අපේ බොසා වඩු බාස්ගේ ගෝලයාද?

අපි හැමෝම එක එක විදිහේ ලොක්කො යටතේ වැඩ කරනවනෙ.සමහර ලොක්කො හරි හොඳයි.තව සමහරු හරියට අපායේ යමපල්ලන්ටත් අන්තයි.ලොක්කො යටතේ ඉන්න සමහරු මං ලොක්කා නම් මෙහෙම කරනව කියලා හිතුවට එයා ලොක්කෙක් වෙච්ච වෙලාවට කරන්නෙත් අර වැඩේම තමයි.ඒක සමහරවිට ලොක්කන්ගේ හැටි වෙන්නැති.ඒ වුනාට ඔය සමහර ලොක්කො ඉන්නව අනුන්ට මෝඩ ජෝක් එකක් වෙන ඕන නැති විකාර කරන්න ගිහින්.අද මේ කතාව දිග ඇරෙන්නෙත් ඒ වගේ ලොක්කෙක් ගැන.

Image

මේ ලොක්කා ඇවිල්ලා තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්න කෙනෙක්.කාණුවක් හදන්න මේසන් බාස්ට කියලා දුන්නම හිතන් ඉන්නේ තමන්ට ඉංජිනේරුවන්ටත් උපදෙස් දෙන්න පුලුවන් කියලා.ඒ ආයතනයේ හැම දේකටම අත දානවා,අත දාලා වැඩේ චොර වුනාම දාලා පනිනවා.මෙයාට වැඩක් කරන්න කීප දෙනෙක් ඉන්නවා කියන්නේ පේන්න බැරි වැඩක්,ඇයි මෙච්චර කට්ටිය මේකට ආවෙ?මෙච්චර වැඩියි, නිතර කියනවා.දවසක් මෙයා එයාගේ එකේ මොකක්ද එල්ල ගන්න ඕන වෙලා එන්න කිව්වා අපේ කිව්වා.ඉතින් ඔන්න වඩු බාස් කෙනෙකුයි එයාගේ ගෝලයයි ඉනිමගකුත් උස්සන් ආවා.Image

බොසා කිව්වා”මේකට මොකටද දෙන්නෙක්,එක්කෙනෙකුගේ වැඩේනෙ,එක්කෙනෙක් යන්න”කියලා.වඩු බාසුත් බොසාගේ හැටි දන්න හින්දා ආ එහෙනම් යන්නකො කියලා ගෝලයාව යැව්වා.දැන් ඔන්න ඉනිමග තියලා වඩු බාස් නැග්ගා.නැගලා දැං වටපිට බලනවා.බොසා ආවා ලඟට

“සර් මේ ඉනිමග හෙල්ලෙනවා,අර ගෝලයට එන්න කියන්නද?”

දැන් බොසාට කට උත්තර නැති වෙන්න යන්නේ.මොනවා කරන්නද බොසා ඇවිල්ලා ඉනිමග ඇල්ලුවා.ඊට පස්සේ ඉතින් ඇන දෙන්න,මිටිය දෙන්න අරක දෙන්න,මේක දෙන්න……කොහොම හරි මේක අන්තිමට ගියේ බොසා වඩු බාස්ට ගෝලයා වුනා කියලා.

Advertisements

3 thoughts on “අපේ බොසා වඩු බාස්ගේ ගෝලයාද?

  1. යස වැඩේ කුනු පෙරේතයට වුනේ.. අර මනුස්සයට කියක් හරි දෙන්න වෙයිකියල කොස් කටින් කරන්න ගියා..

  2. මට නං ආවේ වෙනත් ආකාරයක පැණයක්!
    මේ කතන්දරේට ඔච්චර ලොකු ඉණිමගක ෆොටෝ එකක් දැම්මේ ඇයි?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s