මහා නාලාගිරි දමනය.Nalagiri and politics

දැන් තියෙන ඡන්ද උණුසුමත් එක්ක ඕනම ගිනි පුපුරක් මහා ගිනි ජාලාවක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.හැබැයි ඒක අද විතරක් තියෙන දෙයක් නෙවෙයි.ඕනම කාලෙක දේශපාලනය කියන්නේ මිනිස්සුන්ට හොඳට රණ්ඩුවෙන්න පුළුවන් මාතෘකාවක්.විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය.අද කියන්න යන්නෙත් ඒ වගේම ලංකාවේ පක්ෂ දේශපාලනයට යට වෙච්ච කතාවක් ගැන.

ලංකාවේ වෙසක් එකට පොසොන් එකට තොරණ් බඳින සාමාන්‍ය දෙයක්නේ.ඔන්න ඉතින් එක නගරෙක පොසොන් තොරණක් හැදුවා ඒ පැත්තේ ඉන්න කට්ටියක් එකතු වෙලා.මේක වුනේ 1990 ගණන් වල.මේ තොරණ ඉතින් ගොඩක් වියදම් කරලා ලස්සනට චිත්‍ර ඇඳලා,විදුලි බුබුළු දාලා හොඳට හැදුවා.

ඔන්න ඉතින් තොරණ විවෘත කරන දවසත් ආවා.

තොරණ විවෘත කරන උත්සවයට ලොකු ලොක්කො එහෙමත් ආවා.දැන් ඔන්න ඉතින් තොරණ විවෘත කරා කියමුකො.

ටික වෙලාවකින් මෙන්න මිනිස්සු හිනා වෙන්නයි,කෑ ගහන්නයි,හූ කියන්නයි ගත්තා.අන්තිමේදි එතන ලොකු ගාලගෝට්ටිය රණ්ඩුවකට පෙරලුනා.අන්තිමට තොරණට ගල් ගහලා තොරණ සංවිධානය කරපු අය එක්කත් රණ්ඩු වෙලා තොරණ කඩලා දැම්මා.

Image

මොකක්ද හේතුව?

මේ තොරණේ කතාව තමයි නාලාගිරි දමනය.මේ කතාව සජීවී විදිහට ඉදිරිපත් කරන්න ඕන හින්දා සංවිධායකයින් නාලාගිරි හස්තියා වැඳවැටෙන  විදිහට රූපයක් හැදුවා.එතකොට නාලාගිරි හස්තියා දුවගෙන ඇවිල්ලා නැවි නැවි වඳිනවා.වඳින්නේ?වඳින්නේ බුදු හාමුදුරුවෝ සංකේතවත් කරමින් අතක ලකුණක් හදලා තිබ්බා.ඒ අතට තමයි වඳින්නේ.

ඉතින් අලියා අතට නැවි නැවි වඳිනවා දැක්ක එක්සත් ජාතික පාක්ෂිකයොයි අර සංවිධායක මණ්ඩලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටියයි අතර මේකට රණ්ඩුවක් ගිහිල්ලා.

කොහොමින් කොහොමින් හරි මේ පැත්තේ ඊට පස්සේ නම් නාලාගිරි දමනය කිසිම තොරණකට අරං නෑ.

Advertisements

8 thoughts on “මහා නාලාගිරි දමනය.Nalagiri and politics

    • මට එහෙමත් හිතුණා.ඒ වුනාට වෙන විදිහකට තේරුම් ගනී කියලා හිතලා මං එහෙම දැම්මේ නෑ.

  1. පිස්සු හැදෙනවා බන්. ඒ දවස්වල ඡන්ද පොල ගාව ඉඳන් අතට ඡන්දේ දෙන්න කිය කිය අත පෙන්න පෙන්න කියනවාලු පොරක්. අනිත් පැත්තේ එකෙක් කඩුවක් අරන් ඇවිත් අරූගේ අත කපලා. හොඳ වෙලාවට වෙන්වෙලා නැහැ. අපේ ආච්චී ඒ කාලේ කියපු කතාවක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s