hey Indians,repair yours t…….t

ලංකාව කියන්නේ දකුණු ආසියාවේ තියෙන රටක්.ඒක අපේ හැමෝම දන්නවා.ඒ වගේම අනික් දකුණු ආසියාතික රටවල් වෙච්ච ඉන්දියාව,පකිස්ථානය,බංග්ලාදේශය වගේ රටවල තියෙන ලක්ෂනත් ටික ටික හරි අපේ රටේත් තියෙනවා.ඒ කියන්නේ සර්ව සාම්‍ය නෙවෙයි.ඒ වුනාට යම් විදිහකට සමාන කම් තියෙනවා.විශේෂයෙන්ම ඉන්දියාව මේ පැත්තේ කලාපීය බලවතා හින්දත් ලෝක මට්ටමේ දැවැන්ත සංස්කෘතියක් තියෙන හින්දත් ඒක බලෙන් හරි ලංකාව ඇතුලට ගෙනල්ලා ඔබ්බලා ඉවරයි.අනුරාධපුර යුගයේදි ලංකාවට අස් වෙළෙඳාමේ ආපු සේන ගුත්තික දෙදෙනා අන්තිමේදි ලංකාවේ කිරීටය පැහැර ගත්තා.ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය කියපු යුග වල බිහි වෙච්ච අද්විතීය ගායක ගායිකාවන්ට ගායනා කරන්න වුනේ හින්දි තනු වලට දාපු සිංහල පද රචනා.චිත්‍රපටිවල තිබුනේ හින්දි නැත්නම් දෙමළ පිටපතේ හෝදලා අරන් ඉතුරු වෙච්ච එක.ඉන්දියාවත් ලෝකෙන්ම කොපි කරන හින්දා සමහරවිට ඒක තවත් රටකින් කොපි අරපු එකක්.අදටත් ඉන්දියාවේ තියෙන නිර්මාණ කොපි කරලා වැඩ ලංකාවේ අය කරනවා.

ඉන්දියාවේ වගේම ලංකාවෙත් හරි අපූරුවට තියෙන ලක්ෂනයක් තමයි එලියට ස්වදේශිකත්වය දාගෙන කෑගහලා ඇතුලෙන් ඒකම ප්‍රතික්ශේප කරන එක.ඒ වගේම තමන්ගේ රට ගැන තියෙන හීනමානය.

Image

මේරේ හින්දුස්ථානී කියලා කෑගහන ගමන්, තමන් ඉන්දියානුවෙක් කියලා ඊනියා අභිමානයකින් මොර දෙන ගමන් උන්ම කියනවා ඉන්දියාව හදන්න බෑ,දූෂණය, වංචාව,අල්ලස වැහි වැහැලා කියලා.අපිත් එහෙමයි තමන් මහා ශ්‍රී ලාංකිකයා කියලා මොර දෙන ගමන් අපේ රටේ දේශපාලකයො රට කනවා කියනවා.ඒ වුනාට දේශපාලුවා පස්සේ ගිහින් තමන්ට හොර පාරෙන් රස්සාවක් ගන්න,වැරදි විදිහට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න,ඕනම නීතියක් කඩලා දේශපාලන හයිය අරන් සද්දයක් දාන්න ඒ මිනිහම තමන්ගේ හිත යටින් අවිඥානිකව ආසයි.පත්තරවල වුනත් දේශපාලකයො බොරු කියනවා කිව්වට මොන එකාද ඒ කියලා කියන්නේ නෑ.මොකද ඒ ලියන පත්තරකාරයත් කවුරු හරි එකෙකුට පන්දම් අල්ලලා ගතමන්ට් එකක් ගහ ගන්න කැමතියි.

