රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow.

රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට.

ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා.

අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ඒ කියන්නේ original කතාව කියවන ඕනම කෙනෙකුට දැන ගන්න.ඒත් මං කියන්න ඕන මේ කතාව මගේ නිර්මාණයක් නෙවේ.මං මුලින්ම මේ කතාව කියෙව්වේ “”ගුරු සේවයේ රස කතා”” කියන පොතෙන්.මේ පොතේ  ප්‍රකාශකයා  මට අමතක වීම ගැනත් මං මගේ කණගා‍ටුව පළ කරනවා.

Image

sinhalapothak.blogspot.com

ඔය ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ තියෙන එක පාලන ක්‍රමයක් තමයි ඉස්කෝල වලට කාලෙන් කාලෙට පරීක්ෂකවරු එවලා හොයලා බලන එක.මෙතනදි ගුරුවරු හොඳට උගන්වනවද කියන එක මූලිකව ඉස්කෝලේ ඉන්න අදාළ රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී හරියට කරනවද කියන එක බලලා යනවා.

ඔන්න දවසක් එක ඉස්කෝලෙකට ආපු පරීක්ෂකවරයෙක් ගුරුවරු හොඳට උගන්වනවද කියලා හොයලා බලන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.මේ පරීක්ෂකවරයගේ තියෙන එක පුරුද්දක් තමයි කොහොමහරි මොකක් හරි වැ‍රැද්දක් හොයන් අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන එක.ඉතින් මෙයා එක එක විදිහට ප්‍රශ්න ඇහුවත් ළමයි ඉතින් කොහොමහරි උත්තරයක් ගැට ගහලා කිව්වා.ඉතින් මේ පරීක්ෂකවරයගේ හිතට හරි නෑ.ඒ පාර මෙයා ලමයින්ගේ සිංහල පොත පෙරලලා බැලුවා.ඒකේ තියෙනවා රාමායනය කතාවේ කොටසක්.

ඉතින් ඔය රාමායනය කියන කතාව දන්න අය දන්නවා ඒකේ තියෙන විදිහට සීතා කුමරිය, අම්මා තාත්තා නැතුව උපදින විදිහට තමයි ලියලා තියෙන්නේ කියලා.ඒ කියන්නේ ජනක කියන රජතුමා වප් මඟුල් උත්සවයට සහභාගී වෙලා ඉන්න අතර තුරදි සාන ලද බිමෙන් කුඩා දැරිවියක් හමු වුනා.ඇය සීතා කුමරිය විදිහට රජතුමා තමන්ගේ දියණියක් විදිහට හදා වඩා ගත්තා.නමුත් ඒ ගමන් ජනක රජතුමා හරි අපුරු ක්‍රීඩාවකුත් නිර්මානය කරලා තිබුනා යම් හෙයකින් මේ කුමරියගේ අයිතිකරුවෙක් ආවොත් කාට හිමි වෙනවද කියලා ‍තෝරගන්න.මොකද ඒ කාලේ ජාන ඉංජිනේරු විද්‍යාව දියුණු මට්ටමක තිබුණු බවක් වාර්තා වෙලා නෑ.

මේ සෙල්ලම තමයි ජනක රජතුමා සතුව තිබ්බ විසාල දුන්නක් තදින් ඇදලා ඒකට දුනු දිය එහෙම යොදලා ඒ දුන්න කඩන්න.

මේ දුනු කතාව කියද්දි මට මතක් වෙන්නේ යුලිසිස් කතාව.ඒකෙදිත් ඒ කියන්නේ හෝමර් විසින් රචිත ඔඩෙසි කියන කතාවේ පරිවර්තනයකට අනුව දීර්ඝ සමුද්‍ර ගමනකින් පස්සේ සිය රට බලා එන යුලිසිස්ට විතරක් අදින්න පුලුවන්වෙලා තිබ්බ දුන්නක් ගැන කතාවක් තිබුනා.කොහොමහරි අපි රාමායනේ කතාවට ආවොත් මේ දුන්න කඩා දමන, ඒ කියන්නේ අල්ලලා පොළේ ගහලා නෙවෙයි,ඇදලා නියම ක්‍රමය කඩන කෙනාට සීතා කුමරියගේ අයිතිය හිමි  වෙනවා.කතාව එලෙසම ගොඩක් කුමාරවරු ආවත් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන රාම කුමාරයා එනකන් කාටවත් බැරි වෙනවා ඒ දුන්න කඩලා දාන්න.ඉතින්  රාම කුමාරයා ඇවිල්ලා දුන්න කඩන්නෙත් සීතා කුමරිය ලස්සන කෙල්ලක් වෙලා ඉන්න කාලෙලු.ඒ කාලෙට ඉතින් සීතා කුමරිය හිමි කරගන්නේ කිරි පොවන්න නෙවෙයිනේ.ඉතින් රාම කුමාරයා සීතා කුමරියව බැඳ ගන්නවා.සමහරු කියන විදිහට නම් රාම කුමරයා එන කාලේ වෙන කොට අර ජනක රජුගේ දුන්න මලකඩ කාලලු තිබ්බේ.ඒක ඉතින් මං දන්නේ නෑ,කොහොමහරි රාම කුමාරයා ජනක රජුගේ දුන්න කඩලා සීතාව හිමි කරගත්තා.

දැන් අපේ කතාවට එමුකෝ.ඉතින් මේ පරීක්ෂකවරයා කල්පනා කරා මේක අහන්න.ඒත් එයා මේක ඇහුවේ වෙනස් විදිහකට.

