අපේ බොසා වඩු බාස්ගේ ගෝලයාද?

අපි හැමෝම එක එක විදිහේ ලොක්කො යටතේ වැඩ කරනවනෙ.සමහර ලොක්කො හරි හොඳයි.තව සමහරු හරියට අපායේ යමපල්ලන්ටත් අන්තයි.ලොක්කො යටතේ ඉන්න සමහරු මං ලොක්කා නම් මෙහෙම කරනව කියලා හිතුවට එයා ලොක්කෙක් වෙච්ච වෙලාවට කරන්නෙත් අර වැඩේම තමයි.ඒක සමහරවිට ලොක්කන්ගේ හැටි වෙන්නැති.ඒ වුනාට ඔය සමහර ලොක්කො ඉන්නව අනුන්ට මෝඩ ජෝක් එකක් වෙන ඕන නැති විකාර කරන්න ගිහින්.අද මේ කතාව දිග ඇරෙන්නෙත් ඒ වගේ ලොක්කෙක් ගැන.

Image

මේ ලොක්කා ඇවිල්ලා තමන් සියල්ල දත් කියලා හිතන් ඉන්න කෙනෙක්.කාණුවක් හදන්න මේසන් බාස්ට කියලා දුන්නම හිතන් ඉන්නේ තමන්ට ඉංජිනේරුවන්ටත් උපදෙස් දෙන්න පුලුවන් කියලා.ඒ ආයතනයේ හැම දේකටම අත දානවා,අත දාලා වැඩේ චොර වුනාම දාලා පනිනවා.මෙයාට වැඩක් කරන්න කීප දෙනෙක් ඉන්නවා කියන්නේ පේන්න බැරි වැඩක්,ඇයි මෙච්චර කට්ටිය මේකට ආවෙ?මෙච්චර වැඩියි, නිතර කියනවා.දවසක් මෙයා එයාගේ එකේ මොකක්ද එල්ල ගන්න ඕන වෙලා එන්න කිව්වා අපේ කිව්වා.ඉතින් ඔන්න වඩු බාස් කෙනෙකුයි එයාගේ ගෝලයයි ඉනිමගකුත් උස්සන් ආවා.Image

බොසා කිව්වා”මේකට මොකටද දෙන්නෙක්,එක්කෙනෙකුගේ වැඩේනෙ,එක්කෙනෙක් යන්න”කියලා.වඩු බාසුත් බොසාගේ හැටි දන්න හින්දා ආ එහෙනම් යන්නකො කියලා ගෝලයාව යැව්වා.දැන් ඔන්න ඉනිමග තියලා වඩු බාස් නැග්ගා.නැගලා දැං වටපිට බලනවා.බොසා ආවා ලඟට

“සර් මේ ඉනිමග හෙල්ලෙනවා,අර ගෝලයට එන්න කියන්නද?”

දැන් බොසාට කට උත්තර නැති වෙන්න යන්නේ.මොනවා කරන්නද බොසා ඇවිල්ලා ඉනිමග ඇල්ලුවා.ඊට පස්සේ ඉතින් ඇන දෙන්න,මිටිය දෙන්න අරක දෙන්න,මේක දෙන්න……කොහොම හරි මේක අන්තිමට ගියේ බොසා වඩු බාස්ට ගෝලයා වුනා කියලා.

හාල් නම් හාල්,බත් නම් බත්

අද ලෝකයේ වඩාත්ම ප්‍රබල උපකරණය තමයි දැනුම කියන එක.මේක හරි විදිහට නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරනවද කියන එක තීරනය වෙන්නෙ ඒ ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මය මත. ඒ හින්දා දැනුම ප්‍රබල වුනාට ආධ්‍යාත්මය තමයි උතුම්ම කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.මෙතනදි මම ආධ්‍යාත්මය කියලා හඳුන්වන්නේ ආකල්ප, සිතුම්පැතුම්, හැඟීම් ආදි එකී මෙකී නොකී චිත්තක්ෂණවල එකතුවකට.මොකද දැනුම කොච්චර තිබුනත් ඒ දැනුම කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ අර මං කියපු ආධ්‍යාත්මය කියන එක මත.ලෝකයේ ඕනෑම අධ්‍යාපනයක් ලබපු කෙනෙක් මුහුන දෙන ප්‍රධානම අභියෝගයක් තමයි ඕක. අද මං මේ කියන්න යන කතාව කාටවත් අපහාසයක් නෙවෙයි,ඒත් මේක තමයි ප්‍රායෝගික ඇත්ත.

