අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙන අයට.ඒ ගමන්ම අපිට ආදරය කරන අයව අපි දන්නේ නෑ.ඒ අයගේ ආදරය අපිට දැනෙන්නේ නෑ.මොකද එයාලා අපිට ආදරය කරන්න අපි දිහා ඇස් දල්වාගෙන ඉන්න වෙලාවේ අපේ ඇස් රැඳිලා තියෙන්නේ අපිට ලැබෙනවා කියලා හිතන් ඉන්න ඈත සිතිජයේ තියෙන විසල් ආදරයක් දිහාවට.
ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට ආදරය කරද්දි ඒ ආදරය උත්තරාරෝපිතයි.ඒ කියන්නේ ගෑනු ලමයෙක් නිතරම බලන්නේ තමන්ට ඔලුව උස්සලා උඩ බලන්න පුලුවන් ආදරයක් දිහා.එයාගේ ස්ත්රීත්වය දියකරන්න පුලුවන් උණුසුමක් තියෙන හදවතක් දිහා.තමන්ගේ නළල ආදරයෙන් හොබවන්න පුලුවන් පුළුල් උරහිසක් දිහා.
මිනිස් ශිෂ්ටාචාරයේ මුල ඉඳන්ම යුවතිය කියන්නේ ආරක්ෂා විය යුතු,සෙනෙහස,රැකවරණය ඉල්ලා සිටින සියුමැලි වස්තුවක් වෙනවා.තමන්ට ආරක්ෂාව දෙන්න පුලුවන්,රැකවරණය දෙන්න පුලුවන් කියලා හිතන තමන්ගේ හීන ලෝකයේ වීරයාට තමන්ගේ ආදරය පුද දෙන්න ඕනම යුවතියක් තමන්ගේම හෘද සාක්ෂියට ශපථ වෙලා ඉන්නවා.ඒ හින්දයි තමන්ගේ ලෝකයේ ආදර්ශවත් වෙරය වෙන්නේ තමන්ගේ තාත්තා කියන කෙල්ලො තමන්ගේ තාත්තාට සමාන පෞරුෂයක් තියෙන පිරිමින්ට වසඟ වෙන්නේ.
ඒත් තමන්ගේ තාත්තා කියන්නේ තමන්ට වඩා ගොඩක් වයසින් වැඩි ඒ නිසාම රළු අඟපසඟ ඇති පුද්ගලයෙක්.තමන්ගේ පොඩි කාලේදි තමන්ට මඟ පෙන්වන්නේ තාත්තා.ගෑනු ලමයින්ට අවකාශමය හැකියාවන් ගොඩක් අඩුයි.ඒ අවකාශමය හැකියාව පොඩි කාලේදි උගන්වන්නේ තමන්ගේ තාත්තා.ඒ යුවතිය ලොකු වුනාම තමන්ට නොදැනුනු ලෝකයේ අවකාශය තමන්ට දැනෙන්න සැලැස්සෙව්වෙ තමන්ගේ තාත්තා කියන එක ඒ යුවතියන්ගේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා.ඒක තැන්පත් වෙන්නේ පෞරුෂයක් විදිහට.එතකොට ඒ පෞරුෂය තමන්ගේ පරමාදර්ශී චරිතය බවට යටි හිතින්ම පත් වෙලා ඉවරයි.
ඉතින් අර තාත්තලා මඟින් ආරක්ෂා වෙච්ච බෝනික්කෝ වගේ සුන්දර යුවතියො තමන්ගේ ජීවන සහකරු විදිහට පතන්නේ තමන්ට තමන්ගේ තාත්තා වගේ රැකවරණය දෙන ආරක්ෂකයෙක්.ඒ ආරක්ෂකයා තමන්ගේ සියුමැලි ස්ත්රීත්වය හිම පිඬක් වගේ දියකරලා දාන්න තරමේ උණුසුම් චරිතයක් වෙන එක තමයි ඒ යුවතියන්ගේ පරම පැතුම.
කොච්චර මොනවා කිව්වත් තමන් එක්ටැම් කුළුනේ සිරවී ඉන්න රැපුන්සෙල් කෙනෙක් විදිහටත් තමන්ගේ හද දිනා ගන්න එන පෞරුෂය සෛන්ධවයෙක් පිට එන නයිට් කෙනෙක් විදිහටත් කෙල්ලො හිතනවා.ඉතින් ඒ එන පෞරුෂය තමන්ගේ ස්ත්රීත්වය දියකර හරින්න පුලුවන් වෙච්ච මොහොතෙම …….
(තේරෙන සිංහලෙන් කියනවනම් හොඳ ගෙඩි පණුවො කනවා කියන්නේ ඕක තමයි)