සුද්දෝ.ලංකාවේ ඉන්න ගොඩක් අය මූලික අන්ත දෙකක ඉන්නවා.මේ අන්ත දෙකම ලංකාව සුද්දට එහෙම නැත්නම් යුරෝපයේ විදේශිකයින්ට යටත් වෙච්ච හින්දා ඇති වෙච්ච ඒවා කිව්වොත් මං හිතන්නේ හරි.තමන් උදේට බොන තේ කෝප්පයේ ඉඳලා රෑට නිදා ගන්න යන ඇඳේ කොට්ටේ දක්වාම මේ අන්ත දෙක ඒ අය පාවිච්චි කරනවා ඒකට අදාල වුනත් නොවුනත්.ඒ තමයි විදේශීය,විශේෂයෙන්ම සුද්දගෙන් එන හැම දෙයක්ම හොඳයි කියන එක.මොකද මොනවා වුනත් සුද්දෝනේ කියලා.
අනික තමයි ඔය පර සුද්දගේ එව්වා අපිට එපා.ඕක විදේශීය කුමන්ත්‍රණයක් කියන එක.එයාලට විදේශීය කිසිම දෙයක් එපා ගානට තමයි ඉන්නේ.මොකද ඒවා සුද්දන්ගේ කියලා.
හැබැයි ඔය මොනවා කිව්වත් අපි පිළි ගන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි ලෝකේ මිනිස්සු සුදු කලු කියලා බේද කරන්න හොඳ නැති එක.ඒක පැත්තකින් තියලා කතාවට බැස්සොත් අද කියන්න වෙන්නේ ලංකාවට ආපු සුද්දෙකුට වෙච්ච අකරතැබ්බක් ගැන.කොහොමත් ලංකාවට එන සුද්දන්ට එක එක විදිහේ කරදර වෙනවනේ.සමහරු ඕනකමින්ම කරවනවා.ඔන්න දවසක් එක ගමක ඉන්න මනුස්සයෙක්, අපි කියමුකෝ බන්දුල කියලා,(බන්දුල ගුණවර්ධන නෙවේ) එයාගේ වත්තේ වරකා ගහක ඉදුණු වරකා ගෙඩියක් දැක්කා.ඒක හොඳටම ඉදිලා.මිනිහා කොහොමත් වැල,වරකා වෙනස හොඳට අඳුන්න හින්දා මේ වරකා ගෙඩිය කන්න හිතන් බා ගත්තා.
ඔය වරකා කාපු අය දන්නවැති වරකා මදුළු නිකං එකපාරටම කටේ දාගෙන ගිලින්නේ නෑ.ඒකට ගම්මිරිස් ටිකක් හොඳට කුඩු කරලා ඉහලා තමයි කන්න ඕනේ.
බන්දුල ඉතින් එහෙමත් කරලා වත්තේ මායිමේ ඉඳන් වරකා කන කොට මේන්න බොලේ යනවා වත්ත අයිනෙන් සුද්දෙක්!
මොකද වත්ත තියෙන්නේ පාර අයිනේ.
බන්දුවට ඉංග්‍රීසී බෑ.සුද්දට සිංහල බෑ.ඒ වුනාට බන්දුවා සුද්දට අඬ ගහලා දුන්නා වරකා මදුළක්.මොකද ලංකාවේ අයගේ ඇඟේම තියෙන දෙයක්නේ ආගන්තුක සත්කාරය කියන එක.
දෙන්නටම කටින් භාෂාව බැරි හින්දා අතින් පයින් කතා කරලා ඔන්න දැන් සුද්දා වරකා මදුලක් අරං කනවා.(ඒ සුද්දට මීට කලින් ලංකාවේ ඇම්ඩෙක් එහෙම හම්බවෙලා නැතුව ඇති.)
ටික වෙලාවක් යනකොට බන්දුලට ඇහෙනවා ටකස්,බකස්,කරස් කියලා සද්දයක්,සුද්දා වරකා කනකොට.අනික බන්දුවා වරකා කාලා ඇටේ වීසි කරාට සුද්දා එහෙමත් නෑ.බලද්දි මළ සේක.සුද්දාට වරකා මඩුළු දුන්නට ඇටේ අයින් කරේ නෑනේ.ඉතින් සුද්දත් ඇටේ පිටින් වැඩේ දෙනවා.
