eat and die,කාපල්ලා, කාලා නැහිය

මේක ලියද්දිම ඔය බත් කඩ,සයිවර් කඩ,කොත්තු කඩ,දුවන ගිරි වලින් කන අයට මේක බලන්න  එපා කියලා දාන්න මට හිතුනත් අද එහෙම අය හොයා ගන්න එක පට්ටම අමාරු හින්දා අමුවෙන්ම මේ කතාව ලියලා දානවා.හැබැයි රජෝ මේක කියවලා නිකං බඩ කැරකිලා අඹරාගෙන නිකං පෙරළාගෙන එනවා නම් මේක කියව කියව ඉන්න එපා යන්න සුදුසුම තැනක් හොයා ගෙන දුවන්න හොඳේ.ඉතින් අද මං කියන්න යන්නේ ලංකාවේ කෑම ව්‍යාපාරයේ නැත්නම් ඒ ආශ්‍රිත සැපයුම් ඒ කියන්නේ උයන්න පිහන්න ගන්න බඩු ආශ්‍රිත වෙළෙඳාමේ යන ජිල් මාට් ගැන.සමහර ඒවා නම් නොසැලකිල්ල නැත්නම් ලේසියට කරන ඒවා.මොක වුනත් අන්තිමට වෙන්නේ කන එකාට බඩ සුද්ද වෙන්න බේත් බිව්වා වගේ වැඩ.මුලින්ම පටන් ගන්නම්කො කුස්සියෙන්ම.

Image

flicker.com

ඔය කඩ වල සාමාන්‍යයෙන් මාලු හොදි,මස් හොදි,බිත්තර හොදි කියලා වෙනම හොදි හදන්නේ නෑනේ.ඒ ගොල්ලො කරන්නේ මස් කෑලි,මාලු කෑලි වෙනම ගන්නවා.ඊට පස්සේ අර අයින් කරන ඒවා අයින් කරන එක.ඒ වුනාට සමහර ඇම්ඩන් කඩවල එව්වා අයින් කරන්නේ නෑ.ඒවා දාලා වෙනමම එක හොද්දක් හදනවා.ඊට පස්සේ අපි මාලු ඉල්ලුවම ඒ හොද්දට මාලු කෑල්ලක් දාලා ගේනවා.මස් ඉල්ලුවොත් මස් කෑල්ලක් දාලා ගේනවා.කවමදාවත් අර හොද්ද හදන කල්දේරම යට තියෙන එව්වයින් ගන්නෙ නැති හින්දා අර එව්වා අහු වෙන්නේ නෑ.

Image

enforex.com

ඊ ගාවට පරිප්පු හොදි.ඇත්තටම කඩවල අල හොදි පරිප්පු හොදි වෙනම හදන්නේ නෑ.ඒකනම් කමක් නෑ.ඒ වුනාට ඔය හොද්ද හදද්දි කරන ජිල් මාට් එකක් තියෙනවා.ඒ තමයි හොද්දෙ උකු බව ගන්න එක.ඇත්තටම මේකෙන් අඩු වියදෙමෙන් ලොකු හොද්දක් හදා ගන්න පුලුවන්.ඒ තමයි අර හොදි කල්දේරමට පාන් පිටි දාපු ගෝනියක් හිමීට බස්සන එක.ඒක දාලා උඩට ගන්නවා.

(මතක තියා ගන්න ගෝනියේ යටට විතරයි පිටි තියෙන්නේ හොඳේ)

ඉතින් හොද්ද හොඳට උකු වෙනවා.ඉතින් ඔහොම වුනාට හදිසියේම කඩේ වැඩිපුර හොදි ඉල්ලනවා,දැන් හොදි මදි.මොකද කරන්නේ ගෙනත් දානවා ලි‍ඳෙන් වතුර බාල්දියක්.

ඔය ලිඳ බැරිවෙලාවත් වැසිකිළිය ගාව තියෙන එකක් නම් ඒ කඩෙන් කන අයට දෙවියන්ගේම පිහිටයි.මොකද වැස්ස කාලෙට ලිඳේ ජල මට්ටමයි අරකේ මට්ටමයි සමාන වෙනවා.

ඒ වගේම අපි කන ඒවට දාන ඔය අඩුම කුඩුම වලටත් හොඳම ඒවා දානවා.ඒ කියන්නේ මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු,ගම්මිරිස් වෙනුවට ගස්ලබු ඇට,තුන පහ වෙනුවට පුන්නක්කු දාන තැන් තියෙනවා.ඒවා ඉතින් ගොඩක් අය දන්න ජිල් මාට්.

Image

wired.com

ඔය වගේ ජිල්මාට් එකක් දාන්න ගිහින් ඒ කියන්නේ බිත්තර තම්බපු වතුරෙන් නූඩ්ල්ස් තම්බන්න ගිහින් පහුගිය කාලේදි ජරමරයක් වුනා මතකත් ඇති.

අපි මේකට විසඳුමක් විදිහට ගොඩක් වෙලාවට කරන්නේ ඔය ලොකු ලොකු නම් තියෙන තැන් වලින් ලොකු ගානකට කන එක වුනත් ඒ වගේ වුනත් අවදානමක් තියෙනවා.

