cheating teachers ලංකාවේ ගුරු හොරු.

මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක.

දවසක් මං  පොඩි කාලේදි  අම්මට සමාන පද ලියන්න කියලා ඉස්කෝලෙදි වැඩක් දුන්නා.කොහොමත් හැකි තරම් ලියන්න ඕන හින්දා මං ඉතින් දන්න හැම වචනයක්ම ලියුවා.මෙන්න පොත් බලද්දි  මං ලියපු එක වචනයකට වැරදි දාලා.මොකක්ද වචනය

“ජනනී”.

හේතුව අදාල ගුරුවරිය දන්නේ නෑ අම්මට සමාන පදයක් තමයි ජනනී කියන එක කියලා.

Image

මේ ගුරුවරීම තමයි පස්සේ වෙලාවක වතුරට අඹ කියලා ලියුවම ඒකට පොල් සයිස් එකේ වැ‍රැද්දක් දැම්මේ. ඇත්තටම ඒ වෙලාවේ මං ඒ ගැන තර්ක කරන්න ගියේ නෑ.ඒක කරබාගෙන හිටියා.පස්සේ කාලෙක මට තේරුනා ඒක ඒ ගුරුවරීගේ නොදැනීම කියලා.

පස්සේ කාලෙක මේ සිදුවීම මං තවත් යාලුවෙකුට කියද්දි එයාටත් ඒ වගේම අත්දැකීමක් වෙලා තිබුනා.ඒ සාමාන්‍ය පෙලදි.භාගික ආසවනයෙන් තෙල් හිඳීමට පාවිච්චි කරන පත්‍ර වර්ග ලියද්දි ඒ ලමයා පැඟිරි කියලා ලියුවම අදාල ගුරුවරී ඒකට ලකුණු දීලා තිබුනේ නෑ.මොකද ඒක ඒ ගුරුවරී නොදන්න හින්දා.

ඒ විතරක් නෙවෙයි විභාගේ වෙලාවෙදි පස්සේ වාර වලදි කියන් යනවලු “ලමයි අපි උගන්නපුවට විතරයි ලකුණු දෙන්නේ” කියලා.

ඇත්තටම ඉස්කෝල කියන්නේ දැනුම සැරිසරන තැනක් වෙලත් මේ වගේ ගල් යුගයේ චින්තනයක් තියෙන ගුරුවරු ඒක ඇතුලේ ඉන්නේ ඇයි?

ලංකාවේ ගුරු වෘත්තිය කියන්නේ පඩි අතින් ගත්තොත් අඩුම මට්ටමක තියෙන ඒත් ප්‍රතිලාභ අතින් උපරිම මට්ටමක තියෙන රස්සාවක්.ඒ හින්දා ඒක අර ‍රැකියාවක් විදිහට මොකක් හරි කරගෙන ඉන්න ඒ කියන්නේ ශේප් එකේ ඉන්න අයගේ සොඳුරු රජ දහනක් වෙලා.

තමන්ට අනික් අයට උගැන්වීමේ හැකියාව තියෙන නිසා නොව විවේකයෙන් රස්සාවක් කරන්න ඕන හින්දා ගුරු වෘත්තියට ආපු අය ගුරුවරු විදිහට පන්තියට ගියාම ඒ අයගේ පුද්ගලික ඕනම ප්‍රශ්නයක් ලමයි පිටින් යනවා.

අනික ගුරුවරයා කියන තත්ත්වය තුලම නායකත්වයක් ඔබ්බවන හින්දත් ඒ නායකත්වය කිසිම පෞරුෂයක් නැති නපුංසකයෙකුට දරා ගන්න බැරි හින්දත් ඒ නපුංසකයො ඉස්කෝලවල ලමයි මරාගෙන කන්න හදනවා.අපචාර කරනවා.

ඉස්කෝලෙට තෙල් ගාගෙන එන්න හොඳ නම් ජෙල් ගාන්න නරක ඇයි?

ඉස්කෝලෙට ලමයින්ට ජංගම දුරකථන අරං එන්න නරකයි නම් පන්ති කාමරේ ටීචර්ලා මල් කඩන්නේ ඇයි?

 

ලමයි අසභ්‍ය වචන කතා කරන්න හොඳ නැත්නම්, ඉස්කෝලවල staff room වල කුණුහරුප කතා පිරී ඉතිරී යන්නේ ඇයි?

