රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow.

රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට.

ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා.

අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ඒ කියන්නේ original කතාව කියවන ඕනම කෙනෙකුට දැන ගන්න.ඒත් මං කියන්න ඕන මේ කතාව මගේ නිර්මාණයක් නෙවේ.මං මුලින්ම මේ කතාව කියෙව්වේ “”ගුරු සේවයේ රස කතා”” කියන පොතෙන්.මේ පොතේ  ප්‍රකාශකයා  මට අමතක වීම ගැනත් මං මගේ කණගා‍ටුව පළ කරනවා.

Image

sinhalapothak.blogspot.com

ඔය ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ තියෙන එක පාලන ක්‍රමයක් තමයි ඉස්කෝල වලට කාලෙන් කාලෙට පරීක්ෂකවරු එවලා හොයලා බලන එක.මෙතනදි ගුරුවරු හොඳට උගන්වනවද කියන එක මූලිකව ඉස්කෝලේ ඉන්න අදාළ රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී හරියට කරනවද කියන එක බලලා යනවා.

ඔන්න දවසක් එක ඉස්කෝලෙකට ආපු පරීක්ෂකවරයෙක් ගුරුවරු හොඳට උගන්වනවද කියලා හොයලා බලන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.මේ පරීක්ෂකවරයගේ තියෙන එක පුරුද්දක් තමයි කොහොමහරි මොකක් හරි වැ‍රැද්දක් හොයන් අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන එක.ඉතින් මෙයා එක එක විදිහට ප්‍රශ්න ඇහුවත් ළමයි ඉතින් කොහොමහරි උත්තරයක් ගැට ගහලා කිව්වා.ඉතින් මේ පරීක්ෂකවරයගේ හිතට හරි නෑ.ඒ පාර මෙයා ලමයින්ගේ සිංහල පොත පෙරලලා බැලුවා.ඒකේ තියෙනවා රාමායනය කතාවේ කොටසක්.

ඉතින් ඔය රාමායනය කියන කතාව දන්න අය දන්නවා ඒකේ තියෙන විදිහට සීතා කුමරිය, අම්මා තාත්තා නැතුව උපදින විදිහට තමයි ලියලා තියෙන්නේ කියලා.ඒ කියන්නේ ජනක කියන රජතුමා වප් මඟුල් උත්සවයට සහභාගී වෙලා ඉන්න අතර තුරදි සාන ලද බිමෙන් කුඩා දැරිවියක් හමු වුනා.ඇය සීතා කුමරිය විදිහට රජතුමා තමන්ගේ දියණියක් විදිහට හදා වඩා ගත්තා.නමුත් ඒ ගමන් ජනක රජතුමා හරි අපුරු ක්‍රීඩාවකුත් නිර්මානය කරලා තිබුනා යම් හෙයකින් මේ කුමරියගේ අයිතිකරුවෙක් ආවොත් කාට හිමි වෙනවද කියලා ‍තෝරගන්න.මොකද ඒ කාලේ ජාන ඉංජිනේරු විද්‍යාව දියුණු මට්ටමක තිබුණු බවක් වාර්තා වෙලා නෑ.

මේ සෙල්ලම තමයි ජනක රජතුමා සතුව තිබ්බ විසාල දුන්නක් තදින් ඇදලා ඒකට දුනු දිය එහෙම යොදලා ඒ දුන්න කඩන්න.

මේ දුනු කතාව කියද්දි මට මතක් වෙන්නේ යුලිසිස් කතාව.ඒකෙදිත් ඒ කියන්නේ හෝමර් විසින් රචිත ඔඩෙසි කියන කතාවේ පරිවර්තනයකට අනුව දීර්ඝ සමුද්‍ර ගමනකින් පස්සේ සිය රට බලා එන යුලිසිස්ට විතරක් අදින්න පුලුවන්වෙලා තිබ්බ දුන්නක් ගැන කතාවක් තිබුනා.කොහොමහරි අපි රාමායනේ කතාවට ආවොත් මේ දුන්න කඩා දමන, ඒ කියන්නේ අල්ලලා පොළේ ගහලා නෙවෙයි,ඇදලා නියම ක්‍රමය කඩන කෙනාට සීතා කුමරියගේ අයිතිය හිමි  වෙනවා.කතාව එලෙසම ගොඩක් කුමාරවරු ආවත් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන රාම කුමාරයා එනකන් කාටවත් බැරි වෙනවා ඒ දුන්න කඩලා දාන්න.ඉතින්  රාම කුමාරයා ඇවිල්ලා දුන්න කඩන්නෙත් සීතා කුමරිය ලස්සන කෙල්ලක් වෙලා ඉන්න කාලෙලු.ඒ කාලෙට ඉතින් සීතා කුමරිය හිමි කරගන්නේ කිරි පොවන්න නෙවෙයිනේ.ඉතින් රාම කුමාරයා සීතා කුමරියව බැඳ ගන්නවා.සමහරු කියන විදිහට නම් රාම කුමරයා එන කාලේ වෙන කොට අර ජනක රජුගේ දුන්න මලකඩ කාලලු තිබ්බේ.ඒක ඉතින් මං දන්නේ නෑ,කොහොමහරි රාම කුමාරයා ජනක රජුගේ දුන්න කඩලා සීතාව හිමි කරගත්තා.