tastyappetite-net

ලංකාවේ මීට ටික කාලෙකට කලින් හිටපු එක්තරා ධනවෙතෙකුට ඕන වුනා හොඳ පුද්ගලික රෝහලක් අරඹන්න.මේ ධනවතා ලොකු පාසල් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි.ඒත් එයාගේ සමාජ දැනුම නම් හරි ඉහලයි.එයා පොඩි කාලේ ඉඳලම එක එක තැන් වල වැඩ කර කර ඉඳලා තමන්ම නැගිටපු මිනිහෙක්.

466782-wealthy-man-with-lot-s-of-euro

ඔන්න ඉතින් මෙයා ඔය කියන රෝහල පටන් ගන්න කලින් ඒ ගැන පොඩි ගවේෂනයක් එහෙම කරන්න හිතුවා.ඉතින් මේ වැඩේ එයා යටතේ වැඩ කරන අය එකතුවෙලා එක්තරා සමීක්ෂන ආයතනයකට පැවරුවා.මේක ලංකාවේ ඒ වගේ වැඩවලට නම ගිය ආයතනයක්.ඔන්න ඉතින් මේ ආයතනය මේ ගැන ශක්‍යතා අධ්‍යයනයක් එහෙම කරලා (ඒකට වෙළෙඳපොල සමීක්ෂණයකුත් ඇතුලත් වුනා) අර ධනවතා ඉදිරියේ presentation එකක් කරනවා.මේ ගොල්ලො ඉතින් ඔය NPV,IRR,payback,discounted pay back ඔක්කොම දාලා පෙන්වනවා,මේක කොච්චර හොඳ ව්‍යාපෘතියක්ද කියලා.ඒ වුනාට මේ කියන හරුප එකක්වත් මේ ධනවතාට තේරෙන්නේ නෑ.පස්සේ එයා ටිකක් වෙලා බලා ඉඳලා කිව්වා මෙහෙම.”මේ ඕක නවත්තනවා,මටමෙන්න මේක විතරක් කියනවා.”දැං ඔන්න අර ආයතනයේ ලොක්කො ටික හොල්මන් වෙලා බලන් ඉන්නවා.”මේරෝහලට එක ලෙඩෙක් ආවම මට ඒකෙන් කොච්චර ලාබයක් තියෙනවද, අන්න ඒක විතරක් කියනවා.ඉතුරු ටික මං බලාගන්නම්.”

download

කළමනාකරණය හදාරන අය දන්නවා ඇති මේ අහන්නේ දායකය කියන සංකල්පය කියලා.ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම යන වියදම (ස්ථාවරපිරිවැය) දායකයෙන් බෙදුවම අපිට පාඩු නොලබන්නන එන්න ඕන අවම ගැනුම්කරුවන් ගනන ගන්නපුලුවන්.

මෙතනදි මේ ආයතනයට වැරදුනු තැන තමයි එයාලා දන්න දෙය තවත් කෙනෙකුට තේරෙන විදිහට කියන්න දන්නේ නැතිකම.මේකම තව විදිහකට කියනව නම් මිනිහෙකුට හාල් දීලා බත් කන්න කියලා වැඩක් නෑ,මිනිහා හාල් වලින් බත් උයන්න දන්නේ නැත්නම්.මේ වෙළෙඳපොල තුල අපිට හාල් දීලා බත් උයාගන්න කියලා කියන්න පුලුවන් කවුරු හරි බත් වෙනුවට හාල් ඉල්ලනව නම්.ඒත් බත් ඉල්ලන් එන මිනිහට හාල් දීලා හාල් විකිනෙන්නෙනෑ කියලා වැඩක් නෑමොක වැ‍රැද්ද අපේ අතේ හින්දා. ඒත් අපිට බත් උයාදෙන්න නොහැකි නම් මොකද කරන්නේ කියලා කෙනෙක් අහන්න පුලුවන්.මට ඒකට නම් කියන්න තියෙන්නේ හාල් වුවමනා මිනිහට හාල් දෙන්න බත් වුවමනා මිනිහට බත් දෙන්න.මොකද නිදහස් වෙළෙඳපොල ආර්ථිකයක් ඇතුලේ බත් වගේම හාල්වලටත් ඒ ඒ වෙළෙඳපොල ඛණ්ඩනයන් (market segments) තියෙන නිසා.

