දියව් දියව් ලබුම දියව්

මෙන්න මේ කතාව නම් ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච ඉස්සරහටත් සිද්ධ වෙන්න පුලුවන් කතාවක්.මේක මං හඳුන්වන්නේ ශෝකාන්තයක් විදිහට.මොකක් වුනත් මේක දාලා මාව දන්න ඔය ගොවි ආර්ථිකය ඔලුව උඩ තියාගත්තු කෙනෙක් මට අලුපුහුල් එහෙම මතුරලා දායිද දන්නෙත් නෑ.මෙන්න මෙහෙමයි කතාව.ලංකාවේ සම්ප්‍රදායික ගොවියා කියන්නේ නිතරම රජයෙන් හැම දෙයක්ම කරලා දෙන්න ඕන කියලා හිතන කෙනෙක්නෙ.පෝර සහන මිලට දෙන්න ඕන,වගා රක්ෂණ දෙන්න ඕන,උපදෙස් ඕන රජයෙන්.වාරිමාර්ග ජලය නිකං දෙන්න ඕන.

Image

ඒ ඔක්කොමත් කරලා අන්තිමට අස්වැන්නත් රජයෙන්ම ගන්න ඕන.ඒක ගත්තේ නැත්තං ගබඩා ගාවට වෙලා ඒවයේ ඉන්න නිලධාරින් එක්ක යුද්ධ කරන්නත් යනවා.ඉතින් එක්තරා කාලෙක ලංකාවේ ආයතන කීපයක් එකතු වෙලා මේ ප්‍රශ්නයට ඒ කියන්නේ අස්වැන්න විකුණා ගැනීමට බැරි වීමේ ගැටලුවට විසඳුමක් ගෙනාව.ඒ ගොල්ලො ගොවියො එක්ක ගිවිසුමක්  ගැහුවා.ඒකට අනුව ඉදිරි කන්නයේදී අස්වැන්න මෙන්න මේ මිලට ගන්නවා කියලා, ඒ ආයතනය එකඟ වුනා.ගොවියො අස්වැන්න ඒ මිලට විකුනන්න එකඟ වුනා.ආර්ථික විද්‍යාව දන්න අය මේකට කියනවා ඉදිරි මිල ගිවිසුමක් කියලා.ඔන්න දැන් ඒ අස්වැන්න ආවා කියමුකො.ඒ පාර වෙළෙඳපොලේ මිල ඉහල ගියා ඒ වගාවේ.ලේසියට මං කියන්නම්කො ලබු කියලා.

Image

දැන් ඔන්න ගොවියා බලනවා “යකෝ ලබු උඩ ගිහිල්ලනේ,මං මක්කටද මේ ලබු අඩු ගානට අහවල් ආයතනයට දෙන්නේ,ඔන්න ඔහේ ඕන කෙංගෙඩියක් වෙද්දෙන්” කියලා වැඩි ගානට දුන්නා.ඒ කියන්නේ ගිවිසුම කැඩුවා.ඒත් සමහරු අර ගිවිසුම අනුවම පෙර කී ගානට ලබු වික්කා.දැන් ඔන්න ඔහොම ගියා කියමුකො.ගොවියො මේ පාර ලබු උඩ ගිය හින්දා දෙන්න ලබු කියලම වැව්වා සේරම ලබු.විය යුතු දේ වෙනවා කියලා මේ පාර ලබු සැපයුම වැඩි වෙලා මිල අඩු වුනා.දැං ඔන්න අර ගිවිසුමට අනුව එකඟ වෙච්ච මිල ඒකට වැඩියි.සේරම ගොවියො ගියා අර ගිවිසුම අනුව ලබු විකුනන්න.ඒත් අර ආයතනය ගත්තේ ගිය පාර තමන්ගේ ගිවිසුමට අනුව වැඩ කරපු ගොවීන්ගේ නිෂ්පාදන විතරයි.ගිය පාර ගිවිසුම කඩ කරපු ගොවීනට එරෙහිව අර ආයතනය නීතිමය පියවර අරං තිබුනෙත් නැති හින්දා මෙතනදි වෙන්න පුලුවන් හොඳම දෙය වෙන්නේ අර ගිවිසුමට ආපු නැති ගොවීනුත් අලුතින් ගිවිසුමට එන එක කියලා හිතුවට වුනේ වෙන එකක්.

 

අර මුලින් ගිවිසුම කඩ කරපු ගොවියො මහා පිකට් එකක් කරලා(උන්ටම උඩ ගෙඩි දෙන මාධ්‍යත් ලංකාවේ තියෙනවනෙ) දේශපාලන හයිය අරන් අර වැඩපිළිවෙල කඩා කප්පල් කරන එක.

Image

දැං වැඩපිළිවෙලත් නෑ.මුකුත් නෑ.හැමදාම ලබු උඩ දම දමා ලබු විකුණගන්න බෑ කියලා මොර දිදි ඉන්නවා.

Advertisements

2 thoughts on “දියව් දියව් ලබුම දියව්

  1. විවෘත වෙළඳ පොලක් තුල පැවැත්ම තියාගන්න හොඳ කපටි මොලයක් තියෙන්නෙ ඕනි.
    ඒ වගේම දීර්ඝකාලීනව සිතන මතන උදවිය ඉන්නත් ඕනි. ලංකාවෙ ගොවීන්ට තිබෙන අසීමිත නිදහස වැඩියි.
    ඒ නිදහස තුල හොඳට වෙළඳ පොල ගැන අයිඩියාවක ඉන්න ගොවියන් ගොඩ යනවා. බැරි බහුතරය හැමදාම ආන්ඩුවලට නිළදාරින්ට බැන බැන ඉන්නවා..

    • මං ඉන්නා මතය තුල නම් ඇත්තටම මේ ගැටලුව විසඳන්න ඉදිරි මිල ගිවිසුම් ක්‍රමය එක්ක හෙජින් එකක් ගහන්න පුලුවන්.ගොඩක් සංකීර්ණ හෙජිං එකක් නෙවෙයි.මං ඉස්සරහට ඉඩ ලැබුනොත් ඒක ගැනත් කියන්නම්කෝ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s