දැන් අපේ කතාවට එමුකෝ.ඉතින් මේ පරීක්ෂකවරයා කල්පනා කරා මේක අහන්න.ඒත් එයා මේක ඇහුවේ වෙනස් විදිහකට.

“””ජනකගේ දුන්න කැඩුවේ කවුද?””

මතක තියාගන්න මෙතනදි මේ පරීක්ෂකවරයා මේ ප්‍රශ්නයට පසුබිම් වෙච්ච කිසිම දෙයක් කිව්වේ නෑ.ඒ ටික එයාගේ හිතේ.ඒත් ලමයි දකින්නේ තනි ප්‍රශ්නයක්නේ.ඒතමයි ජනක්ගේ දුන්න කැඩුවේ කවුද කියන එක.ඉතින් ලමයි තක්බීර් වුනා.

පරීක්ෂකවරයට සතු‍ටුයි.මොකද ලමයි කොර වුනානේ.ඒ පාර පරීක්ෂකවරයා සිංහ නාද කරලා ගුරුවරුන්ගෙනුත් ඇහුවා.එයාලත් දන්නේ නෑ.අන්තිමට පරීක්ෂකවරයා ඉස්කෝලේ ලොග් පොතේ සටහනක් දැම්මා “”පාසලේ අධ්‍යාපන කටයුතු අසතු‍ටුදායකය.ජනකගේ දුන්න කැඩුවේ කවුද කියා කිසිවෙක් නොදනිති””කියලා.ඒ වගේම ඒ සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලේ අධ්‍යක්ෂකට එවන්න කියලත් කියලා ගියා.ඉතින් විදුහල්පතිවරයා ඒ කියපු විදිහටම සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලෙට යැව්වම ඒ ලිපිය විවෘත කරේ ලේකම්.ඉතින් ලේකම් බැලුවා ආ මේ ඉස්කෝලේ උපකරණයක් කැඩිලා කියලා එයා එව්වා විදුහල්පතිට ලිපියක් මෙහෙම.

“පාසල් පිරියත හා උපකරණ නඩත්තු හා අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය තවම කැඳවා නොමැත.එතෙක් කැඩුනු කොටස් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කර වෙනම තබන්න””කියලා.

ඔන්න ඕක තමයි කතාව.එහෙම නැතුව රාවණාගේ දුන්නක් කැඩුවේ නෑ.

ඒ වගේම මේ කතාව ලාමක ටිං ටිං කතාවකුත් නෙවෙයි.මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ප්‍රශ්න අහද්දි තමන්ට ඕන උත්තරේ හිතේ තියන් විවෘත ප්‍රශ්න අහලා වැඩක් නෑ කියන එක.

ඒ කියන්නේ විවෘත ප්‍රශ්න අහනවා එක එක විදිහේ උත්තර එන්න පුළුවන්.ඒත් ලකුණු දෙන්නේ එක උත්තරයකට.

උත්තරේ සිට ප්‍රශ්නය හැදුවට ප්‍රශ්නය විතරක් අරගෙන හිතන්නේ නෑ ප්‍රශ්න හදන කට්ටිය.ඔය සමාජ විද්‍යාවන් හදාරන කට්ටිය මේ තත්ත්වය අනන්තවත් දැකලා ඇති.

ඉතින් ඔය ඇකඩිමියාව වැළඳිච්ච කට්ටිය දිගටම අහන්නේ එකම ප්‍රශ්නය.

Image

ජනකගේ දුන්න කැඩුවේ කවුද?

හාල් නම් හාල්,බත් නම් බත්

අද ලෝකයේ වඩාත්ම ප්‍රබල උපකරණය තමයි දැනුම කියන එක.මේක හරි විදිහට නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරනවද කියන එක තීරනය වෙන්නෙ ඒ ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මය මත. ඒ හින්දා දැනුම ප්‍රබල වුනාට ආධ්‍යාත්මය තමයි උතුම්ම කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.මෙතනදි මම ආධ්‍යාත්මය කියලා හඳුන්වන්නේ ආකල්ප, සිතුම්පැතුම්, හැඟීම් ආදි එකී මෙකී නොකී චිත්තක්ෂණවල එකතුවකට.මොකද දැනුම කොච්චර තිබුනත් ඒ දැනුම කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ අර මං කියපු ආධ්‍යාත්මය කියන එක මත.ලෝකයේ ඕනෑම අධ්‍යාපනයක් ලබපු කෙනෙක් මුහුන දෙන ප්‍රධානම අභියෝගයක් තමයි ඕක. අද මං මේ කියන්න යන කතාව කාටවත් අපහාසයක් නෙවෙයි,ඒත් මේක තමයි ප්‍රායෝගික ඇත්ත.