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්

මේ කතාව කෙනෙකුට වේදනාවක් වෙන්න පුලුවනි.තව සමහර කෙනෙකුට විහිලුවක් වෙන්නත් පුලුවනි.මොක වුනත් මේක ලියන්නේ මේ වගේ වැඩත් වෙන්න පුලුවන් කියලා දැන ගන්න.

Image

realsimple.com

මේක සරසවි කතාවක්.මේක කියවලා ගමේද වුනේ,ගෙදරද වුනේ වගේ අජූත ප්‍රශ්න නම් අහන්න එපා.සරසවියේ ඉන්න කොට කැටයක් කියන්නේ හරි අපූරු අත්දැකීමක්.කැටය දවසට ගෑනු ලමයි කණ්ඩායමක් පිරිමි ලමයි කීපදෙනෙකුගේ ආරක්ෂාව හා භාරය යටතේ කොහේ හෝ නගරයකට යැවෙනවා කැට හොල්ලලා සල්ලි හොයා ගන්න.මේක කෙල්ලො ටිකක් එක්ක කොල්ලො ටිකක් ආතල් ගන්න යන ගමනක් නෙවෙයි.ඒත් සමහර වෙලාවට මේ යන අය අතර ඊට පස්සේ ප්‍රේම සබඳතා ඇති වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඒ වැඩේ එහෙම වෙන්න හේතුව ගෑනු ලමයෙක් මේ වයසේදි පිරිමි ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව,‍රැකවරණය කියන දේවල් කොච්චර දුරට ලැබෙනවද කියන එක ඒ ගෑනු ලමයගේ ඇස් දෙකින්ම දකින්න පුලුවන් වීම.කතාවට බහිමුකො මුලින්ම.දවසක් අපේ කැම්පස් එකේ කට්ටියකුත් මේ වගේ කැටයකට යන්න සෙට් වුනා.

කට්ටිය ගියේ මාතර.ගමන ගැන ලොකු කතාවක් කියන්න ගියොත් මේක දික් වෙන් හින්දා මං කට්ටිය ආපහු ආපු තැන ඉඳන් කතාව කියන්නම්.දැන් ඔන්න කට්ටිය ආවා කියමුකො.හොඳටම හවස් වෙලා කලුවර වැටිලා.දැන් බෝඩිම් වල ඉන්න ගෑනු ලමයින්ට තනියම යන්න බයයි.බයටත් වඩා ඒ කෙල්ලන්ගේ හැටි.ඉතින් ඔතන හිටපු අචිනිට (මේ යුවතියට මං අචිනි කිඅයන්නම්) එයාගේ බෝඩිමට යන්න බය වුනාට ඒක අපූරු බයක්.මෙයාට අනික් පිරිමි ලමයි එක්ක යන්නත් බයයිලු.ඒ වුනාට අපේ පැරා එක්ක යන්න බය නැල්ලු.(අපිට ඔය කතාව ඇහුවම පැරාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැනත් ප්‍රශ්නයක් ආවා).

