සෙනසුරු අපලය හෙටයි.Saturn,what will be will be?

මේ දවස් වල ගොඩක් අය කේන්දර පස්සේ යනවා.සමහරු කේන්දරේ ඔලුව උඩ තියාගෙන.මංගල්‍ය උත්සවයක ඡායාරූප ශිල්පියා ලොක්කා වෙනවා වගේ සමහරුන්ගේ ජීවිතේ ලොක්කා වෙලා තියෙන්නේ කේන්දර කාරයො.ජෝතිශ්‍යය විශ්වාස කරනවටත් වඩා මගඩි කාරයෙක්ව ඔලුව උඩ තියා ගත්තම තමන්ට අපලේ වෙන්නේ ඒ මනුස්සයම තමයි.ඉතින් අද මං කියන්නේ ඔය ජෝතිශ්‍යය විශ්වාස කරන නොකරන හැමෝටම මේ අපලෙන් ගැලවෙන්න පොඩි උපක්‍රමයක්.මේක කතාවක් ඇසුරෙන් මං කියන්නම්.

Image

slaveofjesuschrist.me

හැබැයි මේ කතාව මගේ නිර්මානයක් නෙවෙයි.පුරාණ හින්දු කතාවක් විදිහට තමයි පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ.මේක ඒ විදිහටම කරලා බලන්න යන්න ඕන නෑ.ඒ වුනාට මේකේ අදහස ඔලුවට ගන්න පුලුවන් නම් එච්චරයි.

ජෝතිශ්‍යය ගැන උනන්දුවක් දක්වන අය වගේම නිකමට හරි මේ ගැන අහලා තියෙන අය දන්නවා අපල ගෙනත් දෙන ග්‍රහයො අතරින් ප්‍රමුඛතම ග්‍රහයා වෙන්නේ සෙනසුරු නැත්නම් ශනි කියන ග්‍රහයා බව.සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථුවියට පේන ග්‍රහයින් අතරින් ගත්තම ලස්සනම ග්‍රහයා වෙන්නේ සෙනසුරු ග්‍රහයා වුනාට ජෝතිශ්‍යය තුලදි සෙනසුරු සැලකෙන්නෙ පාප ග්‍රහයෙක් විදිහට.

Image

hdwallpapersinn.com

ඔය රාවණා කතාවටත් සෙනසුරුගේ සම්බන්ධයක් තියෙනවා.කොහොමහරි සෙනසුරු එක එක අයට අපල කර කර එනකොට දෙවියන්ගෙත් වාරය ආවාලු.ඕකේ එක අපලයකදි අර විෂ්ණු දෙවියන්ටත් බට කොල කන්න සැලැස්වීමත් සෙනසුරු ග්‍රහයගේ පිටින් ගිය විදිහට තමයි කතාවල කියවෙන්නේ.

ඔන්න සෙනසුරුට වාරය ආවලු ගණ දෙවියන්ට අපල කරන කාලය.ඉතින් සෙනසුරු ඔන්න කලින්ම ගණ දෙවියෝ ගාවට ගිහිල්ලා කිව්වලු ඔන්න හෙට ඉඳන් අපල කාලය ඇරඹෙනවා,කින්ද මන්ද සේරම ටික.

Image

samadhiyoga.net

කොහොමත් ද්‍රවිඩ සාහිත්‍යය තුල ගණ දෙවියන් සැලකෙන්නේ බුද්ධියට නැත්නම් නුවණට අධිපති දෙවියෝ කියලනේ.ඉතින් ගණ දෙවියෝ මේ සෙනසුරු ආවම කිව්වලු

ආ මට ඕවා මතක තියා ගන්න බෑ,ඒ හින්දා ඕක මගේ බඩේ ලියලා යන්න කියලා.නැත්නම් අමතක වෙයි කියලා.ඉතින් ඔන්න සෙනසුරුත් ගණ දෙවියන්ගේ බඩේ ලියලා ගියාලු

“”හෙට සිට අපලයි”” කියලා.

ඔන්න ඉතින් ඊළඟ දවසේ සෙනසුරු ආවලු ගණ දෙවියන්ට අපල කරන්න,වෙච්ච පොරොන්දුව පරිදි.ඇවිල්ලා කිව්වලු

ගණ දෙවියනි ඔන්න මම ආවා,අද ඉඳන් අපල කරන්න කියලා.එතකොටම ගණ දෙවියො කියනවලු

“”මොනවා අද ඉඳන්,වෙන්න බෑනේ,ඔබතුමාමනේ ලියලා ගියේ හෙට සිට අපලයි කියලා මේ.ඉතින් අද නෙවේ හෙට එන්න “”කියලා.

ඒ පාර තමන් ලියපු වගන්තිය දැකපු සෙනසුරු  යන්න ගියා,මොකද ඒකේ තියෙන්නේ හෙට සිට අපලයි කියලනේ.ඔන්න ඉතින් ඊළඟ දවසෙත් සෙනසුරු ආවලු පොරොන්දු වූ පරිදි අපල කරන්න.ඒ වුනාට එදත් ගණ දෙවියො පෙන්නුවලු අද නෙවෙයි හෙට සිට අපලයි කියලා.එදත් සෙනසුරු හැරිලා ගියා.

ඊළඟ දවසෙත්,ඊටත් පස්සේ දවසේ.ඔහොම ඉස්සරහට යද්දි සෙනසුරුටම තේරුනා ගණ දෙවියෝ තමනට අපල කරන්න බැරි වෙන්න ප්‍රයෝගයක් යොදලා කියලා.

