එකක්.

 

අර මුලින් ගිවිසුම කඩ කරපු ගොවියො මහා පිකට් එකක් කරලා(උන්ටම උඩ ගෙඩි දෙන මාධ්‍යත් ලංකාවේ තියෙනවනෙ) දේශපාලන හයිය අරන් අර වැඩපිළිවෙල කඩා කප්පල් කරන එක.

Image

දැං වැඩපිළිවෙලත් නෑ.මුකුත් නෑ.හැමදාම ලබු උඩ දම දමා ලබු විකුණගන්න බෑ කියලා මොර දිදි ඉන්නවා.

someone? or one?,එකෙක් ද? එකාද?

මේ කතාව සිද්ධ වුනේ කාර්මික අංශයේ කම්හලක.මේ කම්හලේ වැඩ ‍රැසක්ම සිදු කෙරුනේ යන්ත්‍ර සූත්‍ර වලින්.ඉතින් මේ යන්ත්‍ර කැඩුනොත් මුලු නිෂ්පාදන ක්‍රියාවලියම ඇණ හිටින්න පුලුවන්.

Imageදවසක් නොහිතපු විදිහට එක යන්ත්‍රයක් කැඩුනා.කළමනාකාරීත්වය වහාම කාර්මික ඉංජිනේරුවරයෙක්ව ගෙන්නුවා මේ ගැටලුව විසඳන්න.දැං ඔන්න අදාල කාර්මික ඉංජිනේරුතුමා ආවා හොඳට කිට මරලා එහෙම.මොකද මෙව්වා අර white collar jobs නෙ.එයා ඇවිල්ලා මුලු යන්ත්‍රය පුරාම හොඳට විමසලා බැලුවා මොකක්ද වෙන්න පුලුවන් කියලා.හැම කොටසක්ම එකින් එක බැලුවා.ඒත් ගලවලා බැලුවේ නෑ.යන්ත්‍රය තියෙන තත්ත්වයෙන්ම පණ ගන්වලා එහෙමත් බැලුවා,කොච්චර හොඳට වැඩකරනවද කියලා.දැං ඔන්න වැඩ සුපරීක්ෂකවරු එහෙමත් බලා ඉන්නවා මොකද කරන්නේ කියලා.ඉංජිනේරුතුමා බර කල්පනාවක.විනාඩි 15 විතර කල්පනා කරලා කිව්වා “හරි මෙන්න මේ ඇනය තද කරන්නකො” කියලා.ඉතින් යන්ත්‍රය බාරව ඉන්න කෙනා ඒ ඇනේ තද කලා.මෙන්න බොලේ යන්තරේ බබා වගේ වැඩ.හැමෝටම සන්තෝසයි.කළමනාකාරතුමත් බොහොම සන්තෝසවෙලා කතා කරලා ඇහුවා ගණන් හිලවු එහෙම කොහොමද කියලා.

“රු 15,000/=”.මේක ඇහුවම ඒ කළමනාකරුවා උඩ ගියා.”මොනවා,මේ එක ඇණයක් තද කරනවට රු 15,000/=???????????????” කට්ටියටම ලොකු පැණයක්.ඉංජිනේරුතුමා හිනාවෙලා කිව්වා,” නෑ,මං මේ ඇනය තද කරනවට ගන්නේ රු 10/= ගාස්තුවක්.””එතකොට ඉතුරු 14,990/=?”

මං ඒ ගාණ ගත්තේ මෙතන තියෙන ඇන දහස් ගාන අතරින් කොයි ඇනයද තද කරන්නේ කියලා හරියටම තීරනය කරන්න.”

 Image

දැන් කායික ශ්‍රමය මානසික ශ්‍රමයට වඩා උතුම් කියලා හිතන කෙනෙකුට මේක අහලා කියන්න පුලුවන් ඒක මේ අහවල් විෂමතාවයි අරක මේකයි,නමුත් ඒක තමා ඇත්ත.එතන තියෙන ඇනයක් තද කරලා අච්චර ලොකු ගානක් කිව්වම කෙනෙකුට හිතන්න පුලුවන් අපොයි ඕක මාත් කරන්නන්කො කියලා.ඒත් එයාට බැරි වෙන දෙය තමයි හරියටම කොයි ඇනයද කොච්චර  ප්‍රමානයකට තද කරන්න ඕන කියන එක තීරනය කරන එක.කායිකව කරන ශ්‍රමය යොදවද්දි අපිට ලැබෙනවා කොයි වැඩේ කොහොම වෙන්න ඕනද කියලා උපදෙස්.ඒ උපදෙස පිළිපැදීම තමයි ඒ ශ්‍රමිකයට කරන්න තියෙන්නේ.අනික ඔහුගේ කාර්යය මඟින් සෘජු බලපෑම වෙන්නේ බොහොම අඩු පරාසයකට.ඒත් මානසික ශ්‍රමය යොදවන කෙනෙකුගේ තීරනයක් මුලු පද්ධතියටම බලපානවා.අනික එයාට මානසික ශ්‍රමය යෙදවීමේදී කර කර ඒක හරිද වැරදිද කියලා බලන්න බෑ..ඒක හිතද්දිම බලන්න වෙනවා.