tastyappetite-net

ලංකාවේ මීට ටික කාලෙකට කලින් හිටපු එක්තරා ධනවෙතෙකුට ඕන වුනා හොඳ පුද්ගලික රෝහලක් අරඹන්න.මේ ධනවතා ලොකු පාසල් අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි.ඒත් එයාගේ සමාජ දැනුම නම් හරි ඉහලයි.එයා පොඩි කාලේ ඉඳලම එක එක තැන් වල වැඩ කර කර ඉඳලා තමන්ම නැගිටපු මිනිහෙක්.

466782-wealthy-man-with-lot-s-of-euro

ඔන්න ඉතින් මෙයා ඔය කියන රෝහල පටන් ගන්න කලින් ඒ ගැන පොඩි ගවේෂනයක් එහෙම කරන්න හිතුවා.ඉතින් මේ වැඩේ එයා යටතේ වැඩ කරන අය එකතුවෙලා එක්තරා සමීක්ෂන ආයතනයකට පැවරුවා.මේක ලංකාවේ ඒ වගේ වැඩවලට නම ගිය ආයතනයක්.ඔන්න ඉතින් මේ ආයතනය මේ ගැන ශක්‍යතා අධ්‍යයනයක් එහෙම කරලා (ඒකට වෙළෙඳපොල සමීක්ෂණයකුත් ඇතුලත් වුනා) අර ධනවතා ඉදිරියේ presentation එකක් කරනවා.මේ ගොල්ලො ඉතින් ඔය NPV,IRR,payback,discounted pay back ඔක්කොම දාලා පෙන්වනවා,මේක කොච්චර හොඳ ව්‍යාපෘතියක්ද කියලා.ඒ වුනාට මේ කියන හරුප එකක්වත් මේ ධනවතාට තේරෙන්නේ නෑ.පස්සේ එයා ටිකක් වෙලා බලා ඉඳලා කිව්වා මෙහෙම.”මේ ඕක නවත්තනවා,මටමෙන්න මේක විතරක් කියනවා.”දැං ඔන්න අර ආයතනයේ ලොක්කො ටික හොල්මන් වෙලා බලන් ඉන්නවා.”මේරෝහලට එක ලෙඩෙක් ආවම මට ඒකෙන් කොච්චර ලාබයක් තියෙනවද, අන්න ඒක විතරක් කියනවා.ඉතුරු ටික මං බලාගන්නම්.”

download

කළමනාකරණය හදාරන අය දන්නවා ඇති මේ අහන්නේ දායකය කියන සංකල්පය කියලා.ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම යන වියදම (ස්ථාවරපිරිවැය) දායකයෙන් බෙදුවම අපිට පාඩු නොලබන්නන එන්න ඕන අවම ගැනුම්කරුවන් ගනන ගන්නපුලුවන්.

මෙතනදි මේ ආයතනයට වැරදුනු තැන තමයි එයාලා දන්න දෙය තවත් කෙනෙකුට තේරෙන විදිහට කියන්න දන්නේ නැතිකම.මේකම තව විදිහකට කියනව නම් මිනිහෙකුට හාල් දීලා බත් කන්න කියලා වැඩක් නෑ,මිනිහා හාල් වලින් බත් උයන්න දන්නේ නැත්නම්.මේ වෙළෙඳපොල තුල අපිට හාල් දීලා බත් උයාගන්න කියලා කියන්න පුලුවන් කවුරු හරි බත් වෙනුවට හාල් ඉල්ලනව නම්.ඒත් බත් ඉල්ලන් එන මිනිහට හාල් දීලා හාල් විකිනෙන්නෙනෑ කියලා වැඩක් නෑමොක වැ‍රැද්ද අපේ අතේ හින්දා. ඒත් අපිට බත් උයාදෙන්න නොහැකි නම් මොකද කරන්නේ කියලා කෙනෙක් අහන්න පුලුවන්.මට ඒකට නම් කියන්න තියෙන්නේ හාල් වුවමනා මිනිහට හාල් දෙන්න බත් වුවමනා මිනිහට බත් දෙන්න.මොකද නිදහස් වෙළෙඳපොල ආර්ථිකයක් ඇතුලේ බත් වගේම හාල්වලටත් ඒ ඒ වෙළෙඳපොල ඛණ්ඩනයන් (market segments) තියෙන නිසා.