Image

wikihow.com

ඉතින් අපිත් ඔන්න ඉතින් පැරා ගොඩ කියලා පැරා එක්කම අර අචිනිව යැව්වා.දැන් ඔන්න ඔහොම වුනා කියමුකො.අචිනි සාමාන්‍යයෙන් නිතර ගෙදර යනවා.ඉතින් ගෙදර ගිහිල්ලා එද්දි අචිනි දැන් හැමදාම අපේ පැරාට වෙනමම බත් එකක් ගේනවා.ඒක හොඳට සරුසාර බත් රාජයෙක්.ඉතින් අපිට තේරුනා අචිනිගේ හිතේ පැරා ගැන පිළිබඳ සිතක් පහල වෙලා කියලා.අපි ඉතින් හරි බරි ගැහිලා හිටියේ මුන් දෙන්නව කොයි වෙලේද මල් බකට් කරන්නේ කියලා.ඒ වුනාට පැරා මේකේ වගේ වගක් නෑ.ඒ මදිවට අපේ සෙට් එකකුත් අචිනි පස්සේ කැරකෙනවා,උන්ටත් අවුල් මොකද අචිනිගේ හිත පැරාට ගිහින් හින්දා.දවසක් ඉන්නම බැරි තැන අචිනි අඬ ගහලා කිව්වා පැරාට

“අයියේ,මේ කැම්පස් එකේ ගොඩක් ලමයි මං පස්සේ එනවා.ඒත් මං ඒ එක්කෙනෙක්වත් ගනන් ගන්නේ නෑ.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඔයා දන්නවද ඔයාගේ යාලුවා මහිම ඔයා තරම් මට කිට්‍ටු වෙලත් නැති කොට එයා මගෙන් ඇහුවා යාලුවෙන්න”……………හිස් තැනක් තිබ්බේ ගෑනු ලමයෙක් හිස්තැනකින් කියන දේවල් දන්නේ එයාලම හින්දා.පැරා කියපි

“අයියො නංගි,ඌ හොඳ එකා,ඔයා ඌට කැමති වෙන්න,මටත් කෙල්ලෙක් ඉන්නෙ” මේ කතාව කිව්වා විතරයි අචිනිගේ ඇස් වල කඳුලු පිරෙනවා මේක ඈත ඉඳන් බලා හිටපු මාත් දැක්කා.කෙල්ල එහෙම්මම ඉද්දි පැරා එන්න ආවා 

ඌට මේ කෙල්ලගේ හදවතේ තෙරපෙන දේ තේරුම් ගන්න බැරිව ගියා,අචිනි බලා ඉඳලා හූල්ලලා යන්න ගියා.ඊළඟ සතියේ අපි දැක්කා අචිනි අපේ මහිම එක්ක ආදර මාවතේ පියමනින හැටි.දැන් මහිමත් අචිනිත් ලස්සන පෙම්වතුන් යුවලක්.ඒත් ටික දවසක් යනකං අචිනි පැරාව දැක්කම් මඟ අරින්න ගත්තා.පස්සේ ඒක මග ඇරුනා.හරියටම අන්තිම අවුරුද්දේ (හොඳ වෙලාවට ඉවර වෙලා) අචිනි පැරා එක්ක දවසක් තනියම කතා කරා.අචිනිට ඕන වුනා පැරාගේ හිත ගත්ත ඒ වාසනාවන්ත කෙල්ලව දකින්න.එතකොට අචිගේ හිත හැදිලා තිබ්බේ.ඒත් පැරා කියපු කතාව.

“අයියෝ නංගි ඒ මම විහිලුවට කිව්වේ,මට කෙල්ලෙක් නෑ”

Image

hdwallpapersinn.com

 

මේ කතාවෙන් පස්සේ අචිනි ගල් ගැහිලා වගේ පැරා දිහා බලා ඉන්නවා මං දැක්කා.

අචිනි මහිමව බැන්දද ? මමනම් දන්නේ නෑ.ඒත් අර පැරානම් අපත වැඩ කර කර ඉන්නවා.මම අචිනිවත් මහිමවත් එදායින් පස්සේ දැක්කේ නෑ.

මේ කතාව මට මතක්වුනේ ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින්ගේ “ආදර හැඟුම්” ගීතය මතක් වුන හින්දා.

ගින්නට හූ කියු මිනිස්සු

දවසක් අර ගලියෙන් ගිනි නිවීමේ කතාවෙදි මම කිව්වා අර ගිනි නිවන හමුදාවට එන්න කියන්න කලින් අපි අපේ වතුර බවුසර් අරන් දිව්වේ ඇයි කියලා පස්සේ කියන්නම් කියලා. ඒත් කිව්වා කිව්වා මයි මට ඒක එහෙමම අමතක වෙලා යනවා තව ටිකෙන්.අද ඒ හින්දා ඒ කතාව කියනවා.