බේත් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ඇවිදින හැමෝටම සිද්ධාලේප මුදලාලි වෙන්න බෑ.බස් වලට නැඟලා පොත් විකුනන හැමෝටම ගොඩගේ මුදලාලි වෙන්න බෑ.ඒකට හේතුව ඒ අයට වෙනත් අයට නැති සුවිෂේශී හැකියාවක් තියෙන එක.ඒකට සමහරු පින කියනවා.තවසමහරු දේව ආශීර්වාදය කියනවා.තව සමහරු ධනවාදයේ ඇති විෂමතාව කියනවා.

ඒත් මං නම් ඒකට කියන්නේ ඒක ඒ ඒ කෙනාගේ ව්‍යවසායකත්ව හැකියාව කියලා.අලුත් දෙයක් අලුත් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව.එතනදි හරි තීරන හරි වෙලාවට ගැනීමේ හැකියාව.එදා බිහි වුන සිද්ධාලේප මුදලාලි,ගොඩගේ මුදලාලිට වඩා අද බිහි වෙන තරුන ව්‍යවසායකයින්ට අර ගිනි දැල්ලෙන් පිච්චෙනවද කියලා අල්ල අල්ල ඉන්න ඕන නෑ.ඒකට වෙන ක්‍රම ඕන තරම් තියෙනවා.ඒත් මෙතනදිත් මං කියන්නේ එච්චර තියෙද්දිත් තමන් කරන්න ඕන මොකක්ද කියල තීරනය කිරීමත් එක් එක් කෙනාගේ හැකියාව.

සරලව කිව්වොත් දාහක් අතර කෙනෙක් නොව දාහකට කෙනෙක් වෙන්න.

Image

කට වැඩි හින්දා…

මාලුවා නහින්නේ කට හින්දා කියලනෙ කියන්නේ.මාලුවා නොවුනත් කට තියන් ඉන්න බැරි හින්දා එක එක අය නිකන් චා වෙනවා.මේකත් ඒ වගේ කතාවක්.මෙතනදිත් චා වුනේ මං එක පාරක් කියපු අර යමපල්ලා බොස්ම තමයි.මොකද මිනිහා මෝඩ කතා කියනවා ඉවරයක් නෑනෙ.

දවසක් ඔන්න අපේ මාසික ‍රැස්වීම.අපේ බොසා තමයි එතන ලොක්කා.අපි කාලයක් තිස්සේ අපේ ගිණුම්කරන කටයුතු ‍රැසක්ම බාහිර ආයතනයකින් තමයි කර ගත්තෙ.මූලික සටහන් අපි තියලා ඒවයින් අවසාන ගිණුම් හදන එක පිටට දුන්නා.මේකෙන් අපේ ගොඩක් ලොකු කාලයක් ඉතුරුවුනා.ඒත් අපේ බොසාට ඕන වුනා මේක වෙනස් කරලා මේකත් අපිම කරන්න.බොසා එහෙම හිතුවට ඒකට අලුතින් කට්ටිය ගන්න එපායැ.ඉතින් දැන් ඕක ඔය මීටිමේදි කතා වුනා.මෙතනදි  දැං ඔය වැඩේට ඕන කරන සේවක අවශ්‍යතා ගැන එහෙමත් කතාවුනා.ගිණුම් සහායක,පොත් තබන්නා(book keeper),දත්ත සැකසුම් ශිල්පී,ගණකාධිකාරී ඕය වගේ ගොඩක්.

දැන් මේක බලා ඉඳලා අපේ බොසා අහපි

Image

දැන් මේ අපි දාන්න යන්නේ ගිණුම් අංශයක්නේ?ඒකට මොකටද පොත් තබන්නෙක්?”

අපි බැලුවා මේ මොකක්ද අහන්නේ කියලා,මොකද ගිණුම් අංශයට පොත් තබන්නෙක් ඕනනේ. බොසා කියනවා

“පොත් තබන්නා ඕනවෙන්නේ පුස්තකාලයකටනෙ,අපිට් ඕන් නෑ එයාලව”

කියලා තව තව කියවනවා.දැන් අපේ secretary නංගි බබත් කට වහගෙන හිනාවෙනවා.ටික වෙලාවකින් ඔක්කොම කට්ටිය බිම බලාගෙන හිනාවෙනවා.ඒත් තාම අපේ බොසාට තේරිලා නෑ මිනිහා කොලේ ඉරාගෙන කියලා.පස්සේ බැරිම තැන අපේ asst.manager බොසාගේ කනට කරලා කිව්වා

“සර්,පොත් තබන්නා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා”

Image

 

කොහෙද ඒත් මිනිහා පිළි ගන්නේ නෑ.අන්තිමට තමයි මේක දැන ගෙන කීයලා දීලා තිබුනේ කවුද පොත් තබන්නා කියන්නේ කියලා. අපේ බොසා අවුරුදු 10-15 මේකෙම වැඩ කරලා මිනිහා දන්නේ නෑ book keeper කියන්නේ මොකක්ද කියලා.ඒක කමක් නෑ කියමු.යකෝ දන්නේ නැත්නම් හිමීට කට වහන් ඉඳලා වෙන කෙනෙක්ගෙන් ඇහුවනං ගොඩනෙ කියලා මිනිහට තේරිලා නෑනෙ.