දවසක් අපි සරසවියේ ඉගෙන ගනිද්දි ලමයෙක්ගේ උපන්දිනයක් සමරන්න කියලා ලංකාවේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන පියා සහ පුත්‍රයො ආයතනයකින් කේක් එකක් ගෙන්න ගත්තා.මොකද අපේ සරසවියට ආසන්නම බේකරියවුනේ ඒක.

අපි සාමාන්‍යයෙන් කේක් එකක් අහුවුනාම ඕක සෞම්‍ය සාන්ත දාන්ත විදිහට කන්නේ නෑ.පැන්න ගමන් කඩාගෙන කනවා.ඒ වුනාට මේක අර ගෑනු දරුවකුගේ උපන්දිනයක් හින්දා එතුමිය කැමති වුනේ නෑ අපි එහෙම කරනවට. ඉතින් අර පිහියක් එහෙම අරගෙන කපද්දි එක තැනක මෙන්න පිහිය හිර වෙනවා.බලද්දි තියෙනවා බෝන්ස් තෑගි.

“”බ්ලේඩ් එකක්””

Image

londonbaking.com

සමහරවිට පිටි අනපු අයියා අපිට කේක් එක කපන්න ඕන වෙයි කියලා බ්ලේඩ් එකකුත් එව්වාද දන්නේ නෑ.මොක වුනත් මේක දැකලා තරු පෙනිච්ච අපි ටික දවසක් යන කම්ම අර කඩා පැනීමේ හමුදා ආහාර ගැනීම නැවැත්තුවා.

දැන් මේක බැලුවම මොනවවත් කන්න බැරි වෙනවා කියලත් හිතෙන්න පුලුවන්.මොනවා වුනත් කියන්න වෙන්නේ අර ජීවත් වෙන්නේ කන්න කියන එක මතක තියා ගන්න එක.මොකද ජීවත් වෙන්නේ කන්න හින්දා තව කන්න දේවල් තියෙනවා කියලා හිතේ තියාගෙන කන්න වෙනවා.

Advertisements

8 thoughts on “eat and die,කාපල්ලා, කාලා නැහිය

  1. සමහර නගර සභා වලින් ආහාර ගන්න ස්ථාන වර්ගීකරණය කරලා තියනවා නේද? ඒකෙන් පොඩි හරි සහනයක් වෙන්නේ නැද්ද?

    • සහනයක් නම් වෙනවා.නමුත් ප්‍රශ්නේ ඒ තැනුත් මහජන සෞඛ්‍ය පරීක්ෂක මඟින් සතිපතා පරීක්ෂා විය යුතුයි.බැරි වෙලාවත් මිනිහා අල්ලසට ලොල්ලෙක් නම් වැඩේ ජෝං බාස්ට යනවා.නමුත් සමහර කඩ තියෙනවා අපිට යම් විශ්වාසයකින් කන්න පුලුවන්.අර කෑගල්ලේ ටවුමේ කෝවිලට එහා පැත්තෙ පාරේ කඩයක් තියෙනවා ඒකේ උයනවා කන තැනට පේන විදිහට හදලා තියෙනවා.හැබැයි ගණන්.

  2. කඩවල්වල බැදුම් තෙල් ඉතුරු කරගන්න කරන වැඩක් තමයි මුලින්ම ඒ තෙලින් ඌරුමස් බදින එක. එතකොට ඌරුතෙල් ඔක්කොම අර තාච්චියට එනවා. ඊටපස්සෙ අනෙක් මස් ජාති, මාළු, බිත්තර ඔක්කොම බදින්නෙ අර ඌරු තෙලින්.
    ඔය වගේ කරන ජරා වැඩ නම් නිමක් නෑ. ඒකනෙ කෝකි තමුන් උයන කඩෙන් නොකන්නෙත්..

    • ඌරු මස් බදිනකොට එන තෙල් කන්දරාවට හිතෙනවා තෙල් නැතුව බැද්දා නම් කියලා.අර චොප්සිය හදනකොට සමහරු ඒ මස් තම්බපු ස්ටොක් එකේම එලවළු තම්බනවා.

  3. යාලුවා කිව්වට තරහ වෙන්න එපා… මිනිස්සු, විශේෂයෙන්ම කඩ කෑම කන ඕනම කෙනෙක් ඔය ගැන දන්නව. එත් ඒ ඕනම කෙනෙක්ගෙ තියෙන අවස්ථිතිය තමයි අවිඤ්ඤානිකව ඒ රහට කැමති වීම….

    • මාත් කාලයක් කඩ කෑම කාපු නිසා ඒ බව දන්නවා.ඔතන වෙන්නේ කඩ කෑම කාලා කාලා පුරුදු වුනාම ගෙදර හදන කෑම කන්න බෑ.මම ඇත්තටම කියන්න හදන්නේ රසට වඩා ඒකේ ඇතුලාන්තය ගැන.පිරිසිදුකම ගැන.

  4. ඔය වගේ වැඩ නං අනන්තවත් සිද්ද වෙනවා හෝටල් වල.. මේ ලඟදි බාගෙට කුණු වෙච්ච අල ලූනු හෝටල්කාරයන්ට විකුණන සෙට් එකක් අහු උනා..

    • කුණු වෙච්ච අල ලූණු පේස්ට්‍රි ඇතුලට දාන්න අඹරලා ගන්නවා.කොත්තු හදන්න ගන්නවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s