“””ජනකගේ දුන්න කැඩුවේ කවුද?””

මතක තියාගන්න මෙතනදි මේ පරීක්ෂකවරයා මේ ප්‍රශ්නයට පසුබිම් වෙච්ච කිසිම දෙයක් කිව්වේ නෑ.ඒ ටික එයාගේ හිතේ.ඒත් ලමයි දකින්නේ තනි ප්‍රශ්නයක්නේ.ඒතමයි ජනක්ගේ දුන්න කැඩුවේ කවුද කියන එක.ඉතින් ලමයි තක්බීර් වුනා.

පරීක්ෂකවරයට සතු‍ටුයි.මොකද ලමයි කොර වුනානේ.ඒ පාර පරීක්ෂකවරයා සිංහ නාද කරලා ගුරුවරුන්ගෙනුත් ඇහුවා.එයාලත් දන්නේ නෑ.අන්තිමට පරීක්ෂකවරයා ඉස්කෝලේ ලොග් පොතේ සටහනක් දැම්මා “”පාසලේ අධ්‍යාපන කටයුතු අසතු‍ටුදායකය.ජනකගේ දුන්න කැඩුවේ කවුද කියා කිසිවෙක් නොදනිති””කියලා.ඒ වගේම ඒ සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලේ අධ්‍යක්ෂකට එවන්න කියලත් කියලා ගියා.ඉතින් විදුහල්පතිවරයා ඒ කියපු විදිහටම සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලෙට යැව්වම ඒ ලිපිය විවෘත කරේ ලේකම්.ඉතින් ලේකම් බැලුවා ආ මේ ඉස්කෝලේ උපකරණයක් කැඩිලා කියලා එයා එව්වා විදුහල්පතිට ලිපියක් මෙහෙම.

“පාසල් පිරියත හා උපකරණ නඩත්තු හා අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය තවම කැඳවා නොමැත.එතෙක් කැඩුනු කොටස් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කර වෙනම තබන්න””කියලා.

ඔන්න ඕක තමයි කතාව.එහෙම නැතුව රාවණාගේ දුන්නක් කැඩුවේ නෑ.

ඒ වගේම මේ කතාව ලාමක ටිං ටිං කතාවකුත් නෙවෙයි.මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ප්‍රශ්න අහද්දි තමන්ට ඕන උත්තරේ හිතේ තියන් විවෘත ප්‍රශ්න අහලා වැඩක් නෑ කියන එක.

ඒ කියන්නේ විවෘත ප්‍රශ්න අහනවා එක එක විදිහේ උත්තර එන්න පුළුවන්.ඒත් ලකුණු දෙන්නේ එක උත්තරයකට.

උත්තරේ සිට ප්‍රශ්නය හැදුවට ප්‍රශ්නය විතරක් අරගෙන හිතන්නේ නෑ ප්‍රශ්න හදන කට්ටිය.ඔය සමාජ විද්‍යාවන් හදාරන කට්ටිය මේ තත්ත්වය අනන්තවත් දැකලා ඇති.

ඉතින් ඔය ඇකඩිමියාව වැළඳිච්ච කට්ටිය දිගටම අහන්නේ එකම ප්‍රශ්නය.

Image

ජනකගේ දුන්න කැඩුවේ කවුද?

Advertisements

10 thoughts on “රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow.

    • කතාවෙන් දෙන ආදර්ශය නම් ඒම.ඒ වුනාට මේක මේ රාවණාගේ දුන්නක් පටලවගෙන කතාව වැරදියට ලාමක ටිං ටිං ගණයට වැටිලා.හරිම කතාව දෙන්න ඕන නිසයි මං මේක දැම්මේ.

  1. හිහික් හික් හික්
    පට්ට කතාව බං… ඉල ඇදෙනව හිනා වෙලා…
    මේ දවස් වල ඔය ගොං පාට් දාන්නෙත් ඕ වගේ ගුරුහොරු වෙන්නැ…
    හිහික් හික්…

    පුලුවං නං අපේ පැත්තටත් ඇවිත් යන්න…
    අවන්හල

  2. ප්‍රකාශකයා කවුද කියලා මතක් කරන්න මමත් ට්‍රයි කලා. එත් මතක් වෙන්නේ නැ. ගොඩක් ඒ දවස් වල උන දෙවල් වගෙම ගොඩක් කතා වයබ පලාතත් එක්ක සම්බන්ද බව නම් මතකයි. අවුරුදු ගානකට කලින් කියාපු පොතක්…

    • ඇත්තටම මටත් වුවමනා වුනේ මේ රාවනාගේ දුන්නක් විදිහට වැරදියට යන කතාවේ මුල් නිර්මාණය වෙච්ච මේ පොත ගැන කියන්න.මේ පොත ආයිමත් හම්බවුනොත් ආයි කියවන්න හිතෙන තරමේ පොතක්.

  3. ඔහොම ඩයල් අනන්තවත් ඉන්නවා පුලුවන්නම් අහයි දුන්න මොනවගෙන්ද හදලා තිබුනෙ කියලත්

    • ලස්සනම වැඩේ මේ ආදර්ශය සරසවි,ඉස්කෝල,විද්‍යාපීඨ ඕනම එකෙක කරන එක.උත්තරේ හිතේ තියන් විවෘත ප්‍රශ්න අහනවා නිශ්චිත උත්තර වලට.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s