මුදලාලි කිව්වම අපිට මතක් වෙන්නේ බඩ තඩි තට්ටේ තියෙන කපටි පෙනුමක් තියෙන තල්මහෙක් වගේ මිනිහෙක්.මුදලාලි අපිට හැම විටම හොර කරන්න බලං ඉන්න මෝඩ ගෝලයො ඉන්න කෙනෙක් විදිහට සමහරු හිතනවා.ඉතින් අපේ අයියලත් බලන් ඉන්නේ කොයි වෙලාවෙද මුදලාලිට මොත්තේ දාන්නේ කියලා.මේ කතාවෙත් කියවෙන්නේ කට්ටියක් එක දිගටම මුදලාලිට මරුසිය දාපු විදිහක්.අදටත් මේ ක්රම පාවිච්චි කරලා බලන්න පුලුවන්.
ඒ වුනාට ඇත්තටම වෙලා තියෙන්නේ නම් මීට අවුරුදු 20 කට විතර කලින් ලංකාවේ රට මැදට වෙන්න තියෙන සරසවියක කැන්ටිමකට සම්බන්ධව.වටේ යන්නේ නැතිව කතාවට බැස්සොත් මෙහෙමයි.
දවසක් එක කොල්ලෙක් දවල් දවසේ ලෙඩ වෙලා හොස්ටල් එකේ තමන්ගේ කාමරේට වෙලා ඉන්නවා.මේකට බඩේ අමාරුවක්.(කොල්ලට අපි නම දාමුකෝ ජයතු කියලා).මෙයා ඉතින් බඩේ මාරුවට MC එකට ගිහින් බේත් ගෙනල්ලා,එකත් ලාච්චුවේ දාගෙන හාන්සි වෙලා මනෝ ගගහ ඉන්නවා,සිවිලිම දිහා බලන්.දැන් වෙලාවත් ඇති දවල් 11ට විතර.ඔන්න ඔහොම ඉන්නකොට ජයතුගේ රූමා එනවා කාමරේට token එකකුත් අරං.ඒ දවස් වල මේ සරසවියේ කැන්ටිමේ කෑම ගන්න කලින් token එකක් සල්ලි දීලා ගන්න ඕන.එතකොට මුදලාලි එව්වා ගානට තමයි බත් පැකට් සූදානම් කරන්නේ.ඉතින් ජයතුගේ යාලුවත් token එක අරං කාමරේට ආවා,ජයතුගේ ලෙඩ බලන්නත් එක්ක.ජයතුවට එච්චර අමාරුවක් නෑ කියපු හින්දා යාලුවා ගියා කොහාටද මන්දා.ඒ අතරේ ජයතුට පේනවා වසරේ සොයාගැනීම.
අර token එක රෝස පාට කඩදාසියක අතින් ලියපු එකක්.ජයතුට බඩේ අමාරුවට MC එකෙන් දීපු බේත් ඔතලා දීපු කඩදාසියයි අර token කඩදාසියයි දෙකම එකයි.
ඉතින් ජයතු කලේ හිමීට අර බේත් ඔතපු කොලේ අර token එක ගානට කපලා ඒකේ අර කැන්ටින් මුදලාලිගේ අකුරු වලට සමාන විදිහටම “මාලු කෑම”” කියලා ලියන එක.දැං token දෙකයි.ජයතු බොරු එක මේසේ උඩින් තිබ්බ විදිහටම තියලා ඇත්ත එක ලාච්චුවට දැම්මා.යාලුවත් මොකුත් නොදැන අර බොරු token එක අරං කැන්ටිමෙන් කෑම එකක් අරං ආවා.යාලුවා කාමරේට ආවම ජයතු ඇහුවා
‘”මචං උඹ කෑම ගත්තද?””
“”ඔව්,ඇයි උඹට එපා කිව්වේ බඩ රිදෙනවා කියලා””
“”මං ඇහුවේ ඒක නෙවෙයි යකෝ,මේ බලපං උඹේ token එක.”
“ඈ,එතකොට මං අරං ගිය එක?”