ගුරුවරු කරන්නේ ඉගැන්වීම/ඉගෙන ගැනීමට මඟ පෙන්වීම නම් ඊට ඉස්සර ඒ ගුරුවරයාට ඒ විෂය ඉගෙන ගන්න බැරි ඇයි හරියට?

 

ලංකාවේ  ප‍ටුම සිතුම් පැතුම් ඇත්තේ ගුරුවරුන්ටද?

පාසල් වියේදී ඇතිවන ප්‍රේම සබඳතාවන්ට අත දාලා ඒ ලමයි සමාජය ඉදිරියේ අපරාධකාරයො කරවන්න ඒ ගුරුවරුන්ට අයිතියක් තියෙනවා නම් සිසුවො ඒ ගුරුවරුන්ගේ ප්‍රේම සබඳතාවන්ට අත දැම්මොත් මොකක් වෙයිද?

සිසුන්ගේ ජීවිත අවුල් කරන ගුරුවරුනි,විදුහල්පතිවරුනි,

ඔබ සැම ගුරුවෘත්තියෙන් සමු ගන්නා දිනයක් ඇත.ඔබ පිටින් නොයනා ඔබ කළ කරුම ඔබේ දරුවන්ට උරුම වනු දැකීමට ඔබ කැමති විය යුතුය.මන්ද පාසල තුල ඔබ මොන කෙරුමා වුවද සමාජය තුල ඔබ තවත් එක් පුද්ගලයෙකු පමණි.ඔබෙන් පීඩිත වූ සිසුවා සමඟ ඔබ ගනුදෙනු කළ යුත්තේද ඒ සමාජය තුලමය.

Advertisements

7 thoughts on “cheating teachers ලංකාවේ ගුරු හොරු.

  1. ඇත්තම ඇත්ත කථාවක් සහෝ ඕක පාසලට නෙවේ උසස් අධ්‍යාපනයටත් පොදුයි සහෝ. අපිත් උසස් අධ්‍යාපන්යේ නියලෙන උදවුය හැටියට ඕක නොඅඩුව අත්විදිනවා අපි මොකක් හරි පැවරුමක් ඒ ගොල්ලො දුන්නු කරුනුවලට පිටින් දාලා ගෙනල්ලා දුන්නොත් ඒක කොච්චර හරි උනත් ඒ ගොල්ලො නොදන්නා නිසා ලකුනු අඩුයි.. සමහර වෙලාවට ගුරුවරයා කී දේට වඩා වඩාත් නිවැරදි කරුනුත් අපට හමුවනවා ඒත් එවා ඔවුන් නොදන්නා නිසා වැරදි.. ඔන්න ඔහොමයි අධ්‍යාපනය සහෝ….

  2. ගන්න පඩියටත් වැඩක් කරන්නේ නැති මේ වගේ අය ඉන්න අතරේ කියන්න බැරි තරම් සේවාවක් කරන්න ගුරු දෙවි වරු තාමත් ඉන්න එක වටිනවා

    • කොයි වෙලාවේ හරි මම හිතුවා ඒ වගේ ගුරුදෙවිවරු ගැන කවුරුහරි අහයි කියලා.ඒ නිසාම තමයි මං ගුරු හොරු කියලම ලිව්වේ.ගුරුවරු නොකියා.

  3. “අනික ගුරුවරයා කියන තත්ත්වය තුලම නායකත්වයක් ඔබ්බවන හින්දත් ඒ නායකත්වය කිසිම පෞරුෂයක් නැති නපුංසකයෙකුට දරා ගන්න බැරි හින්දත් ඒ නපුංසකයො ඉස්කෝලවල ලමයි මරාගෙන කන්න හදනවා.අපචාර කරනවා.”

    කතාව මසුරන්
    ඔය දේ වෙලා තියෙන්නේ මා පිළිගන්නා ආකාරයට බොහෝ ගුරුවරු ගුරුවරු වන්නේ තමන්ගේ හීනය සාර්ථක කරගන්න බැරිවූනහම යි.
    A/L වලදී Campus යන්න බැරි වුනාම විද්‍යා පීට යනවා,
    Doctor වෙන්න ගිහිල්ලා අනා ගත්තම Chemistry හරි bio හරි ගුරු තෝරාගන්නවා.

