මගඩි වැඩක් දීලා ලොක්කට මාට්ටු වුනාම වෙන්නේ මොනවද කියලා ලොක්කෙක් යටතෙ වැඩ කරලා තියන අය දන්නවනේ.ඉතින් ඒ වුනාට අන්තිමට ලොක්කටම පරාජය භාරගෙන අකුලගෙන යන්න වුනාම ඒක ඊට හපන් චාටර් කිරිල්ලක් වෙනවා.අද කතාව ඒ ගැන.
අපිට වසරකට විතරකලින් මාසෙකට සැරයක් වගේ අපේ HR එකෙන් නිතරම පුහුණු වැඩසටහන් සංවිධානය කරලා අපිට එන්න කියන පුරුද්දක් තිබුනා.ගොඩක්ම වුනේ එන්න කියනවට වඩා පැමිණීම අනිවාර්යයි කියලා ලියුමක් එවන එක.ඉතින් මේ වැඩසටහන් ගොඩක් වෙලාවට තිබුනේ හවස.
අපි ඉතින් අපේ දෛනික වැඩ ටික ඉක්මනට අහවර කරලා දුවගෙන යන්න ඕන head office එකට.අපි හිටියේ ටිකක් ළඟ වුනාට හවස 5 පස්සේ කොළඹ පාරවල්වල තදබදය ගැන දන්නො දනිති.
ඒ වුනාට ලොක්කාට ඒවා අදාල නෑනේ.මොකද මිනිහාට තියෙන්නේ ඒ පැත්තේ කාමරේ ඉඳන් මේ පැත්තට එන එක. අනික ආවට පස්සේ ලොක්කගේ පුරාජේරුව අහන් ඉන්න තමයි වෙන්නේ.
ඊටත් වඩා ලොකුම බයිට් එක වුනේ මේකට පරක්කු වෙලා ආවොත් උන් අනිවාර්යයෙන්ම ලොක්කගේ බයිට් එකට අහුවෙනවා.මිනිහා පරක්කු වෙලා එන අයට කියනවා සද්දෙන් සින්දුවක් කියන්න කියලා ඔක්කොටම ඇහෙන්න.
එතන ඉඳන් සින්දුවක් කියනවා කියන්නේ මුළු HR එකටම කිව්වා වගේ තමයි කනේ තිබ්බ වගේ ඇහෙනවා.අනික ලොක්කා එහෙම සින්දු කියන්න බැරි වෙන එවුන්ව අන්තෙටම චා කරනවා.
විශේෂයෙන්ම ඔය කෙල්ලන්ට එහෙම හරියකට සින්දුවක් කියා ගන්න බැරි වෙනවා.ඔන්න ගිහිල්ලා මං තුමාටත් සෙට් වුනා මේ වැඩමුළුවකට හෙවත් ලොක්කාගේ පොර ටෝක අහන් ඉන්න යන්න.මං කොච්චර හිතන් හිටියත් කලින් යන්න office එකෙන් යද්දිම හවස 5.00යි.
දුවලා දුවලා යනකොට තව පරක්කු වෙච්ච වෙන කෙල්ලො දෙන්නෙකුත් මුණ ගැහුනා.දැන් ඔය වැඩමුළුව තියෙන්නේ ඒ තට්ටුවේ කොණක.අර කෙල්ලො දෙන්නා මෝඩ කමටද මන්දා කෙලින්ම ගිහිල්ලා අර වීදුරු දොරෙන් ඇතුලට බැලුවා.
මං නිකං පේන නොපෙනෙන ගානට හොරාට බැලුවා.බලද්දි ලොක්කා දේශනේ පටන් අරන්.මිනිහා දැක්කා අපිව.
එනවා ඇතුලට” ලොක්කා දෙසුවා.දැන් ඒ වෙද්දිම මං ඔලුව පස්සට අරං,මිනිහට එක පාර නෝට් වුනේ කෙල්ලො දෙන්නා විතරයි.
මං ඒ සැනින් දිව්වා wash room පැත්තට.මොකද මේකට ටයි දාගෙනනේ එන්න ඕනේ.මොකක් හරි මඟුලක් වුනොත් ඒකට ගියා කියනවා කියලා මං හිමීට ටයි එහෙම දාගෙන ආපහු ආවා.
එතකොට ලොක්කා අර කෙල්ලො දෙන්නා බයිට් කරනවා.දැන් මාත් ආවනේ මං හිතුවා ආ දැන් යුග ගීතයක් තමයි කියන්න වෙන්නේ මට නිකං කට හෙල්ලුවම හරිනේ කියලා.
කෙළියා තාප්පෙටම,අර කෙල්ලො දෙන්නා කියපි
“සර් මෙයත් අපි එක්ක තමයි ආවේ,අපිට ඒකයි පරක්කු වුනේ කියලා.
දැන් හරි බොසාට.මං අරුන් දෙන්නටත් පස්සේ ආවාට මදිවට උන් මාව පාවලාත් දුන්නනෙ ඔක්කොම ඉස්සරහ.(ලොක්කා හරි කැමති පාවලා දීම් වලට)
ලොක්කා මාව ගෙන්නුවා ඉස්සරහට.මිනිහා දුන්නා මට හොඳ ලෙක්චර් එකක්.දැන් අර කෙල්ලො දෙන්නවත් පරක්කු කළා කියලා මට දුන්නා සින්දු 3ක් කියන්න.
මම
පටන් ගත්තා සින්දුවක් කියන්න.ලොක්කා කවදාවත්ම ආයෙත් මේ වැඩේ නොකරන්නම.
සින්දුව තමයි මොහිදීන් බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය.මේක බොහොම උච්ච ස්වරයකින් යන එකක්නේ.අනික විනාඩි 15 විතර දිගයි.මං ගිරිය පුප්පලා මහ සද්දෙන් මේක කියන්න ගත්තම තට්ටු දෙකක් නෙවෙයි එලියටත් ඇහෙන්න ගත්තා.
දැන් HR එකේ උනුත් බය වෙලා ඇවිල්ලා වීදුරුවෙන බලං ඉන්නවා.
ලොක්කා තක්කු මුක්කු වුනා.මේකා සින්දුව කියන්න කියපු හින්දා නවත්තන්න කියන්නත් බෑ.සවුත්තුවනේ.මං ඉති ඇද ඇද විනාඩි 10 විතර කියන්න ගත්තා.අනික මං ඉස්කෝල කාලෙදි සංගීතෙ කරලා තිබුනේ නැති හින්දා මේක හරියට තල් අත්තට බොරලු වැටෙන්නා වගේ තිබුනා.
කොහොම හරි මගේ දීර්ඝ සින්දුව අවසාන වෙනවත් එක්කම ලොක්කා surrender වෙලා වැඩමුළුව පටන් ගත්තා.
මේකෙන් පස්සේ මට මේ කරදරකාර වැඩ මුළුවට එන්න කියලා කිව්වෙත් නෑ.සින්දු කීමත් නැවතුනා.අර මාව පාවලා දුන්න කෙල්ලො දෙන්නට මම රිටන් එක දුන්නා.ඒක පස්සේ කතාවකින්.