මොකද හෙට සිට අපලයි කිව්වම ඒ හෙට කවදාවත් එන හෙටක් නෙවෙයිනේ.අන්තිමේදි ගණ දෙවියන්ව අපලෙන් බේරිලා තියෙනවලු.

දැං මේ කතාවේ හරය මොකක්ද?අපිත් සෙනසුරු අපලෙට බඩේ හෙට සිට අපලයි කිව්වම අපලේ දුරු වෙනවද?

නෑ ඒක නෙවෙයි මේ කියන්නේ.

සෙනසුරු නෙවෙයි මොන අපලේ වුනත් තමන්ට පුලුවන් නම් ඒ අපලය එක්ක සටන් වදින්න ඒකෙන් වෙන බලපෑම අවම කර ගන්න පුලුවන්.වඩා වැදගත් වෙන්නේ තමන්ගේ චිත්ත ශක්තිය.ඒ ඒ දෝෂය තියෙනවා කියලා වැලපෙමින් ඉන්නවට වඩා ඒකට කරන්න ඕන ප්‍රතිකර්ම මනාව කරානම් බලපෑම අවම කර ගන්න පුලුවන්.හැබැයි අද දවසෙදි ලංකාවේ සමහර ජෝතිෂ්‍ය ගල් ටික්කො කරන්නේ මේක විකුණ ගෙන විනාශ කරන එක.

එක්තරා පුද්ගලයෙක් ඉන්නවා ඔහු ලංකාවේ මැණික් වෙළෙන්දන්ගෙන් පලුදු වෙච්ච මැණික් ගල් ගන්නවා අඩුවට.ඒවා ඔහු අර අපලයට මේ අපලයට ගල් අල්ලලා මුදු හදා ගන්න එන අයට තමන් මැතුරුවා කියලා ලොකු ගානකට විකුණනවා,වෙන කොහෙවත් නෙවෙයි මේ කොළඹම තමයි.

හැබැයි ඒ වුනාට ඊටත් වඩා සාර්ථක හා දීර්ඝ කාලීන පිළියම් තියෙනවා.

ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට තමන්ගේ කේන්දරය අනුව ධනය කියන දෙය රඳවා තබා ගන්න බෑ.ඉතින් ඒ අනුව ගත්තම මේක බලන අය කියන්න ගත්තා කොච්චර සල්ලි හම්බ කළත් වැඩක් නෑ,නාස්ති වෙනවා කියලා.ව්‍යාපාර පටන් ගන්න එපා කියලත් අවවාද දෙනවා.ඒ වුනාට මනා ජෝතිෂ්‍ය දැනුමක් සහිත මෙයා කරන්නෙ  තමන් හම්බ කරන සල්ලි (මතක තබා ගන්න සේවා සපයන ව්‍යාපාරයක් මෙයා කරන්නේ),ලද සැනින් කුමක් හෝ ආයෝජනයක යොදවනවා.ඉඩම් ගන්නවා,වාහන ගන්නවා.ගොඩක් වෙලාවට ගන්නේ ලමයින්ගේ නමට.

ඉතින් අනාවැකිය හරි, මොකද සල්ලි රඳන්නේ නෑ.ඒ වුනාට අන්තිමට ඵලදායී දෙයක යෙදවිලා තියෙනවා.

තව සමහර අයගේ කේන්දර බලලා කියනවා ආ මෙයාට තුවාල වෙන්න තියෙනවා,ලේ හෙල්ලෙන්න තියෙනවා කියලා.ඉතින් හොඳම දේ තමන්ට හැකිනම් ලේ දන් දෙන්න.

 

මතක තියා ගන්න සෙනසුරු කියන්නේ අපල විතරක් කරන ග්‍රහයෙක් නෙවෙයි.අනික සෙනසුරු අපලය ලබපු පමනින් එයා විපතට පත් වෙන්නේ නෑ.ලග්න කේන්ද්‍රය වගේම නවාංශක කේන්ද්‍රය දිහාත් බලලා සෙනසුරුගේ බලය,එයත් එක්ක ඉන්න වෙන ග්‍රහයො, මොනවද බැලුම් හෙලන්නෙ මොන ග්‍රහයොද මේ සියල්ලත් බලලා නිගමනයකට එන්න.

 අනික වැදගත්ම දේ ජෝතිෂ්‍යය යනු හොඳ සේවකයෙකි,භයානක ස්වාමියෙකි.(කිව්වේ මංතුමා)

Advertisements

6 thoughts on “සෙනසුරු අපලය හෙටයි.Saturn,what will be will be?

  1. අමුතුම කෝණයකින් බලලා වගේ. අර කතාවෙන්ද දන්නේ නෑ බාලගිරි දෝෂය අද නෙවේ හෙට ආවේ

    • සම්බන්ධයක් තියෙන්න බැරිත් නෑ.බාලගිරි ගැන පුලුවන් වුනොත් ඉස්සරහට ලියන්නම්.

  2. හොඳින් විග්‍රහ කර ඇත. ඕනෑම අපලයක් කල් තියා හඳුනාගැනීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් වලකා ගත හැක. කර්මය යම් තරමක් හෝ ජයගත හැක.

    සුබ පැතුම්.

    බුදු සරණයි !

    • කේන්ද්‍රය කර මත තබා ගැනීම නොව කළ යුත්තේ එය හා නිවැරදිව සටන් කිරීමයි.බුදු සරණයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s