ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්

මේ කතාව කෙනෙකුට වේදනාවක් වෙන්න පුලුවනි.තව සමහර කෙනෙකුට විහිලුවක් වෙන්නත් පුලුවනි.මොක වුනත් මේක ලියන්නේ මේ වගේ වැඩත් වෙන්න පුලුවන් කියලා දැන ගන්න.

Image

realsimple.com

මේක සරසවි කතාවක්.මේක කියවලා ගමේද වුනේ,ගෙදරද වුනේ වගේ අජූත ප්‍රශ්න නම් අහන්න එපා.සරසවියේ ඉන්න කොට කැටයක් කියන්නේ හරි අපූරු අත්දැකීමක්.කැටය දවසට ගෑනු ලමයි කණ්ඩායමක් පිරිමි ලමයි කීපදෙනෙකුගේ ආරක්ෂාව හා භාරය යටතේ කොහේ හෝ නගරයකට යැවෙනවා කැට හොල්ලලා සල්ලි හොයා ගන්න.මේක කෙල්ලො ටිකක් එක්ක කොල්ලො ටිකක් ආතල් ගන්න යන ගමනක් නෙවෙයි.ඒත් සමහර වෙලාවට මේ යන අය අතර ඊට පස්සේ ප්‍රේම සබඳතා ඇති වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඒ වැඩේ එහෙම වෙන්න හේතුව ගෑනු ලමයෙක් මේ වයසේදි පිරිමි ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව,‍රැකවරණය කියන දේවල් කොච්චර දුරට ලැබෙනවද කියන එක ඒ ගෑනු ලමයගේ ඇස් දෙකින්ම දකින්න පුලුවන් වීම.කතාවට බහිමුකො මුලින්ම.දවසක් අපේ කැම්පස් එකේ කට්ටියකුත් මේ වගේ කැටයකට යන්න සෙට් වුනා.

කට්ටිය ගියේ මාතර.ගමන ගැන ලොකු කතාවක් කියන්න ගියොත් මේක දික් වෙන් හින්දා මං කට්ටිය ආපහු ආපු තැන ඉඳන් කතාව කියන්නම්.දැන් ඔන්න කට්ටිය ආවා කියමුකො.හොඳටම හවස් වෙලා කලුවර වැටිලා.දැන් බෝඩිම් වල ඉන්න ගෑනු ලමයින්ට තනියම යන්න බයයි.බයටත් වඩා ඒ කෙල්ලන්ගේ හැටි.ඉතින් ඔතන හිටපු අචිනිට (මේ යුවතියට මං අචිනි කිඅයන්නම්) එයාගේ බෝඩිමට යන්න බය වුනාට ඒක අපූරු බයක්.මෙයාට අනික් පිරිමි ලමයි එක්ක යන්නත් බයයිලු.ඒ වුනාට අපේ පැරා එක්ක යන්න බය නැල්ලු.(අපිට ඔය කතාව ඇහුවම පැරාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැනත් ප්‍රශ්නයක් ආවා).

Image

wikihow.com

ඉතින් අපිත් ඔන්න ඉතින් පැරා ගොඩ කියලා පැරා එක්කම අර අචිනිව යැව්වා.දැන් ඔන්න ඔහොම වුනා කියමුකො.අචිනි සාමාන්‍යයෙන් නිතර ගෙදර යනවා.ඉතින් ගෙදර ගිහිල්ලා එද්දි අචිනි දැන් හැමදාම අපේ පැරාට වෙනමම බත් එකක් ගේනවා.ඒක හොඳට සරුසාර බත් රාජයෙක්.ඉතින් අපිට තේරුනා අචිනිගේ හිතේ පැරා ගැන පිළිබඳ සිතක් පහල වෙලා කියලා.අපි ඉතින් හරි බරි ගැහිලා හිටියේ මුන් දෙන්නව කොයි වෙලේද මල් බකට් කරන්නේ කියලා.ඒ වුනාට පැරා මේකේ වගේ වගක් නෑ.ඒ මදිවට අපේ සෙට් එකකුත් අචිනි පස්සේ කැරකෙනවා,උන්ටත් අවුල් මොකද අචිනිගේ හිත පැරාට ගිහින් හින්දා.දවසක් ඉන්නම බැරි තැන අචිනි අඬ ගහලා කිව්වා පැරාට

