කේන්දර පලිය why marriages break? failure of astrology?

සුනිල් පෙරේරා කියලා කියන්නේ ලංකාවේ අතිශය විවාදාත්මක චරිතයක්.එයාට වැඩිය ලොකු කලාකාරයො කොච්චර ලංකාවේ හිටියත් තමන් කියන කරන බොහොම පොඩි දෙයකින් ලොකු සමාජ කැළඹීමක් කරන්න පුලුවන් කෙනෙක්.එයාගේ අතිශය ප්‍රසිද්ධ ගීතයක් තමයි “” I don”t know why හෙවත් එහෙම වෙන්නේ ඇයි කියන ගීතය.මේකෙන් ලංකාවේ අපි හැමෝම දන්න,එහෙම නැත්නම් දන්න ඒත් පවත්නා සමාජ සම්මතය ඇතුලෙදි අපි ප්‍රශ්න නොකරන සිද්ධීන් ගණනාවක් මෙයා වේදිකාවක කෑගහලා අහනවා.

දේශපාලකයො සින්දු කියන,සින්දු කියන අය රඟපාන,රඟපාන අය වලත්තකම් කරන,වලත්තකම් කරන උන්ට උපාධි දෙන,ඒ උපාධි ගන්න මහ ආචාරිලා හිච්චි කෙල්ලො එක්ක බුදියගන්න තරමට දැකුම් දෙන රටේ මේ කොහෙවත් ඉන්න බයිලා කාරයෙක් විදිහට ලංකාවේ ප්‍රබුද්ධ සංගීතය තුල සලකන,විදග්ධ සංගීතය තුල රස්තියාදුකාරයෙක් වෙන මේ සුනිල් පෙරේරා ලංකාවේ අද පවතින සම්මතය ප්‍රශ්න කරලා ගිනි කූරක් ගහපු ගමන් ලංකාවෙ ඉන්න හනුමන්ලා ටික තම තමන්ගේ වලිග පුච්චගෙන ගිනි සිසිල කරන්න ගන්නවා.

ඉතින් අන්තිමට ලංකාව තුල සුනිල් පෙරේරා දේශපාලකයෙකුට වඩා දේශපාලකයෙක් වෙනවා.එයාගේ භාවිතය හින්දා.

කොහොමහරි අද මං කියන්න යන්නේ මේ සුනිල් පෙරේරාගේ අර I don’t know why ගීතයේ එන එක් ප්‍රශ්නයක් ගැන.ඒ තමයි ඔහු මේ ගීතයේ අහන ජෝතිශ්‍ය ප්‍රශ්නය.

හොයලා බලලා කරන මඟුල් කැඩිලා යනවා,ඒ වුනාට පැනලා යන මඟුල් හරියනවා,මෙහෙම වෙන්නේ ඇයි?

ඇත්තටම ඒක හරි අපූරු ප්‍රශ්නයක්.මොකද ලංකාවේ අද වෙනකොට පුදුමාකාර ජෝතිෂ්‍ය උන්මාදයක් යන වෙලාවක්.ඕනම රූපවාහිනී නාලිකාවක උදේට යන වැඩසටහන්,විශේෂයෙන්ම අර කාන්තා වැඩසටහන් කියන එව්වයේ එක එක විදිහේ ජෝතිෂ්‍ය වැඩර්ලා ජිල්මාට් පෙන්නනවා.ලෝකේ සාමාන්‍යයෙන් ඕනම දේශපාලකයෙක් මේ වගේ ගුප්ත දේවල් පස්සේ යන එක සාමාන්‍ය දෙයක්.ඒ වුනාට අද හරි පුදුමාකාර විදිහට මේක ඔලුව උඩ තියාගෙන.

මොක වුනත් ඇත්තටම ඇයි මේ මෙච්චර හොයලා බලලා කරන මඟුල් කැඩිලා යන්නේ?තේරෙන සිංහලෙන් ඇහුවොත් ඇයි මේ කේන්දර බලලා කරන මඟුල් කැඩිලා යන්නේ?

සුනිල් පෙරේරා කියන විදිහට ග්‍රහයො නීච වෙලාවත්ද?

ඇත්තටම එක විදිහකට ග්‍රහයා නීච වීමක් තමයි.

වෙන මොන ග්‍රහයෙක්වත් නෙවෙයි අනවශ්‍ය විදිහට කේන්දර ඔලුව උඩ තියාගත්ත ඒත් මේ ගැන විවෘත මනසකින් බලන්න බැරි මිනිස්සුන්ගේ හිත් නීච වීම තමයි හේතුව.