Image

දැං ඔය ගොඩක් පැතිවල කොහේ හරි ගිනි ගත්තම වෙන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු එකතු වෙලා ගිනි නිවන එකනේ. ඒ වුනාට ඒක එච්චරම සාර්ථක නෑ. ඒ හින්දම සමහර පැති වල තියෙන පළාත් පාලන ආයතනවලට වෙනමම ගිනි නිවන රථ ලබා දීලා තියෙනවා.ඔන්න මං මේ කියන පැත්තටත් ගිනි නිවන රථ එකට දෙකක්ම දීලා තිබුනා ඒරොප්පෙන් ලැබිච්ච ආධාරයක් විදිහට.

Image

මේ රථ දෙක ලැබිච්ච දවසේ මේ කට්ටිය ප්‍රීතිය සමරන්න කියලා සයිරන් දාගෙන ටවුම වටේම ගියා.නියම වැඩේ කියන්නේ ඒ යුද්ධ කාලේ කොහේටද මන්දා කොටි ගහපු දවසක්.ඒ අස්සේ මෙයාලා සයිරන් දාගෙන ටවුම වටේ යන්න ගිහිල්ලා මිනිස්සු බයවෙලා ගෙවල්වලට දිව්වත් එක්ක.මේ වැඩෙන් ගිනි නිවන රථ භාරව කටයුතු කරන කෙනා බැණුම අහපු හින්දා මේ රථ දෙක අදාල ආයතනයේ පැත්තක ගාල් කරලා තියන්න තීරණයක් ගත්තා. ඔන්න දැං ඔහොම කාලයක් ගතවුනා.හදිසියේම මේ ටවුමේ කඩවීදියේ කඩයක් ගිනිගත්තා.කඩ වීදියක ගින්නක් ඇතිවුනාම භයානකම දේ තමයි ඒක අනික් කඩවලටත් පැතිරෙන්න පුලුවන් වීම.දැන් ඔන්න වටේ හිටපු අය වැඩි හොඳට අදාල පැත්තේ පළාත් පාලන ආයතනයේ ගිනිනිවන ඒකකයට කථා කරලා කිව්වා.මොකද ඒ ආයතනයේ ඉඳන් ගිනිගත්ත කඩේට ඇති ඕනම නම් මීටර් 400. දැන් ඔන්න ඉතින් අපරාදේ කියන්න බෑ කියලා විනාඩි 10 විතර සයිරන් දාගෙන එනවා ඇහෙනවා. ඒ වුනාට ඔන්න ටිකකින් මිනිස්සු හූ…..කියනවා ඇහෙනවා.

Image

රථයත් පාර මැද නැවතිලා.අර කඩේ ගින්න නිවන්න ආපු ගිනි නිවන රථයේ තෙල් ඉවරවෙලා. (යන්න පුලුවන් වුනේ මීටර් 50 විතර).

ඒ පාර මොකද වුනේ? අනික රථයට එන්න කිව්වා,ඒක නම් ආවා එක දිගටම ගිනි ගන්න තැනටම.ඇවිල්ලා හෝස් එක අල්ලද්දි ඒක වැඩ නෑ.මොකද, ඒකට වතුර ලෝඩ් කරලා නෑ.සුපුරුදු පරිදි මිනිස්සු ආයි හූ…………කියන්න ගත්තා,අන්තිමට මොකද වුනේ? වටේ ඉන්න මිනිස්සු එකතු වෙලා කඩේ බිත්ති ටික කඩලා දාලා ගින්න පැතිරෙන එක නවත්තගත්තා.

මේක ඇත්තටම ලංකාවේ එක්තරා ටවුමක සිද්ධ වෙච්ච වැඩක්.මේ කතාවේ පාඩම වෙන මොකක්වත් නෙවෙයි අවදානමට පෙර සූදානම කියන එක.