“අයියේ,මේ කැම්පස් එකේ ගොඩක් ලමයි මං පස්සේ එනවා.ඒත් මං ඒ එක්කෙනෙක්වත් ගනන් ගන්නේ නෑ.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඔයා දන්නවද ඔයාගේ යාලුවා මහිම ඔයා තරම් මට කිට්‍ටු වෙලත් නැති කොට එයා මගෙන් ඇහුවා යාලුවෙන්න”……………හිස් තැනක් තිබ්බේ ගෑනු ලමයෙක් හිස්තැනකින් කියන දේවල් දන්නේ එයාලම හින්දා.පැරා කියපි

“අයියො නංගි,ඌ හොඳ එකා,ඔයා ඌට කැමති වෙන්න,මටත් කෙල්ලෙක් ඉන්නෙ” මේ කතාව කිව්වා විතරයි අචිනිගේ ඇස් වල කඳුලු පිරෙනවා මේක ඈත ඉඳන් බලා හිටපු මාත් දැක්කා.කෙල්ල එහෙම්මම ඉද්දි පැරා එන්න ආවා 

ඌට මේ කෙල්ලගේ හදවතේ තෙරපෙන දේ තේරුම් ගන්න බැරිව ගියා,අචිනි බලා ඉඳලා හූල්ලලා යන්න ගියා.ඊළඟ සතියේ අපි දැක්කා අචිනි අපේ මහිම එක්ක ආදර මාවතේ පියමනින හැටි.දැන් මහිමත් අචිනිත් ලස්සන පෙම්වතුන් යුවලක්.ඒත් ටික දවසක් යනකං අචිනි පැරාව දැක්කම් මඟ අරින්න ගත්තා.පස්සේ ඒක මග ඇරුනා.හරියටම අන්තිම අවුරුද්දේ (හොඳ වෙලාවට ඉවර වෙලා) අචිනි පැරා එක්ක දවසක් තනියම කතා කරා.අචිනිට ඕන වුනා පැරාගේ හිත ගත්ත ඒ වාසනාවන්ත කෙල්ලව දකින්න.එතකොට අචිගේ හිත හැදිලා තිබ්බේ.ඒත් පැරා කියපු කතාව.

“අයියෝ නංගි ඒ මම විහිලුවට කිව්වේ,මට කෙල්ලෙක් නෑ”

Image

hdwallpapersinn.com

 

මේ කතාවෙන් පස්සේ අචිනි ගල් ගැහිලා වගේ පැරා දිහා බලා ඉන්නවා මං දැක්කා.

අචිනි මහිමව බැන්දද ? මමනම් දන්නේ නෑ.ඒත් අර පැරානම් අපත වැඩ කර කර ඉන්නවා.මම අචිනිවත් මහිමවත් එදායින් පස්සේ දැක්කේ නෑ.

මේ කතාව මට මතක්වුනේ ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින්ගේ “ආදර හැඟුම්” ගීතය මතක් වුන හින්දා.

Advertisements

4 thoughts on “ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්

  1. පැරා කියන්නෙ පස්ට බුලට් එකක්.. අපරාදෙ ඌට තිබුනෙ කැම්පස් කාලෙ හරි ලව කරගෙන යන්න..
    හැබැයි ගෑනු ලමයි ආස ස්ථාවර චරිතෙකට.. ඒ කිව්වෙ ස්ථිරවම මේමයි කියල කියවන්න පුලුවන් චරිත වලට.
    අස්ථාවර කියවන්න බැරි චරිතවලට හිත ගියත් ටික දවසකින් හිත ආයිත් අම්මාරියෙ දාල වහල දානවා..

    • ඔය පැරා ඔයා කාලෙම කෙල්ලො කීප දෙනෙකුගෙම ලෝක බිඳ වට්ටලා තිබුනා.ඌට ආදරේ තේරෙන්නෙ නෑ.අර කෙල්ල ඌ ගැන හිතා ඉඳලා මහිම එක්ක යාලු වුනාට පස්සේ ඌට යස අගේට කට වහගෙන ඉන්න පුලුවන් කම තියෙද්දි තමයි අර තුවාලෙ ආයි පෑරුවේ කට නිකන් තියන් ඉන්න බැරුව.අනික අචිනි මේක හින්දා ගොඩක් වි‍ඳෙව්වා.

  2. ඔය පැරා එක්කෝ සමරිසි පොරක්.

    නැතිනම් අමු අවංක මෝඩයෙක්.

    • මම දන්න තරමින් නම් සමරිසියෙක් නෙවෙයි.ඒත් එයාට ආදරය කියන දේ හරිම නුහුරු අත්දැකීමක්.හැකි නම් පණ්ඩිත් අමරදේවයන් ගයන “ආදර හැඟුම්//,නුපුරුදුයි මට ” ගීතය අහලා බලන්නකෝ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s