    හේතුව තමන්ගේ ආත්ම තෘප්තියට වෘතිය තෝරා ගැනීම නොව කරන්න දෙයක් නොමැති කමට තෝරා ගැනීමකි.
    ඔය කියන ආත්ම තෘප්තියට උගන්වන ගුරු තමයි දෙවි කියල අපි හැමෝම හඳුවන්වන්නේ.
    ඒ දෙවි ළමයි දිහා බලන්නේ වෙනස්ම ආකාරයෙන්,
    තමන්ගේ ජිවිත අත්දැකීම් උදව්වෙන් ඒ අයට ජිවිතේ ගොඩයන හැටි කියා දෙනවා වගේම කරනවා.

    මා දැකපු අත්දැකීම් මත ගුරු වරියන් තමයි ඔය කියන ප්‍රශ්නයේ මුල.
    ඔවුන් කිසිසේත් තමන් නොදන්නා බව සගවයි.එයට හේතුවද මෙයයි.

    ආත්ම තෘප්තියට රැකියාව තෝරාගන්න.

    • පැහැදිලිවම.තමන්ගේ හැකියාව පැත්තකට දාලා ‍රැකියාවක් නොමැතිකම මත ගුරු වෘත්තිය ‍තෝර ගත්ත අය මේ විනාශය ලස්සනට කරනවා.මට මතක විදිහට 2002 වගේ වසරක මහ බැංකු වාර්තාවකත් මේ වගේ දෙයක් ගැන දක්වලා තිබ්බා.

  4. එකඟයි. අපේ ආච්චි අම්මා විදුහල්පතිනියක්. උදේ 6ය ගියාම හවස 6 පහුවෙලා ගෙදර ඇවිත් තියෙන්නෙ. ඒ කරපු කැපවීම් දරුවන් වෙනුවෙන් අදටත් ඒ ගෝලයෝ, ගෝල පවුල් වල අය අපිට පින් දෙනවා, මතක් කරනවා…

    අද ගුරුරුවන්ගෙ දැනුම හා හැසිරීම භයානයකි. ඇත්තටම පොතක් හරියට නොකියපු අය ගුරුවරු උනාම, ඉරිසියාවෙන් කුහකත්වයෙන් පිරුණු අය ගුරුවරු උනාම ඒක බරපතලයි.
    මට මතකයි අපිටත් එහෙම සෑහෙන කරදර උනා. එක වතාවක් සමාජ අධ්‍යයනය කරපු ගුරුවරයා කියනවා දොන් ජුවන් ධර්මපාල රජතුමා, බුවනෙකබාහු රජතුමාගෙ කවුරුහරි නෑයෙක් වෙන්න ඇතිලු. ඒ තරමට ඉතිහාස පොතක් කියවල දන්නෙ නෑ. 7 වෙනි බුවනෙකබාහු රජතුමාගේ දුවගේ පුතා තමයි ඒ කියල අපි නම් දැනන් හිටියා. මොකුත් කිව්වෙ නෑ හැබැයි.
    ඒ කියන්නෙ ගුරු අත්පොතයි පෙල පොතයි විතරයි. ඇතුල හිස්. ඇතුලෙ තියෙන්නෙ වෛරය, ක්‍රෝධය, තමන්ගෙ එකාට විතරක් ඉහලට යන්න පාර හදන මේ රටම මූසල වෙන පහත් මානසිකත්වය.
    ෆේස්බුක් එක තුල පවා ගුරුවරු ඉන්නවා එයාලගෙන් සමහර ගුරුවරු ඇත්තටම පොතක් කියවල නෑ. එහෙම අය ගුරුවරු වෙන එක ජාතියේම අවාසනාව. මොකද එයාලගේ ආයෝජනය තමයි රටට ඉදිරියට බලපාන්නෙ… හ්ම්…

    • ප්‍රධානම හේතුව වෙන්නේ හුදෙක් ‍රැකියාවක් ලෙස සලකා ගුරු සේවයට එන එක.මටත් හරි පුදුම ලංකාවේ ගුරුවරු උගන්වන දේ ගැන විතරක් නෙවෙයි ලෝකය ගැනත් ගොඩක් ප‍ටු විදිහට හිතන එක.ඒක ලමයින්ට ආදේශ කරන්නත් එයාලා පසුබට වෙන්නේ නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s