“ඒක මං හදපු බොරු එකක්,බලපං මේ””
ජයතු පෙන්නලා කිව්වා මේ වැඩේ කරන හැටි.ඔන්න ඉතින් විනාඩි 5න් මුලු හොස්ටල් එකම දැන ගත්තා කතාව.ඔන්න ඊළඟ දවසේ කොල්ලො පෝලිමේ MC එක ගාව බඩේ අමාරුවලට බේත් ගන්න.
අනික් පැත්තෙන් ජයතුවා බොරු token හදනවා.අන්තිමට කැන්ටින් මුදලාලි ගාව token එකතු වෙනවා,සල්ලි නෑ.
ඒ පාර මිනිහා දෙමළෙන් ලියන්න ගත්තා token එක.මොන ජයතුවට දෙමළ බැරි වුනාට මිනිහට පුලුවන් ඕනම දෙයක් බලාගෙන ඒ ලෙසටම අඳින්න.
එක පැත්තකින් MC අය පුදුම වෙලා ඇයි මේ කොල්ලො ඔක්කොම බඩේ අමාරු හදාගෙන කියලා.කැන්ටිමේ මුදලාලි තක්කු මුක්කු වෙලා මේ වැඩෙ ගැන.
අන්තිමට මුදලාලි මේ token වැඩේ අතෑරලා දැම්මා.
හොඳ වෙලාවට මේ වැඩේ කෙල්ලො දැනං හිටියේ නෑ.මොකද එක කෙල්ලෙක් හරි දැන ගත්තනං අනිවාර්යයෙන්ම කෙල්ලො ජයතුවව පාවලා දෙනවා.අනික එක පාරට කෙල්ලො ඔක්කොම බඩේ අමාරු හදාගෙන MC ගාව හිටියානම් උන්ට තරු පෙනෙයි,යකෝ සතපුෂ්ප ඉල්ලන් එයිද දන්නේ නෑ කියලා.
මොනවා වුනත් මෙතනදි මුදලාලියට බකට් එකක් දීපු එක මං අනුමත නොකරන බව කියන්න ඕන.ඒ වුනාට මං මේක කියලා තියෙන්නේ මේ වගේ දේවලුත් වෙන්න පුලුවන් බව දැන ගන්න පුලුවන් වෙන්න.තව ,මේකත් කියන්න ඕන MC කියන්නේ Medical Centre එක.
පව් බන් කැන්ටිමේ එකා. උන් එච්චරම අවුලක් නෑ අපේ නම්. ඕන වැඩකට උදව් කරනවා
ඔය කැන්ටින් මුදලාලිත් එච්චරම හොඳ එකෙක් නෙවෙයි,මිනිහා කෑමවලට නොසෑහෙන්න මිරිස් දාලා තියනවා සමහර දවස් වලට බත් පැකට් එකේ ප්රමාණය අඩු කරන්න,එතකොට අඩුව ගහන එක වළක්වන්න එහෙම.
අඩේ මරු සීන් එකක්නේ…
ඔය ජාතියේ ඕනම දෙයක් කොපි කරන්න පුලුවන් ඩයල් එකක් ඉන්න එකත් වටිනවා… එතකොට ඌට කියලා ලෙක්චර් එකේ අත්සන ගහ ගත්තෑකි නේ 🙂
අත්සන ගහන එකනම් ගොඩක් එවුන් කරනවා,ඒවගේම නැති උනාට.
සහතික ඇත්ත.
මාර හොරු ටිකක් නෙ
ඇත්තටම ඔය දේ කරපු ජයතු මේ වන විට ලංකාවේ තොරතුරු තාක්ෂණ විද්වතෙක්.
අවසානෙ මෙඩිකල් සෙන්ටර් කියලා කිව්ව එක හොදයි..නැත්තං මගේ හිත යන්නෙම බම්බා වල එම ්සී එකට.. කොහොම වුනත් අර පොන්ට් එක කොපි කරන්න පුලුවන් එකාට පස්ට චාන්ස් එක තමයි වැදුනෙ..ඌ විතරක් වැඩේ කලානම් ඌට අවුට් වෙනකල් කන්න තිබුනා.. අහෝ මුදල්..