පස්සේ බන්දුවා මිනිහගේ ඉංග්‍රීසී දන්න පුතෙක් ගෙන්නලා සුද්දට හරි විදිහට වරකා කන විදිහ කියලා දුන්නා.සුද්දා එතකොට තමයි වරකාවල නියම රස දැනගත්තේ.
ඒ සුද්දා ඇවිල්ලා ඒ පැත්තේ කාලයක් නතර වෙලා හිටියා.අන්තිමට ඒ සුද්දා යද්දි බන්දුවට මේ වරකා ටින් කරලා රට යවන අදහසකුත් දීලා ගියා.ඒ වුනාට බන්දුවා ප්රමුඛ පවුලට ලොකු වුනේ ඒ සුද්දා දීලා ගිය අරුමෝසම් බඩු වගයක්.
බන්දුවා නම් සාමාන්‍ය විදිහට තාමත් එතන.ඒත් පස්සේ කාලෙක ලංකාවට ආපු සුද්දා වෙනත් රටකින් ආපු ඔය වගේ රස මසවුලක් ටින් කරලා ලංකාවේ අයටම විකුණන ව්‍යාපාරයක් හදලා ගියා.
අපි ඉතින් හැම වෙලේම කතා කරන්නේ විජාතික ආක්රමන ගැනනේ.. එහෙම කියන අයම තමයි විජාතිකයන්ට වැදගෙන ඉන්නේ.. 🙂
වැදගත්ම දේ වටින දේ වටින දෙයක් කියලා අදුන ගන්න පුලුවන් තරම් නුවනක් සුද්දට තිබ්බ එක. ඒ නුවණ අපට නැති එක ගැන අපි දික්වෙන්න ඔනා..
මොකද වරකා කියන්නේ පෝෂණ ගුණයෙන් අධික ආහාරයක්. රසවිතරක් නෙවේ..
සුද්දට තිබ්බ මොළේ අපේ එක්කෙනාට තිබ්බා නම් මිනිහා දැන් ලොකු පෝසතෙක්.
සිරාවටම බන් දියුණු වෙන්න ඕනේ නම් ක්‍රම ඕන තරම්. අපි හිතන්නේ නැති කම විතරයි
මොනවා කරන්නද බං?
තව කාලයක් යනකම් ඔහොමම වෙයිද? මම ලඟදි සුදු යාළුවෙක් එක්ක ගමනක් ගියා. මම අපේ පොල් තැඹිලි ගැන පොල් ටෝක් එකක් දිදී ගියේ. ලංකාවේ කඩයක් ගාව නැවතුනා බඩු ටිකක් ගන්න පොරට ලංකාවේ කෑම වේලක් දෙන්න. මිනිහා හෙන ආසාවේන් මෙන්න උඹලගේ පොල් වතුර කියලා කෑන් එකක් ගෙනාවා. මම කිව්වා මේක පොල් වතුර තමයි, හැබැයි මැලේසියාවේ කියලා. පොර අහනවා ලංකාවේ කඩේක මැලේසියන් පොල් වතුර විකුනන්නේ උඹලට ටෙක්නොලොජි එක නැද්ද කියලා. මොනවා කියන්නද…මම කිව්වා පොල්කිරි පැකට් හදනවා කියලා..එයින් එකක් අරන් ගෙදර ඇවිත් පොරට කෑම හදලා දුන්නා.
ඕක නිතර අපි දකින දෙයක්.ලංකාවේ පොල්, අපි ඔය decicated coconut කියන්නේ,ඒවා අපි ඇමරිකාවේ අර උදේට කන ධාන්‍ය ආහාරයක කිරිවලට එක් කරන්න යවනවා.ඊට පස්සේ ඒවා එහෙන් මෙහාට ගෙනැල්ලා හරියට ඇමරිකන් පොල් කිරි වගේ දාගෙන කනවා.
ශාහ්… වරකා බෑවක් කාපු කාලයක් මතක නෑ.
:-))))))))))))