ලංකාවේ ගොඩක් අය හිතනවා කේන්දර දෙකක් ගලපනවා කියන්නේ ඒ කේන්දර දෙක අරං ඒවයේ අර පොරොන්දම් 20 එහාට මෙහාට දාලා ප්‍රතිශතයක් විදිහට ගලපන එක කියලා.ඒ කියන්නේ පොරොන්දම් 20න් 15ක් ගැලපෙනවා නම් 75% ගැලපෙනවා කියලා සමහර අති පණ්ඩිතයො හිතනවා.

වැදගත්ම දේ,කේන්දර දෙකක් ගලපනවා කියන්නේ පොරොන්දම් ගලපන එක විතරක් නෙවෙයි.ඔයාට පංචාග ලිතක් අරගෙන ඒක කියවන්න තරම් අකුරු ඉගෙනගෙන තියෙනවානම්,මූලික ගණිත කර්ම සාමාන්‍ය තරමකින් දන්නවා නම්ඔයාට පොරොන්දම් බලන්න පුලුවන්.අනික ඒ වගේම අද ඔයාලට අන්තර්ජාලයෙන් නොමිලෙම පොරොන්දම් ගලපලා ගන්න පුලුවන්.ප්‍රධානම දේ පොරොන්දම් 100% ගැලපුනත් ඒ කේන්දර දෙක කසාද බඳින්න ගැලපෙන්න බැරි වෙන්න පුලුවන්.ඒ හින්දා කවදාවත් පොරොන්දම් ගැලපිච්ච පලියට ඒ දෙන්නා හරියට ගැලපෙනවා කියලා කියන්න එපා.

දෙවන කාරණය.කේන්දර දෙකක් ගලපනවා නම් ඒ දෙකේ ග්‍රහ පිහිටීම් අමතක කරන්න එපා.මොකද තේරෙන සිංහලෙන් කියනවානම් දෙන්නෙක් එකට ජීවත් වෙද්දි මුහුන දෙන තත්ත්වයන් පොරොන්දම් වලටත් එහා ගිය විදිහට පෙන්නලා දෙන සටහන තමයි  ඒ දෙන්නගේ කේන්දර සටහන.ඒ ගැන මහා විග්‍රහයක් කරන්න ගියොත් මේක ලියන මටවත් නොතේරෙන මට්ටමට එන හින්දා සරල උදාහරණයකින් කියන්නම්.

හිතන්න අති ධාවන කාම යෝගයක් තියෙන කෙනෙක්,උපාසකයෙක් වගේ තියෙන කෙනෙක්ව බැන්දොත් වෙන්නේ මොකක්ද?( මේ වගේ ඒවට මං කියන්නේ නම් කසාදයට හොඳයි,වටේ පිටේ අයට ඊටත් වඩා හොඳයි කියලා)

 

ඒත් මේ හැම දේටම එහා ගිය තව දෙයක් තියෙනවා.ඒ තමයි කේන්දරය කියන්නේ ජීවිතය නෙවෙයි කියන එක.නමුත් ඒකට තමන්ට අවශ්‍යනම් මඟපෙන්වීමක් කරගන්න පුලුවන්.

කසාදයකට බාධා එන්න මොනවද ඕන කියලා දැන ගන්න කැමති අය ඉන්නවා නම් unfaithful වගේ චිත්තරපටියක් බලලා අවබෝධ කර ගන්න පුලුවන්.

ඊට පස්සේ එතකොට ඇයි හඳපානේ පැනලා යන මඟුල් හරි යන්නේ?

ඇත්තටම  පැනලා යන මඟුල් හැම එකක්ම හරි යන්නේ නෑ.කැඩිලා යන ඒවත් තියෙනවා.බොරු නම් ඔබ දන්නා හඳුනන නීතිඥවරයෙක් ඉන්නවනම් දික්කසාද නඩු කතා කරන, එයාගෙන්ම අහගන්න පුලුවන්.

හැබැයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා.ඔය පැනලා යන්නේ හරිම අමාරුවක් තියෙන,ඉවසං ඉන්න බැරි අය කියලා හිතුවොත් ඒ අයගේ කේන්දරවල ගොඩක් වෙලාවට සිකුරු ග්‍රහයා බලවත්ව ඉන්නවා වෙන්න පුලුවන්.ඉතින් සිකුරු ග්‍රහයාගේ අතිශය බලවත් වීමක් තිබුනොත් අඩුම ගානේ ඒ දශාව තුලවත් යම් විදිහකට අනික් නරක බලපෑම් යට වෙන්න පුලුවන්.