Image

අද වෙනකොට මේ ඊනියා ස්වදේශිකත්වය අන්තර්ජාලයෙත් ඔඩු දුවලා.මේකෙන් වැඩ ගන්න අයත් ඉන්නවා.අද ඉන්දියාවේ ඉන්න සමහර කලාකරුවො බටහිර රටවලට ගිහිල්ලා අනේ ඒ රටවල ඉන්න ඉන්දියානුවො ඉන්දීය විදිහට( ඒ කියන්නේ පාරේ මල පහ කරන,වාචාල කතා කියන,ගෙදරට ආපු මිනිහට වතුර පොදක් දෙන්නෙ නැති එව්වා නෙවෙයි) අර ඊනියා හින්දුස්ථානී අභිමානය තියාගෙන හැම තිස්සේම ජන ගන මන කියාගෙන ඉන්නවා කියලා පෙන්නන චිත්‍රපටි ගහනවා.මොකද ඒකෙන් අර රටවල ඉන්න සල්ලි තියෙන ඊනියා දේශප්‍රේමයකින් පෙළෙන ඉන්දියානුවාට එව්වා හොඳට විකුනන්න පුලුවන්.තමන් ඇත්ත ජීවිතේදි අඩුම ගානේ ටොයොටා එකක්වත් ගන්න හදනවා ඒත් තිරයේ පෙන්නන්නේ මරුටි විතරයි.කොණ්ඩේ ස්ට්‍රේයිට්,රීබොන්ඩ්,ටින්ට් කරන් ඉන්න මාර ආසයි, තිරයේ පෙන්නන්නේ මල් ගහන් ඉන්නවා.

Image

ඇත්ත ජීවිතේදී ගහන්නේ ඩෙනිම ඒ වුනාට සිනමාවේදි උන්ගේ රෙද්ද අඳිනවා වගේ පෙන්නනවා.ඉතින් මෙව්වා බලන ඉන්දියානුවාට උගේ ඇත්ත ජීවිතේ ප්‍රෝඩාව මතක වෙලා සිනමාව තුල පමණක් ඉන්දියානුවෙක් වෙනවා.(ඌ හොඳ වෙලාවට  හිතින් විතරයි එහෙම වෙන්නේ නැත්තං තමිල්නාඩුව කියලා හිතලා ඒ වැඩ එතන කරානම් එහෙම උන්ව ඒ රටින් පි‍ටුවහල් කරනවා).

මේක ලංකාවටත් අදාලයි. ඒ වුනාට ඉන්දියානුවා කියන්නේ ස්වභාවයෙන්ම ලාංකිකයාට වඩා වාචාල කටක් තියෙන එකෙක් හින්දා ඌ කරන මඟුල සද්දෙන්ම කරනවා.අපි උන් දිහා බලාගෙන උන් හරි පොරවල් කියලා හිතනවා. අපි උන්ව පොරවල් කරන තරමට උන් අපේ ඔලුවට අත හෝදනවා ඉවරයක් නෑ.

Advertisements

2 thoughts on “hey Indians,repair yours t…….t

  1. අපි ඉන්දියාවෙන් ආදර්ශ ගතුයුතුයකියන කතාව දැන් බොහෝ දෙනා කියනවා.. මට හිතාගන්න බැහැ ඉන්දියාවෙ මොනකෑල්ල අපි ආදර්ශයට ගන්නද කියලා…

    ඉතා සුලුතර ධනපති පන්තියක් සැප විදිද්දි ඒ වෙනුවෙන් බිලියනයක් විතර මිනිස්සු දුකින් තෙරපෙන ඉන්දියානු සමාජය කියන්නෙ අපිටත් වඩා ලොකු ටෙොයිලට් එකක්..ඒ ටොයිලට් එක උඩ වාඩිවෙලා ඉන්න මිනිස්සු අමාරුවෙන් හිනාවෙනවා දකින අපේ අය හිතනවා අඩේ ඉන්ඩියන් කාරයො මාර සන්තෝසෙන් ඉන්නවා කියලා..

    • ඉන්දියාවෙන් ආදර්ශ ගන්න කියන අය එක්කෝ ගිය ලොකුම රට තමයි ඉන්දියාව,නැත්නම් ඉන්දියාවේ ඇත්ත තත්ත්වේ ඇත්තටම දන්නේ නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s