ප්‍රධානම දේ, කේන්දර කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයට බලපාන එක දෙයක් විතරයි.ඔයා ජෝතිෂ්‍ය විශ්වාස කරනවා නම් ඒක ඔයාගේ විශ්වාසය.අපි දැන ගන්න ඕන කේන්දරය දිහා බලලා ඒක එක්ක සටන් කරන්න.ඒත් ලංකාවේ අද ඉන්න (ඉස්සරත් ඉඳලා තියෙනවා වෙන්න පුළුවන්) ජිල්මාට් කාරයෝ ඒදේ මිනිස්සුන්ට හරියට කියනවද??????

(මෙම පෝස්‍ටුව සඳහා තාක්ෂණික කරුණු ගවේෂණයේදී පියසේන රතුවිතාන මහතාගේ “ඔබේ කේන්දරයේ හත” නම් පොත ඉවහල් කරගන්නා ලදී.)

Advertisements

2 thoughts on “කේන්දර පලිය why marriages break? failure of astrology?

  1. පවසා ඇති කරුණු වලට එකඟය.
    ග්‍රහයන් නීච වුවද ගැටළුවකින් තොරව සතුටින් සිටින අය සිටිති. ඒවාට බොහෝ හේතු ඇත. දෘෂ්ඨි, අදාල කාලයන්, සිතින් සිතා කටයුතු කිරීම ආදිය ප්‍රධාන වේ.
    විවාහයට මූලික වන්නෙ හිත් වල ගැලපීමයි.. පොරොන්දම් ගැලපීම නොවේ. පොරොන්දම් ගැලපුනු පමණින් විවාහ ජීවිතය සාර්ථක වන්නේ නැත.
    පොරොන්දම් නොගැලපීමේ වුවද අවස්ථා ඇත. ඒවා අනුව එකිනෙකෙහි ඵල වෙනස් විය හැක. පොදුවේ ලොකුවට නොගැලපෙන පොරොන්දම් ඇති අය තත්වයන් තේරුම් ගෙන විවාහ වී යහපතින් දිවි ගත කරනු අප දැක ඇත. එසේම මුලදී කේන්දර නොබැලුවද විවාහ වී කාලයකදී ගැටළු පැමිණීමේදි පරික්ෂා කර බලා තමන්ගේ ඇති නොගැලපීම් වලට අදාල කටයුතු සහ ශාන්ති කර්ම කරගෙන සතුටින් සිටින අයද බොහෝ වෙත්. ( බිරිඳ රාත්‍රියේ ටෙලිනාට්‍යයක් නරඹන විට, සැමියාට ක්‍රිකට් තරඟය උවමනාය. ඒවැනි දෑ නිවසේ ටීවි 2ක් තිබීමෙන් විසඳේ)
    පොරොන්දම පරීක්ෂා කරවන්නෙ ඒවා දැනගැනීමට මිස පොරොන්දම පමණක් මුල් කරගැනීමට නොවේ. ඒ අනුව යහපතින් දිවි ගෙවන බොහෝ දෙනා අපි දනිමු.
    මෙතන ගැටළුව ජෞතිර්වේදින් කියාගන්නා සමහර වංචාකරුවන්ගේ කටයුතුය. එවන් අය කරන කටයුතු නිසා වැරදෙන ජීවිත හෝ එවන් අවස්ථා නිසා බොහෝ කරදර බාධක ඇතිවේ. ඒනිසාම ජෞතිෂ්‍යය ගැන විශ්වාසය පළුදු වේ.
    දැනගත යුත්තේ ජෞතිෂ්‍යය ලෞකික දියුණුවටම පමණක් සෑදුනු විද්‍යාවක් බවයි. එසේම මෙම ලිපියේ සඳහන් පරිදි කේන්දර සටහනේ ඇති දුබලකමට විරුද්ධව සටන් කිරීම එනම් බුදුන් වහන්සේ පැවසූ පරිදි කර්මය ජයගැනීමට උත්සහ කිරීම වැදගත්ය. ඒ තුලින් කර්මයේ විපාක හොඳට හෝ නරකට වෙනස් කරගත හැක.

    • බොහෝම ස්තූතියි.ඇත්තටම ඔය අදහස ලංකාවේ මිනිස්සුන්ට දෙන්න ඕනම ආකල්පයක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s